එකවරම සමුගත යුතු ඔබ උදෑසන කරන හානිදායක පුරුදු 8 ක්

අපේ පරණ පුරුදු නැති කරගන්න ටිකක් ආමාරුයි නේද. මොකද අපි ඒවාට බොහෝ කල් සිටම පුරුදු වෙලා තිබෙන ඒවා නේ. සමහර පුරුදු බොහෝම හානිකර දායකයි. මේ පිළිබද නොදැන බොහෝ දෙනා සමහර පුරුදු කරගෙන යනවා. මේ පුරුදු අතරිනුත් ඔබ උදෑසන කරන ලබන පුරුදු ඇත්තෙන්ම බොහෝ වැදගත් වෙනවා. සමහර විට ඔබ උදෑසන අවධි වූ වහාම කෝපි කෝප්පයක් බොනවා ඇති. එසේත් නොමැති නම් ඔබ කිරිත් සමග ධාන්‍ය අනුභව කරනවා ඇති. ඔබ හොදයි කියල සිතාගෙන සිටියත් සමහර විට මෙම පුරුදු ඔබට හොද පුරුදු නොවෙන්නත් පුළුවන්. 

ඉතින් අද අපිට සිතුනා ඔබ මේ උදේ කාලයේදී සිදුකරන පුරුදු වල හොද නරක ඔබ වෙත අරගෙන එන්න ඕන කියල. ඔබ සමහර විට හොදයි කියල සිතාගෙන කරපු බොහෝ පුරුදු හොද පුරුදු නොවෙන්නත් පුළුවන්. මෙයත් ඔබට වැදගත් ලිපියක් වේවි. කියවලම බලන්නකෝ. 

01. ස්නානය කිරීමෙන් දවස ආරම්භ නොකිරීම

සෑම දිනකම අපිට ප්‍රශ්න මාලාවක් තිබෙනවා. අපි සෑම දිනකම මේ ප්‍රශ්න මාලව විසදනවා. ඒවා වැඩ ආශ්‍රිත වෙන්න පුළුවන් නැත්තන් වෙන මොනවා හරි වෙන්න පුළුවන්. අප දවස පුරා සිදු කරන්නේ මේ ප්‍රශ්න වලට විසදුම් සොයන එක. මොළය ක්‍රියාකාරී වීමට සහ බාහිර සාධක වලින් අවධානය වෙනතකට යොමු වීමට ඇති ඉඩකඩ අඩු කිරීමට උදෑසන ස්නානය තුළින් හැකියාව තිබෙන බව හාවඩ්හි වෛද්‍යවරයකු පවසා තිබෙනවා. මේ තුළින් ඔබට ඔබේ දවසේ ප්‍රශ්න මාලාව සාර්ථකව විසදා ගැනීමට හැකි වේවි. මොළයට නව හා අසාමාන්‍ය අදහස් ජනනය කිරීමට ස්නානය මග සලසනවා. මේ නිසා ඔබත් සෑම උදෑසනකම ස්නානය කිරීමට අමතක කරන්න එපා. 

02. උණුසුම් ජලයෙන් ස්නානය. 

ඔබ දන්නවාද උණුසුම් ජලය ස්නානය සිදු කලාම එය ඔබව ලිහිල් කරනවා. මේ නිසා ඔබ උදෑසන උණුසුම් ජලය ස්නානය සිදු කල හොත් ඔබට ආපසු ඇදට යාමට සිතේවි. මේ නිසා වඩාත් සුදුසු වන්නේ ඔබ උදෑසන සීතල ජලය ස්නානය සිදු කිරීමයි. මෙයින් ඔබට බොහෝ ප්‍රතිලාභද ලබා ගත හැකී. මෙය ඔබව ප්‍රබෝධමත් කරන අතරම මොළයේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරයි. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩාත් වෙහෙස මහන්සි වී ක්‍රියා කිරීමත් සිදු වෙනවා ඔබ උදෑසනට සීතල ජලය ස්නානයක් ලබා ගත් විට. සම වියළී යාම වැළැක්වීමද මෙය සිදු කරනවා. වසරකට රාත්තල් 9 ක් පමණ අහිමි සිදු වෙනවා ඔබ සීතල ජලය ස්නානය සිදු කල විට. 

