ආසියාවේ ජීවත් වන අපි වැසිකිළි කඩදාසි භාවිතා නොකිරීමට හේතූ

ගොඩක් රටවල, මිනිසුන් ටොයිලට් පේපර්ස් සඳහා විකල්ප ක්‍රම භාවිතා කරනවා. උදාහරණයක් විදිහට, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය සහ ඉන්දියාව වගේ රටවල, නාන කාමරවල සාමාන්‍යයෙන් පළල් ප්ලාස්ටික් ඩිපර් එකක් තිබෙනවා. ජපානයේ අය, පිරිසිදු ආසනයක් සහිත විශේෂ වැසිකිළියක් බිඩෙට් එක වෙනුවට භාවිතා කරනවා.

අද අපි බලමු ආසියාවේ වැසිකිලි කඩදාසි භාවිතා නොකිරීමට හේතු මොනවද කියලා. ඒ ගැන හොයනකොට ඒකට සෞඛ්‍යමය, පාරිසරික සහ සංස්කෘතික හේතුත් බලපාන බව අපිට දැනගන්න ලැබුණා.

01. ජලනල පද්ධතිය කඩදාසි සඳහා සාදා නොමැති වීම

ගොඩක් ආසියාතික රටවල, ජල කළමනාකරණ පද්ධති නිර්මාණය කරලා තියෙන්නෙ බටහිර විදිහට නෙවෙයි. කඩදාසි පාවිච්චි කිරීම නිසා ඇති වෙන්න පුලුවන් සනීපාරක්ෂක ගැටළු නිසා, ආසියානු රටවල වැසිකිලි කඩදාසි භාවිතා වෙන්නෙ නෑ. එහි සිටින අය සාමාන්‍යයෙන් කඩදාසි වෙනුවට වතුර භාජන, බිඩෙට් ෂවර් භාවිත කරනවා ඒ වගේම, වැසිකිළිය තුළ ටොයිලට් පේපර්ස් භාවිතා කරන්න කලින් ඒවා ඉවත දැමීමට, බඳුනක් තියනවද කියලා බලන්න.

02. සමේ රෝගවලට හේතු විය හැකි වීම

සමහර ටොයිලට් ටිශූ මගින් අපේ සමට ආසාදන තත්ව ඇතිවෙන්න පුලුවන්. විශේෂයෙන් අර්ශස් තියන අයට. ඒ නිසා ටොයිලට් පේපර්ස් වෙනුවට වතුර භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

03. මුත්‍රා ආසාදන වලට හේතු වීම

වැසිකිලි කඩදාසි භාවිත කර දුර්වල පිසදැමීමේ පුරුදු නිසා බැක්ටීරියා පැතිරෙන්න හේතුවෙනවා. ඒ වගේම, කාන්තාවන් සඳහා, ආපසු ඉදිරියට පිස දැමීම මගින් මුත්‍රා මාර්ගයට බැක්ටීරියා ආසාදන ඇතිවීමේ අවදානමත් වැඩි වෙනවා. ඒ වෙනුවට බිඩෙට් එකක් වගේ විකල්ප භාවිතා කිරීමෙන් මේ ගැටළු වලින් ගැලවෙන්න පුලුවන්.

04. සංස්කෘතික හේතුවල බලපෑම

මුස්ලිම් රටවල, මලපහ කිරීමේ සියලුම අවස්ථාවලින් පසු සේදීම, ඉස්ලාමීය වැසිකිලි ආචාර විධි වල කොටසක්. මේ රීතියම ඉන්දියාවේ සංස්කෘතිය එක්කත් බැඳිලා තියනවා.

05. සනීපාරක්ෂක නොවීම

ටිෂූ කඩදාසි වලට වඩා ජලය සනීපාරක්ෂාවෙන් වැඩි බව සැලකෙනවා. වැසිකිලි කඩදාසි මගින් මල අපද්‍රව්‍ය හොඳින් ඉවත් කරන්නෙ නෑ. ඒ නිසා පිසදැමීම හැමවිටම ප්‍රමාණවත් නොවේ.

06.පරිසර හිතකාමී නොවීම

විශ්ලේෂණවලට අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ පමණක්, හැම වසරකම ටොයිලට් කඩදාසි රෝල් බිලියන 36.5ක් භාවිතා වන වෙනවා. එය ගස් මිලියන 15ක් පමණ පල්ප කිරීමට සමාන බව කියනවා. මේ සඳහා ජලය, බ්ලීච්, ශක්තිය, සහ ඇසුරුම් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයකුත් අවශ්‍ය වෙනවා. ප්‍රවීණයන් විශ්වාස කරන්නෙ, බිඩෙට් වගේ වෙනත් ක්‍රම භාවිත කිරීම වඩාත් පරිසර හිතකාමී බවයි.