හැම කාන්තාවකටම පරිපූර්ණ පිරිමියෙක් ගැන තමන්ට පොදු වුණු අදහසක් තියනවා. ඒ වගේම පිරිමින්ගේ සමහර විශේෂ ලක්ෂණ මගින් එයාලට හරිම ආකර්ෂණීය බවක් ලබා දෙනවා. එමගින් ඕනම කාන්තාවක් පිස්සු වට්ටන්නත් පුලුවන්.
කාන්තාවන්ගේ ඇස්වලට පිරිමින්ව ආකර්ෂණය කරවන පිරිමින්ගේ විශේෂ ගති ලක්ෂණ මොනවද කියලා අපි හොයලා බැලුවා. පිරිමි අයගෙ පෙනුමටනෙ මුලින්ම අපේ අවධානය යොමුවෙන්නෙ. ඉතින් අද අපි ඔයාට කියන්න යන්නෙ කාන්තාවන්ගෙ අවධානයට වැඩිපුරම යොමුවෙන පිරිමි ලක්ෂණ 14 ක් ගැනයි.
බලන්නකෝ ඔයා මේවට එකඟයිද කියලා.
01. ඇහි බැම

පිළිවෙලට වැවුණු හා නහයට උඩින් එකතු වෙන්නෙ නැති ඝන ස්වාභාවික ඇහි බැම මගින් පිරිමි කෙනෙක්ගේ පෙනුමට පුදුමාකාර ලස්සනක් එකතු වෙනවා. ඒ ඇහිබැම රළු වුණත් පිරිමින්ගෙ ලස්සනට කාන්දමක් වගේ එකතු වෙනවා.
02. රැවුල
වැදගත් අවස්ථාවකට යන්න කලින් රැවුල කපන එක ගොඩාක් කාලෙකට කලින් අපේ සංස්කෘතියේ කොටසක් බවට පත් වෙලා තිබුණා. රැවුල කැපූ පිරිසිදු කම්මුල් මගින් මුහුණට පිළිවෙල බවක් ලබා දෙනවා කියලත් ඒ කාලෙ පිළිගත්තා. ඒත් අද තත්වය ටිකක් වෙනස්. හැඩට කපපු රැවුල මගින් පිරිමියෙකුට වෙනස්ම තේජාන්විත ලස්සනක් ලබා දෙනවා. අද කාලෙ කාන්තාවන් පිරිමින්ගෙ රැවුලට කැමතිත් ඒකයි.
03. පිරුණු තොල්
ඇත්තටම පිරුණු තොල් මගින් පුදුමාකාර ආකර්ෂණීය බවක් මුහුණට ලබා දෙනවා. තමම්ගෙ සහකරුට පිරුණු තොල් තියෙනවා නම් කාන්තාවො හිතන්නෙ ඔහු ගොඩක් කරුණාවන්ත හා විවෘත හදවතක් තියන කෙනෙක් කියලයි.
04. ඉහළ කම්මුල්
ඉහළ කම්මුල් මගින් මුහුණට අයට සිංහ පෙනුමක් එකතු කරනවා. විශේෂයෙන් ඔහුගේ මුහුණේ බැරෑරුම් බවක් තියනවා නම් හෝ ඔහුගේ හිස ඉදිරියට නැඹුරු වෙනවා නම් කාන්තාවන් කැමතියි. මොකද මේ පෙනුම නිසා කාන්තාවන් හිතන්නෙ තමන්ගෙ පුරුෂයා විශ්වාසයෙන් වැඩ කරන ශක්තිමත් කෙනෙක් කියලයි.
05. නහර

අත්වල නහර ඉස්මතු වෙලා පේන්නෙ වෙහෙස මහන්සි වෙලාවැඩ කරන අයගෙයි. එමගින් ඔවුන් ශක්තිමත් බව පෙන්නුම් කරනවා. ගොඩක් කාන්තාවන්ට තියෙන්නෙ ලස්සන සරාගී අත් නිසා, නහර මගින් පිරිමි ශරීරයකට වෙනස්ම ශක්තිමත් පෙනුමක් ලබාදෙනවා.
06. නළල දෙපැත්තේ සුදු කෙස්

සුදු හිසකෙස් මගින් ගෞරවනීය වයස පෙන්නුම් කරනවා. අත්දැකීම් බහුල බව හා ප්‍රඥාවන්ත බව පෙන්වන්නත් සුදු හිසකෙස්වලට පුලුවන්. ඉතින් නළල දෙපැත්තෙ සුදු කෙස් තියන පිරිමින්, වැඩිපුර කාන්තා ආකර්ෂණය දිනාගන්නෙ ඒකයි.
07. පැතලි බඩ

