අපටත් කලහැකි ප්‍රංශ කාන්තාවන්ගේ පට්ටම විලාසිතා උපක්‍රම 16 ක්

ප්‍රංශයේ කාන්තාවන්ගෙ විලාසිතා අනික් රටවල කාන්තාවන්ගෙ විලාසිතා වලට වඩා ටිකක් වෙනස්. ප්‍රංශ කාන්තාවන් හිතන්නෙ කණ්ණාඩිය ඉස්සරහා වැඩි වේලාවක් ගත කිරීම නරක පුරුද්දක් කියලයි. එයාලා තරමක් අවුල් සහගත පෙනුමට කැමතියි. ඒ වගේම නිය ආලේපන ගැන ලොකු සැලකිල්ලක් දක්වන්නෙත් නෑ.

ප්‍රංශයේ විලාසිතා ලිපිකරුවන්ගේ බ්ලොග් ගොඩක් කියවලා ඒවා මගින් අපට දැනගන්න ලැබුණු ප්‍රංශ විලාසිතා ශෛලියේ මුලික අංග 16 ක් ගැන ඔයාට කියලා දෙන්න අපි හිතුවා.

01. ප්‍රංශ කාන්තාවන් කුඩා පර්ස් එකක් අරගෙන යනවා.

සාමාන්‍යයෙන්, කාන්තාවකගේ පර්ස් එක ඇතුළෙ ඕනම තත්ත්වයක් සඳහා ප්‍රයෝජනවත් වෙන හැම දෙයක්ම තියනවා. හැබැයි ප්‍රංශ කාන්තාවන් මීට වඩා වෙනස්. එයාල කැමති කුඩා බෑග්වලටයි.

ප්‍රංශ කාන්තාවන් ලොකු බෑග් අරගෙන යන්නෙ මුහුදු වෙරළට හෝ මාකට් එකට යනකොට විතරයි.

02. ඕනෑවට වඩා ප්‍රමාණයෙන් ලොකු ඇඳුම් අඳිනවා

ප්‍රංශ කාන්තාවන්ගේ ඇඳුම් ආයිත්තම් කට්ටලවල, සම්පූර්ණ ශරීරයේ හැඩයම පේන තද කලිසම් හෝ බ්ලවුස් වගේ ඇඳුම් අඩංගු වෙන්නෙ නෑ. ඒ වෙනුවට එයාලා විශාල කබා, කාඩිගැන්ස් සහ ඇඳුම් අඳිනවා. ඒවා මගින් එයාලට වඩාත් සුවපහසු සහ වඩා මිල අධික පෙනුමක් ලබාදෙනවා.

නිරූපිකාවක්, ලේඛිකාවක් සහ බ්ලොග්කරුවෙකු වන Rouje Jeanne Damas පවා මේ වගේ ඇඟට ලොකු ඇඳුම් අඳින්න කැමතියි. එයාලා හිතන්නෙ ඇඟට ලොකු ඇඳුම් පහසුයි වගේම හරිම ලස්සනයි කියලයි.

03. ටොප් වෙනුවට කාඩිගන් අඳිනවා

ප්‍රංශ කාන්තාවන් ගොඩක් වෙලාවක සම්පූර්ණයෙන්ම වෙනස් ඇඳුම් එකතු කරලා අඳිනවා. හොඳම උදාහරණයක් තමයි, එයාලා බොහෝ විට යට ඇඳුම් සමග කාඩිගැන්ස් පළඳිනවා.

ප්‍රංශයේ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වන එයිඩා සේන් කියන්නෙ ඒක හරිම හොඳ අදහසක් කියලයි. කාඩිගන් එකකින් පොඩි ආච්චි කෙනෙක්ගෙ පෙනුමක් ලබා දුන්නට ඒවා කොට කලිසම්, සායවල් හෝ ජීන්ස් එක්ක ඇන්දම ලස්සනයි කියලයි ඇය කියන්නෙ.

04. ස්වීටර්ස් යට කරලා අඳිනවා

සිත්ගන්නාසුළු පෙනුමක් නිර්මාණය කර ගැනීමට ප්‍රංශ යුවතියන් ස්වීටර් එක යට කරලා අඳිනවා.

ඉහළ ඉණ සහිත ජීන්ස් වලට ස්වීටරය යට කරලා සපත්තු හෝ හීල්ස් දැම්මම ලැබෙන පෙනුමට තමන් ගොඩක් කැමති බව එයිඩා සේන් කියනවා.

05. පිරිමි ඇඳුම් පවා අඳිනවා.

