ඇස් යට රවුම් ඉවත් කිරීමට නිවසේම පිළියෙල කරගත හැකි දේවල් 9 ක්

ඇස් යට අඳුරු කව හැම දෙනෙකුටම වගේ පවතින පොදු ගැටළුවක්. මේවා ඇතිවීමට බලපාන හේතු දුසිම් ගණන් තියෙනවා වගේම ඉවත් කිරීමටද ක්‍රම විශාල ප්‍රමාණයක් තිබෙනවා. විශේෂඥ උපදෙස් ලබා ගැනීම, සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීම සහ නින්ද, ස්වභාවික මුහුණු ආවරණ, සම්පීඩනයන් සහ සියලුම අභිරුචිවලට අනුව අනෙකුත් විසඳුම් භාවිතා කිරීම  

දීප්තිමත් සහ බැබලෙන දෑස් ලබා ගැනීමට භාවිතා කල හැකි සරල සත්කාර 9ක් පහත දැක්වෙනවා. 

09. රෝස වතුර 

රෝස වතුර මඟින් සමෙහි තෙතමනය රඳවා පෝෂණය කර, ඉදිමුම්, රත් පැහැ ගැන්වී ඇති සහ කසන ස්ථාන වලක්වා ගැනීමට උපකාර කර, සම සුදු කර තරුණභාවය නැවත ලබා දෙනවා. 

මෙය පහසුවෙන්ම වෙළඳපලකින් හෝ ෆාමසියකින් මිලදී ගත හැකියි, නමුත් කිසියම් හේතුවක් නිසා මිලදී ගත නොහැකි නම් නිවසේදීම රෝස වතුර සකස් කරගත හැකියි.

අමුද්‍රව්‍ය:

නැවුම් රෝස මලකින් ලබා ගත් පෙති 

උණු ජලය වීදුරුවක් 

සකස් කරගන්නා ආකාරය: 

රෝස පෙති යන්තමින් සෝදා, කුඩා සාස්පානකට දමන්න.

උණු ජලය වීදුරුව දමා සිසිල් වීමට තබන්න. ඉන්පසු එය පෙරා විෂබීජහරණය කළ බඳුනකට දමන්න.

නිවසේ සකස් කල රෝස වතුර නම් ශීතකරණයේ තැබීම වඩා සුදුසුයි, නමුත් සතියකට වඩා තබන්න එපා.

භාවිතා කරන ආකාරය:

කපු පෑඩ් දෙකක් රෝස වතුරෙන් පොඟවා ගන්න.

ඇස් යට ප්‍රදෙශයේ ඒවා ආලේප කර මිනිත්තු 15ක් තබන්න. මේ ක්‍රියාවලිය අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන තෙක් සෑම උදෑසනකම සහ සවසකම සිදු කරන්න.

08. මිහිරි ආමන්ඩ් තෙල් 

මෙමඟින් ඇස් වටා සම තද වී පවතින අතර, නිතිපතා භාවිතයෙන් ඉදිමුම් සහ ඇස් යට අඳුරු වීම් ඉවත් කිරීමට සහය ලබා දෙනවා.

භාවිතා කරන ආකාරය:

තෙල් බින්දු 2-3ක් යොදා සැහැල්ලු සම්බාහන චලන භාවිතා කර සෑම රාත්‍රියකම නින්දට යාමටා පෙර ආලේප කරන්න, ප්‍රතිඵල සතියකට පසුව දැකගත හැකියි. 

07. අර්තාපල් යුෂ 

ස්වභාවිකව සුදු කරවන සංඝටක සහ විටමින් C අර්තාපල්වල අඩංගු වෙනවා. 

සකස් කරගන්නා ආකාරය: 

අමු අර්තාපල් ගෙඩියක් ග්‍රේට් කර මිරිකා ගැනීමෙන් යුෂ ලබාගන්න.

භාවිතා කරන ආකාරය:

කපු පෑඩ් අර්තාපල් යුෂවලින් පොඟවාගෙන, ඇස් ප්‍රදේශයේ ආලේප කර විනාඩි 10ක් තබන්න. ඉන්පසු මුහුණ සෝදන්න.

ක්‍රියාවලිය අවසන් කිරීමට ඇස් ඔලිව් හෝ පීච් තෙල් බින්දුවක් යොදා සම්බාහනය කරන්න. මෙම සත්කාරය සති දෙකක් පුරාවට දිනපතා කරන්න. 

06. පිපිඤ්ඤා සම්පීඩක 

පිපිඤ්ඤා වල ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් අන්තර්ගත වන අතර පැහැපත් කරවීමේ ගුණයද ඇත. 

සකස් කරගන්නා ආකාරය: 

පිපිඤ්ඤා ගෙඩියක් ගෙන ඝනකම් පෙති කපා මිනිත්තු 30ක් ශීතකරණයේ තබන්න. 

භාවිතා කරන ආකාරය:

ශීතකරණයේ තැබූ පිපිඤ්ඤා පෙති ගෙන ඇස්වල ආලේප කරන්න. ගැටළු සහගත ප්‍රදේශ සියල්ලම ආවරණය වන බවට ප්‍රත්‍යක්ෂ කරගන්න.

මිනිත්තු 10-15ක් තබා, සිසිල් වතුරෙන් මුහුණ සෝදන්න. සතියක් පුරා දිනපතාම සිදු කරන්න.

05. තේ සම්පීඩක

තේවල කැෆේන්, ටැනින් සහ ප්‍රතිඔක්සිකාරක විශාල වශයෙන් අන්තර්ගත වන නිසා අඳුරු කව සහ ඉදිමීම් වලට හොඳ විසඳුමක් වෙනවා. 

