අපගේ තරුණ බවට හා සුන්දරත්වයට හානි කරන සාමාන්‍ය දේවල් 9 ක්

“හෝම් ස්වීට් හෝම්” කියා ප්‍රසිද්ධ වදනක් තිබුණත්, ඉක්මනින්ම වයස්ගත කරවන දේවල් අන්තර්ගත වන්නේ අපේ නිවසේමයි. එම අයිතම හඳුනාගෙන ඒවා උදාසීන තත්වයට පත් කරවන තරමට, තරුණ ශරීරයක් සහ මෘදු සමක්  දිගු කාලයක් අත්විඳීමට හැකියාව ලැබෙනවා.   

නොදැනුවත්වම තාරුණ්‍යයට හානි කරන නිවසේදී භාවිතා වන ප්‍රධාන අයිතම කීපයක් මෙහි සඳහන් වෙනවා.

09. මධ්‍යම තාපකය සහ වායු සමීකරණ

පිටත වාතය සිසිල් වන තරමට, රඳවා ගත හැකි තෙතමනය අවමයි. ඇතුලත සිසිල් වන විට, වාතය රත් වන නමුත් ජාල වාෂ්ප ප්‍රමාණය ඉහල යන්නේ නැහැ. නිවසක වාතය වියළි තත්වයට පත් වන්නේ මේ ආකාරයටයි. මේ නිසා මුලින්ම පීඩා විඳින්නේ අපගේ සම සහ ශ්ලේෂ්මල පටලයි. අපගේ මුහුණ සහ ශරීරය ඉතාම සංවේදී වන අතර, කැසීමට පටන් ගෙන, සම ගැලවී යාමටත් පටන් ගත හැකියි. මෙමඟින් සම අඳුරු වන අතර රැලි වටිමටත් හේතු වෙනවා. 

විසඳුම: වාත තෙතමනකාරක භාවිතා කරන්න, අධි මොයිස්චරයිසින් ක්‍රීම් මිලදී ගන්න, සෑම විටම තාප ජාල ස්ප්‍රේ එකක් ඔයා ළඟ තබාගන්න. 

08. සබන් 

විසිඑක් වන සියවස යනු, සනීපාරක්ෂාවේ සියවසයි. මිනිසුන් තමන්ගේ ශරීරය මෘදුව, පිරිසිදුව, සහ සුවඳවත්ව තබා ගැනීමට පිස්සුවෙන් වගේ උත්සහ කරනවා. දිනපතාම පිරිසිදුකාරක නිෂ්පාදන මඟින් සම පිරිසිදු කිරීමෙන් සමෙහි ස්වභාවික ආරක්ෂාකාරී බාධකය සේදී යා හැකියි. මෙම බාධකය මඟින් බැක්ටීරියා වලින් ආරක්ෂා කරන අතර අකාලයේ වයස්ගත වීම වළක්වනවා.  

විසඳුම: සබන් හෝ ෂවර් ජෙල් මිලදී ගන්නා විට නිතරම අමුද්‍රව්‍ය ලැයිස්තුව කියවා බලන්න. ඒ වගේම දිනපතාම ක්ලේන්සර්ස් මඟින් පිරිසිදු කිරීම තවමත් නිර්දේශ කරන්නේ නැහැ. 

07. කොට්ට 

බොහෝ දෙනා මිලෙන් අඩු, ලිසන්නේ නැති, පහසුවෙන් සේදිය හැකි නිසා කපු හෝ ලයිනන් තෝරාගන්නවා.

නමුත් තම රූපය පිළිබඳව සැලකිලිමත් වන පුද්ගලයින් මේ රෙදිවලින් සකස් කර ඇති කොට්ට උර භාවිතා නොකළ යුතුයි. මුලින්ම, මෙය පැත්තට හෝ බඩ මත නිදාගන්නා පුද්ගලයින්ට ප්‍රධානවම බලපානවා. ඝන කපු රෙදි මඟින් සමේ කුඩා නැමුම් ඇති වීමේ අවදානම වර්ධනය වෙනවා, පසුව මේවා සමේ රැලි බවට පත් වෙනවා. ඒ වගේම, මෙම රෙදි බැක්ටීරියා වර්ධනය සඳහා හොඳ පරිසරයක් වෙනවා. 

විසඳුම: කපු වෙනුවට සිල්ක් ප්‍රතිස්ථාපනය කරන්න. සිල්ක් මිලෙන් වැඩි වුවත්, එයින් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා: කල් පැවැත්ම, මෘදු බැවින් සමේ කුඩා නැමුම් ඇති නොකරන අතර බැක්ටීරියා වර්ධනය වළක්වනවා.

06. ස්මාට් දුරකථන සහ පරිගණක 

උදේ සිට ගොඩක් හවස් වන තෙක්ම නිල් පැහැති තිර අප පසුපස එනවා. බෙල්ල පහලට නවාගෙන දුරකථනයෙන් පණිවිඩ ටයිප් කිරීමෙන් ඩබල් චින් ලැබෙන බව බොහෝ දෙනා දන්නවා.

ඒ වගේම, තිරයක නිල් පැහැති ආලෝකය (අධි ශක්ති දෘශ්‍ය ආලෝකය) UVA සහ UVB කිරණ තරමටම හානිකර වීමට ඉඩ ඇති බව පර්යේෂණයක සඳහන් වී තිබෙනවා.

