අපේ ශරීරයෙන් කෙස් ඉවත් කළ යුතුද නොකළ යුතුද පිළිබදව කරුණු

අපේ සිරුරේ රෝම වැවෙන එකට හේතුවක් තියනවා. කොණ්ඩයට එයටම ආවේණික වුණු කාර්යයන් ඇති අතර, මේ මාතෘකාව ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නිසා තමයි අපි මේ ලිපිය ඔයාට අරගෙන එන්නේ.

දැන් අපි බලමු අපේ ශරීරයේ රෝම වැවෙන එක ශරීරයට අත්‍යවශ්‍යම දෙයක්ද කියලා.

ඇයි අපේ ශරීරවල රෝම හෝ හිසකෙස් තියෙන්නේ?

මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් අපි හිසකෙස් කියන්නෙ මොකක්ද කියලා සහ හිසකෙස් අවශ්‍ය වෙන්නෙ මොකටද කියලා දැනගෙන ඉමු.

ක්ෂීරපායින්ගේ මොළයට ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමට ඉඩ සලසන යාන්ත්‍රණයක් තියනවා. ඒකට කියන්නෙ තාප නියාමනය කියලයි. ඉතින් අපිට දාඩිය දානකොට, අපේ අභ්‍යන්තර අවයව සිසිල් වෙනවා. හැබැයි අපේ ඇඟේ තියන රෝම ගොඩක් ඝනකම් වුණොත්, දාඩියවලට එහි කාර්යය ඉටු කිරීමට සහ අපව සිසිල් කිරීමට හැකි වෙන්නෙ නෑ. ඒ නිසා තමයි අපට මේ කාර්යය පරිපූර්ණ ලෙස ඉටු කරන සිහින් රෝම තියෙන්නෙ.

අපේ මුතුන් මිත්තන්ගේ ශරීර ඝනකම් ‍රෝමවලින් වැහිලා තිබුණා. හැබැයි, නූතන මිනිසුන්ට ඒක වසර මිලියන 2 – 3.3 කාලෙකට කලින් අහිමි වුණා. මේ පින්තූරයේ දකින්න ලැබෙන්නෙ ක්ෂීරපායීන්ගේ අපිචර්මයේ අභ්‍යන්තර සහ බාහිර ව්‍යුහයයි. එය මැරුණු සෛල, දහඩිය ග්‍රන්ථි සහ ස්නායුවල කෙළවරවලින් සමන්විතයි. දහඩිය ග්‍රන්ථි මගින් රෝම නිරෝගීව තබා ගන්නා මේදය නිපදවනවා. කෙරටින් වලින් සමන්විත හිසකෙස් වර්ධනය වෙන්නෙ සම මත තියන හැම රෝමයකටම සම්බන්ධ වෙලා තියන ෆොසිලයෙන්. රෝම කියන්නෙ තාපය ඇතුළට සහ පිටතට යාමට ඉඩ සලසන විශිෂ්ට තාප සන්නායකයක්. ඒ වගේම මේ රෝම මගින් ගොඩක් අයහපත් දේවලින් අපේ සම ආරක්ෂා කරනවා.

ඒත් පරිණාමය නිසා, ශරීරයේ රෝම ක්‍රමයෙන් තුනී වෙන්න පටන් ගත්තා. උණුසුම් දේශගුණය සහ ක්‍රියාශීලී ජීවන රටාව නිසාත් මිනිස් සිරුර වෙනස් වෙලා තියනවා. සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ පරපෝෂිතයන්ගෙන් ආරක්ෂා වීමට වඩා තාපය ආරක්ෂා කිරීම අඩු වැදගත්කමක් ඇති බවයි.