ප්‍රංශ ගැහැණු ළමයින් පිරිමි අයගෙ සාමාන්‍ය ෂර්ට් සහ විශාල ජැකට් විතරක් නෙවෙයි, කලිසම් පවා අඳිනවා. එයාලා සාමාන්‍ය කෙට්ටු ජීන්ස් වෙනුවට ගර්ල්ෆ්‍රෙන්ඩ් ජීන්ස් අඳිනවා.

06. ඉරි සහිත ඇඳුම්වලට කැමතියි.

පැරිස් විලාසිතා ගැන කතා කරනකොට මුලින්ම මතක් වෙන්නෙ බ්‍රෙටන් තීරු යි. ඒකට හේතුව තමයි, 1856 දී බ්‍රෙටන් ඉරි ප්‍රංශයේ නාවික හමුදා නිල ඇඳුමේ කොටසක් බවට පත් වී තිබීම.

ප්‍රදේශයේ මිනිසුන් මේ රටාවට කොයිතරම් කැමතිද කියන්නෙ, අඳින්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙලාවක පවා එයාලට ඒක හොඳ විසඳුමක් බවට පත් වුණා. මේ ඉරි සහිත ඇඳුම් නිසා ඕනම කාන්තාවකට ලස්සන පෙනුමක් ලබාගන්න පුලුවන් වුණා.

07. ලාභ ආභරණ ගොඩක් වෙනුවට රන් ආභරණ ටිකක් පළඳිනවා.

ප්‍රංශ ගැහැණු ළමයි ලාභ ආභරණ වලට කැමති නෑ. එයාලා ඒ වෙනුවට සරල රන් පෙන්ඩන්ට් එකක් හෝ කුඩා කරාබු යුගලයක් පළඳිනවා.

මේ උපාංග සෑම විටම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියනවා. ඕනම ඇඳුමකට ගැලපෙන නිසා අමුතුවෙන් මැච් කරන්න දේකුත් නෑ. දවල් කාලයෙදි රත්තරන් එච්චර පේන්නෙත් නෑ. හැබැයි හවස් වෙනකොට, විශේෂයෙන් රතු පාට තොල් සහිත පෙනුමක් සම්පූර්ණ කිරීමට රන් ආභරණ හොඳින්ම ගැලපෙනවා.

08. කාන්තාවන්ගේ ඔරලෝසු වෙනුවට පිරිමි ඔරලෝසු පළඳිනවා.

ලෝකය පුරාම ඉන්න කාන්තාවන් වේලාව බලන්න පාවිච්චි කරන්නෙ කුඩා කාන්තා ඔරලෝසුවක් හෝ ස්මාර්ට්ෆෝන් එකක්. හැබැයි ප්‍රංශ ගැහැණු ළමයින් කැමති පිරිමින්ගේ වගේ පේන ලොකු ඔරලෝසු වලටයි. විශේෂයෙන්ම රිදී පාට ලොකු ඔරලෝසුවලට එයාලා ගොඩක් කැමතියි.

ලේඛකයෙක්, කලාකරුවෙක් සහ බ්ලොගර් කෙනෙක් වන Louise Ebel ප්‍රංශ විලාසිතාවේ රහස් සහ උපාංගවල වැදගත්කම ගැන ලියලා තියන ලිපිවල දකින්න ලැබෙන්නෙත් සරල සුදුපාට ටී ෂර්ට් එකයි, වැදගත් පෙනුමක් තියන ආයිත්තම් ටිකයි, රතු පාට ලිප්ස්ටික් එකයි එක්ක හොඳටම ගැලපෙන්නෙ ලොකු පිරිමි අත් ඔරලෝසුවක් කියලයි.

09. ප්‍රංශ කාන්තාවන් විවිධ ‍රෙදි වර්ග එකතු කරන්න කැමතියි.

ප්‍රංශ කාන්තාවන් ඉතා දීප්තිමත් උපාංග සහ වර්ණවලට කැමති නෑ. ඒ වෙනුවට, එයාලා විවිධ රෙදි වර්ග ඒකාබද්ධ කරනවා. ඒවා සමාන හෝ ලඟින් යන පාට විය හැකි වුණත් සෙටින් සමග ලෙදර් වගේ වෙනස් වර්ග එකතු කරනවා. එයාලගෙ කැමතිම සංයෝජනය සිල්ක් සහ කැස්මියර් බව සඳහන්.

10. එයාලා සරල පාටවලට හා ගැලපෙන ඇඳුම් වලට කැමතියි

ප්‍රංශ ගැහැණු ළමයින්ගේ ඇඳුම් ආයිත්තම් කට්ටලවල දීප්තිමත් වර්ණ සහිත ඇඳුම් දකින්න ලබෙන්නෙ නෑ එයාලා වැඩිඖරම කැමති දුඹුරු, සුදු, කළු සහ නිල් වගේ උදාසීන වර්ණවලටයි.

