ඔබගේ කොන්දට හානිකරන හෑන්ඩ්බෑග් වර්ග 9 ක් සහ ඒවාට විසදුම්

අද වෙනකොට කාන්තා අත්බෑග් වෙළඳපොළටත් ලොකු ඉල්ලුමක් තියනවා. ඇඳුමට ගැලපෙන විදිහට සහ අවස්ථාවට ගැලපෙන විදිහට බෑග් තෝරගන්න කාන්තාවන් උනන්දුයි. ටෝට්ස්, ක්ලච්, සහ සැචල් බෑග් වගේ ජනප්‍රිය වර්ග බොහොමයක් දැන් වෙළඳපොළේ තිබෙනවා. ඒත් මේ බෑග් නිසා අපට දරුණු සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්න පුලුවන් බව ඔයා දැනගෙන හිටියද? තමන් කොන්දේ වේදනාවෙන් හෝ වෙනත් වේදනාකාරී තත්වයන්ගෙන් පෙළෙන බව හා, අප බෑග් රැගෙන යන ආකාරය මේ ගැටලුව බලපාන බවත් වැඩිහිටියන් පවසනවා.

අපි අපේ යහපැවැත්ම අගය කරන නිසයි, අද අපි ඔයාගෙ බෑග් එක හරියටම අරගෙන යන්න ඕන කොහොමද කියලා ඔයාව දැනුවත් කරන්න මේ ලිපිය අරගෙන එන්නේ.

01. උඩින් හැන්ඩ්ල් එක තියන බෑග්

මේ බෑගය සාමාන්‍යයෙන් ශක්තිමත් ද්‍රව්‍යවලින් හදපු එකක්. ඒක තියෙන්නෙ අතේ ගෙනියන්නයි. මේ විදිහට බෑග් එජ වළමිටේ දාගෙන යනකොට බෑගය බොහෝ විට ශරීරයට දුරින් තිබෙන නිසා බෙල්ල සහ උරහිස් මත පීඩනයක් ඇතිවෙනවා.

හරියටම ගෙනියන්නෙ මෙහෙමයි: බෙල්ලේ සහ උරහිසේ වේදනාව සමනය කිරීම සඳහා, උඩින් හැන්ඩ්ල් එක තියන බෑගය වරින් වර ක්ලච් එකක් වගේ කිහිල්ල යට තබාගෙන අරගෙන යන්න.

02. ඇඟ හරහා දමාගෙන යන බෑගය

මේ බෑගය ශරීරය හරහා ගෙනියන්න හදලා තිබ්බට ගොඩක් කාන්තාවන් ඒක අරන් යන්නෙ එක උරහිසක් මත විතරයි. මේ නිසා, ඉහළ පිටුපස සහ බෙල්ල කැක්කුම ඇති වෙන්න ඉඩ තියනවා.

හරියටම ගෙනියන්නෙ මෙහෙමයි: මේ වගේ දිග පටියක් තියන බෑග් එකක් අරගෙන යනකොට හැම විටම ඇඟ හරහා පටිය වැටෙන විදිහට දාගන්න. පීඩනය සමතුලිත කිරීමට වරින් වර උරහිස් මාරු කරන්න.

03. හෝල්ඩෝල් බෑගය

අපේ ක්‍රීඩා ඇඳුම් සහ උපකරණ රැගෙන යාමට හෝ ට්‍රැවල් කරනකොට ගෙනියන දේවල් දාගෙන යන්න තමයි මේ බෑග් වර්ගය භාවිතා වෙන්නෙ. මේ වර්ගයේ බෑග් ගොඩක් බර නිසා කොඳු ඇට පෙළට අනතුරුදායකයි. ශරීරයේ එක් පැත්තකට විතරක් බර පැටවෙන නිසා කොඳු ඇට පෙළ ඇද වෙන්න වුණත් පුලුවන්.

හරියටම ගෙනියන්නෙ මෙහෙමයි: මේ සඳහා රෝද සහිත බෑගයක් තෝරා ගැනීම වඩා හොඳයි. ඒත් ඔයාට දැනටමත් තියෙන්නෙ රෝද නැති බෑග් එකක් නම්, එය ශරීරය පුරා හැකි පරිදි ඉහළින් එල්ලාගන්න. ඒ වගේම බෑගය එල්ලන උරහිස නිතර වෙනස් කරන්න.

04. බෑග් පැක්

කොන්දේ වේදනාව වළක්වා ගැනීම සඳහා භාවිත කළ හැකි හොඳම බෑග් වර්ගය තමයි මේ. ඒත් ගොඩක් තුනී පටි සහිත බැක්පැක් එකක් තෝරා ගැනීම, එය එක් උරහිසක් මත පමණක් රැගෙන යාම හෝ එය ඉතා පහත් ලෙස එල්ලාගෙන සිටීම මගින් දිගු කාලීන කොන්දේ ගැටළු වලට හේතු විය හැකියි.

