අප අනිවාර්යයෙන් සැලකිල්ලට ගත යුතු පාද ආරක්ෂණ නීති 10 ක්

සාපේක්ෂව ක්‍රියාශීලී ජීවන රටාවක් තියන පුද්ගලයෙක් දිනකට පියවර 7500 ක් පමණ ගමන් කරනවා. ඒ කියන්නෙ ජීවිත කාලය තුළ, පුද්ගලයෙක් පෘථිවිය වටා 5 වතාවක් ගමන් කිරීමට තරම් පියවර තබනවා. ඉතින් මේ තරම් දුර ඇවිදින්න අපිට උදව් කරන අපේ කකුල් දෙක ගැන අපි වැඩි අවධනයක් යොමු කරන්නම වෙනවා.

ලොකු මුදලක් වියදම් නොකරම කකුල් දෙක ලස්සනට තියාගන්නෙ කොහොමද කියලයි අද අපි කතා කරන්නෙ. ඔයත් බලන්නකො මේවැරදි ඔයා අතිනුත් සිදුවෙනවද කියලා.

01. වියළි පාද මත තෙත් පූමිස් ගල් භාවිතා කිරීම

අපට වියළි සම ඉවත් කිරීමට සමේ ඉරිතැලීම් ඉවත් කිරීමට අවශ්‍ය වුණාම ඒකට අපි පූමිස් ගල් භාවිතා කරනවා. මේ ක්‍රියාවලිය ආරක්ෂිතව සිදු කිරීමට, කකුල් සහ පූමිස්ගල විනාඩි 5-10ක් උණුසුම් ජලයේ තබන්න. ඉන්පසුව, පාද වියළන්න. නමුත් පුමිස් ගල වියළන්න එපා. දැන් විනාඩි 2-3ක් සම සම්බාහනය කරන්න. අන්තිමට, පුමිස් ගල සෝදලා, කකුල් මත මොයිස්චරයිසින් ක්‍රීම් ටිකක් දමන්න.

02. සම වියළිව තිබියදී ශේව් කරන්න එපා.

අපි වතුර හෝ විශේෂ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්නෙ නැතුව කකුල්වල රෝම ඉවත් කරනකොට අපේ සම තුවාල වෙන්න පුලුවන්. ඒ වගේම කකුල හමයන්නත් ඉඩ තියනවා. ගැඹුරු සිදුරු හෝ ඝන හිසකෙස් තිබුණොත් ස්ට්‍රෝබෙරි කකුල් වල බලපෑම පවා ඇතිවෙනවා.

ස්ට්‍රෝබෙරි කකුල් කියන්නෙ සම මත කුඩා කළු සහ රතු තිත් ඇතිවීමේ සංසිද්ධියයි. වැරදි ලෙස ශේව් කිරීම ඇතුළු විවිධ හේතු නිසා ඒවා ඇති වෙනවා. ඒ නිසා කවදාවත් සම වියලිව තිබෙන වෙලාවට ශේව් කරන්න යන්න එපා.

03. ශේව් කිරීමේ අදියර 3

ශේව් කරන්න කලින් සම හොඳින් සෝදා ස්ක්‍රබ් කරගන්න අමතක කරන්න එපා. සිදුරු වැසීමට හැකි මේදය සහ මැරුණු සමේ සෛල ඉවත් කිරීමට අනිවාරෙන් ස්ක්‍රබ් කරන්නම වෙනවා. ඉන්පසු, කකුල හොවින් සෝදා රෝම තව තවත් ලිහිසි කිරීමට සහ සම මොයිස්චරයිසින් කිරීමට හැකි ශේවිං ක්‍රීම් එකක් යෙදීමටත් වග බලා ගන්න.

04. සැප පහසු සපත්තු තෝරාගැනීම සහ ඔයාට තියන සපත්තු වඩාත් සුවපහසු කිරීම.

වෛද්‍යවරුන්ට අනුව, තද සපත්තු, විශේෂයෙන් පටු ඉදිරිපස කොටසක් සහිත සපත්තු මගින් කකුල්වල ගැටිති ඇති කරනවා. මෙය වළක්වා ගැනීම සඳහා, පුළුල් ඉදිරිපස කොටසක් සහ පැතලි අඩි සහිත පාවහන් පැළඳීම වඩා හොඳයි.

පැතලි පාද තියන පුද්ගලයින් එයලගෙ පාදවල ගැටළු වර්ධනය වීමට වැඩි ප්‍රවණතාවක් ඇති නිසා ආධාරක ඉන්සෝල් භාවිතා කරන්න අමතක කරන්න එපා. අත්වැරදීම් තුවාල වලින් කකුල් ආරක්ෂා කිරීමටත් ඉන්සෝල් උපකාරී වෙනවා.

