ඉතාම සාර්ථකව බර අඩු කර ගැනීමට රහස් ඩයට් 6 ක්

සංඛ්‍යා ලේඛනවලට අනුව, සාමාන්‍ය පුද්ගලයෙක් අවම වශයෙන් වසරකට හතර වතාවක් බර අඩු කර ගැනීමට උත්සාහ කරනවා. හැබැයි ඉතින් මේ විදිහට බර අඩු කරගන්න උත්සාහ කරන සෑම 100 දෙනෙකුගෙන්ම 1 දෙනෙකුට විතරයි හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නෙ.

ඔයත් බර අඩු කරගන්න උත්සාහ කළත් ප්‍රතිඵලයක් නොලැබුණු කෙනෙක් නම්, මේ ලිපිය ඔයාට ගොඩාක් වැදගත් වේවි. අද අපි ඔයාට කියන්නෙ ඔයාගෙ ඉලක්කයට වඩා පහසුවෙන් ළඟා වීමට උදවු කරන රහස් කිහිපයක් ගැනයි.

චිත්තවේගීය ආහාර ගැනීම පිළිබඳ වඩාත් ප්‍රසිද්ධ විශේෂඥයෙකු වන Dr. Roger Gould, අපේ සිතුවිලි, අධිෂ්ඨාන ශක්තියේ අඩුවක් නොව, ස්ථිරවම බර අඩු කර ගැනීමෙන් අපව වළක්වන බව සහතික කරයි. ඒ නිසා බර අඩු කර ගැනීමේ සටන පටන් ගන්න කලින් මේ ගැන ඔයා දැන සිටීම වැදගත් වෙනවා.

01. ස්ථාවර වන්න.

ඔයා ප්‍රධාන වශයෙන් ක්ෂණික ආහාර අනුභව කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම්, එකවරම පලතුරු සහ එළවළු පමණක් ආහාරයට ගන්න අපහසුයි. එය ඔයාගෙ ශරීරයට විශාල ආතතියක් වන අතර, එය ඒ අනුව ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා එකවරම ඔයාගෙ ආහාර රටාව වෙනස් කරන්න එපා. ඒ වෙනුවට ඔයාගෙ ආහාර රටාවේ ප්‍රගතිශීලී වෙනස්කම් කරන්න.

02. ඔයාගෙ ප්‍රගතිය නිරීක්ෂණය කරන්න.

බර අඩු කරගැනීමේ ක්‍රියාවලියේදී ඔයාගෙ ප්‍රගතිය හොඳින් නිරීක්ෂණය කිරීම ඉතා වැදගත් වෙනවා. එමගින් ඔයා කොපමණ බර අඩු කරගෙනද කියලා පැහැදිලි වැටහීමක් ඔයාට ලබාදෙනවා. ගොඩක් අවස්ථාවලදී, ඔයාගෙ ශරීරයේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් දැකගන්න ඔයාට මාස ගණනක් බලාගෙන ඉන්නත් සිදුවෙන්න පුලුවන්. ඒ නිසා ඔයාගෙ සියලු වෙනස්කම් පිළිබඳ වාර්තාවක් තබා ගන්න.

03. ශාරීරිකව ක්‍රියාකාරී වන්න.

සෞඛ්‍ය සම්පන්න ආහාර සැලැස්මක් ඔයාට බර අඩු කර ගැනීමට උපකාරී වෙනවා. නමුත් හොඳ පෝෂණයක් ලබාගන්නවාත් එක්කම යම් ආකාරයක ශාරීරික ව්‍යායාමයක් ලබාගන්න එකත් ගොඩක් වැදගත්. ඇවිදීම (දිනපතා සිදු කරන්නේ නම්) වගේ අඩු අවදානම් ක්‍රියාකාරකම් පවා බර අඩු කරගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

04. ඔයාගෙ මිතුරන් සහ පවුලේ අයගෙන් සහය බලාපොරොත්තු වන්න.

ඔයා ඩයට් එකක ඉන්නකොට ඔයාගෙ වටේ ඉන්න අයගේ සදාචාරාත්මක සහයෝගයත් ගොඩාක් වැදගත් වෙනවා. ඔයා පෙළඹවීම්වලට යටත් වුණාම, ඔයාටම වරදකාරි හැඟීමක් ඇති වන බව එයාලා දන්නවා. ඒ නිසා එයාලා ඔයත් එක්ක ඉන්නකොට අධික කැලරි සහිත ආහාර ගැන සැලකිලිමත් වෙන්න කියලා ඔයාට මතක් කරනවා. ඒක ඔයාට බර අඩු කරගන්න ලොකු උදව්වක් වෙනවා.

05. ඔයාගෙ පරිවෘත්තීය වර්ගය තීරණය කරන්න.

බර අඩු කර ගන්න කොයිතරම් දේවල් කරත් ඔයාට සැලකිය යුතු ප්‍රතිඵල ලැබුණේ නැත්නම්, ඒකට කලබල වෙන්න එපා. ඇත්තටම ඒක ඉතා පොදු ගැටළුවක්. හැබැයි, උත්සාහය අත්හැරීමට පෙර, ඔයාගෙ පරිවෘත්තීය ගැන වැඩි විස්තර දැනගන්න. ඔයාගෙ පරිවෘත්තීය වේගය අඩු නම්, ඉවසීමෙන් ඉන්න. උත්සාහය අඩු කරන්න එපා. ඔයාට කල් ගතවෙලා හරි හොඳ ප්‍රතිපලයක් ලැබෙනවා.

නිතිපතා ජලය පානය කිරීම සහ විශේෂිත එළවළු සහ පලතුරු සමඟ ඔයාගෙ පරිවෘත්තීය වේගවත් කරගන්න පුලුවන්.

06. ඕනෑම ඩයට් එකක් අධීක්ෂණය කරන්න ඕන.

ඔයා ඩයට් එකක් පටන් ගන්න තීරණය කළා නම්, අධීක්ෂණය සහ උපදෙස් සඳහා හොඳ පෝෂණවේදියෙකු සම්බන්ධ කර ගැනීම ගැන සිතන්න. මතක තබා ගන්න: මේදය ඉක්මනින් දහනය කරනවා කියලා කියන “ආශ්චර්යමත් ආහාර” ඔයාගෙ සෞඛ්‍යයට හානි කිරීමේ බරපතල අවදානමක් තියනවා. අඩු කැලරි සහිත ආහාර සැලසුමක ඔයාගෙ ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොමැති බැවින් ඒවා ඔයාගෙ මානසික හා ශාරීරික යහපැවැත්මට අහිතකර ලෙස බලපාන්න පුලුවන්.

බෝනස්: සාප්පු සවාරි ලැයිස්තුව

ඩයය් එක පටන් ගන්නකොට ඔයාට බර අඩු කරගන්න උපකාරී වෙන හොඳම ආහාර ලැයිස්තුවක් මෙන්න:

  • බිත්තර
  • පලා වර්ග
  • සැමන්
  • සුදුළූණු
  • එළවළු
  • හරක් මස් සහ චිකන් බ්‍රෙස්ට්
  • බෝංචි සහ රනිල කුලයට අයත් බෝග
  • ටූනා
  • කුළුබඩු

දැන් ඔයා ඔයාගෙ බර අඩු කර ගැනීමේ ගමන පටන් ගන්න සූදානම්. එහෙනම් සුබපැතුම්!

Leave a Reply

Your email address will not be published.