අතීතයේ සිට කුරුලෑ කැලල් හා සම සදහා භාවිතා කල ක්‍රම 7 ක්

සංඛ්‍යාලේඛනවලට අනුව මිනිසුන්ගෙන් 95%ක්ම තම ජීවිතයේ කිසියම් අවස්ථාවක කුරුලෑ නිසා පීඩාවට පත්වෙනවා. කුරුලෑ සහ අනෙකුත් සමෙහි අඩුපාඩු තවත් වැඩි වීමට ඔයාගේ ආහාර රටාවේ සිට සම- සත්කාර නිෂ්පාදන භාවිතය දක්වා හේතු දුසිම් ගණනක් දක්වන්න පුළුවන්. අද වනතෙක් කවුරුවත්ම එක වරම සහ සදාකාලිකවම සම සුවපත් කළ හැකි විශ්වීය පිළියමක් සොයාගෙන නැහැ. කොහොම වුණත් රසායනික ද්‍රව්‍ය සහ ශල්‍යකර්ම භාවිතා කරන්නේ නැතිව බැබළෙන සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගැනීමට ස්වභාවික සත්කාර භාවිතා කිරීම වඩාත් ඵලදායී වෙනවා.

අතීතයේ තරුණියන් පරිපූර්ණ සමක් ලබාගැනීමට භාවිතා කළ වඩාත් ඵලදායී උපක්‍රම කිහිපයක් මෙහි සඳහන් වෙනවා.

07. ඇස් වටා අඳුරු කව: කහ සහ අන්නාසි යුෂ

කහ වලට සම මත ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ඉදිමුම් සහ දෑම යනාදී බලපෑම් ඇති කිරීම මඟින් ඇස් යට අඳුරු කව ඇතිවීම අඩු කිරීමේ හැකියාව පවතිනවා. මේ සඳහා පහත සඳහන් ආකාරයට මාස්ක් එකක් සකස් කරගන්න.

කහ කුඩු තේ හැඳි 2ක් සමඟ අන්නාසි යුෂ තේ හැඳි 2ක් මිශ්‍ර කර ආලේපයක් සකස් කරගන්න.

ඇස් යට ආලේප කර මිනිත්තු 10ක් තියාගන්න.

ඉන්පසුව මෘදු රෙදි කැබැල්ලකින් පිස දමන්න.

ප්‍රතිඵල ලැබෙන තෙක් හැමදාම මෙම ක්‍රියාවලිය සිදු කරන්න.

මේ මාස්ක් එක මඟින් ඇස් යට සම වඩාත් මෘදු හා සිනිඳු වෙනවා.

06. හිරු එළිය නිසා ඇතිවන පිළිස්සීම්: අලිගැට පේර 

අලිගැට පේර වල විටමින් A, D, සහ E අන්තර්ගත වන නිසා හිරු එළිය හේතුවෙන් ඇතිවන පිළිස්සීම් සංසිඳුවා, කොලජන් නිෂ්පාදනය වර්ධනය කර, සමෙහි  ඉදිමීම් සහ දැවිල්ල අවම කරනවා.  

අලිගැට පේර මාස්ක් එකක් සකස් කරගන්නා ආකාරය:

අලිගැට පේර ගෙඩියකින් භාගයක් ගෙන ගෑරුප්පුවක් ආධාරයෙන් කුඩාවට පොඩි කරගන්න.

එයට උණු වතුර මේස හැඳි 2ක් යොදා මිශ්‍ර කරන්න.

බ්‍රෂ් එකක් භාවිතා කර සමෙහි හානි වී ඇති ප්‍රදේශවල ආලේප කර විනාඩි 10ක් තබන්න.

ඇල්වතුරෙන් සෝදා හරින්න.

ඔයාගේ සම වියළි හෝ සංවේදී එකක් නම්, මාස්ක් එක සකස් කරන විට එයට මී පැණි තේ හැන්දක් එකතු කරන්න.

05. හයිපර්පිග්මන්ටෙෂන්: අර්තාපල් සහ ලෙමන් යුෂ 

හයිපර්පිග්මන්ටෙෂන් එනම් අධික වර්ණීකරණය, අඳුරු පැල්ලම් සහ කුරුලෑ පැල්ලම් වලට ඵලදායීව ප්‍රතිකාර කිරීමට යොදාගත හැකි නොයෙකුත් විටමින් සහ ඛණිජ ලවණ අර්තාපල්වල අඩංගු වෙනවා. ස්වභාවික විරංජකයක් ලෙස සැලකෙන සිට්‍රික් අම්ලය ලෙමන් වල අන්තර්ගත වෙනවා. සම පැහැපත් කරගැනීමට භාවිතා කළ හැකි මාස්ක් එකක් මෙම අමුද්‍රව්‍ය දෙක භාවිතා කර සකස් කරගත හැකියි. 

