අවුරුදු 25 පෙනුමක් ලබාගන්න රූපලාවන්‍ය රහස් 7 ක්

ලප, රැළි සහ සිහින් රේඛා වැනි අපගේ සමේ තත්වයෙහි යම් යම් වෙනස්කම් වලට මුහුණ දීමට සිදු වෙනවා ඔබ වයසට යාමත් සමගම. ස්වාභාවික වයස්ගත වීමේ ක්‍රියාවලිය නිසා තමා ඇත්තෙන්ම මේ දේවල් සිදු වෙන්නේ. අපිට ඉතින් වයසට යන එක නම් නවත්තන්න බැරි උනත් මේ වයසට යාම නිසා සිදු වෙන දේවල් පාලනය කර ගැනීමට නම් හැකියාව පවතිනවා. අපේ වයසට යාම කෙරෙහි බලපාන විවිධ සාධක තිබෙනවා. අපගේ පරිසරය හා ජීවන රටාව වැනි දේවල් මින් කිහිපයක්. ඉතින් අද අපි ඔබට අරගෙන ආවේ ඔබ වයසට ගියත් ඔබේ තරුණ පෙනුම රැකගත හැකි අපූරු රූපලාවන්‍ය ක්‍රම 7ක් පිලිබදව. ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ.

01. කැරට්-බිත්තර මාස්ක්.

වට්ටෝරුව:

ප්‍රථමයෙන් කැරට් ගෙඩියක් ගෙන එය අඹරා ගන්න. පසුව බිත්තරක් ගෙන එහි සාරුව භාජනයකට දමා ගන්න. එයට ඔබ අඹරන ලද කැරට් හැන්දක් දමා මිශ්‍ර කර ගන්න. ඔබේ මුහුණ පිරිසිදු කර පසුව මෙය ඔබේ මුහුණේ සහ බෙල්ලේ ආලේප කර ගන්න. ඔබ මෙය ආලේප කර මෘදු ලෙස සම්බාහනය කරන්න. මෙය මිනිත්තු 30ක් පමණ ඔබේ මුහුණ මත තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. අවසාන වශයෙන් ඔබේ මුහුණට මොයිස්චරයිසර් හෝ ආමන්ඩ් තෙල් ස්වල්පයක් යොදන්න.

ඔබට මෙය එක පෙළට දින 10ක් භාවිතා කල හැකි අතර පසුව සතියක විවේකයක් ගෙන ඉදිරි සති වල දින 2ක් 3ක් බැගින් භාවිතා කිරීම සිදු කරන්න. මසකට පමණ පසුව පැහැදිලි වෙනසක් ඔබේ මුහුණේ දැක ගත හැකි වේවි.

02. Parsley mask

ඔබට මේ සදහා අවශ්‍ය වන්නේ නැවුම් parsley කොළ තේ හැන්දක්, ලෙමන් යුෂ තේ හැන්දක්, සහ ඕට් මස් තේ හැන්දක් පමණයි. පසුව මේ සියල්ල එකට මිශ්‍ර කර ගැනීම සිදු කරන්න.

‌පසුව මෙය ඔබ ඔබේ මුහුණෙහි මෘදු ලෙස ආලේප කර ගන්න. මෙය විනාඩි 20ක් පමණ ඔබේ මුහුණෙහි තබා අවසානයේ සීතල වතුරෙන් සෝදා හරින්න. ඔබට සෑම දිනකම මෙම ආවරණ ආලේප කිරීමට පුළුවන් ඔබේ සම තෙල් සහිත හෝ සාමාන්‍ය නම්. සතියකට දෙවරක් parsley mask ආලේප කිරීම වඩාත් සුදුසුයි ඔබේ මුහුණ වියළි නම්. සම වඩාත් සජලීය හා මෘදු කිරීමට නම් මෙය අනගි තේරිමකි.

03. කෙසෙල් මාස්ක්.

ඔබ කල යුත්තේ කෙසෙල් ගෙඩියක් ගෙන එය මෑෂ් කර ගැනීමයි. කාබනික ඇඹුල් ක්රීම් ටිකක් එකතු කර ගැනීම ඔබට කරන්න පුළුවන් ඔබේ මුහුණ වියළි ස්වභාවයක් ගන්නවා නම්.

මේක හරිම සරලයි. පොඩි කර ගත්තු කෙසෙක් ටික ඔබේ මුහුණේ ආලේප කිරීම පමණයි ඔබ කරන්න ඕන. පසුව විනාඩි 20ක් 30ක් පමණ සිටීමටත් අමතක කරන්න එපා. අවසානයේ සීතල වතුර යොදා ගෙන ඔබේ මුහුණ පිරිසිදු කර ගන්න. සතියකට වතාවක් මෙය භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

සම වඩාත් නැවුම් හා සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා දීමට මෙන්ම වයස් ලප ඉවත් කිරීමටත් කෙසෙක් මාස්ක් කියන්නේ අපූරු විසදුමක්.

