අත් යට ශේව් නොකර සිනිදු සුසිනුදු කිහිලි ලබා ගැනීමට ක්‍රම 5 ක්

ඔබට සැහැල්ලු ඇඳුම්, කොට කලිසම් බිකිනි කිව්වාම මතක් වෙන්නේ ගිම්හාන කාලය වෙන්න ඇති. මොකද මේ කාලය තමා අපි මේ ඇදුම් වැඩියෙන්ම අදින කාලය. ඒත් මෙවැනි ඇදුම් ඇදීම ඇතෙන්ම කෙනෙකුට අපහසු වෙන්න පුළුවන් ඒ පුද්ගලයා තමන්ගේ කකුල් සහ කිහිලි ප්‍රදේශය ශේව් කරන්න හුරු වී සිටි අයෙක් නම්. මේ ආකාරයෙන් ෂේව් කිරීම සිදු කල විට ඔබේ සම කෝපවෙන අතරම මෙහි ප්‍රතිඵල පැය 24කට වඩා තබා ගැනීමටද මෙහිදී හැකියාවක් නැත. මේ නිසාම 33% ක් කාන්තාවන් ස්වභාවික ලෙස සිටීමට තීරණය කල අතර තවත් 77% ක් කාන්තාවන් තවමත් ෂේව් කිරීම සිදු කරමින් සිටී. දැන් ඔබට මේ සදහා විසදුම් සෙවීමේ කාලය එළඹී තිබෙනවා. 

අද අපි සිතුවා ඔබට අරගෙන එන්න ඕන කියල මේ සදහා විසදුම් කිහිපයක්. කියවලම බලන්නකෝ. ශරීර හිසකෙස් සමග ඔබත් බොහෝ අපහසුවෙන් සිටින කෙනෙක් නම් ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි. 

01.සීනි + ලෙමන් යුෂ

සීනි සහ ලෙමන් කියල කියන්නේ අනවශ්‍ය හිසකෙස් සදහා සටන් කිරීම සදහා යොදාගත හැකි ප්‍රසිද්ධ අමුද්‍රවයය කිහිපයක්. මෙහිදී අපට සීනී වලින් ඉටි වැනි ද්‍රවයයක් සාදා ගත හැකි අතරම මේවායින් ඔබට ඔබේ ෂේව් කිරීම සිදු කර ගත හැකී. මෙහිදී ඔබට ඔබේ ශරීර කෙස් නැවත වර්ධනය වන්නේ නැතුව දීර්ඝ කාලයක් තබා ගැනීමට පුළුවන්. මෙය තරමක් වේදනාකාරී වන්නට නම් පුළුවන්. නමුත් මෙහි ප්‍රතිඵලය දීර්ඝ කාලයක් ( සති 4ක් පමණ) තබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම නැවත වැවීමේදී බොහෝ කෙස් වර්ධනය වීමද මෙහිදී සිදු වන්නේ නෑ. 

ඔබ මෙම මිශ්‍රනය සදා ගැනීමේදී මේ සදහා මී පැණි ස්වල්පයක්ද එක් කර ගැනීම සිදු කල හොත් ඔබට ඉතා පහසුවෙන් මෙය මයික්‍රෝවේවි උදුනක සාදා ගැනීම සිදු කර ගත හැකී. මේ සදහා ඔබට අවශ්‍ය කරන ද්‍රවයය කිහිපයක් තිබෙනවා. මෙය පහත සදහන් වෙනවා. 

සීනි කෝප්ප 1 යි

මී පැණි කෝප්ප 1/4

ලෙමන් යුශ තේ හැදි 1/2

පළමුවෙන් ඔබ කල යුත්තේ මෙම ද්‍රවයය සියල්ල බදුනකට එකතු කර ගැනීමයි. පසුව මෙය සිනිදු වෙනතෙක් කලවම් කරගන්න. පසුව මෙය විනාඩි 2ක් පමණ මයික්‍රෝවේව් උදුනක තබන්න. අවසානයේ එය පිටතට ගෙන තත්පර 20 ත් 30 ත් අතර කාලයක් කලවම් කර සිසිල් වීමට ඉඩ දෙන්න. 

බ්ලීච් කිරීමේ කාරකයක් ලෙස මෙම ලෙමන් ක්‍රියා කරනවා. මෙය ආම්ලික ද වනවා. ඔබේ ශරීරකෙස් සැහැල්ලු වී ශරීර කෙස් වර්ධනය මන්දගාමී කිරීමට මිට හැකියාවක් තිබෙනවා. ඔබට මේ සදහා යොදා ගත හැකි තවත් පිළියමක් පහතින් දැක්වෙනවා. 

