අවුරුදු 30 වන විට සෑම කෙනෙක්ම දැන සිටිය යුතු දේවල් 13 ක්

ජීවිතය ආරම්භ වෙන්නේ අවුරුදු 30ක් වූ පසුවයි. එයට හේතුව අපට පරීක්ෂාකාරී බව සහ නිදහස නමැති හැඟීම් වගේම අපගේ අපේක්ෂා සහ සත්‍ය ප්‍රාර්ථනාවන් තේරුම් ගැනීමේ හැකියාව ලැබෙන්නේ මෙම වයසට පත්වීමෙන් අනතුරුව වීමයි. මේ කොහොම වුණත්, අපගේ සිහින සපුරා ගැනීමට සහ සෑම දෙයකම උපරිම සාර්ථකත්වයක් ලබා ගැනීමට නම් සමහර දේවල් ඉගෙන ගත යුතුයි. අපි අද රැගෙන ආවේ අවුරුදු 3 වන විට සියලු දෙනාම දැනගත යුතු දේවල් 13ක් පිළිබදව. මෙය ඔබට බොහෝ වටිනා ලිපියක් වේවි.

01. කැමැත්තෙන් කරන රැකියාවක් සොයා ගන්න.

විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබාගත් පසු අපි හැමෝම නොයෙකුත් රැකියා, කාර්යාල, වැටුප් සහ වෘත්තීන් වෙනස් කරමින් පරික්ෂා කර තිබෙනවා. නමුත්   අවුරුදු 30ක් වන විට, දියුණු විය හැකි සහ වෘත්තීය ඉණිමගේ ඉහලට යාමට ඉඩ තිබෙන, සෑහීමට පත්වන රැකියාවක් සොයාගත යුතුයි.

02. ඔයාටම විශේෂ වූ ආහාරයක් පිසීමට ඉගෙන ගන්න.

ඔයා කෑම පිසීමට ගොඩක් අකමැති කෙනෙක් වෙන්න පුළුවන්, එසේ නැත්නම් ගෝර්ඩන් රැම්සේ ගේ ආහාර වට්ටෝරු සියල්ලම කටපාඩම් කෙනෙක් වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් ඔයාට හැර වෙන කාටවත් පිසීමට නොහැකි ආහාරයක් තියෙන්න ඕනි. මෙය ප්‍රධාන ආහාර වේලක් විය යුතුයි- මේ සඳහා ඔයාටම විශේෂ වූ අතුරුපසක් එකතු කරන්න පුළුවන්. අළුත් ආහාර අත්හදා බලන්න, ඒ වගේම අළුත් අංග එක්කර බැලීමටත් අමතක කරන්න එපා. මෙවැනි ආහාර වේලක් ඔයා සතුව තියෙනවානම් නිවසට වැදගත් අමුත්තන් පැමිණි විට විශ්වාසයෙන් යුතුව ඔවුන්ට සංග්‍රහ කල හැකියි.

03. ඇත්තම යහළුවන් කවුරුන්ද යන්න තේරුම් ගන්න.

තරුණ වියේදී ඉක්මනින්ම අනෙක් අය සමඟ යහළු වන නිසා අපි වටා ගොඩක් අය ඉන්නවා. ගොඩක් දුරට අපි හිතන්නේ මේ හැමෝම අපේ යහළුවන් කියා, ඒත් ඇත්තටම එසේ වන්නේ නැහැ. කාලයත් සමඟ එම යහළුකම් නැති වෙනවා, ඇත්තම යහළුවන් පමණක් ඉතිරි වනවා. ඔයා දුකෙන් සිටින විට හෝ ගැටළුවකට මුහුණ දෙන විට ඔවුන් උදව් කරන අතරම සාර්ථකත්වයට අත්වල සපයනවා.  මේ නිසා අවට සිටින කෙනෙක් මත රඳා පවතින්නේ නැතිව  කාලය නමැති පරීක්ෂණයට පෙනී සිටි සත්‍ය මිතුරන් අගය කරන්න.

04. තමන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ විස්තර හැම කෙනෙකුටම කියන්න එපා.

