ඉතා සුළු පිරිසක් පමනක් දන්නා ස්ත්‍රී ශරීරය ගැන කරුණු 7 ක්

කාන්තාවන් සතුව පවතින ඇදහිය නොහැකි ඉවසීම පිළිබඳව අපි හැමෝම දන්නවා. ඒ වගේම වර්ණ හඳුනා ගැනීමේදී කාන්තාවන් සහ පිරිමින් අතර වෙනසක් පවතින බව අසා තිබෙනවා. 

කාන්තාවන් සතුව පවතින වෙනත්ම පැතිකඩ පිළිබඳව මෙම ලිපියෙහි දැක්වෙනවා.

මෙම කරුණු 7 පිළිබඳව සමහර විට ඔයා මින් පෙර අසා නැතිව ඇති. 

01. කාන්තාවන්ගේ බෙල්ල වඩා ප්‍රත්‍යස්ථයි. 

කවුරුන් හෝ කතා කරන විට කාන්තාවන් සහ පිරිමින් හැරෙන ආකාරය නිරීක්ෂණය කර තිබෙනවද? මෙය ටිකක් සැලකිල්ලෙන් බලන්න. පිරිමින් සම්පූර්ණම ශරීරයම හරවා බලන මුත් කාන්තාවන් හිස පමණක් හරවා බලනවා. මෙයට හේතුව කාන්තාවන්ගේ මාංශ පේශි ව්‍යුහය වඩා ප්‍රත්‍යස්ථ වීමයි.

නමුත් කාන්තාවනි, ඔළුව හරවන විට ප්‍රවේසම් වෙන්න. ලොයෝලා විශ්ව විද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේදී සිදු කරන ලද අධ්‍යනයකින් හෙළි වී ඇති අන්දමට පිරිමින්ට වඩා කාන්තාවන් බෙල්ලේ වේදනාවෙන් පීඩා විඳිනවා. 

02. නිදාගෙන සිටින විට කාන්තාවන්ගේ ශ්‍රවනය සංවේදියි.

මෙය පරිණාමීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. කාන්තාවන් නින්දේ පසුවන විට ශබ්ද වලට සංවේදී නිසා දරුවකු හඬන විට ඉක්මනින්ම අවදි වෙනවා. ඒත් හොඳ ආරංචිය වන්නේ මෙසේ අවදි වන්නේ උස් ස්වරයෙන් ඇසෙන ශබ්දවලට පමණක් වීමයි. මේ නිසා කාන්තාවක් නිදා සිටින විට අවදි කරවන්නේ නැතිව කතා කිරීමට අඩු ශබ්දයකින් කතා කරන්න.

මේ අවස්ථාවේදී පිරිමින්ට වඩා කාන්තාවන් නින්ද ආශ්‍රිත ආබාධවලට ගොඩක් සංවේදීයි.

03. කාන්තාවන්, පිරිමින්ට වඩා තර්කාන්විතයි.

කාන්තාවන් ගොඩක් හැඟීම්බරයි, පිරිමින් ගොඩක් තර්කාන්විතයි කියා පොදු මතයක් තිබුණත්, ඇත්ත තත්වය ඊට ප්‍රතිවිරුද්ධයි. විවිධ ඥානන සහ සාමාන්‍ය දැනීම විභාග වලට වැඩිම ලකුණු ලබාගැනීම සහ මොලයේ ඝනකම් බාහික තිබීම අතර සම්බන්ධතාවයක් පවතිනවා. ඒ වගේම පිරිමින්ට වඩා කාන්තාවන්ගේ බාහික ඝනකමින් වැඩියි. 

මේ අතර, පිරිමින්ගේ මොලයේ පරිමාව වැඩියි, මෙය හැඟීම් සහ තීරණ ගැනීමේදී විශාල කාර්යභාරයක් ඉටු කරනවා.

04. කාන්තාවන්ට අනෙක් අය සමඟ ශක්තිමත් සම්බන්ධතා පවතිනවා. 

මෙයට හේතුව කාන්තාවන්ට ඉහල ඔක්සිටොසින් මට්ටමක් පැවතීමයි. ඔක්සිටොසින්, ආදර හෝමෝනය ලෙසත් හඳුන්වනවා. එමඟින් සම්බන්ධතාවලට  අනුබල දීම, සම්බන්ධතා සවිමත් කිරීම, ආතතිය අවම කිරීම යනාදිය සිදු වෙනවා. මව-දරුවා සම්බන්ධතාවය සහ මව්කිරි ලබාදීම සඳහාද හේතු වන්නේ මෙම හෝමෝනයයි.

05. වයස අවුරුදු විසි ගණන්වලදී කාන්තාවන්ගේ ශරීරය වෙනස් වෙනවා. 

නව යොවුන් වියේදී විකාර සහ සෞඛ්‍ය සම්පන්න නොවන වසර කීපයක් ගත කළා නම් ඔයා තවමත් එම ජීවන රටාව වෙනස් කරගැනීමට පමා වී නැහැ. වයස අවුරුදු විසි ගණන්වලදී පවා කාන්තා සිරුර වර්ධනය වෙමින් සහ වෙනස් වෙමින් පවතිනවා. මේ නිසා දිගටම කෙසෙල් සහ ආමන්ඩ් ආහාරයට ගන්න, ඒවායේ කැල්සියම් බහුලව අඩංගු වන නිසා අස්ථි ශක්තිමත් කරවනවා. මාංශ පේශි ශක්තිමත් කරවන ව්‍යායාම් මඟින්ද මෙය සිදු වනවා.

ඒ වගේම, prefrontal බාහිකය තවමත් වර්ධනය වන නිසා, තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු වෙන්න පුළුවන්.

06. නිර්මාණශීලී බවට වැඩි නැඹුරුවක් පවතින්නේ කාන්තාවන්ටයි. 

මොලය යනු ජාලයකි. එය තුල කම්බි සහ සම්බන්ධතා බොහොමයක් පවතිනවා. අධ්‍යනවලින් හෙළි වී ඇති අන්දමට පිරිමින්ට වඩා කාන්තාවන්ගේ මොළයේ ජාලය සම්බන්ධ වී පවතිනවා.

මෙයින් කියවෙන්නේ කාන්තාවන් කාරණවාචි සම්බන්ධතා ඉක්මනින් ඇති කරගන්නා අතර පහසුවෙන්ම පුරුදු ඇති කරගන්නවා. 

07. යුරෝපීය කාන්තාවන්ගේ සම පිරිමින්ට වඩා පැහැපත්.  

නවතම අධ්‍යන වලට අනුව, යුරෝපීය සම්භවයක් සහිත පිරිමින්ට වඩා දෙගුණයක් පමණ කතුන්ගේ ස්වාභාවික බ්ලොන්ඩ් හිසකෙස් තිබෙනවා. මෙයට හේතුව උපතින්ම ලැබුණු බ්ලොන්ඩ් ජාන කාන්තාවන්ගේ නොනැසී පවතින නමුත් පිරිමින්ගේ නැති වී යාමයි. බ්ලොන්ඩ් හිසකෙස් සහිත කාන්තාවන් සහ අඳුරු පැහැ හිසකෙස් ඇති පිරිමින් අතර සම්බන්ධතා සාර්ථක වීමට පරිණාමීය හේතුවක් බලපෑ හැකියි. සත්‍ය වශයෙන්ම තවමත් මේවා උපකල්පන විතරයි.මේ නිසා, විද්‍යාඥන් මෙම සිද්ධිය “කුතුහලය ඇතිකරවන අබිරහස” ලෙස හඳුන්වනවා.

Leave a Reply

Your email address will not be published.