ඔබගේ ස්වාභාවික ලස්සන නැවත ගැනීමට කෝපි සමග ගත හැකි වට්ටෝරු 5 ක්

උදේට නැවුම් කෝපි කෝප්පයක් බිව්වම දවසම ප්‍රබෝධමත් විදිහට පටන් ගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, දවස පුරාම මහන්සි දැනෙන ඕනම වෙලාවක රසවත් විවේකයක් ගන්න හොඳම විසඳුමක් තමයි කෝපි කෝප්පයක් බොන එක. කැෆේන් කියන්නෙ රූපලාවණ්‍ය ලෝකයේ සම උත්තේජනය කිරීමට සහ අවදි කිරීමටද විශිෂ්ට වන, අප දිනපතා බොන කෝපිවල අඩංගු ප්‍රධාන අමුද්‍රව්‍යයි.

ඉතින් ගෙදරදි ලේසියෙන්ම හොයාගන්න පුලුවන් කෝපි වලින් ලස්සන වෙන්නෙ කොහොමද කියලයි අද අපි ඔයාට කියන්නෙ.

සම සහ හිසකෙස් සඳහා කෝපි වල ප්‍රතිලාභ

කෝපි වල ප්‍රධාන ඇල්කලෝයිඩ් සංයෝගයක් වන කැෆේන් අඩංගු වෙනවා. රූපලාවණ්‍ය ද්‍රව්‍ය තුළත්, මේ මූලද්‍රව්‍යය සමේ සෞඛ්‍යයට ගොඩාක් වාසි ලබාදෙනවා. ඔයා පාවිච්චි කරන රූපලාවණ්‍ය නිෂ්පාදනවල ලේබල් දිහා බැලුවොත් ඔයාටත් පෙනේවි ඒ හැම එකකම කැෆේන් අඩංගු වෙනවා කියලා.

සමේ වර්ගය සහ ප්‍රතිකාර කළ යුතු ප්‍රදේශය අනුව, කැෆේන් විවිධ ආකාරවලින් ක්‍රියා කරනවා. මේ ද්‍රව්‍යය ඔයාගෙ සම ලස්සන කරනවා විතරක් නෙවෙයි, හිසකෙස් නිරෝගී සහ දිලිසෙන බවට පත් කිරීමට උපකාරී වන කෘත්‍රිම සංයෝගවලින් තොර, ක්‍රීම්, ෂැම්පු සහ ස්ක්‍රබ් වගේ දේවල් ගෙදරදිම හදාගන්නත් පුලුවන්. මෙන්න ඉතා පහසු වට්ටෝරු 5ක්.

01. ස්ක්‍රබ්

කෝපි කියන්නෙ ස්වාභාවික ස්ක්‍රබ් එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් අමුද්‍රව්‍යයක්. සමේ මැරුණු සෛල ඉවත් කිරීමට කෝපි ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. එමගින් කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කරන අතර ප්‍රති-ගිනි අවුලුවන කාරකයක් ලෙස ක්‍රියා කරනවා. කෝපි ස්ක්‍රබ් එකකින් පස්සේ බෙල්ලේ සහ මුහුණේ සම මෘදු, පිරිසිදු සහ සිනිඳු වෙනවා දැකගන්න පුලුවන්.

අවශ්‍ය වෙන්නේ:

  • කුඩු කරගත් කෝපි කෝප්ප 1 (ග්‍රෑම් 150)
  • දුඹුරු සීනි කෝප්ප 1 (ග්‍රෑම් 200)
  • ඔලිව් තෙල් තේ හැඳි 3 (ග්‍රෑම් 48)
  • මී පැණි තේ හැඳි 2 (ග්‍රෑම් 50)

සූදානම් කරන්නේ මෙහෙමයි:
සියලුම මූලද්‍රව්‍ය එකට මිශ්‍ර කරන්න. මිශ්‍රණය ගොඩක් ඝන නොවිය යුතුයි. මුහුණ මත පැතිරීමට පහසු ලෙස මිශ්‍රණය හදාගන්න.