උපාංග සහ යට ඇඳුම් සඳහාත් මේ විදිහමයි. එයාලා නොගැලපෙන මේස් හෝ යට ඇඳුම් අඳින්නේ නෑ. හිසේ සිට පාදාන්තය දක්වා පරිපූර්ණ ලෙස ඇඳ පැළඳ සිටීමට ප්‍රංශ ගැහැණු ළමයි කැමතියි.

11. එයාලා ප්‍රසිද්ධ මෝස්තර නිරූපකයින් වගේ අඳින්න කැමතියි

ප්‍රංශයේ සාමාන්‍ය ගැහැණු ළමයින් වගේම නිරූපණ ශිල්පිනියන් පවා 70 දශකයේ විලාසිතා වලට ගොඩක් කැමතියි. හැම ප්‍රංශ කාන්තාවකටම වගේ සරල එතුම් ඇඳුමක් තියනවා.

සමහර ගැහැණු ළමයින් එයාලා කැමති විලාසිතා නිරූපණ ශිල්පීන්ගෙ රහස් අනුගමනය කරන්න කැමතියි.

12. Suede අයිතම නියමයි

Suede කියන්නෙ ප්‍රංශ ගැහැණු ළමයින් අතර අතිශය ජනප්‍රිය දෙයක්. කලිසම්, සාය, සහ ලෙදර් වලින් සාදන ලද අනෙකුත් අයිතම සාමාන්‍යයි. පැරිසියේ සහ අනෙකුත් නගරවල වීදිවල, වටකුරු ඉදිරිපස කොටස සහ දැවැන්ත හීල් එක සහිත ලෙදර් බූට් දකින්න ලැබෙනවා. ඒවා අඩි උස සපත්තු වලට වඩා ඇඳීමට පහසු වන අතර සීතල කාලගුණය සඳහාත් ඒවා විශිෂ්ටයි.

13. තම සිරුර වැඩිපුර පෙන්වන්නෙ නෑ.

ප්‍රංශ කාන්තාවන් ආකර්ෂණීයව පේන්න කියලා අඩුවෙන් ඇඳුම් අඳින්නෙ නෑ. ඒ අගේම එයාලගෙ ශරීරය වැඩිපුර එළියට පේන විදිහේ ඇඳුම් අඳින්නෙත් නෑ. .

14. ප්‍රංශ කාන්තාවන් භාවිත කරන්නෙ ලිප්ස්ටික් විතරයි.

ප්‍රංශ කාන්තාවන් දීප්තිමත් රතු තොල් වලට කැමතියි. ඒවා මගින් මිනිසුන්ගේ අවධානය ආකර්ෂණය කර ගන්නවා. එයාලගෙ අනික් මේකප් සරල සහ ස්වභාවිකයි.

15. සමේ පාට මේස් පළඳින්නෙ නෑ.

ප්‍රංශ කාන්තාවන් හිතන්නෙ සමේ පාට මේස් විලාසිතාවක් විදිහට හරියන්නෙ නෑ කියලයි. ඒ නිසා එයාලා වැඩිපුර කළු පාට මේස් අඳින්න කැමැත්තක් දක්වනවා.

16. අලංකාරය ස්වභාවික විය යුතු බව එයාලා හිතනවා.

ප්‍රංශ කාන්තාවන්, ලෝකය පුරාම ඉන්න කාන්තාවන් වගේන, තමන්ව හොඳින් බලා ගන්නවා. එයාලා රූපලාවන්‍යාගාර වෙත ගිහින්, පුලුවන් තරම් තරුණ පෙනුමක් ලබා ගන්න උත්සාහ කරනවා. හැබැයි මේ උත්සාහයන් අන් අයට රහසක් විය යුතු බව එයාලා හිතනවා. ෆ්‍රෙන්ච් මෙනිකියෝ ප්‍රංශයේ එතරම් ජනප්‍රිය නෑ. ප්‍රංශ කාන්තාවන් තම නියපොතු කොටට සහ ඔප දැමීමකින් තොරව තියාගන්න කැමැත්තක් දක්වනවා.

ප්‍රංශ කාන්තාවන් රූපවාහිනී ඉදිරිපත් කරන්නන් පවා, තරමක් අවුල් සහගත ලෙස පේනවට කැමතියි! හිසකෙස් දිහා බලන්න!

ඒ වගේම ප්‍රංශය ඉතා උණුසුම් රටක් නොවුණත්, එහි කාන්තාවන් සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වළකිනවා. ඒ සඳහා කුඩ සහ තොප්පි පළඳිනවා වගේම එළියට යනකොට හැමවිටම සන්ස්ක්‍රීන් භාවිතා කරන්නත් එයාලා අමතක කරන්නෙ නෑ.

Leave a Reply

Your email address will not be published.