ඔබගේ පියාගෙන් පමණක් ඔබට උරුම වන අපූරු ලක්ෂණ 6 ක්

ජීව විද්‍යාවට අනුව, අපේ DNA වෙතින් 50% ක් අපේ මව්වරුන්ගෙන් 50% ක් සහ ආනෙක් 50% අපේ පියවරුන්ගෙන් උරුම වන බව අපි දන්නවා. කොහොම වුණත් මේ විද්‍යාත්මක කරුණෙන් අදහස් වෙන්නෙ දෙමව්පියන් දෙන්නම තම දරුවාට භෞතික ලක්ෂණ සහ ජානමය ලක්ෂණ සමාන ප්‍රමාණයක් ලබා දෙන බව නෙවෙයි. ඇත්තටම, දරුවන්ට එයාලගෙ ජානමය ලක්ෂණවලින් 60% ක්ම ලැබෙන්නෙ තමන්ගෙ පියාගෙන්.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ඔයාට ඔයාගෙ තාත්තගෙන් පැමිණීමට වැඩි ඉඩක් තියන ජානමය ලක්ෂණ 6ක් ගැනයි.

01. උස

“එයා නම් එයාගෙ තාත්තා වගේම උසයි” කියලා අපිත් සමහර අය ගැන කතා වෙලා තියනවා නේද? ඇත්තටම මේ බව විද්‍යාවෙනුත් තහවුරු කරලා තියනවා. පුද්ගලයෙකුගේ උස තීරණය වෙන්නෙ දෙමව්පියන් දෙදෙනාගෙන් උරුම වී ඇති ජානමය වෙනස්කම් 700 කින්. කොහොම වුණත් දෙමාපියන් දෙදෙනාගෙ උස ජානය ක්‍රියා කරන්නෙ තරමක් වෙනස් විදිහකටයි. උදාහරණයක් විදිහට, පියාගේ ජාන වර්ධනය උත්තේජනය කිරීමේදී වැදගත් වන අතර එම නිසා උස.

02. වෙනස් දත්

පියාට දුර්වල දන්ත සෞඛ්‍යයක් තියන අවස්ථාවලදී, මවට හොඳ දන්ත සෞඛ්‍යයක් තිබුණත්, දරුවාට ලැබෙන්නෙ දුර්වල දන්ත සෞඛ්‍යයක්. සමහර විට දත් කුහරවල සිට දත් දිරායාම දක්වා සහ ඒ අතර තිබෙන සියලුම දන්ත ගැටලු පියාගේ මුඛයෙන් කෙලින්ම දරුවාට ලැබෙන්න පුලුවන්.

03. ලිංගභේදය

අලුත උපන් බිළිඳුන්ගේ ලිංගභේදය සඳහා 100% ක්ම වගකිව යුතු වෙන්නෙ පියා යි. ලිංගික වර්ණදේහ කියලා පොදුවේ හඳුන්වන X සහ Y වර්ණදේහ මගින් තමයි දරුවාගේ ලිංගභේදය තීරණය වෙන්නෙ. ගැහැණු ළමයින්ට තම පියාගෙන් X වර්ණදේහයක් උරුම වන අතර, එහි ප්‍රතිඵලයක් විදිහට XX ප්‍රවේණි වර්ගයක් ඇතිවෙනවා. පිරිමි ළමයින්ට තම පියාගෙන් Y වර්ණදේහයක් උරුම වන අතර, එවිට XY ප්‍රවේණි වර්ගයක් ඇතිවෙනවා. මව්වරුන්ට තියෙන්නෙ X වර්ණදේහ විතරක් නිසා, දරුවාගේ ලිංගභේදය සම්පූර්ණයෙන් පාලනය කරන්නේ පියවරුන් කියලා කියන එක නිවැරදියි.

04. ඩිම්පල්ස්

ගොඩක් සංස්කෘතීන්වල ඩිම්පල් කියන්නෙ අලංකාරය සහ ආකර්ෂණීය බවේ සලකුණක් විදිහට සැලකෙනවා. කොහොම වුණත්, විද්‍යාඥයින් කියන විදිහට ඩිම්පල් කියන්නෙ මුහුණේ මාංශපේශී කෙටි වීම නිසා ඇති වූ දෝෂයක්. ඒ වගේම ඩිම්පල් ඇතිවෙන්නෙත් පියාගේ ජානමය උරුමයක් විදිහටයි.

05. ඇඟිලි සලකුණු

සාමාන්‍යයෙන් ඇඟිලි සලකුණු දෙකක් එක සමාන වෙන්නෙ නෑ. ඒත් ළදරුවෙකුගේ ඇඟිලි සලකුණු එයාගෙ පියාගේ ඇඟිලි සලකුණු වලට සමාන වෙන්න පුලුවන්. ඒ කියන්නෙ ඇඟිලි සලකුණු රටාවත් අපට තාත්තාගෙන් උරුම වුණු ජානමය ලක්ෂණයක්.

06. කිවිසුම් යාම

හිරු දෙස හෝ වෙනත් දීප්තිමත් ආලෝකයන් දෙස බලාගෙන ඉන්නකොට පාලනයකින් තොරව කිවිසුම් යන එකත් දරුවෙක්ට තම පියාගෙන් ලැබෙන ජානමය ලක්ෂණයක්. මේ තත්ත්වය Achoo syndrome ලෙස හඳුන්වනු ලබන අතර එය පිය පාර්ශ්වයෙන් දරුවන්ට උරුම වෙනවා.

Leave a Reply

Your email address will not be published.