හරියටම ගෙනියන්නෙ මෙහෙමයි: බර වඩා හොඳින් බෙදා හැරීමට මහත පටි සහිත බැක්පැක් එකක් තෝරගන්න. හැම විටම එය උරහිස් දෙකට යටින් රැගෙන යාමට මතක තබා ගන්න.

05. සැචල් බෑගය

ලැප්ටොප් පරිගණකය සහ වැඩ ද්‍රව්‍ය විලාසිතාමය ආකාරයෙන් රැගෙන යාමේ මාර්ගයක් විදිහට තමයි මේ සැඩල් බෑහ් එක ජනප්‍රිය වුණේ. ඒත් මේ සියලු දේවල් නිසා මේ බෑග් එක ගොඩක් බරයි. එතකොට මේ බෑග් එක වැරදි ඉරියව්වකින් අරගෙන යන්න පුරුදු වුණොත් ඔයාගෙ අත, බෙල්ල සහ පිටුපස වෙහෙසට පත් වෙනවා.

හරියටම ගෙනියන්නෙ මෙහෙමයි: පටියක් සහිත සැචල් බෑග් එකක් තෝරගන්න. එය සමඟින්, බර වඩාත් ඒකාකාරව බෙදා හැරීමට බෑගය ඔබේ ශරීරය හරහා දමාගන්න.

06. ක්ලච් බෑගය

ක්ලච් එක කුඩා වන අතර වස්තු කිහිපයක් පමණක් රැගෙන යා හැකි නිසා, කොන්දේ වේදනාවෙන් පෙළෙන පුද්ගලයන් සඳහා මේ බෑගය නියමයි. කොහොම වුණත්, එය අතින් රැගෙන යාමෙන් උරහිස එක් පැත්තකින් පහත් වෙන්න පුලුවන්.

හරියටම ගෙනියන්නෙ මෙහෙමයි: ඔයාගෙ දෑත් නිදහස් කර කිහිල්ල යට ක්ලච් එක රැගෙන යන්න. එක් උරහිසක ආතතිය රැඳීම වළක්වා ගැනීමට, ඉඳහිට පැති මාරු කරන්න.

07. ටෝට් බෑගය

ටෝට් බෑගය විශාල වන තරමට එය සෞඛ්‍යයට අහිතකරයි. එහි බර බව සහ රැගෙන යා හැක්කේ එක් පැත්තකින් පමණක් වීම නිසා අසමතුලිතතාවයක් හෝ dropped shoulder syndrome කියන ආබාධය ඇතිවෙන්නත් ඉඩ තියනවා. මෙය සිදු වන්නේ උරහිස මත දිගු කාලීන බරක් තබාගෙන සිටීමෙන් පසු ස්නායුවකට හානි වන නිසයි.

හරියටම ගෙනියන්නෙ මෙහෙමයි: ටෝට් බෑගය උපරිමයෙන් පුරවා ගන්න එපා. අවශ්‍යම දේවල් කිහිපයක් විතරක් බෑග් එකට දාගන්න. මාංශපේශි සහ ස්නායු වෙහෙසට පත් වීම වැළැක්වීමට නිතරම පැති මාරු කරන්න.

08. අතේ ගෙන යා හැකි කුඩා බෑගය

අතේ ගෙන යා හැකි කුඩා බෑගය මෑතක දී අලුත් වුණු 90 ගණන්වල ට්‍රෙන්ඩ් එකක්. මේක අරගෙන යන්න වෙන්නෙ අතේ විතරක් නිසා, එමගින් වැලමිට, මැණික් කටුව සහ අතේ ආතතිය වැඩි කරනවා. එයට ඔයාගෙ ඇවිදින ආකාරයත් වෙනස් කරන්න පුලුවන්.

හරියටම ගෙනියන්නෙ මෙහෙමයි: ඔයාට ඕන කුඩා බෑග් එකක් නම් අතේ ගෙනියන බෑග් එක වෙනුවට ෆැනි පැක් එකක් අරගන්න. මේ වර්ගයේ බෑගයක් සිරුරට සමීප කර ගෙන අරගෙන යන්න පුලුවන් නිසා, අත් සහ උරහිස් ආතතියයෙන් නිදහස් වෙනවා.

09. දම්වැල් පටි බෑගය

දම්වැල් පටි සහිත බෑග්වලට ඔයාගෙ පෙනුමට විලාසිතාමය පෙරළියක් අරගෙන එන්න පුලුවන්. ඒත් ඒක ඔයාගෙ ශරීරයට හොඳ නෑ. ලෝහමය ද්‍රව්‍ය උරහිස් වලට ඉතා වේදනාකාරීයි.

හරියටම ගෙනියන්නෙ මෙහෙමයි: ඔයාගෙ උරහිස් වේදනාව සමනය කර ගැනීමට, එය ඔයාගෙ සිරුර හරහා දාගෙන විටින් විට පැති මාරු කිරීමට උත්සාහ කරන්න.

Leave a Reply

Your email address will not be published.