05. ඇඟිලිවල ඇද තිබේ නම් ස්ප්රේඩර් භාවිතා කිරීම

දැනටමත් ඔයාගෙ ඇඟිලිවල ඇද තියනවා නම්, ස්ප්‍රෙඩර් පැළඳීමට උත්සාහ කරන්න. ඒවා මගින් ඇඟිලි නිවැරදිව පෙළගස්වා ඝර්ෂණය අඩු කරනවා.

06. දණහිසේ සම ගැන සැලකිලිමත් වන්න.

හයිපර්පිග්මන්ටේෂන් කියන්නෙ පොඩ්ඩක්වත් හානිකර දෙයක් නොවුණත්, සමහර අය එයාලගෙ අඳුරු දණහිස්වල පාට අඩු ක්‍රගන්න උත්සාහ කරනවා. මේ සඳහා විශේෂඥයන් ඇල්ෆා-හයිඩ්රෝ අම්ල සහ පීලිං නිෂ්පාදන නිර්දේශ කරනවා. ඒව මගින් මිය ගිය සෛල ඉවත් කරලා සම සිනිඳු කරනවා. මේ සඳහා ඔයාට ගෙදර හදපු නිෂ්පාදන වුණත් භාවිත කරන්න පුලුවන්. උදාහරණයක් විදිහට, පිග්මන්ටේෂන් අඩු කරලා සම එක පාටකට ගන්න උදව් වෙන කෝමාරිකා යුෂ සහ කහ ආලේප කිරීම.

හැමදාම සන්ස්ක්‍රීන් භාවිතා කිරිම සහ දණහිස් වලත් දිනපතා මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කිරීමෙන් අඳුරු වීම වළක්වගන්නත් පුලුවන්.

07. එපිලේටරයක් ​​නිවැරදිව අල්ලාගැනීම

එපිලේටර්ස්වල මුල් මගින් ‍රෝම ඉවත් කරනවා. හැබැයි ඒක වැරදියට පාවිච්චි කළොත් එමගින් රෝම ගලවා ඉවත් කරනවා වෙනුවට රෝම කපා දමන්න ඉඩ තියනවා. මෙය වළක්වා ගැනීම සඳහා, උපාංගය නිවැරදි ආකාරයෙන් භාවිතා කරන්න. එය අංශක 90 ක කෝණයකින් අල්ලාගෙන එය සම මත සැහැල්ලුවෙන් තද කරමින් සෙමින් ගෙන යන්න.

08. වැක්ස් කිරීමෙන් පසු සින්තටික් ඇඳුම් අඳින්න එපා.

කෘත්‍රිම රෙදි මගින් කම්පනයට පත් සම කෝපයට පත් කරනවා. ඒ නිසා වැක්ස් කිරීමෙන් පසු පළමු දින තුළ, කපු හෝ වෙනත් ස්වභාවික ද්‍රව්‍යවලින් නිෂ්පාදිත ඇඳුම් ඇඳීමට විශේෂඥයින් නිර්දේශ කරනවා.

09. වෛද්‍යවරයකු වෙත ගොස් යටිපතුල්වල පැලීම් ඉවත් කර ගැනීම

යටිපතුල් පැලීම කියන්නෙ කකුලට හරිම අපහසුතාවයක් ඇතිකරන තත්වයක්. ඉතින් මේ වගේ අවස්ථාවකදි තනියම ක්‍රීම් හොය හොය ඉන්න එපා. එක්කෝ හොඳ රූපලාවණ්‍ය ශිල්පියෙක්ගෙන් උපදෙස් ගන්න. නැත්නම් වෛද්‍යවරයෙක් හමුවෙලා මේ තත්වයට ප්‍රතිකාර ගන්න.

සමහර පුද්ගලයින්ට එයාලගෙ කකුල් හැදිලා තියන විදිහ අනුවත් මේ විදිහට යටිපතුල් පැලෙන්න ඉඩ තියනවා. ඒ වගේ අවස්ථාවකදී උපකාර කරන්න පුලුවන් වෛද්‍යවරයෙකුට විතරයි.

10. කපු මේස් අඳින්න එපා.

මිනිස් පාදවල දහඩිය ග්‍රන්ථි 250,000ක් පමණ තිබෙනවා. අධික ලෙස දහදිය දමන අය කපු මේස් පළඳින්න එපා. ඒවා මගින් තෙතමනය අවශෝෂණය කරන අතර එය වාෂ්ප වීමට ඉඩ දෙන්නෙ නෑ. ඔයා කපු මේස් පැළඳගෙන මුළු දවසම ගත කරනකොට කකුල්වලින් දුගඳ ඇතිවෙනවා.

මේකට හේතුව තමයි, තෙත් පරිසරයක බැක්ටීරියා සක්‍රියව වර්ධනය වීමට පටන් ගැනීම. ඒ නිසා, පොලියෙස්ටර් වගේ රෙදිවලින් නිෂ්පාදනය කරපු මේස් පළඳින්න.

Leave a Reply

Your email address will not be published.