උදේ ආහාරය සදහා චොකලට් ආහාරයට ගැනීමට පටන් ගැනීමෙන් සිදුවන දේ

අතුරුපස අතරින් චොකලට් කපලා ඉවත් කරලම ඉන්න, ඒත් චොකලට් කන්න ආස අයට ඔන්න හොඳ අදහසක්. ඇත්තටම චොකලට් කියන්නෙ ගොඩක් සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර කිරීමට පුරාණ කාලයේ සිටම භාවිතා කරපු, ඕනෑම ආහාර වේලකට ආදේශ කළ හැකි වටිනා සම්පතක්. දවස ගානෙ චොක්ලට් කෑවත් ශරීරයට හොඳයි.

උදෑසන ආහාර වේලක් ලෙස චොකලට් වල තියන ප්‍රතිලාභ ගැන අද අපි කතා කරමු.

01. මොළයේ බලය වැඩි දියුණු වෙනවා.

අවම වශයෙන් සතියකට එක්වරක් ඩාර්ක් චොකලට් අනුභව කරන පුද්ගලයන් විවිධ මානසික සහ මතක පරීක්ෂණ වලදී වඩා හොඳින් ක්‍රියා කිරීමට නැඹුරු වන බව අධ්‍යයනයකින් හොයාගෙන තියනවා. කොකෝවාවල අඩංගු ෆ්ලේවනෝල්ස් මොළයට රුධිර ප්‍රවාහය වැඩි කරන අතර ඒවා ඉගෙනීම හා මතකය සඳහා වගකිව යුතු මොළයේ සමහර කොටස් එකතු කරනවා. ඉතින් ඔයාට ඔයාගෙ මොළයට කික්ස්ටාට් එකක් දෙන්න ඕන නම්, විශේෂයෙන්ම විභාගවලට පෙර, උදෑසන චොකලට් ටිකක් කන්න.

02. ආශාවන් සන්සුන් වෙනවා.

චොක්ලට් ආහාරයට ගැනීම බර අඩු කර ගැනීමට උදව් කරනවා. උදේට චොක්ලට් බාර්එකක් කෑවොත් ඉතිරි කාලය තුළ කෑම කන්න ඇතිවෙන ආසාව අඩු කරගන්න පුලුවන්. එය ඔයාගෙ ආහාර රුචිය පාලනය කිරීමට සහ වැඩිපුර ආහාර ගැනීමේ අවදානම අඩු කරනවා.

03. ස්වභාවිකවම මූඩ් එක හොඳ කරනවා.

දවස පටන් ගන්නකොටම හොඳ මූඩ් එකක් ලබා ගන්න නම් උදේට චොකලට් කන්න. චොක්ලට් වලට ඔයාගෙ මනෝභාවය වැඩිදියුණු කිරීමට සහ ධනාත්මක හැඟීම් ප්‍රවර්ධනය කිරීමට හැකියාව තියනවා. චොක්ලට් ආහාරයට ගැනීම එන්ඩොර්ෆින් නිෂ්පාදනය උත්තේජනය කරන අතර අපේ “හිතට දැනෙන” රසායනික ද්‍රව්‍ය වන සෙරොටොනින් සහ ඩොපමයින් සමඟත් අන්තර් ක්‍රියා කරනවා. ඒ වගේම විශාදය නැති කරන්නත් චොක්ලට් උදව් වෙනවා.

04. සෞඛ්‍යයට යහපත්.

දවසට වැඩිපුර චොක්ලට් අනුභව කරන පුද්ගලයින්ට හෘද රෝග සහ ආඝාත අවධානම අඩු බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. චොකලට් ආහාරයට ගැනීම හදවතට හොඳ ව්‍යායාමයක්. එමගින් රුධිර පීඩනය අඩු කරලා ප්ලේවනොයිඩ් මගින් නිෂ්පාදනය කරන නයිට්‍රික් ඔක්සයිඩ්, රුධිර වාහිනී සන්සුන් කරනවා.

කොකෝවා වලින් පොහොසත් ඩාක් චොකලට් සෞඛ්‍ය සම්පන්න ප්‍රමාණයකට අපේ ශරීරය ග්ලූකෝස් පරිවෘත්තීය කරන ආකාරය වැඩිදියුණු කළ හැකි අතර එමඟින් දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම ඩාක් චොකලට් මගින් “නරක” එල්ඩීඑල් කොලෙස්ටරෝල් මට්ටම් අඩු කරන අතර, එමඟින් ධමනි විනාශ වීම අඩු කර “හොඳ” HDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවනවා.

05. ශරීරයේ ශක්තිමත් බව වැඩි කරනවා.

