ඔබගේ ඇහි බැම ඉක්මනින් වවාගැනීමට වටිනා ක්‍රම කිහිපයක්

විලාසිතා කිසිම වෙලාවක එක තැන තියෙන්නෙ නෑ. කාලෙන් කාලෙට අලුත් වෙනවා. ඇඳුම් සහ උපාංගවලට විතරක්ම නෙවෙයි, මේකප්, හිසකෙස්, නියපොතු සහ ඇහිබැමේ හැඩයටත් මේ තත්වය පොදුයි. ඇහිබැමේ හැඩයත් අද වෙනකොට විලාසිතාවක් බවට පත් වෙලා තිබුණට, ඝනකමට ඇහිබැම වර්ධනය කරගන්න අපි හැමෝම කැමතියි. එතකොට තමයි, ඇහිබැමට කරන විලාසිතාවක් වුණත් ලස්සනට තියෙන්නෙ.

ඉතින් ඔයා සිහින දකින ඇහිබැම ඒ විදිහටම වර්ධනය කර ගැනීමට උපකාර වන ප්‍රයෝජනවත් උපදෙස් මොනවද කියලා අද අපි කතා කරමු.

ඇහිබැමවල දිග, පළල සහ ඝනකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඔයාගෙ ඇහිබැමේ ස්වභාවික හැඩය හොයාගන්න ඔයාගෙ පැරණි ඡායාරූප බලන්න. ඒකට ඔයා ඇහිබැම හදන්න කලින් කාලෙක ගත්ත ඡායාරූපයක් හොයාගන්න ඕන.

ඇහිබැම වර්ධනය කරගන්න ඕන කියලා ඔයා තීරණය කරනවා කියන්නෙ, ඔයාට ආයෙත් ඇහිබැම හදන්න ඕන වෙන්නෙ නෑ කියන එක නෙවෙයි. ඇහිබැමේ ස්වභාවික හැඩයට නැවත පැමිණීම මගින් ඔයාට වඩාත් සුදුසු ඇහිබැම හැඩය තෝරගන්න උදව් වෙනවා.

01. ඉක්මන් වෙන්න එපා.

ඔයත් ඇහිබැම වවාගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඒකට ඉවසීමක් තියෙන්න ඕන. මේ ක්‍රියාවලිය ඔයාට අවශ්‍ය තරම් ඉක්මනින් සිදු වෙන්නෙ නෑ. ගොඩක් අය සතිපතා අනවශ්‍ය ‍රෝම ඉවත් කරන්න පුරුදු වෙලා ඉන්න නිසා, සම්පූර්ණ ඇහිබැම වැවෙන්න මාසයක්වත් යන එකක් නෑ කියලා අපි හිතුවට, ඇත්තටම අපේ ඇහිබැම එහි ස්වභාවික හැඩය දක්වා වැවෙන්න මාස 4-6ක් වගේ කාලයක් ගත වෙනවා.

මේ කාලය තුළ වැදගත්ම වෙන දේ තමයි, ඔයාගෙ ඉවසීම. ඒ වගේම ඔයාගෙ ඉලක්කය අමතක කරන්නත් එපා. මොකද, ඇහිබැම වර්ධනය වෙනකොට මුලින් යම් ආකාරයක අවුල් සහගත බවක් පේන්න තියනවා.

02. නිතර ඇහිබැමි අල්ලන්න එපා.

ඇහි බැම වවන මුළු කාලය පුරාවටම, අනවශ්‍ය රෝම ඉවත් කිරීමට උපකාර වන ටුවිසර්, කතුරු, වැක්ස්, නූල් වගේ හැම ක්‍රමයක්ම අත්හරින්න ඕන.

එක අමතර කෙස් ගහක්වත් මේ කාලය තුළදී ගලවන්න එපා. ඇහිබැම වර්ධනය කිරීම සඳහා සුදුසු හැඩයක් තෝරා ගැනීමට ඇහිබැම නිවැරදි කිරීමේ පළපුරුද්දක් තියන කෙනෙක් හමුවෙන්න යන එක තමයි වඩා හොඳ.

03. ඇහිබැමේ අඩුපාඩු හදාගන්න ඉගෙන ගන්න.

වර්ධනය වන ඇහි බැනේ තරමක අවුල් සහගත බවක් පේන්න තියන බව ඔයා දැනටමත් දන්නවා. ගොඩක් වෙලාවට, අලුත් කෙස් ගස් වර්ධනය වෙනකොට තැනින් තැන හිඩැස් ඇතිවෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට අයි බ්‍රෝ පැන්සලකින් හෝ අයි ෂැඩෝ වලින් ඒ අඩුපාඩු වහගන්න ඔයා දැනගන්න ඕන. හිසකෙස් නිවැරදි දිශාවට යාමට, වැක්ස් හෝ ජෙල් වැනි මෝස්ත‍රකාරක‍යක් භාවිතා කරන්නත් පුලුවන්.

