ඔබගේ කොන්දට හානි නොවන හෑන්ඩ් බෑගයක් තෝරා ගැනීමට ඉඟි 9ක්

බෑග් කියන්නෙ ලස්සනට විතරක් පාවිච්චි කරන දෙයක් නෙවෙයි. කාන්තාවන් වන අපිට නම් කොහේ ගියත් පොඩි අත් බෑගයක් නැතුවම බෑ. ඒ වගේම අපි භාවිතා කරන බෑග් එක අපේ ඉරියව්වලට, අපේ ශරීර ශක්තියට සහ ආපේ ශරීරයේ හැඩයට පවා බලපානවා. ඒ නිසා ශරීරයට කිසිසේත්ම හානියක් නොවන බෑගයක් තෝරා ගන්නේ කොහොමද කියලා දැන ගන්න එක ගොඩාක් වැදගත් වෙනවා.

ඒ නිසා හානිකර නොවන හොඳ බෑග් එකක් තෝරගන්නකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා ඔයාව දැනුවත් කරන්න අපි හිතුවා.

01. ඇඟට සමීපව පවතින බෑගයක් තෝරගන්න

ඔයාගෙ සිරුරට සමීපව පවතින බෑගයක් තෝරාගත්තම එහි බර ඒකාකාරව බෙදිලා යනවා. ඒ වගේම බෑග් එකේ පටිය ඇඟ හරහට දාගන්න. ඒ කියන්නෙ දකුණු උරහිසේ පටිය තියනවා නම්, බෑග් එක ඔයාගෙ සිරුර හරහා සහ වම් පැත්තට දාගන්න. කැමති වෙලාවට කැමති උරහිසකට පටිය දාගත්තට ප්‍රශ්නයක් නෑ.

02. අත්වල රැගෙන යාමට අවශ්‍ය බෑග් වලින් වළකින්න.

අත්වල පමණක් රැගෙන යා හැකි බෑග් තෝරගැනීමෙන් වළකින්න. ඔයා ඔයාගෙ අතෙන් බෑගයක් අරගෙන යන විට, එය වැලමිට, උරහිස, මැණික් කටුව සහ බෙල්ලේ ගැටලු ඇති කරන්න පුලුවන්.

03. බෑගයේ බර ගැන අවධානය යොමු කරන්න.

බෑග් එකේ බර ගැන අවධානය යොමු කිරීම ගොඩක් වැදගත්. බෑග් එකේ ඇතුළත දේවල් අරගෙන යන නිසා, ඔයාගෙ සිරුරේ බරෙන් 10%කට වඩා නොවැඩි බරකට බෑග් එක තියාගන්න.

04. දම්වැල් වලින් ඈත් වන්න.

දම්වැල් කියන්නෙ බෑගයක් මෝස්තරයක් බවට පත් කරන කොටසක් වුණත්, ඒක ඔයාගෙ ශරීරයට අනතුරු ඇති කරන්න පුලුවන්. ඒවා බර වන අතර උරහිසේ සමට තුවාල ඇති කරනවා. ඒ වෙනුවට ඔයාගෙ ඇඟට හානියක් නොවන කෙටි සහ මෘදු හැන්ඩ්ල් සහිත බෑගයක් තෝරගන්න.

05. බෑගය පරීක්ෂා කර බලන්න.

සමහර විට දේවල් පේන ආකාරයටම තියෙන්නෙ නෑ. බෑගය මිලදී ගැනීමට පෙර එය පරීක්ෂා කර බැලීම වැදගත් වෙන්නෙ ඒ නිසයි. උරහිසට දාලම හැඩ සහ සුවපහසු බව බලන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.

06. කුඩා මාදිලි තෝරගන්න.

කුඩා බෑග් තෝරගැනීමෙන් ඔයාගෙ ඇඟටත් සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේම ඔයාට ගොඩක් දේවල් අරගෙන යන්න ඕන කියලා හිතෙන්නෙත් නෑ.

07. හොඳින් ගොඩනගා ඇති බෑග් වෙත යන්න.

බෑගයට හැඩයක්, ස්ථිර පදනමක් සහ ඇතුළත සාක්කු තියනවා නම්, එය බර හොඳින් බෙදා හරිනවා. ශරීරයට හානියක් නොවන පරිදි, මේ විශේෂාංග තියන බෑග් තෝරගන්න. එතකොට බෑග් එකේ ප්‍රමාණය වැදගත් වෙන්නෙ නෑ.

08. ඔයාගෙ සිරුරේ ශක්තිමත් කොටස්වල රැගෙන යා හැකි බෑග් තෝරන්න.

Backpacks සහ fanny packs කියන්නෙ ඔයාගෙ ශරීරයෙන් ඕනෑවට වඩා ශක්තිය ඉල්ලීමකින් තොරව ඔයාගෙ දේවල් රඳවා තබා ගැනීමට හොඳ විකල්පයක්. ඔයාගෙ පිටුපසට සහ පහළ කශේරුකාවට, බෙල්ලට, ඉහළ පිටුපසට හා නළල වලට වඩා වැඩි බරක් දරාගන්න පුලුවන්.

09. විශාල පටි තෝරා ගන්න.

ඔයා ඔයාගෙ බෑගය තෝරනකොට පටිය ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. පටිය ඉතා සිහින් නම්, එයට බෑග් එකේ බර රඳවා තබා ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන්න බෑ. ඊට අමතරව එය ඔයාගෙ සමට හානිකර වෙන්නත් පුලුවන්. ඒ නිසා, විශාල පටි සහිත බෑග් තෝරගන්නවා නම් එය ඔයාගෙ ශරීරයට වඩාත් සුදුසුයි.

Leave a Reply

Your email address will not be published.