අප දිනපතාම කඩ කරන පෞද්ගලික සනීපාරක්ෂක නීති 7ක්

සනීපාරක්ෂක නීති සහ ස්වයං- ආරක්ෂාව ඒ තරම් අපහසු දේවල් නෙවෙයි, ඒත් අපි සමහර වෙලාවට වැරදි දේවල් කරනවා. මෙම වැරදීම් නිසා සුන්දරත්වයට පමණක් නෙවෙයි සෞඛ්‍යයටත් බලපානවා. ඒ වගේම මේ දවස් වල අපිට ගොඩාක් වැදගත් වෙනවනේ මේ සනීපාරක්ෂක පුරුදු. මේ දේවල් ඔබ මතක් කරම හරිම උවමනාවෙන් කල යුතු දේවල් කියල කිව්වට වරදක් නෑ. ඔබට බොහෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට මේ සනීපාරක්ෂක පුරුදු වැදගත් වෙනවා.

පොදු ස්වයං- ආරක්ෂණ වැරදි කීපයක් සහ ඒවා වළක්වාගත හැකි ක්‍රමවේද මෙහි දැක්වෙනවා.   

07. කැස්සක් හෝ කිවිසුමක් පිට කරන විට අතින් කට වසා ගැනීම. 

මෙය අපගේ මුහුණ මතට විෂබීජ පැමිණීමට උපකාර විය හැකියි. ප්‍රතිඵල වශයෙන් පැළුම්, රතු පාට වීම, ඇතුළු අනෙකුත් එතරම් ප්‍රසාදයක් ඇති නොවන ප්‍රතිඵල විඳීමට සිදු වෙනවා. මෙය විශේෂයෙන්ම අවදානම් වන්නේ ඇස් ස්පර්ශ කිරීමෙන් ඇහිපිය ප්‍රදාහයට ලක් වීමට ඉඩ ඇති බැවිනි.   

නිවැරදි ආකාරය: ඉවත දැමිය හැකි ටිෂූ කඩදාසියකින් මුහුණ පිස දමන්න. එසේ නැතිනම් වැලමිටේ ඇතුළු පැත්තෙන් මුව ආවරණය කරගන්න.

06. නියපොතු කැපීම.

නියපොත්ත සමන්විත වන්නේ ටයිල් මෙන් එක මත එක ගොඩගසා තිබෙන පතුරුවලිනි. නියපොතු කපනය භාවිත කිරීමෙන් එක ආකෘතියට හානි වෙනවා. පොතු යාමට සහ කැඩීමට ලක් වෙනවා. 

නිවැරදි ආකාරය: දිගු නියපොතු කැපීමට අවශ්‍ය නම්, අවශ්‍ය දිගට වඩා මදක් වැඩි දිගකින් කපාගන්න. ඉන්පසු නිය පීරෙන් හැඩ ගස්වාගන්න. අනෙක් අවස්ථා සඳහා නිකන්ම පීරී ගාන්න.

05. පහළ ඇහිපිය ඇතුලතින් ලයිනින් කර ගැනීම. 

පැන්සලේ තුඩ, විශේෂයෙන්ම ද්‍රව ලයිනර් එකේ බුරුසුව යන ස්ථානවල ලැගුම් ගෙන සිටින බැක්ටීරියා ඇස්වල ශ්ලේෂ්මල කරා ලඟා වුවහොත් ආසාදනය වීමට ඉඩ තියෙනවා. කඳුළු සමඟ මිශ්‍ර වීම මඟින් ඒවා ගුණනය වීමට අවශ්‍ය පරිසරය අයිලයිනර් එක නිර්මාණය කරනවා.   

නිවැරදි ආකාරය: පහළ ඇහිපිය අවධාරණය කිරීමට අවශ්‍ය නම්, අයි ෂැඩෝ භාවිතා කරන්න: ඇහි පිල්ලම් වර්ධන රේඛාවෙන් මදක් පිටත් සිට ආලේප කරන්න.