ඇහිබැමේ අඩුපාඩු හදනකොටත් පරිස්සම් වෙන්න. පැන්සල සමට තද කරන්න එපා. රළු හෝ තද බ්‍රෂ් භාවිත කරන්නත් එපා. නැත්නම් ඔයාගෙ ඇහිබැම රෝම ගැලවෙන්න පුලුවන්.

04. ආහාර වේල නිවැරදි කරගන්න.

අපි ගන්න ආහාර අපේ පෙනුමට සෘජුවම බලපානවා. නිරෝගී හිසකෙස් සඳහා අපේ ශරීරයට විවිධ විටමින් සහ ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය අවශ්‍යයි. හිසකෙස් වර්ධනය වේගවත් කිරීම සඳහා ආහාර වේලට බයෝටින්, යකඩ, ඔමේගා-3 මේද අම්ල, සහ විටමින් C, D, සහ E බහුල ආහාර ඇතුළත් කරගන්න ඕන.

බයෝටීන් වලින් පොහොසත් ආහාර වලට කිරි, බිත්තර, හරක් මස් අක්මාව, ඌරු මස්, සැමන්, හතු, සූරියකාන්ත බීජ, වෝල්නට්ස්, කෙසෙල්, සහ බතල ඇතුළත් වෙනවා. හරක් මස් සහ කුකුල් මස් අක්මාව, තැම්බූ හරක් මස්, කුකුල් මස්, ටර්කි, සැමන්, ස්නැපර්, ටූනා, මට්ටි, බෙල්ලන්, බෝංචි, කඩල, ටෝෆු, වියළි ඇප්රිකොට් ඇට සහ නිවිති වගේ ආහාර, යකඩ වලින් පොහොසත්. ඔමේගා-3 මේද අම්ල, මාළු, බිත්තර, කිරි, හණ ඇට සහ අබ තෙල්වල අඩංගු වෙනවා. දොඩම් වලට අමතරව, කිවි, ස්ට්‍රෝබෙරි, බ්‍රොකොලි, වට්ටක්කා, තක්කාලි සහ අර්තාපල් වලත් විටමින් සී තියනවා. මේද මාළු (සැමන්, රේන්බෝ ට්‍රවුට්, සාඩින්, පර්චසය), චීස්, හරක් මස් අක්මාව, බිත්තර කහ මදය, මෙන්ම ධාන්‍ය වර්ග, සෝයා කිරි සහ යුෂ ඇතුළු කිරි නිෂ්පාදනවල විටමින් D අඩංගුයි. ආමන්ඩ්, පයින් ගෙඩි, සූරියකාන්ත බීජ, අලිගැට පේර, රටකජු බටර්, මාළු සහ රතු බෙල් පෙපර් කියන්නෙ විටමින් E බහුල ආහාරයි.

05. කොණ්ඩෙ විතරක් පීරන්න එපා.

හිසකෙස් පීරීම මගින් ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ සමඟ කේෂමූලවල සන්තෘප්තිය උත්තේජනය වෙනවා. අපේ ඇහි බැම සඳහාත් මේ ක්‍රියා පටිපාටිය අවශ්‍යයි. ඒ නිසා දිනපතාම ඇහිබැමත් පීරන්න. ඇහිබැමේ රෝම ඉක්මනින් කැඩෙන සුළු නිසා ගොඩක් තදින් පීරන්න එපා. බ්‍රෂ් එක සෙමින් හිසකෙස් වර්ධනය වන දිශාව දිගේ ගමන් කරවන්න.

06. ඇහි බැම ප්‍රදේශයේ සම ස්ක්‍රබ් කරන්න.

සමේ මැරුණු සෛල ඉවත් කිරීමට සම රැකවරණයේදී ස්ක්‍රබ් කිරීමේ නිෂ්පාදන අත්‍යවශ්‍ය වෙනවා. ඒත් ගොඩක් අය ස්ක්‍රබ් කරනකොට ඇහිබැම අවට ප්‍රදේශය මගහරිනවා. ඒත් ඇහිබැම අවට සමත් හොඳින් ස්ක්‍රබ් කරලා මැරුණු සම ඉවත් කරගන්න ඕන.