භාවිතා කරන ආකාරය:

ග්‍රීන් හෝ බ්ලැක් ටී කෝප්පයක් සකස් කරගෙන, නිවෙන තුරු තබන්න, ඉන්පසු කපු පෑඩ් කෝප්පයට දමා පොඟවා ඇස්වල ආලේප කරන්න. මේ සඳහා තේ බෑග් වුවද භාවිතා කල හැකියි.

මිනිත්තු 10-15ක් තබන්න. සතියක් පුරාවට දිනපතා සිදු කරන්න, එමඟින් සැලකිය යුතු වෙනස්කමක් ඇති වේවි.

04. කිරි සහ පාන් ආවරණය 

කිරි සමේ පැහැය වර්ධනය කර, තෙතමනය රඳවා, සම පැහැපත් කරවනවා. පාන් වල විටමින් B වලින් පොහොසත් යීස්ට් අඩංගු වන නිසා, සම සනසවා කුශ්ඨ උදාසීන තත්වයට පත් කරනවා.

සකස් කරගන්නා ආකාරය: 

සුදු පාන් සහ කිරි වලින් ආලේපයක් සකසා ගන්න.

භාවිතා කරන ආකාරය:

ස්ථරය වඩා ඝනකම් නොවන පරිදි මාස්ක් එක ආලේප කරගන්න. මිනිත්තු 10-15ක් තබා ඉවත් කරන්න.

මෙය නිතිපතා භාවිතා කරනවා නම් ඇස් යට අඳුරු පැහැ කව ඉක්මනින්ම නැති වී යනවා.

03. තක්කාලි යුෂ 

තක්කාලි වල ලයිසොපීන් නමැති කේශනාලිකා බිත්ති සවිමත් කරවන ප්‍රතිඔක්සිකාරකය අන්තර්ගත වෙනවා.

භාවිතා කරන ආකාරය:

ගැටළු සහගත ප්‍රදේශය මත තක්කාලි යුෂ  ආලේප කර මිනිත්තු 10ක් තබන්න.

සිසිල් වතුරෙන් මුහුණ සෝදන්න.

සති දෙකක් දිනපතාම ආලේප කල විට සාර්ථක ප්‍රතිඵල දක්නට ලැබේවි.

02. සම්බාහනය සහ ව්‍යායාම 

මෙමඟින් ඇස් යට අවපැහැ ගැන්වීම් ඉවත් කරගැනීමට පමණක් නොවෙයි, හොඳ දෘෂ්ටියක් ලබා ගැනීමටද හැකි වේවි.

සම්බාහනයකින් ආරම්භ කරන්න:  

ඇස් යට සම සැහැල්ලු චලන භාවිතා කර ඇඟිලි තුඩුවලින් මිනිත්තු 2-3ක් සම්බාහනය කරන්න. නළල දෙපස සිට පහල ඇහි පිය හරහා නාස් පාලම තෙක් යන්න. අක්ෂි බෝලයට අමතර පීඩනයක් ඇති වීම වලක්වා ගැනීමට, ඉහල ඇහි පිය සම්බාහනය කරන්න එපා.

සම්බාහනයෙන් අනතුරුව අයි ක්‍රීම් එකක් ආලේප කිරීම වඩා හොඳයි. චලන හේතුවෙන් සම ඇදීමකට ලක් නොවීමට වග බලාගන්න.

දැන් ව්‍යායාම ආරම්භ කල හැකියි:

ඇස් පියාගන්න. ඇස්වල පිටත කෙලවර සමේ රැලි ඇතිවීම වලක්වා සම සකස් කරගැනීමට දබර ඇඟිලි භාවිතා කරන්න.

තත්පර 6ක් ඇස් තදින් පියාගන්න, ඉන්පසු ලිහිල් කරන්න. අඩුම තරමින් 10 වතාවක් කරන්න.

01. ශාකසාර අයිස් කැට 

අයිස්වලින් සමට විශිෂ්ට බලපෑමක් ඇති කල හැකියි. ප්‍රත්‍යස්ථ බව වැඩි කර, සමේ රැලි මෘදු කර ඉදිමුම් අවම කරවනවා. ඖෂධිය ශාකසාර වලින් ලබාගත් සාරය මුදවා ගැනීමෙන් මෙහි ඵලදායිතාවය වර්ධනය කරගත හැකියි.

අමුද්‍රව්‍ය:

සේජ් කොළ 

කෝන් මල් සහ චැමොමයිල් මල් 

පාස්ලි (නැවුම් හෝ වියලි)

සකස් කරගන්නා ආකාරය: 

සෑම ජලය මිලිලීටර් 200ක් (අවුන්ස 6.76) සඳහාම ඖෂධ සියල්ලෙන්ම තේ හැන්ද බැගින් ලබා ගන්න. 

උතුරුවා ගත් ජලය වත්කර, පැය 2ක් පමණ තබන්න.

සිසිල් කර, අයිස් තැටියට දමා ශීතකරණයේ තබන්න.

භාවිතා කරන ආකාරය:

අයිස් කැටයක් ගෙන සෑම උදෑසනකම තත්පර 30ක් ඇස් වටා සමෙහි අතුල්ලන්න.සාති දෙකක් මේ ආකාරයට කරන්න, ඔයාගේ ඇස් කොතරම් නිරෝගීව දිස් වනවාද කියා නිරීක්ෂණය වේවි.

Leave a Reply

Your email address will not be published.