04. නාසය හෑරීම

ඇඟිලි කියන්නේ විෂබීජ සඳහා නිවසක් වන බැවින් නාසය ඇතුලට යාමෙන් ආසාදන ඇතිවිය හැකියි. මෙය වඩාත් බරපතල වන්නේ නාසය අවහිර වී ඇති අවස්ථාවක නාස් කුහරයේ සිට අස්ථි කුහර වලට ගොස් කෝටර දාහය දක්වා ගොස් ආසාදන ඇති විය හැකි බැවිනි.               

නිවැරදි ආකාරය: අත්ලට ගත් ජලය වම් සහ දකුණු නාස් පුඩුවලින් මාරුවෙන් මාරුවට ඉහලට අදිමින් නාසය සෝදන්න. එසේ නැත්නම්, විශේෂ උපාංගයක් පාවිච්චි කරන්න.  

03. හැමදාම ෂවර් ජෙල් භාවිතා කර සේදීම.

අපේ සම ආසාදන වලින් ආරක්ෂා කර ගැනීමට හැකි වන පරිදි ප්‍රයෝජනවත් බැක්ටීරියා වලට හිතකර පරිසරකින් යුක්ත වන අතර ස්වාභාවිකවම තෙතමනය  රැඳී පවතිනවා. දිනපතාම  ෂවර් ජෙල් භාවිතා කිරීමෙන් මෙම ආරක්‍ෂිත බාධකය විනාශ වෙනවා. සිරුර නොයෙකුත් රෝගවලට ගොදුරු වන අත‍ර, සම වියළීමට ලක්වී දද ඇති වෙනවා.   

නිවැරදි ආකාරය: අත්, කිහිලි, බඳ පටියට මදක් පහල ප්‍රදේශ පිරිසිදු කරගැනීමට පමණක් දිනපතාම සබන් භාවිතා කරන්න. අනෙක් ප්‍රදේශ සඳහා දවස් දෙකකට වරක් ජෙල් යොදා පිරිසිදු කරන්න.

02. වැඩිපුර දත්බෙහෙත් භාවිතය

වැඩිපුර දත්බෙහෙත් භාවිතා කිරීමෙන් දත් බුරුසුවේ කෙඳි ලිස්සා යන නිසා දත් පිරිසිදු වන්නේ නැහැ, මේ නිසා දත් මැදීමේ ගුණාත්මක භාවය අවම වෙනවා.  

නිවැරදි ආකාරය: වැඩිහිටියෙකුට කඩල ඇටයක ප්‍රමාණයට සහ දරුවෙකුට හාල් ඇටයක ප්‍රමාණයට දත් බෙහෙත් ප්‍රමාණය නිර්දේශ වී තිබෙනවා. 

01. හිසකෙස් බාම් අනවශ්‍ය ලෙස වැඩියෙන් ආලේප කිරීම. 

සිලිකොන් සහ අනෙකුත් සංඝටක අඩංගු වන බැවින් හෙයා බාම් ඝන ස්වභාවයක් යුක්ත වන අතර, එහි අභිප්‍රාය හිසකෙස් වලට මෘදු සහ දිලිදුමක් ලබා දීමයි. අනවශ්‍ය ලෙස බාම් වැඩිපුර ආලේප කිරීමෙන්, ඉක්මනින්ම හිසකෙස් අපවිත්‍ර වෙනවා. නිෂ්පාදනය හිස් කබලේ ආලේප වුවහොත්, සිදුරු අවහිර වන නිසා තෙල් ගතිය වර්ධනය වී හිසකෙස් වර්ධනය අවම වෙනවා.    

නිවැරදි ආකාරය: ආලේප කල යුතු බාම් උපරිම ප්‍රමාණය කුඩා කාසියක ප්‍රමාණයයි. මෙය ආලේප කල යුත්තේ වියළි සහ පැලුණු හිසකෙස් අග පමණයි.

Leave a Reply

Your email address will not be published.