අද කාලේ ජනප්‍රීය නොවුනත් කාන්තාවන් බෙහෙවින් ආස කරන ඇදුම් වර්ග 11 ක්

කාලෙන් කාලෙට විලාසිතා ලෝකයේ විවිධ මෝස්තර ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙනවා. ඉතින් කාන්තාවන් විදිහට අපි යල් පැනගිය විලාසිතා ගැන දැනගෙන ඉන්න එකත් ගොඩක් වැදගත්. විලාසිතා කරනකොට දැනගෙන්, හරියට ඒවා කරන්න නම් අලුත් අලුත් ට්‍රෙන්ඩ් ගැන වගේම දැන් ට්‍රෙන්ඩ් එකෙන් ඉවත් වුණු දේවල් ගැනත් හොඳ දැනුමක් තියෙන්න ඕන.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ කාලයක් ට්‍රෙන්ඩ් එකේ තිබුණු, ඒත් අද වෙනකොට විලාසිතාවෙන් බැහැර වුණු ඇඳුම් මෝස්තර 11ක් ගැන විස්තරයක්.

01. දිලිසෙන ස්ටොකිංග්ස්

දිලිසෙන ස්ටොකිංග්ස් වලින් කකුල් මහතට පෙන්වනවා. ඒ වගේම ඒවා නිසා ඇඳුමේ ලස්සන පේන්නෙ නැතුව යනවා. දිලිසෙන්නෙ නැති ස්ටොකිංග්ස්, කකුල්වලට සිහින් සහ අලංකාර පෙනුමක් ඇති කරනවා. මූලික ඇඳුම් ආයිත්තම් කට්ටලයක් සඳහා ඇඳුම් මිලදී ගැනීමේදී, මේ රීතිය අමතක කරන්න කරන්න එපා. දිලෙසෙන්නෙ නැති ස්ටොකිංග්ස් තුනී වෙන තරමට, ඒවා කකුල්වලට වඩාත් අලංකාරයි.

02. මැහුම් සහිත සුදු ශර්ට්

යාලුවොත් එක්ක ව්‍යාපාරික සාකච්ඡාවකට යනකොට ගැලපෙන්නෙ සරල සුදු කමිසයක් බව කියලා අපි දන්නවා. හැබැයි මේ විලාසිතාව ගැනත් අපි දැනගන්න ඕනදේව්ල් තියනවා. ශර්ට්වල සිරුරේ වක්‍ර පෙන්නුම් කිරීමට යොදන ලද මැහුම් සහිත ශර්ට් වෙනුවට, අද වෙනකොට මැහුම් රහිත, ලිහිල්, චාම් ශර්ට් අඳිනවා.

ප්‍රවීණයන් කියන්නෙ මේ විලාසිතාවට සැටින් රෙදි සහ තදින් ගැළපෙන සිල්වට් එකතු කරගන්න එපා කියලයි. සූක්ෂ්ම චමත්කාරජනක පෙනුමක් නිර්මාණය කිරීම සඳහා, අත් තරමක් ඉහළට ඇද, ඇඳුමට අලංකාර ඔරලෝසුවක් හෝ බ්‍රේස්ලට් එකක් පලඳින්න.

03. දණහිස දක්වා දිග තද සාය

තද සායවල් කියන්නෙ ඉදිරි වසර ගනනාවක් සඳහා නිර්මාණකරුවන් සහ මිලියන සංඛ්‍යාත කාන්තාවන් විසින් අගය කරන ප්‍රසිද්ධ විලාසිතාවක්. ඒත් මෝස්තර ශිල්පීන් කියන්නෙ මේ සාය ඉතා තද හෝ කෙටි නොවිය යුතු බවයි. දණහිසට මදක් පහළ දක්වා දිගකින් සහ ඝන රෙද්දකින් නිර්මාණය කළ තද සාය සහිත මෝස්තර තෝරා ගැනීම වඩාත් සුදුසුයි.

04. ඇඟට තද, කොට බ්ලේසර්

ඕනෑවට වඩා ඇඟට හිර සහ සාමාන්‍ය ප්‍රමාණයට වඩා කොට බ්ලේසර් තවදුරටත් ට්‍රෙන්ඩ් එකක් නෙවෙයි. ඇඟට ටිකක් ලොකුවට තියන දිග බ්ලේසර් තමයි දැන් විලාසිතාව වෙන්නෙ.