03. ඔබේ දුරකථනය දිගු කාලයක් පරීක්ෂා කිරීම

ඔබත් උදෑසන බොහෝ වෙලාවක් ඔබේ දුරකථනය සමග සිටිනාවා නම් ඊට ප්‍රධානම හේතුව සමාජ මාධ්‍යය වෙන්න ඇති. ඔබ දන්නවා ද දන් නෑ අපේ මුලු දවසේම ඵලදායීතාව රැදී පවතින්නේ අප උදෑසන ගත කරන ආකාරය අනුවයි. ඔබ ඔබේ උදෑසන කාලය අන් අයගේ ලයික් කමෙන්ට් බලමින් පෝස්ට් බලමින් ඒ වෙනුවෙන් කැප කරන් නැතුව තමන් වෙනුවෙන් ගත කරන්න. එය ඇත්තෙන්ම බොහෝ වටිනවා. මේ වගේමයි ඔබේ ඊමේල් පරික්ෂා කිරීමත් උදෑසන කාලයේ සිදු කරන්න එපා. ඔබට උදෑසනම ලොකූ කුණු ගොඩක් ඔලුවේ පුරෝගෙන ඔබේ දවසම නාස්ති කර ගැනීමට ඔබට අවශ්‍ය නැති නම් මෙය නවත්තන්න. ඔබේ ප්‍රියතම සංගීතය ඇසීමට, ඔබ ආදරය කරන අය සමඟ කාලය ගත කිරීම හෝ රසවත් හා සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරය පිසීමට මෙම කාලය යොදාගන්න. ඔබට බොහෝ මානසික සුවයක් දැනේවි. 

04. ඔබේ ඇදුම් සදහා කාලය නාස්ති නොකරන්න. 

ඔබ ඔබේ ඇදුම් අල්මාරිය දෙස බලාගෙන මෙසේ අසා තිබෙනවාද ?” මන් මොකද්ද අද අදින්නේ ” එසේ නම් ඔබ දන්නවා ඇති උදෑසන ඇදුම් තේරීමට යාමෙන් කෙතරම් කාලය නාස්ති වෙනවාද කියා. ඔබේ ඈදුම් තේරීමේ කාලය අවම කිරීම සදහා ඔබට හැකී ඔබේ ඇදුම් අල්මාරියේ තිබෙන ඇදුම් ප්‍රමාණය අවම කිරීමට. ඔබ දන්නවාද ඇපල් සමාගමේ ස්ටීව් ජොබස් දිනපතාම කලු කමිස සහ කලිසම් ඇදීමට හේතුව , ඒ මුදල් ඉතිරි කර ගැනීම සදහා නම් නෙමේ ඒ කාලය ඉතිරි කර ගැනීම සදහා. 

ඔබට ඔබේ ඇදුම් අල්මාරියේ ඔබ වැඩ කිරීමට යාමේදී අදින ඇදුම් පැලදුම් සදහා වෙනම කොටසක් නිර්මාණය කල හැකී.  ඔබේ ඇඳුම් ආයිත්තම් කට්ටලය නිතිපතා පරීක්ෂා කර ඔබ තවදුරටත් අඳින්නේ නැති දේවල් ඉවත් කරන්නත් අමතක කරන්න එපා. 

05. ධාන්ය වර්ග අනුභව කරන්න

ධාන්‍යය වල සාමාන්‍ය කොටසක් කියල කියන්නේ ග්‍රෑම් 50ක් පමණ. එසේත් නොමැති නම් ධාන්‍ය තේ හැදි 4ක් පමණ. ඔබ උදෑසන කාලයේදී බොහෝ සීනී ප්‍රමාණයක් ලබා ගත් විට, රුධිරයට ඉන්සියුලින් එකතු වන ප්‍රමාණය අධික වෙනවා. එවිට ඔබේ  ශරීරය බොහෝ වෙහෙසට පත් වෙනවා. ඔබ ඔබේ ධාන්‍ය එකට කිරි, යෝගට්, පලතුරු වැනි දේ එක් කර කෑවත් උදෑසන කාලයේදී නම් මෙය ඔබට ආරක්ෂිත නෑ. මේ නිසා මේවා ආහාරයට ගැනීම සිදු කරන්න එපා. 