ඇහි බැම ප්‍රදේශයේ සම, නව සෛල සෑදීම සඳහා ඉඩක් ලබා දීමට ස්ට්‍රැටම් කෝනියම් වලින් පිරිසිදු කරන්න. විශේෂඥයන් කියන්නෙ මේ ක්‍රියා පටිපාටිය සතියකට වරක් සිදු කරන්න කියලයි.

07. ඒවා මසාජ් කරන්න.

මසාජ් කිරීම මගින් රුධිර සංසරණය වැඩි දියුණු කරන බව අපි කවුරුත් දන්නවා. හිසකෙස් වර්ධනය වැඩි කරගන්නත් ඇහි බැම මසාජ් කරන එක ගොඩක් වැදගත්. සතියකට 2-3 වතාවක් කෙස් වර්ධනයේ දිශාව දිගේ වෘත්තාකාර චලනයකින් ඇහිබැම මසාජ් කරන්න.

විශේෂඥයින් කියන්නෙ මුහුණට සීරම් හෝ තෙල් ආලේප කරන වෙලාවට ඇහිබැමි මසාජ් කරන එක හොඳයි කියලයි.

08. ඇහි බැම වර්ධන නිෂ්පාදනයක් තෝරගන්න.

හිසකෙස් වර්ධනය කියන්නෙ අපේ ශරීරයේ සිදුවෙන ස්වාභාවික ක්‍රියාවලියක්. ඒත් අපි දිගු කලක් තිස්සේ ඇහිබමේ රෝම ගලවා ඉවත් කරපු නිසා නිසා, ඒවායේ ෆොසිලවලට හානි වී දුර්වල වෙලා තියෙන්න පුලුවන්. ඒ නිසා අපි දැන් ඒවා අවදි කර, ශක්තිමත් කරගන්න ඕන.

ඇහි බැම රෝම වැඩීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා, සැලකිලිමත් සහ මොයිස්චරයිසින් නිෂ්පාදන භාවිතා කිරීමට වග බලා ගන්න. මේ සඳහා ඔයාට ගැලපෙන හොඳ නිෂ්පාදනයක් තෝරගන්න පුලුවන්.

ඇහි බැම වර්ධක නිෂ්පාදනයක් මිල දී ගන්නකොට, එහි සංයුතිය කෙරෙහි අවධානය යොමු කරන්න. ප්‍රවීණයන් කියන්නෙ කොලැජන්, ඇමයිනෝ අම්ල, පෙප්ටයිඩ, බයෝටින් සහ කෙරටින් සහිත සීරම් මේ සඳහා හොඳයි කියලයි. මේ නිෂ්පාදන භාවිතා කරනකොට ඒවායේ සඳහන් කර තිබෙන උපදෙස් අනුගමනය කරන්න.

ඇහි බැම වර්ධනය සඳහා ස්වභාවික තෙල්
  • එඬරු තෙල් – හිසකෙස් වර්ධක තෙල් ගැන කතා කරනකොට, මුලින්ම මතක් වෙන දේ තමයි එඬරු තෙල් කියන්නෙ. ඒක ඇහිබැම සඳහාත් හොඳයි. ඇඟිලි තුඩුවලට එඬරු තෙල් ටිකක් ගාගෙන ඇහිබැමේ ආලේප කර විනාඩි 30 කට පසු සෝදා හරින්න.
  • පොල්තෙල් – ඇහි බැම සඳහා කන්ඩිෂනර් එකක් ලෙස පොල්තෙල් භාවිත කරනවා. එමගින් ඇහිබැම ඝනකම්ව සහ සෞඛ්‍ය සම්පන්නව වැවෙන්න උදව් වෙනවා. රෑට නින්දට කලින් පොල්තෙල් ටිකක් ඇහිබැමේ ආලේප කර, උදේට සෝදා ඉවත් කරන්න.
  • සජීවී තෙල් වල ලස්සන ඇහි බැමක් සඳහා අවශ්‍ය විටමින් A සහ ​​E අඩංගු වෙනවා. ඇඟිලි තුඩුවලට තෙල් බිංදුවක් අරගෙන ඇහි බැම මසාජ් කරන්න. පැය කිහිපයකට පසු සෝදා හරින්න.
  • ආමන්ඩ් තෙල් මගින් ඇහිබැම හිසකෙස් මොයිස්චරයිසින් කර එය ශක්තිමත් කරනවා. සති 6-8 කට පසු එය භාවිත කිරීමෙන් පැහැදිලි ප්‍රතිඵලයක් ලබාගන්න පුලුවන්. ඇහිබැමේ ආමන්ඩ් තෙල් ආලේප කර මසාජ් කරන්න. පැය කිහිපයකට පසු සෝදා ඉවත් කරන්න.
  • උස්මා තෙල් කියන්නෙත් ඇහි බැම වර්ධනය කිරීමේ ක්‍රියාවලියට ගොඩක් උපකාරී වෙන අමුද්‍රව්‍යයක්. ඇඟිලිවලින් හෝ බුරුසුවකින් උස්මා තෙල් ස්වල්පයක් ඇහිබැමේ ආලේප කරන්න.