භාවිතා කරන්නේ මෙහෙමයි:
මුහුණ සහ බෙල්ල පුරා හදාගත් කෝපි ස්ක්‍රබ් එකෙන් තට්ටුවක් යොදන්න. ඒ සමගම සම රවුමට මසාජ් කරන්න. එය වියළෙන තෙක් එය හිඳගෙන උණුසුම් ජලයෙන් සෝදා හරින්න. සතියකට වරක් මේ ස්ක්‍රබ් එක කරන්න. මිශ්‍රණයේ ඉතිරි කොටස බඳුනක දමා වසාගෙන ශීතකරණය තුළ තබන්න.

02. තොල් ස්ක්‍රබ්

තොල් කියන්නෙ සුන්දර සිනහවේ ප්‍රධානම අංගයක්. ඒ නිසා තොල් දෙක සජලනය සහ නිරෝගීව තබා ගන්න ඕන. ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමෙන්, දිනපතා තොල් ආලේපනයක් භාවිතා කිරීමෙන් සහ වියළි සම ඉවත් කිරීමෙන් ලස්සන තොල් දෙකක් පවත්වගන්න පුලුවන්. හොඳම දේ තමයි, තොල් ලස්සන කරගන්න ස්ක්‍රබ් එකක් ගෙදරදිම හරිම පහසුවෙන් හදාගන්න පුලුවන්.

අවශ්‍ය වෙන්නේ:

  • කුඩු කරගත් කෝපි තේ හැඳි 1ක්
  • ඔලිව් තෙල් තේ හැඳි 2ක් (හෝ කැමති වෙනත් තෙල් වර්ගයක් ගන්න)

සූදානම් කරන්නේ මෙහෙමයි:
අමුද්‍රව්‍ය දෙකම කෝප්පයක හෝ බඳුනක දමා පේස්ට් එකක් මිශ්‍ර වන තෙක් මිශ්‍ර කරන්න.

භාවිතා කරන්නේ මෙහෙමයි:
ස්ක්‍රබ් එක තොල්වල ආලේප කරන්න. ඇඟිල්ල භාවිතා කර රවුම් චලිතයකින් මෘදු ලෙස සම්බාහනය කරන්න. මේ සත්කාරය සතියකට 3 වතාවක් කරන්න. වතුරෙන් සෝදා ඉවත් කර තොල්වල මොයිස්චරයිසින් බාම් එකක් ගාන්න.

03. ෂැම්පු

කෝපි වල හිසකෙස් සහ හිස්කබල රැකවරණය සඳහා විශිෂ්ට වන ගුණාංග අඩංගු වෙනවා. එය රුධිර සංසරණය උත්තේජනය කරන අතර සමේ මැරුණු සෛල ඉවත් කරනවා. හිසකෙස් ගැලවී යාම වළක්වනවා. හිසකෙස් ශක්තිමත් කරනවා. කෙස්වල ස්වභාවික වර්ණය ටිකක් තද පාට කර කොණ්ඩෙට ප්‍රසන්න සුවඳක් ලබාදෙනවා. දිගු සහ නිරෝගී කෙස් කළඹක් ගැන හීන දකින කෙනෙක් නම් මේ ගෙදර හැදූ ෂැම්පු එක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

අවශ්‍ය වෙන්නේ:

  • උදාසීන ෂැම්පු
  • කුඩු කරගත් කෝපි මේස හැඳි 5ක්
  • වතුර කෝප්ප 1ක්

සූදානම් කරන්නේ මෙහෙමයි:
මේ ෂැම්පු එක හදන්න නම් ඉස්සෙල්ලම ඉයා ගොඩක් රසායනික ද්‍රව්‍ය අඩංගු නැති, සැර අඩු ෂැම්පු එකක් තෝරගන්න. වතුර උණු කිරීමකින් තොරව මඳක් රත් කරන්න. එය ටිකක් සිසිල් කර එම කෝප්පයේම කෝපි සමග ජලය මිශ්‍ර කරන්න. හොඳින් කලවම් කර, පුනීලයක් ආධාරයෙන් මිශ්‍රණය ෂැම්පු බෝතලයට වත් කරන්න. මූඩිය වසා හොඳින් සොලවන්න. ෂැම්පු භාවිතා කිරීමට පෙර පැය 2ක් සිටීමට ඉඩ දෙන්න.