04. Anti-wrinkle face gymnastics

දිනෙන් දින ජනප්‍රිය වෙමින් පවතින දෙයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. ( මුහුණට සිදු කරන යෝගා හෝ ජිම්නාස්ටික් ). අපගේ සම තරුණ හා ලස්සන ලෙස තබා ගැනීමට වගේම රැලි ඉවත් කර ගැනීමටත් මෙය අනගි ක්‍රමයක්. ඔබ මේවා සිදු කර ගැනීමට පළමුව ඔබේ මුහුණ සහ අත් පිරිසිදු කර ගැනීමට නම් අමතක කරන්න එපා. මෙය සෑම දිනකම බැරිනම් අවම වශයෙන් සතියකට දින 2ක් 3ක් හෝ මෙය සිදු කිරීම තුළින් ඔබට හොදම ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා.

ඇස් වටා ප්‍රදේශය සදහා.

‌ඔබ මේ සදහා ඔබේ දර්ශක ඇඟිලි ඔබේ ඇස් පිහාටු යට සහ මාපටැඟිලි ඔබේ ඇස් යට තැබීම සිදු කරන්න. පසුව ඔබේ ඇහි බැම ඉහළට ඔසවන්න. සෙමෙන් ඔබේ ඇස් වසාගෙන ඉහළ සහ පහළ ඇස් පියන් එකවර වසන්න. මෙය නැවත නැවතත් සිදු කරන්න.

නළලේ තිරස් රැළි සුමට කිරීමට,

අත් දෙකෙහි දර්ශක ඇඟිලි ඇහි බැම වලට වඩා මිලිමීටර කිහිපයක් ඉහළින් තබා ගන්න. ඇහි බැම චලනය කිරීමට නොහැකි වන පරිදි ඇඟිලි තුඩු සමට තදින් තද කරන්න. ඔබේ ඇහිබැම උඩට අදින්න තප්පර 5ක් පමණ මෙසේ සිටින්න. පසුව ලිහිල් කරන්න. මෙය 3න් වරක් නැවත නැවතත් සිදු කරන්න.

නළලේ සිරස් රැළි ඉවත් කිරීමට.

ඔබේ ඇගිළි ඔබේ ඇහිබැමට සහ ඔබේ නළලට තබා තද කර ඔබේ සම ඇදීම සිදු කරන්න. පසුව ඔබේ ඇහිබැම කේන්තියෙන් මෙන් සොලවන්න.මෙසේ තප්පර 20ක් 30ක් පමණ සිටින්න. සන්සුන් වන්න. මෙය 3න් වතාවක් පමණ සිදු කරන්න.

05. ඇපල් සයිඩර් විනාකිරි

වයස් ලප සැහැල්ලු කිරීම සඳහා ඇපල් සයිඩර් විනාකිරි යොදා ගත හැකී. මීට හේතුව මෙහි ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල මෙහි අන්තර්ගත වීමයි. ඔබ කල යුත්තේ විනාකිරි ස්වල්පයක් ඔබේ ලප වලට ආලේප කර එක රැයක් තැබීම පමණයි. ඔබට එය තෙල් සමඟ මිශ්‍ර කර වියළි බව වළක්වා ගත හැකී.

06. Castor oil

පුදුමාකාර සුව ගුණ ඇති ද්‍රවයයක් තමා මේ කස්ටර් ඔයිල් කියල කියන්නේ. ඔබ කල යුත්තේ ඔබේ වයස් පැල්ලම් ඇති සමට මේවා ආලේප කර සම්බාහනය කිරීමයි. වඩාත් හොද ප්‍රතිඵල ලබා ගැනීම සදහා මෙය උදේ කාලයේ මෙන්ම සවස් කාලයේත් භාවිතා කරන්න. මසකට පමණ පසු ඔබට හොදම ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් ලැබේවි.

07. විටමින් සී

අපේ සමේ විටමින් සී අවම වීම සිදු වෙනවා ඔබ වයසට යාමත් සමග. නිරෝගී හා ඔරොත්තු දෙන සමක් පවත්වා ගැනීම සඳහා අතිශයින්ම වැදගත් වෙන දෙයක් තමා විටමින් සි කියල කියන්නේ. ඔබට විටමින් සී පිටතින් ලබා ගැනීම සිදු කල හැකී ඔබ වයසට යාමත් සමගම මෙය ඔබේ සමේ රේකා අවම කිරීමට උපකාරයක් වේවි.

Leave a Reply

Your email address will not be published.