ඉතාම කලාතුරකින් කෙනෙකුට පිහිට සිවිශේෂී ශරීර ලක්ෂණ 15 ක්

එක් එක් පුද්ගලයා අද්විතීයයි. සමහර විට අපි හිතනවටත් වඩා විශේෂයි. අපි හැමෝටම එකම අත් පා සංඛ්‍යාවක් සහ සමාන ලක්ෂණ තිබුණත්, සමහර කුඩා ලක්ෂණ මගින් සමහර අයව සාමාන්‍ය පුද්ගලයන්ගෙන් ටිකක් වෙනස් කරනවා.

අපි කලාතුරකින් දකින මිනිස් සිරුරේ අසාමාන්‍ය ලක්ෂණ 15ක් ගැන තමයි අද ඔයාට කියන්න යන්නෙ. බලන්නකෝ ඔයාටත් මේ ලක්ෂණ තියනවද කියලා.

15. ඥාණ දත් ​​නෑ

මිනිසුන්ගෙන් 20% කට ඥාණ දත් පිහිටන්නෙ නෑ. මේ සිදුවීම විවිධ ජනගහන සඳහා වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට, ස්වදේශික මෙක්සිකානුවන්ගෙන් 100% කට ආසන්න ප්‍රමාණයකට ඥාණ දත් නොමැති අතර, ප්‍රායෝගිකව සියලුම ටස්මේනියානු ආදිවාසීන්ට ඥාණ දත් තියනවා. මේ වෙනස PAX9 ජානයට (සහ සමහර විට වෙනත් ජාන) සම්බන්ධයි.

14. නිල් ඇස්

නිල් ඇස් වර්ණය ඇතිවෙන්නෙ ඉංගිරියාවේ මෙලනින් නිෂ්පාදනය අඩු කිරීමට හේතු වන HERC2 ජානයේ විකෘතියක් නිසා බව විද්‍යාඥයන් කියනවා. නිල් ඇස් තියෙන්නෙ මිනිසුන්ගෙන් 8% කට විතරයි.

13. මෝටන්ගේ ඇඟිල්ල

මිනිසුන්ගෙන් 10% කට මෝටන්ගේ ඇඟිල්ල කියල ලක්ෂණය තියනවා. මේකෙ තේරුම තමයි, මේ ලක්ෂණය තියන අයගෙ කකුල්වල මාපටැඟිල්ලට වඩා දෙවනි ඇඟිල්ල දිගින් වැඩි වීම. සිත්ගන්නා කරුණක් තමයි, ලිබර්ටි ප්‍රතිමාවටත් තියෙන්නෙ මේ වගේ කකුල් දෙකක්.

12. හිසේ සුළිවල දිශාව

මිනිසුන්ගෙන් 8.4% කට විතරයි, වාමාවර්ත සුළි තියෙන්නෙ.

11. කිවිසුම් යාම

මිනිසුන්ගෙන් 25% ක් හිරු එළිය සඳහා අසාමාන්‍ය ප්‍රතික්‍රියාවක් දක්වනවා. ඒ තමයි, කිවිසුම් යාම.

10. single palmar crease

මේ ලක්ෂණය දකින්න ලැබෙන්නෙත් ජනගහනයෙන් 1.5% ක් තුළ (බොහෝ විට පිරිමින් තුළ) විතරයි. ගොඩක් වෙලාවට මේක පාරම්පරික ලක්ෂණයක් ලෙස දකින්න ලැබෙනවා.

09. ලා පාට හිසකෙස්

ලා පාට හිසකෙස් වයස සමඟ තද පාට වෙන නිසා, වැඩිහිටියන් අතර ස්වභාවික blonds දකින්න් අපහසුයි. ජනගහනයේ ලා පාට හිසකෙස් ඇති වැඩිහිටියන්ගේ ප්‍රතිශතය 2% සිට 16% දක්වා වෙනස් වෙනවා

08. ඇඟිලි සලකුණු

ජනගහනයෙන් 5%කට පමණක් ආරුක්කු හැඩැති ඇඟිලි සලකුණු තිබෙනවා. (අනෙක් අයට ලූප හැඩැති සහ කරල් හැඩැති ඇඟිලි සලකුණු ඇත – පිළිවෙලින් 65% සහ 30%).

07. රතු හිසකෙස්

රතු හිසකෙස් කියන්නෙ ගොඩාක් දුර්ලභ සිදුවීමක් වන අතර එය දකින්න ලැබෙන්නෙ ජනගහනයෙන් 1-2% කගේ විතරයි. මෙම හිසකෙස් වර්ණය ඇතිවෙන්නෙ ජාන විකෘතියක් නිසයි.

06. රැලි සහිත හිසකෙස්

ස්වභාවිකව රැලි සහිත හිසකෙස් තිබෙන්නේ පුද්ගලයන්ගෙන් 11%ක විතරයි.

05. බුරිය පිටතින් තිබීම

මේ වගේ බුරියක් පිහිටන්නෙ වැඩිහිටියන්ගෙන් 10%ක් තුළ විතරයි. බුරියේ හැඩය උපතේදී පෙකණි වැල කපා ඇති ආකාරය මත රඳා පවතින්නෙ නෑ. වැදගත් වෙන්නෙ ඒ කැළල පසුව සුව වෙන්නෙ කොහොමද කියන එකයි.

04. අත් මත Х ලකුණ

අත් දෙකෙහිම Х අක්ෂරය සාදන රේඛා තිබීමත් දුර්ලභ සංසිද්ධියක්. සමහරු කියන්නෙ මේක ප්‍රබල චරිතයක ලකුණක් බවයි. ඒත් ඇත්තටම තහවුරු වෙලා තියෙන්නෙ මේ ලක්ෂණය පිහිටන්නේ මිනිසුන්ගෙන් 3% ක විතරක් බවයි.

03. අත් අල්ලා ගැනීම
Clasping hands

ඔයාගෙ ඇඟිලි අල්ලාගෙන, මාපටැඟිල්ලේ පිහිටීම නිරීක්ෂණය කරන්න: 50% ක් වම් මාපටැඟිල්ලට ඉහළින් දකුණු මාපටැඟිල්ල අල්ලගන්නවා. 49% ක් එය අනෙක් අතට කරනවා. මාපටැඟිලි දෙක එක ලඟ තියාගන්නෙ 1% ක් විතරයි.

02. Gleeking

Gleeking කියන්නෙ submandibular ග්‍රන්ථියෙන් කෙල විසි වීමයි. ඔයා කතා කරනකොට, ආහාර ගන්නාම්කොට, හෝ කිවිසුම් යවනකොට ඒක ඉබේම සිදුවෙනවා. දැනට හොයාගෙන තියන විදිහට මිනිසුන්ගෙන් 35% කට ග්ලීක් කළ හැකි නමුත් 1% කට වඩා අඩු පිරිසකට එය විධානය මත කළ හැකියි.

01. දකුණු පසින් හදවත පිහිටීම

12,019 දෙනෙකුගෙන් එක් අයෙකුගේ හදවත පපුවේ දකුණු පැත්තේ පිහිටනවා. මේ වෙනස ඩෙක්ස්ට්‍රොකාඩියා ලෙස හඳුන්වනු ලබන අතර සාමාන්‍යයෙන් එයින් කිසිදු අහිතකර බලපෑමක් ඇතිවෙන්නෙ නෑ.

Leave a Reply

Your email address will not be published.