05. සිහින්ව ගෙතූ කාඩිගන්

කුඩා බොත්තම් සහිත ජර්සියකට හැම ගැහැණු ළමයෙක්ම කැමතියි. සාමාන්‍යයෙන් ඒක සුදු පාට ඔෆිස් ශර්ට් එකක් සහ තද ජීන්ස් එකක් එක්ක ගැලපෙනවා.

අද වෙනකොට ඉතා තදත් නැති, ඕනෑවට වඩා ලිහිලුත් නැති, එය ශීත කාලගුණය තුළ පවා එහි හැඩය හොඳින් තබාගෙන පරිපූර්ණව ඔයාව උණුසුම් කරන ජර්සි විලාසිතාවක් ඇවිත් තිබෙනවා.

06. Cowl-neck ස්වීටර්

සීතල කාලගුණය තුළ උණුසුම් ස්වෙටර් එකක් නැතුව ඉන්න අමාරුයි.ඒ ඇඳුම් වර්ගය කලිසම් සහ සකස් කළ සායවල සිට නවීනතම ජීන්ස් වගේ ඕනම ඇඳුමකට ගැලපෙනවා.

හැබැයි, ප්‍රවීණයන් නිර්දේශ කරන්නෙ ලොකු කොලර් එකක් තියන ස්වෙටර් ඇඳීමෙන් ඔයාගෙ පෙනුම අලස ලෙස පෙනෙන බවයි. ඒ වෙනුවට පොඩි කොලර් එකක් තියන ස්වෙටර් අඳින එක සුදුසුයි.

07. ස්ලිම් ෆිට් සම් ජැකට්

ලෙදර් බයිකර් ජැකට් කියන්නෙ මූලික ඇඳුම් ආයිත්තම් කට්ටලයේ කොටසක්. එය සරලයි. මෝස්තර ශිල්පීන් කියන්නෙ පහසුවෙන් ස්වෙටර් එකක් හෝ ඊට යටින් කබායක් පැළඳිය හැකි වන පරිදි කබාය ටිකක් ලිහිල්ව අඳින්න කියලයි. ගොඩක් තදට තියන ලෙදර් කබාය දැන් ට්‍රෙන්ඩ් එකක් නෙවෙයි.

08. තදින් තියන දිග ජැකට්

පිළිවෙලට තියන ජැකට් ශීත ඍතුවට නුසුදුසුයි. ඒවා මගින් උණුසුම් බවක් ලබා දෙනවා වුණාට, ඒවාට යටින් ටී ෂර්ට් එකකට වඩා ඝනකමක් තියන ඇඳුමක් අඳින්න බෑ. මෝස්තර ශිල්පීන් කියන්නෙ ශරීරය සහ ජැකට් එක අතර වාතය වැඩි වන තරමට වඩා හොඳ බවයි.

09. තද ජීන්ස්

කාලයක් ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණු තද ජීන්ස් ට්‍රෙන්ඩ් එක දැන් ඉවරයි. ඒවා ඇන්දම ඇඟට ගොඩක් අපහසුයි. ඒ වගේම කකුල්වල ආබාධ ඇති වෙන්නත් පුලුවන්. ඒ වෙනුවට කකුලට ටිකක් ලොකුවට තියන ජීන්ස් අඳින්න. මේ ජීන්ස් වල වාසිය තමයි ඒවා සිහින් සහ හැඩැති ඇඟක් තියන කාන්තාවන්ට හොවින් ගැලපෙනවා.

10. කෙටි වළලුකර සපත්තු

කෙටි වළලුකර සපත්තු අද වෙනකොට යල් පැනපු විලාසිතාවක් බවට පත් වෙලා තියනවා. ඒ වෙනුවට උස බූට්ලෙග් එකක් සහිත සපත්තු මෝස්තරවලට දැන් ගොඩජ් අය යොමුවෙනවා. මේ විදිහට වළලුකර පේන සපත්තු අශෝභන ලෙස පේන්න හේතුව තමයි, ඒවා නිසා අපිව කොටට පේනවා.

11. සුදු පාට ඇඟට හිර ටී ෂර්ට්

කාන්තාවන්ගෙ ශරීර හැඩය පෙන්වන ඇඳුම් දැන් ට්‍රෙන්ඩ් එකෙන් ඉවත් වෙලා තියනවා. ඒ වෙනුවට ඇඟට ටිකක් ලොකුවට තියන සුදු ටීෂර්ට් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා. අත් වලින්, පපුවෙන් සහ ඉණෙන් ටිකක් ලොකුවට තියන ටී ශර්ට් ට්‍රෙන්ඩ් එකට ගැහැණු ළමයි ගොඩක් කැමතියි.

Leave a Reply

Your email address will not be published.