ඇත්තටම ගොඩක් කාන්තාවන් කැමති පැතලි හා හැඩ බඩක් තියන පිරිමින්ට මිසක් සික්ස් පැක් තියන පිරිමින්ට නෙවෙයි. මෙමගින් පෙන්නුම් කරන්නෙ ඔහුට තියෙන්නෙ නිරෝගී ශරීරයක් බවයි. ඒ වගේම ඔහු පෙනුමට අවධානය යොමු කරන කෙනෙක් වගේම කිසිම සෞඛ්‍ය සම්පන්න නොවන පුරුද්දක් අනුගමනය කරන කෙනෙක් නොවන බවත් කාන්තාවන් හිතනවා.
08. බඩේ රෝම

සමහර අය හිතන්නෙ බඩේ රෝම තියන පිරිමිම්ට කාන්තාවන් කැමති නෑ කියලයි. ඒත් ගොඩක් වෙලාවට බුරිය දක්වා වැවුණු කෙස් රොදක් තියන බඩක් අයිති පිරිමින්ට කාන්තාවන්ගෙ වැඩි ආකර්ෂණය ලැබෙනවා කියන එක නම් ඇත්තක්.
09. ලැජ්ජාව
සමහර පිරිමින් තමන්ගෙ හැඟීම් පෙන්වන්නෙ නෑ. මොකද එයාලා කාන්තාවන් ඉස්සරහ දුර්වල හෝ හැඟීම්බර කෙනෙක් කියලා පේනවට කැමති නෑ. ඒත් ලැජ්ජාව වගේ හැඟීම් පෙන්වන පිරිමින්ට කාන්තාවන් කැමතියි. පළමු හාදුවෙන් පස්සෙ පිරිමි ළමයගෙ කම්මුල් රතු වෙනවට කවුද අකමැති?
10. සුවඳ

පිරිමියෙකුගේ ස්වාභාවික සුවඳට කාන්තාවක් පිස්සු වට්ටන්න පුලුවන්. අපි කියන්නෙ පැය ගාණක් මහන්සි වෙලා ව්‍යායාම කලාම එක දාඩිය ගඳ නෙවෙයි. ඒත් පිරිමි ශරීරයේ ස්වාභාවික සුවඳට කාන්තාවන් කැමතියි. දෙන්නෙක් එකිනෙකාගේ සුවඳට කැමතයි නම්, ඒ දෙන්නා අතර ආකර්ෂණයක් තියනවා. ඒ වගේම ගොඩක් ගැහැණු ළමයි, පිරිමි අයගේ සුවඳ විලවුන් වලටත් කැමතියි.
11. කණ්නාඩි

සමහර විට පිරිමි ළමයින් කණ්නාඩි දාන්න ලැජ්ජයි. මොකද ඉස්කෝලෙ කාලෙ දේවල් මතක් වෙන නිසා. ඒත් ගොඩක් ගැහැණු ළමයි හිතන්නෙ කණ්ණාඩි මගින් පිරිමි අයට ආකර්ෂණීය පෙනුමක් ලැබෙනවා කියලයි. ඒ, කණ්ණාඩිය බුද්ධිය එක්ක එකට බැඳිලා තියන දෙයක් නිසා වෙන්න පුලුවන්.
12. ඉවුම් පිහුම් හැකියාව
ගොඩක් අය තාමත් හිතන්නෙ කෑම උයන්න ඕනෙ කාන්තාවන් විතරක් කියලයි. ඒත් මේක වැරදියි. මොකද පිරිමියෙක් කුස්සියේ ඉන්නකොට එයාට හරිම ආකර්ෂණීය පෙනුමක් ලැබෙනවා. කාන්තාවොත් උයන්න දන්න පිරිමින්ට කැමති ඒකයි.
13. සතුන්ට ආදරය කිරීම

මේ කියන්නෙ විශේෂ වර්ගවල හොඳට හැදුණු සත්තු ගැන විතරක් නෙවෙයි. ඕනම වර්ගෙක සුරතල් සතෙක්ට ආදරය කරන්න අයට ගැහැණු කැමතියි. පාරෙ ඉන්න සතෙක්ට වුණත් ආදරය දක්වන්න. මෙමගින් කරුණාවන්ත බව හා රැකවරණය ලබා දීමට ඇති හැකියාව පෙන්නුම් කරනවා.
14. සිනහව
සතුටු සිතින් ඉන්න, ලස්සන හිමාවක් තියන පිරිමින්ට කාන්තාවන්ගෙ ඉල්ලුම වැඩියි. අවංක හිනාවක් හා හිනාවෙන ඇස් කියන්නෙ සංවාදයක් පටන් ගන්න හොඳම දේවල් දෙකක්. ඒකට නම් ඕනම කාන්තාවක් කැමතියි.