විසඳුම: පරිගණකය ඉදිරියේ සිටින කාලය අවම කිරීමට හැකියාවක් නැතිනම්, විශේෂ ප්‍රති-නිල් ආලෝක තිර ආරක්ෂකයක් ස්ථාපනය කරන්න පුළුවන්. මේ සඳහා HEV නමින් හඳුන්වන ආරක්‍ෂණ ක්‍රීම් එකද භාවිතා කළ හැකියි.

05. ජනෙල් විවෘත කිරීම

මෑතකදී, විද්‍යාඥන් වායු දූෂණය සහ අකාලයේ වයස්ගත වීම අතර ඇති සහබන්ධනය සොයාගෙන තිබෙනවා. වායු දූෂණය සඳහා බලපාන එකම හේතුව කාර්මික පහසුකම් නොවෙයි. විශාල නගර වල ජීවිතය, අධිවේගී මාර්ග අසල සිටීම, දුම් බොන අසල්වැසියන්, ඇතුළු අනෙකුත් හේතු නිසා වායු දූෂණය ඇති වෙනවා.  

විසඳුම: ඔයාගේ නිවස්කඩ හෝ රැකියා ස්ථානය වායු දූෂණය සිදු වන ස්ථානයකට ඉතා සමීපව පිහිටා තිබෙනවා නම්, ජනෙල් විවෘත කිරීම වලක්වා ගැනීමට උත්සාහ කරන්න. වර්තමානයේ, ගෘහස්ත වාතය පිරිසිදු කර දූෂණය වූ අංශු පිරිසිදු කිරීමට මෙන්ම තෙතමන මට්ටම පාලනය කිරීමට සහය වන උපාංග ලබා ගත හැකියි.  

04. බ්‍රා 

දැඩි පියයුරු තරුණ භාවයත් සමඟ බැඳී පවතිනවා. ගුරුත්වාකර්ශනයට එරෙහිව ක්‍රියා කරමින් උඩඟු ලෙස තැබීම සහ බ්‍රා අතර සම්බන්ධතාවයක් තියෙනවා.මේ සඳහා විද්‍යාත්මක කිසිඳු සාධාරණීකරණයක් නැහැ. මෙයට ප්‍රතිවිරුද්ධ සිද්ධාන්තයක් ද තිබෙනවා, එනම් බ්‍රා මඟින් පපුවේ මාංශ මෙෂි දුර්වල කරනවා. එය සනාථ වී තිබෙනවා. විශේෂඥයින් පවසන ආකාරයට යම්කිසි ගුණාංග පවතින කාන්තාවන් (උදාහරණයක් ලෙස, විශාල ස්තන ග්‍රන්ථි) සුවපහසුව සඳහා බ්‍රා එකක් පැළඳිය යුතුයි. 

විසඳුම: අවශ්‍ය විට පමණක් බ්‍රා එකක් අඳින්න, එසේ නැත්නම් අඳින්න එපා. 

03. සීනි 

අපි හැමෝම දන්නා පරිදි සීනි, බර වැඩි වීමට අනුබල දෙනවා. මෑතකදී සිදු කළ පර්යේෂණවලට අනුව මෙය අකාලයේ වයසට යාමට සහ සම ඉදිමීමට හේතු වෙනවා. ජීවියෙකු ඇතුලතදී සීනි, සුන්දර සහ මෘදු සමකට හේතු වන කොලජන් සහ ඉලාස්ටින් වලට පහර දෙන අණු නිෂ්පාදනය කිරීමට පටන් ගන්නවා. 

විසඳුම: සීනි පරිභෝජනය නවත්වන්න, ඒ වෙනුවට මී පැණි, ස්ටීවියා, මේපල්, අගෙව්, හෝ ටොපිනැම්බුර් සිරප් භාවිතයට ගන්න. 

02. සකස් කල මාංශ නිෂ්පාදන 

සොසේජස් සහ හැම්බර්ගර් වැනි මාංශ නිෂ්පාදනවල මේදය සහ විවිධ අතිරේක විශාල වශයෙන් අන්තර්ගත වෙනවා. උදාහරණයක් ලෙස, පොස්පරස් සහ සල්ෆයිට දැක්විය හැකියි. මෙම රසායනික ද්‍රව්‍ය මඟින් සමෙහි තත්වය තවත් දරුණු අතට හැරී ශරීරය වයස්ගත වීමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා, 

විසඳුම: මෙම ආහාර පරිභෝජනය අවම කරන්න. 

01. වැසිකිළි ෆ්ලෂ් කිරීම. ( වේගයෙන් ජලය පිරවීම)

අවාසනාවකට මෙන්, ෆ්ලෂ් කරන විට අවධානය යොමු කල යුතු නීති බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, වැසිකිළි ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම සහ දෑත් සේදීම ඉතා වැදගත් බව අපි හැමෝම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් නිවැරදිව ෆ්ලෂ් කරන ක්‍රමය දන්නේ නැහැ. ෆ්ලෂ් කරන විට වැසිකිළි පියන විවෘතව තිබීමෙන් බැක්ටීරියා සහ ව්‍යථජනක ක්ෂුද්‍ර ජීවීන් වාතයේ විසිරී යනවා… ඉන්පසු හිසකෙස්වල, ඇඳුම්වල සහ සමේ පතිත වෙනවා.  
විසඳුම: ෆ්ලෂ් කිරීමට පෙර සෑම විටම පියන පහලට දමන්න.

Leave a Reply

Your email address will not be published.