මතක තියාගන්න, සම්බන්ධතාවයක් ශක්තිමත්ව පවත්වා ගන්න නම්, තමන්ගේ සහකරුවාත් සමඟ හෝ සහකාරියත් සමඟ පවතින ගැටළු හැම දෙනාටම කියන්න එපා. එම ගැටළුව කිසියම් කෙනෙකුට පැවසීමට අත්‍යවශ්‍ය නම්, මනෝචිකිත්සකවරයෙකු හමුවී ඒ පිළිබඳව කතා කරන්න. වෘත්තීයවේදියෙකු නම් ඔයාගේ ගැටලුවලට සාවධානව ඇහුම්කන් දී, දෙපාර්ශවයේම ක්‍රියාකලාපය විශ්ලේෂණය කිරීමට සහය වෙනවා. මෙමඟින් “මෙහිදී මම වින්දිතයා” කියන හැඟීම මනසෙන් ඉවත් කර ගැනීමෙන් තමන්ගේ දුර්වලතා හඳුනා ගැනීමට හැකි වනවා. මෙහි ප්‍රතිඵලය ලෙස මෙම අවස්ථාවෙන් මිදීමට නිවැරදි මාර්ගය ඔයාට හමු වේවි. 

05. නිවැරදිව ප්‍රමුඛතාවය ලබාදෙන්න.

බොහෝ වෙලාවට අපි කළහැකි උපරිම වැඩ කොටස එකවර සිදු කිරීමෙන් ඉක්මනින්ම ජිවිතයේ දේවල් ලබාගන්න උත්සහ කරනවා. නමුත් වැදගත් දේවල් පසෙක දමා කුඩා දේවල් වලට වැඩි අවධානයක් ලබාදෙන බව අපට වැටහෙන්නේ ටික කලක් ගත වූ පසුවයි. බොහෝ විට මතකයේ පවතින්නේ විනෝද චාරිකා සහ පවුලේ සාමාජිකයින් සමඟ කල් ගත කිරීම යනාදියයි; අපි කාටවත් සිකුරාදා සවස වැඩිපුර වෙලාවක් වැඩ කළ බව මතකයේ රැඳෙන්නේ නැහැ. මේ නිසා හැකි සෑම විටම කලයුතු දේවල් වලට ප්‍රමුඛත්වය ලබා දීමට ඉගෙන ගත යුතුයි.  

06. නිවාඩු ගත කිරීමට අවශ්‍ය මුදල් සහ කාලය සොයාගන්න.

අවම විවේකය, මානසික සහ කායික තෙහෙට්ටුව ඇති වීමට බලපාන අතර එමඟින් සමස්ත ඵලදායීතා මට්ටමටම බලපෑම් ඇතිවනවා. මේ නිසා නවීනතම ජංගම දුරකථන මාදිලිය සඳහා මුදල් වැය නොකර හොඳ නිවාඩුවක් ගත කිරීම ඉතාම වටිනවා. හොඳ විවේකයක් ලබාගත් පසු, නැවත පූරණය වීමට සහ වැඩියෙන් වැඩ කිරීමට හැකි වනවා. අනාගත නිවාඩු ගතකිරීම් සඳහා ඔයාට ලැබෙන මාසික වැටුපෙන් 20%ක් අනිවාර්යයෙන්ම ඉතිරි කරගන්න.

07. රියදුරු බලපත්‍රයක් ලබාගන්න.

මුලින්ම රියදුරු බලපත්‍රයක් ලබාගත් පසු ඊළඟ පියවර සඳහා යාමට පොළඹවනවා. එය ලබාගත් වහාම, ඔයාටම කියල වාහනයක් මිලදී ගැනීමට සිතෙන නිසා ඒ සඳහා ආදායම් මට්ටම වර්ධනය කරගැනීමට කටයුතු කරන්න. රියදුරු බලපත්‍රයක් අතැතිව සංචාරයේ යෙදීම පවා පහසු වෙනවා. පිටරටක සංචාරය කරන විට කාර් එකක් බද්දට ගෙන අවශ්‍ය ඕනෑම ස්ථානයකට සංචාරය කිරීමේ හැකියාව පවතිනවා. 