ධාන්ය බඳුනකට වඩා උදෑසන පීසා පෙත්තක් අනුභව කිරීම සෞඛ්‍ය සම්පන්න බව සුප්‍රසිද්ධ ආහාරවේදියෙකු වන චෙල්සි අමර් මෑතකදී පවසා තිබෙනවා. ප්‍රෝටීන, මේද හා කාබෝහයිඩ්‍රේට් පීසා වල අන්තර්ගත වන නිසා සමබර උදෑසන ආහාරයක් බවට මෙය පත් වෙනවා. නමුත් මතක තබා ගන්න ඔබ ආහාරයට ගත යුත්තේ පීසා එක් පෙත්තක් පමණයි. 

ඔබට කෑලි කෑලි බිත්තර, ගෘහ චීස් හෝ අධික මේද අඩංගු මස් අනුභව කිරීමටද පුළුවන් ඔබේ උදෑසන ආහාරය සදහා. 

06. ආහාර ගැනීමෙන් පසු දත් මැදීම. 

ඔබේ දත් වල එනමලය අවදානමට ලක් වීම සිදු වෙනවා ඔබ ආහාර ලබා ගත් පසුව. පලතුරු, පැඟිරි හෝ සෝඩා පානය කළහොත් මෙම තත්ත්වය වැඩී. මීට හේතුව එහි සිට්රික් අම්ලය සහ පොස්පරික් අම්ලය අඩංගු වීම.මේ නිසා ඔබ ආහාර ලබා ගැනීමෙන් පසුව ඔබේ දත් මැදීම වෙනුවට ඔබට ඔබේ කට ජලයෙන් සේදිය හැකී. ඕනෑම ආහාරයක් ලබා ගෙන මිනිත්තු 30කින් පසු ඔබේ දත් මැදීම සිදු කරන්න. 

07. කළු කෝපි බීම. 

ඔබ උදෑසන අවධි වී කලු කෝපි පානය කරනවාද. මෙ‍ය සිදු කරන්න එපා. මීට හේතුව එය කාංසාවට හේතු වීමයි. ඔබ බඩගිනි වූ විට කෝපි පානය කරනවා නම් එය ඔබට ගෑස්ට්‍රික් වලට හේතු විය හැකී. අවදි වීමෙන් පැය තුනක් හෝ හතරක් ගත වූ පසු ඔබට කෝපි පානය කිරීම සිදු කල හැකී. මෙය පර්යෙෂන වලින් සොයාගන්න ලද දෙයකි. ඔබට උදේ කෝපි පානය කිරීම වැළැක්විය නොහැකි නම්, එයට කිරි හෝ ක්‍රීම් ස්වල්පයක් එක් කර ලබා ගැනීම සිදු කරන්න. ඔබේ ආමාශයට කෝපි පානය කිරීම නිසා ඇති වෙන ප්‍රබල හානිය වළක්වා ගැනීමට මින් හැකියාවක් තිබෙනවා. 

08. අවධි වූ විගසින් ඇද සකස් කිරීම. 

ඔබ දූවිලි මයිටාවන් සඳහා හොඳ පරිසරයක් නිර්මාණය කිරීම සිදු කරනවා ඔබ නැගිටින වහාම ඔබේ ඇඳ සකස් කිරීම සිදු කල විට. රාත්‍රියේදී ඔබේ ශරීරය ෂීට් මත තබා ඇති තෙතමනය වාෂ්ප වීමට අවස්ථාවක් නොමැති වීම නිසා තමා මෙය සිදු වෙන්නේ. ඔබට ඔබේ ඇද ඇතිරිලි වියළීම සදහා රැගෙන යා යුතු නම් ඔබ එය මෙට්ටය සමගම රැගෙන යාම සිදු කරන්න. මෙය  නිර්දේශ කර තිබෙන්නේ මේ පිළිබද පර්යේෂන සිදු කල පර්යේෂකයින් විසින්ය. 

අපි දන්නවා, ඔබගේ නරක පුරුදු එකවරම අත්හැරීම අතිශයින් දුෂ්කර බව. මේ නිසා මේ පුරුදු වලින් ටිකෙන් ටික දුරස් වීමට ඔබත් උත්සහ කරන්න. 

Leave a Reply

Your email address will not be published.