මේ සදහා ඔබට අවශ්‍ය වෙනවා සීනි තේ හැදි 2 ක් සහ උණුසුම් ජලය කෝප්ප 1/2 ක්. පසුව මෙයට ලෙමන් යුෂ හැදි 2 ක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව ඔබ මෙම ආලේපය ඔබේ ශරීර කෙස් තිබෙන ස්ථාන වල ආලේප කර විනාඩි 20ක් පමණ සිටින්න. පසුව උණුසුම් ජලයෙන් සෝදා හරින්න. සතියකට දෙතුන් වතාවක් මෙය සිදු කිරීමට අමතක කරන්න එපා. 

02. බිත්තර සුදු මදය + බඩ ඉරිඟු

පීල්-ෆේස් මුහුණු ආවරණය භාවිතා කරල ඔබට අත්දැකීම් තිබෙනවාද? ඔබ එය භාවිතා කර තිබෙන්නේ බොහෝ විට බ්ලැක් හෙඩ්ස් ඉවත් කර ගැනීම සදහා වෙන්න ඇති. ඒත් ඇත්තටම ඔබේ ඉවත් වුනේ බ්ලැක් හෙඩ්ස් ද නැතිනම් ශරීර කෙස්ද කියා හොදින් මතක් කර බලන්න. මෙය වඩාත් ඵලදායි වෙන්නේ ඔබේ ශරීර කෙස් ඉවත් කර ගැනීම සදහා. ඉතින් ඔබට මෙවැනි පීල් ඕෆ් මාස්ක් එකක් භාවිතා කිරීමට හැකියාවක් තිබෙනවා ඔබේ කිහිලි ප්‍රදේශය සදහාත්. 

මෙය සාදා ගන්නේ කෙසේද 

ප්‍රථමයෙන් බිත්තරයක් කඩා සුදු මදය ඉවතට ගන්න. 

බඩ ඉරිගු පිටි තේ හැදි 1/2 සහ සීනී තේ හැදි 1ක් දමා මිශ්‍ර කරන්න. 

පසුව මෙය ඔබේ ශරීර කෙස් වල ආලේප කර එය වියළී යන තෙක් තබන්න. 

ඔබට දෑත් ඔසවා ගෙන සිටීමට නම් සිදු වෙනවා. ඒත් ඔබ ඉවසිලිවන්ත වි‍ය යුතුයි. 

අවසානයේ මෙය ඉවත් කරන්න. ඔබේ ශරීර කෙස් මේත් සමග ගැලවී තිබෙනවා ඔබට දැක ගත හැකි වේවි. 

03. කිරි + කහ

ඔබේ කිහිලි ප්‍රදේශයේ කෙස් ඉවත් කර ගැනීමට තවත් හොදම ක්‍රමයක් පහත දැක්වෙනවා. මේ සදහා ඔබට අවශ්‍යය වෙන ද්‍රවයය කිහිපයක් තිබෙනවා. 

කහ කුඩු මේස හැදි 3ක් 

කිරි මේස හැදි 1ක්. 

දැන් ඔබ සිදු කල යුත්තේ මෙම අමුද්‍රවයය දෙක එකට දමා ඝන පේස්ට් එකක් වෙන තුරුම එකට මිශ්‍ර කර ගැනීමයි. පසුව මෙය ඔබ ඔබේ කිහිළි ප්‍රදේශයේ ආලේප කර විනාඩි 20ක් 30ක් පමණ සිටින්න මෙය වියළී යන තුරුම. පසුව රෙදි කැබැල්ලක් ගෙන උණුසුම් ජලයෙන් තෙත් කර ගන්න පසුව වටකුරු චලිතයෙන් මෙය ඔබේ කිහිලි ප්‍රදේශයේ ඇතිල්ලීම සිදු කරන්න. පසුව තව ඉතිරි වී ඇත් නම් එය සෝදා ඉවත් කර ගන්න. තුවායක් ගෙන ඔබේ කිහිළි ප්‍රදේශය වියළා ගැනීමටද අමතක කරන්න එපා. හොදම ප්‍රතිඵල ලබා ගැනීම සදහා මෙය දිනපතාම සිදු කරන්න. 

04. පැපොල් + කහ

පැපේන් නැමැති ද්‍රවයය පැපොල් වල අන්තර්ගත වෙනවා. ශරීර කෙස් විනාශ කිරීමට හැකියාව මීට පවතිනවා. මේ විතරක් නෙමේ ශරීර කෙස් නැවත ඇති වීමට පවතින හැකියාව මෙය අවම කිරීම සිදු කරනවා. 