08. අමතර ආදායමක් උපයන්න.

වයස අවුරුදු 30ක් වන විට අමතර අදායමක් ලැබෙන දෙයක් සොයාගන්න. එය ස්වාධීන සේවයක්, අකර්මණ්‍ය ආදායමක් හෝ තමන්ගේම කියා ව්‍යාපාරයක් විය හැකියි. ඔයාගේ නගරයේ තියෙන වඩාත්ම ස්ථායී සංගමයේ රැකියා කටයුතු සිදු කළත් අනාගතයේදී එය ස්ථායීව පවතීවි කියා තහවුරු කරන්න බැහැ. එවැනි හදිසි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවහොත් පෙර සූදානමක් වශයෙන් මෙවැනි අමතර ආදායමක් ලැබෙන දෙයක් කල යුතුයි.

09. දෙමාපියන්ගේ නිවසෙන් පිටවෙන්න. 

දෙමාපියන් සමඟ ජීවත් වීම බොහොම පහසුයි- සෑම විටම නිවස පිරිසිදුවට තියෙනවා. ඒ වගේම ඕනෑම වෙලාවක උඳුන මත ආහාර පිළියෙළ කර තිබෙනවා.

කොහොම වුණත් ඉක්මනටම හෝ පසුව, දෙමාපියන්ගේ නිවසින් පිට වෙන්න සිදු වන නිසා අවුරුදු 30දී එය සිදු කිරීම වඩා හොඳයි. එමඟින් ඔයාගේ අයවැය සැලසුම් කිරීමට, පෙර නොදැන සිටි වියදම් පිළිබඳව දැනගැනීමට අවස්ථාව උදා වෙනවා- උදාහරණයක් ලෙස වාර්ගික සේවා සඳහා සිදු කරන ගෙවීම් සහ ක්ෂාලක(ඩිටරජන්ට්) මිලදී ගැනීම වැනි කුඩා දේවල්  

10. ප්‍රසිද්ධ වේදිකාවක් මත කතා කිරීමට ඉගෙන ගැනීම.

ප්‍රසිද්ධියේ වේදිකාවක් මත කතාවක් කිරීමට හෝ තමන්ට සිතෙන දේ පැවසීමට, ආගන්තුකයෙක් සමඟ කතා කිරීමට අවශ්‍ය වූ විට වැඩි දෙනෙක් බොහොම අපහසුතවයට පත් වෙනවා. ඔයාගේ බියගුළුකම් මැඩ පවත්වාගන්න ඉගෙනගන්න. සන්සුන් සහ නුසුදුසු වචන භාවිතා කරන පුද්ගලයා නිතරම අන් අයගේ ගෞරවයට සහ අවධානයට ලක් වෙනවා. හොඳට කතා කිරීමේ හැකියාව පවතින විට, අනාරක්ෂිත බවින් නිදහස් වන නිසා, ව්‍යාපෘති ක්‍රම සාර්ථකව ඉදිරිපත් කිරීමට, ප්‍රධානියා ලවා වැටුප වැඩි කරගැනීමට වගේම ගැටුමක් ඇතිවන විට ප්‍රයෝජනවත් ආකාරයට විසඳා ගැනීමට හැකි වෙනවා.

11. ඔයාගේ විලාසිතාව සොයාගන්න.

වැඩිහිටි පුද්ගලයෙකුට තමන්ටම අවේණික වූ සැපපහසු පෞද්ගලික විලාසිතාවක් තිබිය යුතුයි. එමඟින් සදාකාලිකව ගැටළුවක් වන “කුමක්ද ඇඳිය යුතු ඇඳුම?” කියන ප්‍රශ්නයට මුහුණ දිය යුතු වන්නේ නැහැ. මොකද ඔයා දැනටමත් දන්නවා ඔයාගේ පෞරුෂත්වය සහ ආවේනික බව පෙන්වීමට නම් තෝරාගත යුතු ඇඳුම් ව්ලසිතා. අළුත් ඇඳුම් මිලදී ගන්නා විට ඒවා ඔයාගේ ඇඳුම් අල්මාරියේ තිබෙන අනෙකුත් ඇඳුම් සමඟ මනාව ගළපා ගත හැකියි.  අනෙක් පුද්ගලයින් ඔයා පිළිබඳව පළමු අදහස ලබාගන්නේ පෙනුම දෙස බැලීමෙන් කියා මතක් තබාගන්න. එම නිසා තමන්ට ගැළපෙන සුවපහසු විලාසිතාවක් තෝරාගන්න. 

