අපි මෙතෙක් කල් වැරදියට භාවිතා කරන රූපලාවන්‍ය නිශ්පාදන 6 ක්

හොඳම සහ මිල අධික රූපලාවන්‍ය නිෂ්පාදන පවා හරි ක්‍රමයට භාවිතා කළේ නැත්නම් ඒකෙන් ඔයාගෙ පෙනුම අවලස්සන කරනවා. ඔයා පාවිච්චි කරන්නෙ උසස් තත්ත්වයේ පවුඩර් එකක් වුණත්, ඒක හරියට ආලේප කරන්න දන්නෙ නැත්නම් ඒකෙන් ඔයාට අවතාරයක් වගේ පෙනුමක් ලබාදෙන්න පුලුවන්. කොණ්ඩෙට ෂැම්පු දාන නිවැරදි ක්‍රමයත් ඔයා දැනගෙන ඉන්න ඕන. සමහර පුරුදු පරම්පරාවෙන් පරම්පරාවට එන නිසා අපි ඒවා ගැන ප්‍රශ්න කරන්නෙවත් නැතුව ඒ විදිහටම කරගෙන යනවා.

ඒත් රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කරන නිවැරදි ම ක්‍රමය ඔයා දැනගෙන ඉන්න එක ඔයාගෙ පෙනුමට ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා අද අපි මේ ලිපියෙන් දැනගමු හරියටම මේවා පාවිච්චි කරන්නෙ කොහොමද කියලා.

01. නියපොතුවල කියුටෙක්ස් ආලේප කරන්න කලින් ආලේපන බෝතලය සෙලවීම.

හේතුව කුමක් මොකක් වුණත්, නිය ආලේපන බෝතලය සෙලවීමෙන් එය නියපොතුවල ගෑවම ලස්සන නැති වෙනවා. සෙලවීම මගින් නිය ආලේපන තුළට වාතය ඇතුළු කර නියපොතු මත බුබුලු ඇති කරනවා. ඒ වගේම බ්‍රෂ් එක බෝතලය තුළට සහ ඉන් පිටතට දමමින් නිය ආලේපන මිශ්‍ර කරන්න උත්සාහ කරන්නත් එපා.
කිසිම තියුණු චලනයක් නොකර අත දිගට හෙමින් බෝතලය පෙරලීම හෝ බෝතලය කොයි විදිහකටවත් සොලවන්නෙ නැතුව ඉන එක තමයි හොවම දේ.

02. මුහුණ පුරා පවුඩර් යෙදීම

පවුඩර් මුළු මුහුණටම ආලේප කරන්නෙ නෑ. ගොඩක් අවස්ථා වලදී, කම්මුල් මඟ හරිමින්, ඇස් යට ප්‍රදේශය, නළල, නාසය සහ නිකට මත පවුඩර් ස්වල්පයක් දැමීම තමයි හොඳම දේ. මොකද ඒ ප්‍රදේශ තමයි මුහුණේ වැඩිපුරම තෙල් සහිත ප්‍රදේශ වෙන්නෙ. ඕනෑවට වඩා පවුඩර් යෙදීමෙන් ගැටිති හෝ වියළි පැල්ලම් වගේ ඔයාගෙ සමේ තියන අඩුපාඩු ඉස්මතු වෙනවා.

03. කොණ්ඩෙ මුල සිට පීරන්න පටන් ගැනීම

මේ විදිහට කොණ්ඩෙ උඩ සිට පහළට පීරන්න පටන් ගැනීම්න් කෙස්ගස් කැඩෙනවා. ඒ වෙනුවට, ඔයාගෙ හිසකෙස් කොටස් වලට බෙදා පහළ සිට ඉහළට පීරමින් ටිකෙන් ටික උඩට පීරන්න. ඒක තමයි කොණ්ඩෙ පීරන හරිම ක්‍රමය. එමගින් කෙස්ගස්වල ගැට ගැසී තිබෙන තැන් පහසුවෙන් ලෙහාගන්නත් පුලුවන්. හිසකෙස් වලට හානි වීම වළක්වා ගැනීමට කොණ්ඩෙ පීරන්න කලින් කෙස්ගස් අතරින් ඇඟිලි යවා කෙස් පැටලී තිබෙනවද කියලා පරීක්ෂා කරන්න.

04. කන් යටින් හෝ කොණ්ඩය මත සුවඳ විලවුන් ආලේප කිරීම.

විලවුන්වල සුවඳ දිගු කාලයක් පැවතීමට අවශ්‍ය නම්, මොයිස්චරයිසින් කළ ගමන්ම විලවුන් යොදන්න. සුවඳ විලවුන්වල මධ්‍යසාර අඩංගු වෙන නිසා ඒවා ඔයාගෙ කොණ්ඩෙට ගල්වන්න එපා. එමගින් ඔයාගෙ හිසකෙස් වියළෙනවා. ඒ වගේම ඔයාගෙ සම මත විලවුන් ආලේප කිරීමෙන් ඝර්ෂණය නිසා සම රත් කර සුවඳ වෙනස් කරන ස්වභාවික එන්සයිම නිකුත් කරනවා. ඒකත් හමට හොඳ නෑ. ඒ නිසා ඔයාගෙ ඇඳුම් මතට පමණක් විලවුන් ගල්වන්න මතක තබා ගන්න.

05. හිසකෙස් තෙත් කළ ගමන්ම ෂැම්පු භාවිතා කිරීම.

හිසකෙස් යන්තමින් තෙත් වුණු ගමන්ම කොණ්ඩෙට ෂැම්පු ආලේප කරන්න එපා. ඒ වෙනුවට හිසකෙස් හොඳින් තෙමුණට පස්සේ ෂැම්පු යොදන්න. එතකොට යොදන්න වෙන ෂැම්පු ප්‍රමාණයත් අඩු වෙනවා.

06. තොල්වල කෙළවර සිට මැද දක්වා ලිප්ස්ටික් යෙදීම.

හරිම ක්‍රමය තමයි තොල්වල මැද සිට පිටතට ලිප්ස්ටික් ආලේප කිරීම. එමගින් තොල් රේඛාවෙන් පිටතට ලිප්ස්ටික් ගෑවීමේ ඉඩ අඩු කරනවා. ලිප්ස්ටික් ආලේප කිරීමට ඔයාට බ්‍රෂ් එකක් ඇඟිල්ලක් භාවිත කරන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.