අද කාලේ කාන්තාවන් අනිවාර්යයෙන් දැන සිටිය යුතු අචාර ධර්ම 9 ක්

අතීතයේ මිනිසුන් පිළිපැදිය යුතු දැඩි ආචාර විධි තිබුණා. හැබැයි නූතන සමාජයේ මේ දේවල් ඩු වෙලා ගිහින් තියනවා. සමහර හැසිරීම් නීති වෙනස් වෙලත් තියනවා. හැබැයි, සැබෑ කාන්තාවක් බව පෙන්නුම් කරන හැසිරීම් ක්‍රම තාමත් තියනවා.

හොඳ පුරුදු රැජිනට සහ කුමාරිකාවන් සඳහා විතරක් තියන දේවල් කියලා හිතන්න එපා. ඔයගෙ පෙනුම, හැසිරීම් සහ කෙටි පණිවිඩවලට සම්බන්ධ සමහර උපක්‍රම මගින් ඔයාටත් කුමාරුකාවක් වගේ වෙනස් වෙන්න පුලුවන්.

01. පුටුවේ පිටුපසට හේත්තු වෙන්න එපා.

කාන්තාවක් මේසයක වෙලා ඉන්නකොට පුටුවේ මැදින් වාඩි වෙලා ඉන්න ඕන. පුටුව කොන්ද අතර යම් ඉඩක් තැබීම ගොඩක් වැදගත්. මේ ශරීරයේ පිහිටීම ආදිපාදවරියගේ ඉරියව්වක්. නිදහසේ කෙළින් වාඩි විය යුතු අතර, ශරීරය සහ මේසයේ කෙළවර අතර ඇති ඉඩ මැණික්කටුව සහ ඇඟිලි තුඩු අතර ඇති දුර ප්‍රමාණයට සමාන වෙන්නත් ඕන. ඊට අමතරව, කාන්තාවක් ඇගේ ඉරියව්වෙන් හඳුනාගත හැකියි. ඔයා නිතරම පුටුවේ පිටුපසට හේත්තු වුණොත්, ඔයාට කෙළින්ම පිටුපස අමතක වෙන්න පුලුවන්.

02. වැඩ කරන්න බය වෙන්න එපා.

සැබෑ කාන්තාවක් කිසිම වෙලාවක ශාරීරික ශ්‍රමය මගහරින්නේ නෑ. ඕනම වෙලාවක බය නැතුව ගෙවත්තේ වැඩක් වුණත් කරගන්න පුලුවන් විදිහට හැඩගැහෙන එක කාන්තාවකට ගොඩක් වටිනවා.

03. මේකප් නීති අනුගමනය කරන්න.

තද පාට අයි ෂැඩෝ සහ රතු ලිප්ස්ටික් කියන්නෙ සැබෑ කාන්තාවකගේ මුහුණේ කිසිදා දකින්න නොලැබෙන සංයෝගයක්. මුහුණේ එක් ඉස්මතු කිරීමක් පමණක් ඇති වන පරිදි මේ රූපලාවන්‍ය නිෂ්පාදන වෙන වෙනම භාවිත කරන්න පුලුවන්.

04. ඔයාට සහ ඔයාගෙ කාලයට ගරු කරන්න.

කලින් දන්වන්නෙ නැතුව අමුත්තන් එන වෙලාවක ඔයා ගෙදරට හිටපු විදිහටම එයාලට මුහුණ දෙන්න ශක්තිය ඇති කරගන්න ඕන.

05. ෆෝන් එක මේසය මත තබන්න එපා.

නවීන කාන්තාවක් කැෆේ එකක හෝ අවන්හලක වගේ පොදු ස්ථානයක ඉන්නකොට එයාගෙ ෆෝන් එක මේසෙ උඩ තියන්නෙ නෑ. ඒ වගේ තැනකට ගියාම ෆෝන් එක ගැන වැඩි අවධානයක් යොමු කරන්න එපා. ඊට අමතරව, ස්මාර්ට් ෆෝන් එකේ තියන තොරතුරු තමන්ගෙ පෞද්ගලික ජීවිතයේ කොටසක් නිසා නාඳුනන අයගෙන් ඒවා සැඟවීම වඩා හොඳයි.

06. ලිපි හුවමාරු කිරීමේ නීති දැන ගන්න.

නූතන කාලයේ කෙටි පණිවිඩ යැවීම සඳහා විශේෂ නීති පැනවිලා තියනවා. හේතු දෙකක් නිසා කාන්තාවන් අනිත් අයගෙ පණිවිඩවලට වහාම පිළිතුරු නොදිය යුතුයි. මුලින්ම, එක පාරම රිප්ලයි කරන්නවට වඩා තමන්ට වෙනත් පුද්ගලික දේවල් කරන්න තියන බව කතා කරන පුද්ගලයාට දැන ගැනීමට සලස්වන්න. දෙවනුව, හදිස්සිම දේකට නම් ඒ කෙනා ඔයාට කෝල් එකක් ගන්නවනේ. හැබැයි මැසේජ් එක එවන පුද්ගලයාට ගෞරවයක් විදිහට රිප්ලයි කරන එක විනාඩි 20 කට වඩා වැඩි කාලයක් කල් දමන්නත් එපා.

07. ඉණ මත අත් තබා නොගන්න.

අත් දෙක තියාගන්න තැනක් නැතිම වුණත් ඉණට නම් අත් දෙක තියාගන්න එපා. ඒ වගේ වෙලාවකදි ශරීරය ඉදිරියෙන් අත් දෙක තබා ගන්න.

08. අගය කිරීමේ වචන මධ්‍යස්ථව භාවිතා කරන්න.

හොඳට හැදී වැඩුණු කාන්තාවක් වචනානුසාරයෙන් කෘතඥතාව පළ කළ යුතු අතර නිතරම අගය කිරීමේ වචන කියවිය යුතු බව පෙනෙන්නට තිබුණත්, මේක ඇත්තක් නෙවෙයි. “ස්තූතියි” සහ “කරුණාකර” වගේ වචන වැඩිපුර භාවිතා නොකරන තරමට හොඳයි. එහෙම නොවුණොත් ඒවායේ වටිනාකමක් නැතුව යනවා.

09. පුද්ගලයෙකු ඔයාගෙ නමින් ඔයාට කතා කරන්නෙ නැත්නම් හැරිලා බලන්න එපා.

හොඳ පුරුදු තියන කාන්තාවකට වෙන කෙනෙක් “ඒයි!” කියලා කතා කරොත් ඒ කාන්තාව කවදාවත් හැරිලා බලන්නෙ නෑ. ඒ නිසා ඔයාට ඔයාගෙ නම කියලා කවුරුහරි කතා කලොත් විතරක් හැරිලා බලන්න.

Leave a Reply

Your email address will not be published.