එඩරු තෙල් වලින් ඔබට විසදිය හැකි රූපලාවන්‍ය ගැටලු 10ක්

එඬරු තෙල් කියන්නෙ ක්ලියෝපැට්‍රාගේ ප්‍රියතම රූපලාවන්‍ය වලින් එකක් කියලා ඔයා දන්නවද? ඊජිප්තුවරුන් එඬරු බීජයට ආදරය කළේ ඒක ස්වභාවික විරේචකයක්, රූපලාවන්‍ය නිෂ්පාදනයක් සහ ක්‍රිස්තු පූර්ව 1552 දී ඖෂධයක් ලෙස සලකන නිසයි. ඔයාට රසායනික නිෂ්පාදනවලින් වැළකෙන්න සහ වඩාත් සුලභ රූපලාවන්‍ය ගැටලුවලට ප්‍රතිකාර කරන්න ඕනෙ නම්, ඔයාගෙ දෛනික රූපලාවණ්‍ය චර්යාවට එඬරු තෙල් එකතු කරගන්න.

අද අපි කියන්නෙ එඬරු තෙල් භාවිතයෙන් ප්‍රතිකාර කරන්න පුලුවන් එදිනෙදා ගැටලු කිහිපයක් ගැනයි.

01. කුරුලෑ සහ කැළැල්

අධික තෙල් සහිත සම නිසා කුරුලෑ ඇති වෙනවා. වෙළඳපොලේ තියන ගොඩක් රූපලාවන්‍ය නිෂ්පාදන වලට අපේ සම වියළෙන අතර, ඒකෙ ප්‍රතිඵලයක් විදියට තෙතමනය වැඩි කරගන්න සමෙන් තෙල් නිපදවනවා. ඒමගින් කුරුලෑ ඇති වෙනවා. එඬරු තෙල්වල මේද අම්ල අඩංගු වෙන අතර ඒ නිසා සමේ ස්වාභාවික තෙතමනය යථා තත්ත්වයට පත් කරන්න උපකාරී වෙනවා. රෑට නින්දට යන්න කලින් ඔයාගෙ මුහුණේ එඬරු තෙල් ආලේප කරලා සම්බාහනය කරන්න. උදේට උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

02. හිරු එළිය නිසා ඇතිවුණු කැළැල්

හානි වුණු සමේ සෛල ඉවත් කරන්න එඬරු තෙල් උපකාර වෙනවා වගේම පිළිස්සුම්, කැළැල් සහ ස්ට්‍රෙච් මාර්ක්ස් සඳහාත් භාවිතා කරන්න පුලුවන්. ඒවායේ තියන ක්ෂුද්‍ර ජීවී ගුණ නිසා රුධිර ප්‍රවාහයටත් ප්‍රයෝජනවත් වෙනවා.

03. හිසකෙස් කැඩීම සහ හිසකෙස් ගැලවී යාම

එඬරු තෙල් මගින් අපේ හිසකෙස් බාහිරව පෝෂණය කරලා අපේ හිසකෙස් වල නම්‍යශීලී බව වැඩිකරනවා. ඒ වගේම කෙස් කැඩීම අඩුකරනවා. ඒ වගේම අපේ හිසකෙස් වල මුල් ශක්තිමත් කරන රිසිනොලෙයික් අම්ලය නිසා හිසකෙස් ගැලවී යාමත් වළක්වනවා. හිස්සොරි ඇතිවීම අඩු කරනවා. සතියකට කිහිප වතාවක් එඬරු තෙල් වලින් හිස්කබල සම්බාහනය කරන්න, පසුව ඔයාගෙ සාමාන්‍ය ෂැම්පූ වලින් ඒක සෝදා හරින්න.

04. සමේ රැලි

රැලි තියන ප්‍රදේශවලට එඬරු තෙල් බින්දු කිහිපයක් ආලේප කරන්න. ඒක සමේ වයසට යාම මන්දගාමී කරන කොලජන් නිෂ්පාදනයට උපකාර කරනවා. එඬරු තෙල්වල තියන මේද අම්ල නිසා මොයිස්චරයිසින් ගුණ වගේම ඒ ප්‍රදේශය මෘදු ලෙස තබා ගන්නත් උදව් වෙනවා.