අර්තාපල් ගෙඩියක් ගෙන, හොඳින් සෝදා, කුඩා කැබලිවලට කපා, බ්ලෙන්ඩ් කරගන්න.

පෙරනයක් භාවිතා කර අර්තාපල් යුෂ වෙන් කරගන්න.

ලෙමන් ගෙඩියක් මිරිකා ලෙමන් යුෂ ලබාගන්න.

අර්තාපල් යුෂ තේ හැඳි 4කට ලෙමන් යුෂ තේ හැඳි 2ක් මිශ්‍ර කරන්න.

බ්‍රෂ් එකක් හෝ පුළුන් බෝලයක් භාවිතා කර සමෙහි හානි වී ඇති ප්‍රදේශවල ඝන ස්ථරයක් ලෙස ආලේප කරගන්න.

පළමුවන ස්ථරය ආලේප කිරීමෙන් අනතුරුව වාතය මඟින් විනාඩි කිහිපයක් වියලීමට ඉඩ දී දෙවන සහ තුන්වන ස්ථර ආලේප කරන්න.

රාත්‍රියක් තිබෙන්නට හැර උදෑසනම උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

සතියක් පුරාවට දිනපතා මෙම සත්කාරය සිදු කරන්න.

ඔයාගේ සම වියළි හෝ සංවේදී එකක් නම්, මේ සඳහා මී පැණි මේස හැන්දක් හෝ රෝස වතුර මේස හැන්දක් එකතු කිරීමෙන් සමෙහි හානි වූ ප්‍රදේශ  සජලව තබාගන්න.

ඔයාගේ සම තෙල් හෝ සංයෝජනයක් නම්, හාල් පිටි මේස හැඳි 2ක් එකතු කරන්න.

මෙම මිශ්‍රණය දින 3-4ක් ශීතකරණයේ ගබඩා කරගත හැකියි.

04. කුරුලෑ: ඇපල් සයිඩර් විනාකිරි 

ඇපල් සයිඩර් විනාකිරිවල ඇසිටික් අම්ලය මෙන්ම පොටෑසියම් සහ මැග්නීසියම් වැනි ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. මෙය ප්‍රතිබැක්ටීරීය හා ප්‍රති-දිලීර ගුණාංග සහිත ප්‍රබල විෂහරණ කාරකයකි. මේ ටෝනර් එක පාවිච්චි කිරීමෙන් කුරුලෑ ආශ්‍රිත ගැටළු වළක්වා ගත හැකියි.

ඇපල් සයිඩර් විනාකිරි  මේස හැන්දක් සමඟ ෆිල්ටර් කරන ලද හෝ ආසෘත ජලය මේස හැඳි 2-3ක් මිශ්‍ර කරන්න.

පුළුන් පෑඩ් එකක් ආධාරයෙන් සෝදා පිරිසිදු කරගත් සම මත මිශ්‍රණය ආලේප කරගන්න.

ටෝනර් එක වියළෙන තෙක් ඉන්න. ඉන්පසුව අනෙකුත් සම සත්කාර නිෂ්පාදන භාවිතා කරන්න.

ටෝනර් එක දිනකට දෙවරක් හෝ සෑම මුහුණ සේදීමකටම පසුව ආලේප කරන්න. 

03. කුරුලෑ කැළැල්: හරිත තේ 

හරිත තේ  වල ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති- ඉදිමුම් ගුණාංග පවතින ෆීනෝල් අඩංගු වන අතරම කැළැල් පටක සඳහා ප්‍රතිකාර කර ප්‍රතිලාභ ලබා දෙනවා.  කුරුලෑ කැළැල් වලට ප්‍රතිකාර කිරීම සඳහා මෙම වෙළුම උදව් වනු ඇත.

තේ බෑග් 2ක් හෝ තේ කොළ තේ හැඳි 2ක් භාජනයකට දමන්න.

වතුර මිලිලීටර් 500ක් උණු කරගෙන තේ භාජනයට දමන්න.

තේ පැසුණු පසුව, තේ බෑග් හෝ තේ කොළ ඉවතට ගන්න.

මෘදු, පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන භාජනයට දමා හොඳින් පොඟවා ගන්න.

තෙත රෙදි කැබැල්ල මුහුණ මත තබාගෙන විනාඩි 5-10ක් ඉන්න.

මෙම වෙළුම දිනකට කිහිප වරක් තබාගන්න.

02. රැළි: ඔලිව් ඔයිල්

ඔලිව් ඔයිල් කියන්නේ සමට හානි කරන නිදහස් රැඩිකලුන්ට විරුද්ධව සටන් කරන, සමෙහි සෛල පුනර්ජනනයට උදව් වන විටමින් A සහ ​​E ලබාගත හැකි අනර්ඝ ප්‍රභවයක්. ඔලිව් ඔයිල් පමණක් හෝ පහත මිශ්‍රණය සම්බාහනය මඟින් වයස්ගත වීම වලක්වා ගත හැකියි.

