අපි හැමෝම නොදැනුවත් කමට කරන කැපී පෙනන විලාසිතා වැරදි 7 ක්

ඔයා ඔයාගෙ රූපය ලස්සනට තියාගන්න කොච්චර දේවල් කළත් එක වැරදි ඇඳුමකින් ඒ හැමදේම නැති කරලා දාන්න පුලුවන් කියලා ඔයා දැනගෙන හිටියාද? එහෙනම් අපි අද ඒ ගැන දැනගනිමු.

විනාඩි දෙකකින් ඔයාට සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා දෙන්න පුලුවන් ප්‍රතිඵලදායක ඉඟි කිහිපයක් ගැනයි අද අපි ඔයාට කියලා දෙන්න යන්නේ.

01. ලොකු කොටු තියන ඇඳුම්

ලොකු කොටු තියන ඇඳුමකින් ඔයාගෙ රූපය ගොඩක් වෙනස් කරන්න පුලුවන්. විලාසිතාවක් වගේ ලස්සනට පෙනුනත් ඔයාගෙ ඉන තියන ගානට වඩා මහත් කරලා පෙන්නන්න මේ ලොකු කොටු තියන ඇඳුම්වලට පුලුවන්. එතකොට ඔයාව මහතට පේනවා. ඒ නිසා සාමාන්‍ය ප්‍රින්ට් එකක් තියන සරල පාටක ඇඳුමක් අඳින්න. ඔයා මේ චෙක් මෝස්තර වලට ගොඩක් කැමති කෙනෙක් නම් ලොකු කොටු වෙනුවට පොඩි කොටු තියන ඇඳුම් තෝරගන්න.

02. තිරස් ඉරි සහිත ඇඳුම්

මේ ඇඳුම් මගින් ඔයාට ඉන්නවට වඩා ලොකු පෙනුමක් ලබා දෙනවා. ඒත් ඔයා ඉරි තියන ඇඳුම් වලට ආසයි නම් කරන්න ඕන ඉරිවල දිශාව වෙනස් කරන එක විතරයි. තිරස් ඉරි වෙනුවට සිරස් ඉරි තියන ඇඳුම් තෝරගන්න. ඒකෙන් ඔයාට උස හා සිහින් පෙනුමක් ලබාදෙනවා.

03. ඕනෑවට වඩා මෝස්තර

ඇඳුමක ඕනවට වඩා රෆල්, ෆෝල්ඩ්ස් හා රැළි පටි තියන එකෙනුත් ඔයාගෙ ඇඟට මහත පෙනුමක් දෙනවා. ඒ නිසා කලින් කියපු විදියට සිරස් අතට ඉරි තියන ඇඳුම් හෝ ඔයාගෙ හැඩය දිගු කරලා පෙන්නන්න පුලුවන් සිප් අප් සායක් වගේ මෝස්තර අඩු ඇඳුමක් තෝරගන්න.

04. ලොකු ප්‍රින්ට් එකක් තියන ඇඳුම්

ලොකු ප්‍රින්ට් එකක් තියන ඇඳුම් වලිනුත් ඔයාට වැඩිපුර බර හා පළල් පෙනුමක් ලබාදෙනවා. ඒ වගේම දිග ලේස් තියන සෙරෙප්පු වලින් ඔයාගෙ උස අඩු කරලා පෙන්නනවා. ඒ වගේම තියුණු කරක් තියන බ්ලවුස් එකකින් හෝ කැපුමක් තියන සායකින් ඔයාගෙ පෙනුම උසට පෙන්නනවා. ඒ නිසා එක පාටකින් තියන ඇඳුම් තෝරගන්න. ඔයාගෙ සමේ පාටට ගැලපෙන සෙරෙප්පු ගන්න. මේ මගින් ඔයාට උස හා සිහින් පෙනුමක් ලබාගන්න පුලුවන්.

05. බෝට්ටු කර

ඇඳුමක කර බෝට්ටු හැඩයක් ගන්න එකෙන් ඔයාගෙ ඇඟ ලොකු කරලා පේනවා. ඒ කියන්නෙ ඔයාව මහතට පේනවා. V කරකින් ඔයාට ලස්සන පෙනුමක් ලබා ගන්න පුලුවන්.

06. පුළුල් තිරස් ඉරි

ඇඳුම් වල තියන තිරස් ඉරිවලට වඩා නරකම දේ තමයි පුළුල් හා දීප්තිමත් තිරස් ඉරි කියන්නේ. රූපයේ පේන විදියේ ඉරි තියන සායකින් ඔයාගෙ පෙනුම කැත වෙනවා. තනි පාට ඇඳුමක්, ඉනට ලොකු බෙල්ට් එකක් මගින් ඔයාට වඩාත් සිහින් වගේම ලස්සන පෙනුමක් ලැබෙනවා.

07. දීප්තිමත් පාට

දීප්තිමත් පාට ඇඳුම් වලිනුත් ඔයාව මහතට පේනවා.

බෝනස්: ඔයාට ගැලපෙන ජීන්ස් තෝරාගන්නේ කොහොමද?

ගැලපෙනම ජීන්ස් එකක් තෝරාගන්න මේවා මතක තියාගන්න.
හැම ශරීර වර්ගයක් සඳහාම කොඳ හැඩයක් තියනවා.
ඇඟට වඩා ගොඩක් පොඩි සයිස් එකකට වඩා ඔයාට පහසු ජීන්ස් එකක් තෝරගන්න. නැත්නම් ජීන්ස් එක ඇදිලා ඔයාගෙ පෙනුමට හානි කරනවා.
තද පාටවල් හැම වෙලාවෙම අලුත් පෙනුමක් ලබා දෙනවා. ඒවා ඕනම පාටක උඩ ඇඳුමකට ගැලපෙනවා.
ඇඳුම් ගන්න ගියාම අනිවාරෙන් ජීන්ස් එකේ සාක්කු, ඇදෙන සුළු බව වගේ දේවල් හොඳට පරීක්ෂා කරලා බලන්න.

Leave a Reply

Your email address will not be published.