අපි ඉක්මනින්ම වෙනස් කරගත යුතු නාන කාමර පුරුදු 5 ක්

මුත්‍රා කිරීම සහ වැසිකිළියක් භාවිතා කිරීම ඉතා සරල දෙයක් විදිහට අපිට පේන්නෙ, ඒක ගොඩක් ස්වභාවික සහ සාමාන්‍ය දෙයක් නිසයි. ඇත්තටම අපි ඒ ගැන තත්පරයක්වත් හිතන්නෙ නෑ. ඉපදුණු දා ඉඳන් දවසට කිහිප වතාවක් මුත්‍රා කරන්න වැසිකිළියට යන එක අපේ පුරුද්දක් බවට පත් වෙලා තියනවා. ඒත් මේ ක්‍රියාවලිය අතරතුරදි අපේ අතින් නොදැනුවත්වම අපේ සෞඛ්‍යයට බලපෑ හැකි වැරදි කිහිපයක් සිදුවෙනවා. උදාහරණයක් විදිහට, අපි ගෙදරින් එලියට යන්න කලින් හැම වෙලාවෙම මුත්‍රා කිරීමේ පුරුද්දක් අපට තියනවා. මේ පුරුද්ද මගින් අපට අහිතකට බලපෑමක් ඇති වෙන්න පුලුවන් කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද?

සරලම පුරුදු වඩාත් සංකීර්ණ ලෙස යම් දෙයක් බවට පත්විය හැකි ආකාරය ගැන ඔයාව දැනුවත් කිරීමටයි අපි අද සූදානම් වෙන්නේ. ඒ නිසා ඔයාගෙ වැසිකිළි චර්යාව ගැන ඔයා දැනගත යුතු දේවල් මෙන්න!

01. ගෙදරින් එළියට යන හැමවිටම මුත්‍රා කිරීම

ගෙදරින් පිටවෙන්න කලින්, ඇත්තටම අවශ්‍ය නැති වුණත්, බාත් රූම් එකට යන එක හොඳ දෙයක් කියලා ඔයා හිතනවා ඇති. ඔයා දිගු වේලාවක් සඳහා එළියට යනවා නම් ඒකට කමක් නෑ. සමහරවිට ගමනක් යන අතරතුර වැසිකිළියක් හොයාගන්න අමාරු නම් ඒත් කමක් නෑ. හැබැයි ඔයා ගෙදරින් පිටවෙන හැම අවස්ථාවෙම මේ පුරුද්ද අනවශ්‍ය විදිහට කරනවා නම්, ඔයාගෙ මුත්‍රාශය පිරිලා නැති වෙලාවට පවා නිතර නිතර මුත්‍රා කිරීමට පෙළඹීමක් ඇති වෙනවා.

02. මුත්‍රා කිරීමට මහන්සි වීම

සමහර විට ඔයාට නිතරම මුත්‍රා කිරීමට අවශ්‍ය වුණාම හෝ මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීමට අවශ්‍ය වුණාම මුත්‍රා බර තද කරගෙන ඉන්න ඔයා පුරුදු වෙලා ඇති. ඒත් මේක හොඳ දෙයක් නෙවෙයි. මේ පුරුද්ද නිසා කාලයත් එක්ක, ඔයාගෙ ශ්‍රෝණි තට්ටුවේ මාංශ පේශි දුර්වල වෙනවා. එමගින් මුත්‍රා කිරීම හෝ මළ මූත්‍රා තබා ගැනීම සහ ඉන්ද්‍රියයන්ට සහාය වීම අපහසු කරවනවා.

03. වැසිකිලියේ වැරදි ලෙස වාඩි වීම

වැසිකිලි අසුනේ ඉඳගත්තම ඔයාගෙ කකුල් දෙක බිම ගෑවෙන්නෙ නැත්නම්, කකුල් දෙකට යටින් යමක් තියන්න. පුටුවක් හෝ යෝගා බ්ලොක් එකක් වගේ දෙයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්. වැසිකිළි යාමේදී කකුල් බිම සමතලා වෙන්නෙ නැත්නම්, එමගින් ආතතිය ඇති කළ හැකි අතර මුත්‍රා කිරීම හෝ මලපහ කිරීම වඩාත් අපහසු වෙනවා. වැසිකිළි අසුනේ ඉඳගන්නකොට ඔයාගෙ දණහිස් දෙක ඉණට වඩා උස මට්ටමක තිබිය යුතු අතර උරහිස් සහ දණහිස් එකට සමීප කිරීමට ඔයා ඉදිරියට නැඹුරු විය යුතුයි.

04. නිතර මුත්‍රා කරන්න වෙන නිසා වතුර බොන එක අඩු කිරීම

නිතර මුත්‍රා කිරීමට බලපාන්නෙ ඔයා බොන වතුර ප්‍රමාණය විතරක්ම නෙවෙයි. අඩුවෙන් වතුර බීම මුත්‍රාශයේ ගැටලු වඩාත් නරක අතට හැරෙන්න හේතුවක් වෙනවා. කෝපි පානය, කාංසාව සහ වෙනත් සෞඛ්‍ය ගැටලු නිසාත් නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වෙනවා. ඔයාට මුත්‍රා කරන වාර ගණන අඩු කරගන්න ඕන නම්, එක වර වතුර උගුරු ගොඩක් බොන්නෙ නැතුව, වතුර ටිකක් තොල ගෑමට පුරුදු වෙන්න.

05. ස්නානය කරන අතරතුර මුත්‍රා කිරීම

ස්නානය තුළ මුත්‍රා කිරීම පහසු සහ පරිසර හිතකාමී දෙයක් ලෙස දැනුණත්, ඒකෙන් ඔයාගෙ මොළය, ගලා යන ජලය මුත්‍රා කිරීමට පෙළඹීම සමඟ සම්බන්ධ කරගන්න පුලුවන්. එතකොට ඔයාට වතුර සද්දයක් ඇහෙන හැමවෙලාවකම මුත්‍රා කිරීමට අවශ්‍ය වෙන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.