ඔලිව් ඔයිල් බින්දු කීපයකට මී පැණි හා ග්ලිසරින් බින්දු කීපයක් මිශ්‍ර කරන්න.

දවසකට දෙවතාවක් මෙම මිශ්‍රණය භාවිතා කර සම සම්බාහනය කරන්න.

රැළි වළක්වා ගැනීමට සහ අවම කරගැනීමට පොල්තෙල්, එමු තෙල්, ආමන්ඩ් තෙල් හෝ විටමින් ඊ ඔයිල් යොදා සම සම්බාහනය කරන්න පුළුවන්.

01. සමෙහි ඇහිරුණු සිදුරු: මුහුදු ලුණු සහ මී පැණි

ඛනිජ සහ මැග්නීසියම්, කැල්සියම්, සෝඩියම් සහ පොටෑසියම් වගේ පෝෂ්‍ය පදාර්ථ මුහුදු ලුණු වල අන්තර්ගත වෙනවා. මේ නිසා සමෙහි තෙල් නිෂ්පාදනය සමතුලිත වීම, සමෙහි මැරුණු සෛල ඉවත් වීම මෙන්ම සෛල පුනර්ජනන වේගය වර්ධනය වෙනවා.

මුහුදු ලුණු භාවිතා කර නිවසේදීම ස්ක්‍රබ් එකක් සකස් කරගන්නා අයුරු:

අමු මී පැණි තේ හැඳි 4කට මුහුදු ලුණු තේ හැඳි 2ක් මිශ්‍ර කරන්න.

මෙම මිශ්‍රණය පිරිසිදු කරගත් සම මත ඒකාකාරව ආලේප කරගෙන මෘදු ලෙස අතුල්ලන්න.

මිනිත්තු 15ක් මේ ආකාරයට තබා සෝදා හරින්න.

සතියකට කීප වතාවක් ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න.

බෝනස්: පරිපූර්ණ සමක් සඳහා කෝමාරිකා.

කෝමාරිකා, පෝෂ්‍යදායී මෙන්ම වයසට නොයෑමේ ගුණ සහිත විටමින් C, E, බීටා-කැරොටින් හා ස්වාභාවික එන්සයිම වලින් පොහොසත්. එමඟින් සම ඉතා හොඳට මොයිස්චරයිසින් කර, pH සමතුලිතතාවය නැවත යථා තත්වයට ගෙන, ප්‍රත්‍යාස්ථතාව වර්ධනය කරවනවා. එබැවින් කෝමාරිකා යනු කුරුලෑ සහ ලප කැළැල් සඳහා ඵලදායී සත්කාරයකි.

පරිපූර්ණ සමක් ලබා ගැනීමට කෝමාරිකා යොදාගත හැකි ක්‍රම ගොඩක් තියෙනවා.

ක්ලෙන්සර්: කෝමාරිකා යුෂ වලට මී පැණි ටිකක් මිශ්‍ර කරන්න. එය මුහුණේ ආලේප කර පුළුන් බෝලයක් භාවිතා කර පිරිසිදු කරන්න.

ස්ක්‍රබ්: කෝමාරිකා පත්‍රයක් ගෙන සහල් පිටි නැත්නම් සීනි ස්වල්පයක් ඊට එකතු කරන්න. විනාඩි 1-2ක් මෙය භාවිතා කර මුහුණ ස්ක්‍රබ් කිරීමෙන් අනතුරුව  ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න. මෙම ස්ක්‍රබ් එක සතියකට 2-3 වරක් පාවිච්චි කරන්න.

ටෝනර්: කෝමාරිකා පත්‍රයකින් යුෂ ලබාගෙන, රෝස වතුර මේස හැදි 2ක් සහ ඛනිජ ජලය මේස හැදි 2ක් එයට එක්කර නිසි පරිදි අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න. ඉන්පසු මෙම මිශ්‍රණය හිස් ස්ප්‍රේ බෝතලයකට දමා අවශ්‍ය පරිදි ආලේප කරන්න.මාස්ක්: සීනි මේස හැන්දකට ලෙමන් යුෂ, කෝමාරිකා යුෂ, රෝස් වතුර තේ හැන්ද බැගින් එකතු කර අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කරන්න. හානි වූ ප්‍රදේශවල මෙම  මිශ්‍රණය ආලේප කර වියලෙන තෙක් මිනිත්තු 15-20ක් තබන්න. ඉන්පසු, උණු වතුරෙන් සම සෝදා පුළුන් බෝලයකින් පිස දමන්න.

Leave a Reply

Your email address will not be published.