05. වියළි තොල්

තොල්වල ඉරිතැලීම් ඉවත් කරන්න සහ සුව කරන්න ඔයාට එඬරු තෙල් භාවිතා කරන්න පුලුවන්. එඬරු තෙල් කුඩා ප්‍රමාණයක් ඔයාගෙ තොල් මත ආලේප කරන්න. විටමින් E, ඛනිජ ලවණ සහ මේද අම්ල වගේ ඉතා පෝෂ්‍යදායී අමුද්‍රව්‍ය නිසා ඒ ප්‍රදේශය ඉක්මනට සුව කරන්න හා තෙතමනය , සමතුලිතතාවය යථා තත්වයට පත් කරන්නටත් උපකාරී වෙනවා. ඔයාගෙ ඇඟිල්ලෙන් තොල් මත එඬරු තෙල් ආලේප කරන්න පුලුවන්.

06. සමේ පැල්ලම්, විලුඹ ඉරිතැලීම සහ කැක්කුම

එඬරු තෙල්වල තියන මොයිස්චරයිසින් ස්වභාවය නිසා වියළි සම පෝෂණය කරනවා වගේම කොරපොතු සහිත ප්‍රදේශ යථා තත්වයට පත් කරනවා. කැලැල් ඉවත් කරන්න වගේම ඉරිතලලා තියන විලුඹට ප්‍රතිකාර කරන්නටත් උපකාරී වෙනවා. එඬරු තෙල් මේස හැඳි කිහිපයක් උණුසුම් ජලය සමග මිශ්‍ර කරලා ආලේප කරන්න.

07. දුර්වල නියපොතු

ප්‍රති-දිලීර සහ ප්‍රතිබැක්ටීරීය ගුණාංග නිසා, නියපොතු වල සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් වර්ධනයක් ඇති කරන්න එඬරු තෙල් භාවිතා කරන්න පුලුවන්. වෙළඳපොලේ එඬරු තෙල් අඩංගු නියපොතු නිෂ්පාදන බොහොමයක් තියනවා. ඒත් ඔයාට ඔයාගෙ නියපොතු මත තෙල් බිංදු කිහිපයක් ආලේප කරන්න නැතිනම්, උණුසුම් ජලයේ තනුක කරලා සතියකට කිහිප වතාවක් නියපොතු ඒකෙ පොඟවා ගන්න.

08. වියළි සහ ඉරිතලා ඇති දෑත්

එඬරු තෙල් කියන්නෙ ස්වභාවික මොයිස්චරයිසර් එකක්, ගොඩක් වෙලාවට ඉරිතැලීම් සහ දද සහිත වියළි අත් වලට හොඳම පිළියමත් මෙයයි. එඬරු තෙල් වල අඩංගු මේද අම්ලය රිසිනොලෙයික් අම්ලය අපේ සමේ පළමු ස්ථරයට ජලය අහිමි වීම වළක්වනවා. ඔයාට ඒක ආමන්ඩ් හෝ පොල්තෙල් වගේ වෙනත් තෙල් සමඟ එකතු කරලා ඔයාගෙ දෑත් සහ මුහුණේ ආලේප කරන්න පුලුවන්.

09. ඇහිබැමි

අධ්‍යයනයකින් හෙළි වෙලා තියන විදියට එඬරු තෙල් හිසකෙස් ශක්තිමත්ව වැඩීමට උපකාරී වෙනවා වගේම ඇහිබැමි සඳහාත් ඒක අදාල වෙනවා. එඬරු තෙල්, රයිසිනොලෙයික් අම්ලයෙන් පොහොසත් නිසා ඉහළ මට්ටමේ ට්‍රයිග්ලිසරයිඩ සහ ප්‍රොස්ටැග්ලැන්ඩින් ඩී 2 නිෂේධකයක් ඇති බවත් ඔප්පු වෙලා තියනවා.

10. හිසකෙස් වර්ධනය

හිසකෙස් වර්ධනයට එඬරු තෙල් භාවිතය තාමත් හැමෝටම විහිලුවක් වුනත් නිතිපතා භාවිතා කලොත් හිසකෙස් ශක්තිමත් හා නිරෝගීව වැඩීමට උපකාරී වෙන බව සොයා ගෙන තියෙනවා. ඔයාට එඬරු තෙල්වලින් ඔයාගෙ හිස්කබල සම්බාහනය කරන්න පුලුවන්. ඒකෙ තියන රිසිනොලෙයික් අම්ලය සහ ඔමේගා-6 මේද අම්ල නිසා රුධිර සංසරණය වැඩි කරනවා වගේම හිසකෙස් වර්ධනයත් වැඩි කරනවා.

Leave a Reply

Your email address will not be published.