ඇස් යට කලු පාට සහ තෙහෙට්ටු ගතිය අඩු කිරීමට ක්‍රම 8 ක්

සාමාන්‍යයෙන් අපි හිතන්නෙ ඇස් වටා අඳුරු කව තෙහෙට්ටුව ඇති වීමට හේතු වෙන්නෙ අධික ලෙස කැෆේන් පානය කිරීම කියලයි. ඒත් සමේ රෝග විශේෂඥ වෛද්‍යවරුන් මේ සඳහා වෙනත් හේතු බොහොමයක් හොයාගෙන තියනවා. සෞඛ්‍ය සම්පන්න ශරීරයක් සහ පෙනුමක් ලබා ගන්න නම්, අපට මේ වෛද්‍ය උපදෙස් අනුව වැඩ කරන්න සිදුවෙනවා.

ඉතින් අද අපි ඔයාට කියන්න හිතුවෙ දීප්තිමත්, තරුණ පෙනුමක් තියන ඇස් දෙකක් ලබා ගැනීමට උදව් වෙන විශේෂඥ උපදෙස් 8 ක් ගැනයි.

01. බීම වර්ගවලින් ප්‍රවේශම් වන්න

කැෆේන් සහිත පාන වර්ග පානය කිරීම මගින් විජලනය ඇති කරන්නෙ නෑ. හැබැයි ඒවායින් තරමක ඩියුරටික් බලපෑමක් ඇතිකරන්න පුලුවන්.

ඊට අමතරව කැෆේන් මගින් ඇස් අවට රුධිර වාහිනී හැකිළීම අඩු කරන තෙහෙට්ටුව අඩු කරනවා. කොහොම වුණත්, කැෆේන් සහිත බීම සමහර පුද්ගලයින්ට හිසරදය සහ නින්ද නොයාම ඇති කළ හැකි නිසා දිනකට කෝපි කෝප්ප 4කට වඩා පානය කිරීමෙන් වළකින්න.

02. නාස් මාර්ගයේ තදබදය අඩු කරගන්න.

ඔයාට නිතරම නාසයෙන් දියර ගැලීමක් ඇත්නම් ප්‍රවේශම් වන්න. නිදන්ගත නාස් තදබදය නිසා ඇස් යට ශිරා තද පැහැති රුධිරයෙන් පිරී යන්න පුලුවන්. එහි ප්‍රතිඵලයක් විදිහට, ශිරා සම හරහා පෙනෙන අතර ඇස් වටා අඳුරු කව නිර්මාණය කරනවා. විශේෂඥයන් කියන්නෙ වරින් වර නාස් මාර්ගය පිරිසිදු කරන එක හොඳයි කියලයි.

03. රෙටිනෝල් සහ නයිසිනැමයිඩ් භාවිතා කරන්න.

නයිසිනැමයිඩ් කියන්නෙ ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය රතු පැහැය, හයිපර්පිග්මන්ටේෂන් සහ සමේ දැවිල්ල අඩු කරන්න උදව් වෙනවා. එහි ප්‍රයෝජන දෙගුණ කරගන්න ගොඩක් වෙලාවට නයිසිනැමයිඩ්, රෙටිනෝල් සහිත නිෂ්පාදනවලට එකතු කරනවා. ඒ නිසා මේ මූලද්‍රව්‍ය සහිත සම ආරක්ෂණ නිෂ්පාදන වෙත අවධානය යොමු කරන්න.

04. කැෆේන් මාස්ක් භාවිතා කරන්න.

ඉදිමීම, තෙහෙට්ටුව සහ සමේ අඳුරු ගතිය අඩු කිරීම සඳහා කෝපි කුඩු යෙදීම හෝ ක්ෂණික කෝපි මාස්ක් භාවිතා කරන්න පුලුවන්. ඒත් ඒවා දිනපතාම භාවිතා කරන්න එපා.

කැෆේන් වල ඇමයිනෝ අම්ල අඩංගු වන අතර එමඟින් ඔයාගෙ සමේ කොලජන් නිෂ්පාදනය වැඩි කරනවා.

05. රෙටිනෝල් සහ හයුලූරොනික් ඇසිඩ් මගින් සමට ප්‍රතිකාර කරන්න.

ඇස් වටා අඳුරු කව සඳහා ප්‍රතිකාරයක් විදිහට ඇස් යට ප්‍රදේශයේ සම තර කිරීමට සහ ශක්තිමත් කිරීමට හයුලූරොනික් අම්ල සීරම් සහ රෙටිනෝල් ක්‍රීම් ‍යොදාගන්නවා.

06. උදෑසන ආහාරයට අලිගැටපේර එකතු කරගන්න.

ඔයාගෙ ශරීරයට ස්වභාවික මේදය ලබාගන්න අමතක කරන්න එපා. අලිගැට පේර, සැමන්, චීස්, සහ අනෙකුත් කිරි නිෂ්පාදන වගේ දේවල් ආහාරයට ගැනීමෙන් ජලය සහ පෝෂ්‍ය පදාර්ථ රඳවා තබා ගන්නා නිරෝගී සෛල පටල පවත්වා ගැනීමට ඔයාට උදවු වෙනවා. උදාහරණයක් විදිහට, ඔයාට ඔයාගෙ උදෑසන ආහාරයට අමතර අලිගැට පේර ටිකක් එකතු කරගන්න පුලුවන්.

07. නින්දේදී ඔයාගෙ හිසෙහි පිහිටීම පාලනය කරගන්න.

ඔයාට වඩා පහත් නොවන නිවැරදි කොට්ටයක් ගන්න. මුළු රාත්‍රිය පුරාම සමතලාව වැතිරී සිටින විට, ඇසිපිය යට තරල එකතු වීමෙන් ඉදිමීමක් සහ විඩාපත් පෙනුමක් ඇති කරන්න හේතු වෙනවා.

08. සුවඳ විලවුන් සහිත සම ආරක්ෂණ නිෂ්පාදන වලින් වළකින්න.

උදාහරණයක් විදිහට, ඇදුම නිසා ඇස් වටා අඳුරු කව ඇති වෙනවා. විශේෂඥයින් කියන්නෙ ඒ සඳහා 1% හයිඩ්‍රොකාටිසෝන් ක්‍රීම් දිනකට දෙවරක් භාවිතා කරන්න කියලයි. සුවඳවත් සම ආරක්ෂණ නිෂ්පාදනවලින් වැළකී සිටීමටත් ඔවුන් නිර්දේශ කරනවා. ඒ වගේම, තිර ඉදිරිපිට නිල් ආලෝක කණ්නාඩි පළඳින්න කියලත් වෛද්‍යවරු උපදෙස් දෙනවා.

Leave a Reply

Your email address will not be published.