එදිනෙදා භාවිතා කරන දේවල් 10 ක ස්වල්ප දෙනෙක් දන්නා රහස්

අපි එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරගන්න යොදාගන්න සමහර දේවල්වලින් තවත් ප්‍රයෝජන ගොඩාක් තියනවා. ගෙදරම තියන පහසුවෙන් හොයාගන්න පුලුවන් දේවල්වලින් ඔයාට තියන ප්‍රශ්න ගොඩකට විසඳුම් හොයාගන්න පුලුවන්. එදිනෙදා නිෂ්පාදන ඒවායේ මුල් අරමුණෙන් ඔබ්බට භාවිත කිරීමට විවිධ ක්‍රම තියනවා. ඩියෝඩ්‍රන්ට් කීරි සද්දය එන දොරකින් එම ශබ්දය නැවැත්වීමට වැස්ලින් භාවිතා කිරීම, ආභරණවල අඳුරු පෙනුම නැතිකරගන්න දන්තාලේප භාවිතා කිරීම වගේ අපි නොහිතපු ප්‍රයෝජන මේ දේවල්වලින් ගන්න පුලුවන්. 

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ඔයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන සමහර දේවල්වලින් ලබාගන්න පුලුවන් වෙනස් ප්‍රයෝජන මොනවද කියලයි.

01. උණුසුම් මාසවලදී කැසීම වළක්වා ගැනීමට වැස්ලින් භාවිතා කරන්න.

ග්‍රීෂ්ම ඍතුව කියන්නෙ අත් නැති ඇඳුම් සහ කෙටි සායවල් අඳින කාලයයි. ඇඳීමයි. ඒ වගේම මේ කාලයෙදි ඔයාගෙ කලවා ඇතුළත සහ කිහිලි වල අපහසුතාවයට පත්වන කැසීම් රතුවීම් ආදියත් දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් වැස්ලින් මොයිස්චරයිසර් එකක් විදිහට භාවිතා කරනවා. ගැටළුකාරී ප්‍රදේශවලට වැස්ලින් ස්වල්පයක් ආලේප කිරීමෙන් සමේ ඇතිවන කැසීම වලක්වගන්න පුලුවන්.

02. ලෙදර් පර්ස් සහ සපත්තු පිරිසිදු කිරීම සඳහා කිරි ප්‍රයෝජනවත් වෙනවා

ඔයාගෙ පේටන්ට් ලෙදර් බෑගය හෝ සපත්තුවල තරමක අඳුරු බවක් පේනවා නම්, ඒවා සාමාන්‍ය කිරිවලින් පිරිසිදු කරන්න. බෑගය හෝ සපත්තුව මත කිරි ස්වල්පයක් තවරන්න. එය ටික වේලාවක් වියළීමට ඉඩ දී මෘදු රෙද්දකින් පිරිසිදු කරන්න. ඔයාගෙ පරණ පර්ස් එක අලුතෙන් කඩෙන් ගත්තා වගේ දිලිසෙන්න පටන් ගනීවි.

03. අව්වට පිළිස්සීම් සඳහා සන්සුන්කාරකයක් ලෙස මෙයෝනීස් භාවිතා කරන්න.

මුහුදු වෙරළේ කාලය ගත කරන්න අපි හැමෝම කැමතියි. ඒත් හිරු එළියට සම පිළිස්සීම නිසා ඇතිවන ගැටලුවලට කවුරුත් බයයි. ඒ සඳහාම නිෂ්පාදනය කරපු රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළඳපොළේ තියනවා. හැබැයි ඒවා ලඟ නැති වෙලාවට මේ විසඳුම අත්හදා බලන්න. මෙන්න ඒකට හොඳ විසඳුමක්. අව්වට පිළිස්සුණු සම මත මෙයෝනීස් ටිකක් ආලේප කරන්න. එමගින් වේදනාව සමනය කර සම මොයිස්චරයිස් කරන්න උදව් වෙනවා.

04. ගෙදරදිම මෙනිකියෝ එකක් කරනකොට නියමල මෘදු කරන්න ෂැම්පු භාවිත කරන්න.

නියපොතු හදාගන්න සැලෝන් එකකට යන්න වෙලාවක් නැත්නම් හෝ මුදල් නැත්නම් ඔයාට ගෙදරදිම මෙනිකියෝ එකක් කරගන්න පුලුවන්. උණුසුම් ජලයට ෂැම්පු ටිකක් මිශ්‍ර කරලා එහි ඔයාගෙ අත්දෙක පොඟවා ගන්න. තවදුරටත් සැලෝන් යන්න සල්ලි වියදම් කරන්න ඕන වෙන්නෙ නෑ.

05. ඔයාගෙ ගේ ඇතුළෙ දුන් ගඳක් තියනවා නම්, විනාකිරි හොඳ පිළියමක්.
apple cider vinegar

දුම් ගන්ධය ඉවත් කිරීම හරිම අමාරුයි. ඔයා කුස්සියේ මොනවහරි පිච්චුවම ඒ ගඳ ඉක්මනින් ඉවත් වෙන්නෙම නෑ. මේකට හොඳම විසඳුම තමයි විනාකිරි කියන්නෙ.