මතක තබා ගන්න! මේ නිෂ්පාදන භාවිතා කිරීමට පෙර ඒවා ඔයාට අසාත්මික නොවන බව සහතික කර ගන්න.

වෙනත් පිළියම්
  • ළූණු යුෂ ඇහි බැම වර්ධනය කිරීමට උපකාරී වෙනවා. එහි සල්ෆර්, සෙලේනියම්, ඛණිජ ලවණ, සහ B සහ C විටමින් බොහෝ අඩංගු වෙනවා. ළූණු මගින් කෙස් කළඹ ශක්තිමත් කරන අතර හිසකෙස් වේගයෙන් වර්ධනය වෙන්න උදව් වෙනවා. කපු පුළුන් කැබැල්ලකින් ඇහි බැම මත ළූණු යුෂ ආලේප කර පැයක් තබන්න. මේක එතරම් ප්‍රසන්න සුවඳක් සහිත පිළියමක් නොවන නිසා ඔයාට අවශ්‍ය නම්, තනුක ලෙමන් යුෂ සමග ළූණු සුවඳ සෝදා ගන්න.
  • බිත්තර කහ මදයේ ඇහි බැම වඩාත් හොඳින් වැඩීමට උපකාර කරන බයෝටින් බහුලව අඩංගු වෙනවා. බිත්තර කහ මදය කපු පුළුන් කැබැල්ලකින් හෝ බුරුසුවකින් ඇහි බැම මත ආලේප කර මිනිත්තු 20ක් තබා, උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න. මේ සත්කාරය සතියකට 2 වතාවක් කරන්න. කහ මදය මගින් සමේ සිදුරු අවහිර කළ හැකි නිසා, ඉතා ස්වල්පයක් පමණක් ඇහිබැමේ ආලේප කර හොඳින් සෝදා හරින්න.
  • කිරිවල කෙස් වර්ධනය උත්තේජනය කරන කැසීන් සහ වේ ප්‍රෝටීන් අඩංගුයි. කිරිවල පොඟවා ගත් කපු පෑඩ් එකකින් ඇහි බැම දිනපතා මසාජ් කරන්න. මිනිත්තු 15ක් ඇහි බැම මත කිරි තබා, පසුව ජලයෙන් සෝදා හරින්න.
  • ලෙමන් කියන්නෙ විටමින් බී සහ සී, වගේම ෆෝලික් අම්ලය බහුල පලතුරක්. ඇහි බැම ලෙමන් කැබැල්ලකින් අතුල්ලමින් විනාඩි 20කට පසු එහි ඉතිරි යුෂ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මේ සත්කාරයෙන් පසු, පැය 2ක් හිරු එළියට නොයෑමට වග බලා ගන්න. නැත්නම් ඇහිබැමේ රෝම බුරුල් වෙන්න පුලුවන්. සංවේදී සමක් තියන අය සහ ලෙමන් වලට ආසාත්මිකතා දක්වන අය නේ ක්‍රමය භාවිතා කිරීමෙන් වලකින්න.
  • කෝමාරිකා වල හිසකෙස් වර්ධනය වැඩි දියුණු කරන ඇලෝනින් අඩංගු වෙනවා. කෝමාරිකා මගින් හිසකෙස් වඩාත් ඇදෙනසුළු කරන අතර ඒවා කැඩීම වළක්වනවා. දවසට කිහිප වරක් කෝමාරිකා ජෙල් ස්වල්පයක් ඇහිබැම මත ආලේප කරන්න.
    1. කෝමාරිකා කඳේ කොටසක් පරිස්සමෙන් කඩා ගන්න.
    2. ඉහළ කොටසේ පොත්ත ඉවත් කර එහි තිබෙන ජෙල් ඇහිබැම තුළට අතුල්ලන්න.
    3. ඉතිරි කෝමාරිකා කොටස් ශීතකරණයේ ගබඩා කරන්න.

මතක තබා ගන්න! මේ නිෂ්පාදන භාවිතා කරන්න කලින්, ඒවා ඔයාට අසාත්මික නොවන බව සහතික කර ගන්න.

Leave a Reply

Your email address will not be published.