ප්‍රථමයෙන් ඔබට මේ සදහා අවශ්‍යය වන්නේ පොඩි කළ අමු පැපොල් මේස හැදි 1-2 ක්. සහ ඔබට මේ සදහා තව අවශ්‍ය වනවා කහ කුඩු තේ හැදි භාගයක්. මෙම වර්ග දෙක ගෙන පළමුවෙන් හොදින් මිශ්‍ර කර ගැනීම සිදු කරන්න. පසුව ඔබේ ගැටලුව සහිත ප්‍රදේශයට මෙය යොදන්න. මෙම ස්ථානය මෘදුව හොදින් සම්බාහනය කිරීම සිදු කරන්න. 

විනාඩි 15ක් පමණ තබා අවසානයේ සෝදා ඉවත් කරන්න. 

මෙහි හොදම ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඔබ මෙය නිරන්තරයෙන් සිදු කල යුතුයි. සතියකට 2-3 වතාවක් මාස කිහිපයක් නැවත නැවත මෙය සිදු කරන්න. මෙය දිගු කාලීනව සිදු කල විට හොදම ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් ඇත. 

05. කහ + බේකින් සෝඩා. 

ඔබට සිතෙනවා නම් පැපොල් මොකටද නිකන් නාස්ති කරන්නේ කියල මෙම ක්‍රමය ඔබට අත්හදා බැලිය හැකී. මෙය සෑදීමත් බොහෝම පහසුවෙන් සිදු කල හැකී. මෙහි ප්‍රතිඵලත් ඔබ සිතනවාට වඩා වේග‍යෙන් ඔබට ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. 

 මෙය සාදා ගැනීම සදහා කහ එක් කොටසක්ද, බේකින් සෝඩා කොටස් 2ක්ද අවශ්‍යය වෙනවා. මෙය ඔබට වතුර සමග මිශ්‍ර කිරීම සිදු කල හැකී. 

ඔබ වතුර එක් කර ගැනීම සිදු කල යුත්තේ ටිකෙන් ටික‍යි. මෙසේ සිදු කිරීමෙන් ඔබට තුනී මිශ්‍රනයක් සාදා ගත හැකී. 

පසුව මෙය ඔබට අවශ්‍ය ප්‍රදේශයේ ආලේප කර වියළීමට ඉඩ දෙන්න. ඔබ මෙම මිශ්‍රනය ඔබේ දෑතීන් ඇතිල්ලීම සිදු කරන්න. ඉන්පසු සෝදා ඉවත් කරන්න. 

කහ වලට ලස්සන පැහැයක් තිබෙන බව අමතක කරන්න එපා. ඔබේ ශරීරයත් මෙම පැහැයට ටිකෙන් ටික හැරේවි. නමුත් ඔබට මේ සදහා හොද ඉවසීමක් තිබිය යුතු වෙනවා. 

බෝනස් ; හිසකෙස් ස්ථීරවම ඉවත් කර ගැනීම සදහා. 

මෙම ක්‍රම කෙතරම් විශිෂ්ට වූවත් මේවා ඔබට නිරන්තරයෙන් සිදු කල යුතු වෙනවා ඔබට නිරන්තරයෙන් ප්‍රතිඵල ලබා ගැනීම සදහා. ඒත් ඔබට ඔබේ ශරීර හිසකෙස් ඉවත් කර ගැනීම සදහා සිථීරම ක්‍රමයක් තිබෙනවා. 

 මේ ක්‍රමය electrical epilation ලෙස හදුන්වනවා. ඔබේ ශරීර කෙස් 100% ක්ම ඉවත් කිරීමට තිබෙන එකම ක්‍රමය මෙයයි. එමඟින් සෑම කෙස් ගසකටම ඇතුළු වන අතර මුල සිට මුල විනාශ කිරීම මෙහිදී සිදු වෙනවා. කුඩා ඉඳිකටුවක් භාවිතා කරමින් තමා මෙය සිදු කරන්නේ. මෙය ඕනෑම වයස් මට්ටමක සිටින පුද්ගලයෙකුට සිදු කල හැකී. 

ඔව් ඇත්තෙන්ම මෙය වේදනාකාරී වන අතරම මිල අධිකයි. මේ සදහා කාලයද වැය වනවා. ඒ වගේම මේ සැසි අතර ඔබට යම් නීතිරීති කිහිපයක්ද අනුගමනය කල යුතු වෙනවා. 

ඔබ මේ අතරින් කැමතිම ක්‍රමය කුමක්ද ? අපිට කියාගෙන යන්න අමතක කරන්න එපා. 

Leave a Reply

Your email address will not be published.