සුදු විනාකිරි හෝ ඇපල් සයිඩර් විනාකිරි පිරවූ භාජන කිහිපයක් නිවස වටා තබන්න. එම නරක සුවඳ දවසක් ඇතුළත නැති වෙලා යයි. නැත්නම්, විනාකිරි සමඟ රෙදි කැබැල්ලක් තෙත් කර එය නිවස වටා ගසන්න.

06. හිසකෙස් කන්ඩිෂනර් ශේවිං ක්‍රීම් එකක් විදිහටත් නියමයි.

ෂේවිං ක්‍රීම් සඳහා හොඳ විකල්පයක් ලෙස කන්ඩිෂනර් ක්‍රියා කරනවා. ශේව් කරනකොට සබන් ආලේප කිරීමෙන් සම කැපීම් සහ තුවාලවීම්වලට ලක්වෙන්න පුලුවන්. ඒ වෙනුවට රළු බවින් අඩු කන්ඩිෂනර් භාවිතා කිරීමෙන් කරදරයක් නැතුවම ශේව් කරගන්න ලැබෙනවා.

07. ආභරණ දීප්තිමත් කිරීමට දන්තාලේප යොදාගන්න.

අඳුරු වුණු ස්වර්ණාභරණ පිරිසිදු කිරීමට තියන ගොඩාක් ක්‍රම අතරින් වඩාත් ඵලදායී පිරිසිදු කිරීමේ කාරකයක් තමයි දන්තාලේප කියන්නෙ.

පැරණි බුරුසුවකට කුඩා දන්තාලේපයක් (සුදු, ජෙල් නොවේ) තවරා කරාබු, මාල සහ වළලු මදින්න. ඊට පසු, උණුසුම් ජලයෙන් ආභරණ සෝදන්න. හැබැයි, මුතු අඩංගු ආභරණ වලට දන්තාලේප යෙදීමෙන් වළකින්න.

08. උණුසුම් හෝ සැර ආහාරවලින් කට පිළිස්සීම සමනය කිරීමට සීනි භාවිතා කරන්න.

කන්න පුලුවන් තරමට කෑම එක නිවෙන්න කලින් කටේ දාගත්තම දිව පිච්චුණු අත්දැකීමක් අපි හැමෝටම තියනවා. ඉතින් මේ වගේ වෙලාවක පිළිස්සීම සමනය කරගන්න මේ විසඳුම උත්සාහ කරන්න. දිවේ පිළිස්සුණු තැනට සීනි ටිකක් තියාගෙන ඉන්න.

09. බිත්තර කහ මදය මගින් ඔයාගෙ හිසකෙස් සිනිදු සහ දීප්තිමත් කරනවා

බිත්තර කහ මදය කියන්නෙ පැරණි හිසකෙස් ප්‍රතිකාරයක් වන අතර එමඟින් ඔයාට අලංකාර, දිලිසෙන කෙස් කළඹක් ලබාදෙනවා.

වියලි, අකීකරු හිසකෙස් මත කහ මදය යොදන්න. එය පැය භාගයක් තබන්න. ඉන්පසු සාමාන්‍ය පරිදි හිසකෙස් සෝදා ගන්න. නැත්නම්, පිරිසිදු එළවළු තෙල්, මෙයොනීස් හෝ ඔයා කැමති හයිඩ්‍රේටින් ක්‍රීම් ටිකක් සමග බිත්තර කහ මදය මිශ්‍ර කර හෙයා මාස්ක් එකක් හදාගන්න.

10. දොරවල්වලින් එන හිරිකිත ශබ්දය නැති කරන්න ඩියෝඩ්‍රන්ට් වලට පුලුවන්.

ඔයාගෙ ගෙදර දොරවල්වලිනුත් අප්‍රසන්න ශබ්දයක් නිකුත් වෙනවා නම් එය ඉවත් කිරීමට සරනේරු මත ඩියෝඩ්‍රන්ට් ටිකක් අතුල්ලන්න.

බෝනස්: දන්තාලේප සහ වැස්ලින් බර වැඩ සඳහාත් විශිෂ්ටයි.

බිත්තියේ සිදුරු තියනවා නම්, දන්තාලේප ස්පැක් කිරීම සඳහා විශිෂ්ට විකල්පයක් ලෙස ක්‍රියා කරනවා. ඔයාගෙ බිත්තියට සමාන වර්ණයකින් දන්තාලේපයක් මිල දී ගන්න. පළවෙනි දන්තාලේප ස්ථරය වියළී ගිය පසු දෙවන ආලේපනයක් අවශ්‍ය ද කියලත් පරීක්ෂා කරන්න.

වැස්ලින් මලකඩ මර්දනකාරකයක් ලෙස ක්‍රියා කරනවා. දම්වැල්, යතුරුපැදි, බෝට්ටු හෝ ඔයා ලඟ තියන සාමාන්‍යයෙන් මලකඩ කන ඕනම දේකට වැස්ලින් එකතු කරන්න. එමගින් උපකරණවල ආයු කාලයත් වැඩිවෙනවා.

Leave a Reply

Your email address will not be published.