නූතන මිනිසෙකුගේ මුළු ශරීරය වටා රෝම කූප මිලියන 5ක් පමණ තිබෙනවා. වයස සහ හෝමෝන වල හැටියට රෝමවල වල පිහිටීම සහ ගොඩනැගීම වෙනස් වෙන්න පුලුවන්. අපේ ශරීරයේ තාමත් හිසකෙස් තියෙන්නෙ එයට වැදගත් කාර්යයක් තියන නිසයි. හිසෙහි තිබෙන හිසකෙස් මගින් මොළයේ උෂ්ණත්වය පාලනය කරනවා. රැලි සහිත හිසකෙස් හිස්කබල සහ මොළය අධික උණුසුම් වීමෙන් ආරක්ෂා කිරීමට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා වගේම දහඩිය වාෂ්ප කිරීමටත් ඉතා හොඳයි. ලිංගික අවයව සහ කිහිලි අසල ඝන රෝම ඇට්ජි වෙන්නෙ බොහෝ දුරට ලිංගික තේරීම අනුවයි. ඇපොක්‍රීන් ග්‍රන්ථි මගින් සාදන ලද දුර්ගන්ධ රසායනික ද්‍රව්‍ය හැම පුද්ගලයෙකු තුළම අනන්‍ය වන අතර සතුන් තුළ ඇති ෆෙරෝමෝන් වගේ හෝමෝන විරුද්ධ ලිංගයේ අය ආකර්ෂණය කර ගැනීමට උපකාරී වෙනවා.

නොපෙනෙන රෝම වලත් වැදගත් කාර්යයක් තියනවා. ඒවා සම යථා තත්ත්වයට පත් කිරීමට සහ ප්‍රාථමික සෛල සඳහා ගබඩාවක් ලෙස ක්‍රියා කරනවා.

සිරුරේ රෝම ඉවත් කිරීමේ ඉතිහාසය

අපේ ශරීරයේ රෝම මේ තරම් වැදගත් නම්, ඇයි අපට ඒවා ඉවත් කරන්න ඕන වෙන්නෙ? අපි මේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න නම් පැරණි කාලය ගැනත් අවධානය යොමු කරන්න ඕන. රෝම ඉවත් කිරීම, සමාජ තත්ත්වය දැක්වීමට සහ ස්ත්‍රීත්වය පිළිබඳ අදහස නිර්ණය කිරීමට අතීතයේදිත් භාවිත වෙලා තියනවා. මානව ඉතිහාසයේ මුල් අවධියේදී, මිනිසුන් තම සිරුර පිරිසිදුව තබා ගැනීම සඳහා රෝම ඉවත් කර තිබෙනවා. ඒත් රෝම ඉවත් කිරීමට මුල්ම වරට තඹ රේසර් භාවිතා කළේ ඊජිප්තුවේ සහ ඉන්දියාවේයි.

ක්ලියෝපැට්රාගේ කාලවලදී, මිනිසුන් රෝම ඉවත් කිරීමට සීනි මිශ්‍රණයක් භාවිතා කළා. රෝමානු කාන්තාවන් රෝම ඉවත් කිරීමට ටුවිසර් භාවිතා කරනු ලැබුවා.

මිනිසුන්ට හිසකෙස් ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ ඇයි කිය්න එකට හේතුවක් වන න්‍යායන් වලින් එකක් 1871 දී Darwin ගේ The Descent of Man ලෙස පළ කර තිබෙනවා. රෝම ඉවත් කිරීම වඩාත්ම ප්‍රසිද්ධ වුණේ විලාසිතා කර්මාන්තය, සඟරා, රේසර් සාදන සමාගම් වගේ අය මුදල් ඉපයීම සඳහා රෝම ඉවත් කිරීමට කාන්තාවන්ව උනන්වු කරපු නිසයි.

අපි ශරීරයේ රෝම ඉවත් කළ යුතුද?

ශරීරය පිරිසිදුව තබා ගැනීමට අහසු වෙලාවලදි සහ, ශරීරයෙන් නරක සුවඳක් එනවිට හෝ පරපෝෂිතයන් ඉවත් කිරීමේ එකම ක්‍රමය ශේව් කිරීමයි. විසිඑක්වන සියවසේදි මේක වෙනස් වෙලා තියනවා. ඒ නිසා ඔයාට රෝම ඉවත් කරන්න ඕනෙද නැත්ද කියන කාරණය ඔයාගෙ කැමැත්ත මත සිදුකරගන්න පුලුවන්. හැබැයි රෝම ඉවත් කිරීමේදී මේ කරුණ මතක තබාගන්න ඕන.

ශේව් කිරීම මගින් සමේ ආසාදත, සම තුවාල වීම්, සම ඇතුළෙන් රෝම වැවීම වගේ තත්වවලට හේතුවෙන්න ඉඩ තියනවා.

Leave a Reply

Your email address will not be published.