කෝපි ඇට සහ තේ වගේම, කොකෝවා වලත් කැෆේන් අඩංගු වෙනවා. ඩාක් චොකලට් වල වැඩිපුර කැෆේන් ප්‍රමාණයක් අන්තර්ගත වන අතර, වයිට් චොකලට් වල කැෆේන් අඩංගු නෑ. අනෙකුත් කැෆේන් සහිත ආහාර වගේම, චොකලට්, ඔයාව වඩාත් අවදියෙන් තබාගන්න උදව් වෙනවා. කොකෝවා වලින් ලැබෙන තවත් රසායනිකයක් තමයි තියෝබ්‍රොමින් කියන්නෙ. එය චොකලට් වලට තිත්ත රසය ලබා දෙන අතර ශරීරයේ ශක්ති මට්ටම ඉහළ නංවනවා.

06. පෝෂ්‍යදායී වන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතියට උදව් කරනවා.

චොකලට් පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී ඇති අතර, 70% ඩාක් චොකලට් බාර්එකක ප්‍රතිඔක්සිකාරක (ග්‍රීන් ටී වලට වඩා වැඩි), කැල්සියම්, තඹ, පොටෑසියම් සහ මැග්නීසියම් අඩංගු වෙනවා. ඒ වගේම ෆ්ලේවනෝල් මගින් ඔක්සිකාරක නිසා අපේ සෛලවලට සිදුවෙන හානි අවම කරනවා. සිගරට් දුම, වායු දූෂණය, සහ මධ්‍යසාර වගේ දේවල්. ඒ නිසා, ගෙදරින් එළියට යන්න කලින් චොකලට් කෑවොත් ඔයාව ආරක්ෂා වෙනවා.

07. උදෑසන ව්‍යායාමයට උදවු කරනවා.

අපි දැනටමත් චොක්ලට් කිරි උසස් ව්‍යායාම පානයක් වෙන්නෙ ඇයි කියලා දන්නවා. ඩාක් චොකලට් මගින් නයිට්‍රික් ඔක්සයිඩ් මට්ටම ඉහළ නංවන අතර මාංශ පේශි හොඳින් ප්‍රකෘතිමත් කර වර්ධනයක් කරනවා. ඒ නිසා ව්‍යායාමයට පෙර හෝ පසු උදෑසන ආහාර වේලට ඩාක් චොකලට් හෝ කොකෝවා එකතු කරගන්න එක හොඳයි.

බෝනස්: උදෑසන ආහාරයට චොකලට් එකතු කිරීමට ක්‍රම

ඩාක් චොකලට් බාර් එකක් කන්න කැමති නැති අයට ආහාර වේලට චොකලට් ඇතුළු කරගත හැකි ක්‍රම කිහිපයක් මෙන්න.

  • ස්මූති සහ ප්‍රෝටීන් ෂේක් – කොකෝවා හෝ චොකලට් සෝස් හැන්දක් එකතු කරගෙන ආහාර වේල සෞඛ්‍ය සම්පන්න කරගන්න.
  • හොට් චොක්ලට් – උදෑසන තේ හෝ කෝපි වෙනුවට හොට් චොකලට් එකක් බොන්න. හොට් චොකලට් නිතිපතා පානය කිරීමෙන් ඔයාග්‍ර් මතකය සහ සංජානන හැකියාවන් ඉහළ නැංවෙනවා.
  • පේස්ට්‍රි එකකට චොකලට් චිප්ස්, ස්ප්‍රෙඩ් හෝ කොකෝවා එකතු කිරීම – පාන් හෝ පේස්ට්‍රි ගෙදරම හදාගන්නවා නම් පිටි ගුලියට කොකෝවා කුඩු එකතු කරන්න. නැත්නම් චොකලට් චිප්ස් එකතු කරන්න. ටිප් එකක්: චොකලට් කෙසෙල් පාන් වලට හොඳින්ම ගැලපෙනවා.
  • චොකොලට් බාර් – වෙළඳසැල්වල මිල අධික වුණත්, ගෙදරදි හදාගන්න ලේසියි. ගෙදරදිම චොක්ලට් බාර් හදාගත්තොත් පහසුවෙන් ම උදේ ආහාරයට එකතු කරගන්න පුලුවන්.
  • චොකලට් ග්‍රැනෝලා සහ ඕට්ස් – ඕට්ස් (උණුසුම් හෝ රැයක් තැබූ) හෝ ගෙදර හැදූ ග්‍රැනෝලා සාදන අතරතුර චොකලට් චිප්ස් හෝ කොකෝවා කුඩු එකතු කරන්න.

Leave a Reply

Your email address will not be published.