12. ශාස්ත්‍රීය සාහිත්‍යය කියවන්න.

පාසල් කාලයේදී ශාස්ත්‍රීය සාහිත්‍යය ඉගෙන ගත්තද කුඩා කාලයේදී ඒවා ගැඹුරින් තේරුම් ගත නොහැකියි. මේ නිසා කම්මැලි නොවී නැවත වරක් ප්‍රසිද්ධ ශාස්ත්‍රීය සාහිත්‍යය නවකතා කියවන්න. එම කතා වෙනස්ම ආකාරයකට තේරුම් යන බව හොඳටම විශ්වාසයි. විස්තර සහිතව, සැඟවුණු කරුණු හොඳින්ම වැටහෙන අතරම වර්තමාන ලෝකය හා සම්බන්ධ බව වැටහේවි. ඊට අමතරව සංස්කෘතිය පිලිබඳ දැනුම වර්ධනය වන නිසා ඔයා කතාබහ කරන විට ගොඩක් සිත්ගන්නා සුළු කරුණු ඇතිව කතාබහ ගොඩනංවා ගත හැකියි.

13. ශරීර හැඩය ගැන සැලකිලිමත් වන්න.

කිසියම් වයසකට එළඹෙන තෙක් ශාරීරික ව්‍යායාම නොකර සිටිය හැකියි. මධ්‍යම රාත්‍රියේ වුවද චිප්ස් ආහාරයට ගැනීමෙන් ශරීරයේ හැඩයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කාලය ගත වන විට, සමස්ත ශරීරයේම මාංශ පේශිවල හැඩය අඩු වන අතර පරිවෘත්තතීය ක්‍රියාවලි වේගය අවම වෙනවා. වයස අවුරුදු 50ක් වන විට ජිවිතයේ ඉතිරි කාලය පුටුවක වාඩි වී සිටීමට අකමැති නම් ක්‍රීඩා වල නිරත වීම පුරුද්දක් කරගන්න. හැඩැති සහ නිරෝගී සිරුරක් ලබාගැනීමට නම් ඔයාගේ කාලසටහනේ සතියකට සිදු කල යුතු ශාරීරික ව්‍යායාම අන්තර්ගත විය යුතුයි.  

බෝනස්: සතුටින් සිටීමට පියවර 4ක් 

කුතුහලය දනවන තොරතුරක්: සංඛ්‍යා ලේකන වලට අනුව, “වැඩියෙන්ම සතුටින් සිටින වයස” කියා දෙයක් නැහැ. ඕනෑම වයසකදී සතුටින් ජීවත් විය හැකියි. සතුටු වීමේ මට්ටම තවත් ඉහලටම වර්ධනය කරගැනීමට භාවිතා කළහැකි සරල පියවර කිහිපයක් මෙහි දැක්වෙනවා. 

දිනකට විනාඩි 10-15 නිශ්ශබ්දව ඉන්න- සියල්ලෙන්ම ඈත් වෙන්න: දුරකථන, පරිගණක, වැඩ කටයුතු වැනි දේවල්. 

තම නරක පුරුදු සහ ආශාවන් ප්‍රතික්ෂේප කරන්න- ඒවා ඔයාගේ ශක්තියෙන් බොහොමයක් වැය කරනවා. 

ධනාත්මක මිනිසුන් ආශ්‍රය කරන්න.පිරිසිදු නිවසක හිමිකරුවෙක් වන්න-  අපිළිවෙල නිවසක් මඟින් මනස අපිළිවෙල කරනවා.

One Comment on “අවුරුදු 30 වන විට සෑම කෙනෙක්ම දැන සිටිය යුතු දේවල් 13 ක්”

Leave a Reply

Your email address will not be published.