භාවිතා කරන්නේ මෙහෙමයි:
රවුම් චලිතයකින් හිස්කබල සම්බාහනය කරමින්, සාමාන්‍යයෙන් කරන විදිහටම ෂැම්පු යොදන්න. හිස්කබලේ මිනිත්තු 5ක් තබා හොඳින් සෝදා හරින්න. සතියකට 2 හෝ 3 වරක් භාවිත කරන්න.

04. ඇස්වටා අඳුරු ලප

අඩු නින්ද, ආතතිය, හෝ අසනීප තත්ව නිසා ඇස් යට අඳුරු වෙන්න පුලුවන්. එමඟින් ඔයාට වෙහෙසට පත් බවක් සහ මහලු පෙනුමක් ලබාදෙනවා. ඒත් මේ ඇස් වටා අවුරු බව නැති කරගන්න හරිම ලේසියි. ඔයාට ඕන වෙන්නෙ කෝපි සහ අර්තාපල් කියන ලේසියෙන්ම හොයාගන්න පුලුවන් අමුද්‍රව්‍ය දෙක විතරයි.

අවශ්‍ය වෙන්නේ:

  • සීනි නොමැතිව හදාගත් සාන්ද්‍ර කළු කෝපි කෝප්ප 1/4 ක්
  • අර්තාපල් පෙති 2ක්

සූදානම් කරන්නේ මෙහෙමයි:
අර්තාපල් පෙති 2 ඉතා සීතල කළු කෝපි කෝප්පයක පොඟවා ගන්න. විනාඩි 2ක් කෝපි වල ගිල්වා තබා ඉවතට ගන්න.

භාවිතා කරන්නේ මෙහෙමයි:
අර්තාපල් පෙති දෙක ඇස් මත තබා විනාඩි 20ක් ඉන්න. හොඳ ප්‍රතිඵලයක් ලැබෙන තුරු මේ සත්කාරය කරන්න.

05. ශරීර ස්ක්‍රබ්

කෝපි මගින් රුධිර සංසරණය උත්තේජනය කරන නිසා, සෙලියුලයිට් සමඟ සටන් කිරීමට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මෙය සම්බන්ධක පටක තුල එකතු වන අතිරික්ත තරල ඉවත් කිරීමට උපකාරී වෙනවා. ඔයාගෙ රූපලාවන්‍ය දින චර්යාවට කෝපි ඇතුළත් කරගන්න එක මේ තරම් වැදගත් වෙන්නෙ ඒකයි.

අවශ්‍ය වෙන්නේ:

  • කුඩු කරගත් කෝපි තේ හැඳි 5ක්
  • තිරිඟු විෂබීජ තෙල් තේ හැඳි 3ක්
  • ප්ලාස්ටික් ඇසුරුම්

සූදානම් කරන්නේ මෙහෙමයි:
අමුද්‍රව්‍ය දෙකම ඝන පේස්ට් එකක් හැදෙන තෙක් බඳුනක දමා මිශ්‍ර කරගන්න.

භාවිතා කරන්නේ මෙහෙමයි:
කලවා, අත්, තට්ටම්, සහ බඩ වගේ ප්‍රදේශවල මිශ්‍රණය යොදන්න. ප්ලාස්ටික් එතුමකින් ආවරණය කර මිනිත්තු 30 ක් තබන්න. ප්ලාස්ටික් රැප් එක ඉවත් කර, එම ප්‍රදේශය රවුම් චලිතයකින් විනාඩි 5ක් සම්බාහනය කර උණුසුම් ජලයෙන් සෝදා හරින්න. සතියකට දෙවරක් මේ ස්ක්‍රබ් එක භාවිතා කරන්න.

Leave a Reply

Your email address will not be published.