ඔබගේ හිසකෙස් ශක්තිමත් ලෙස වවාගැනීමට උපදෙස් 7 ක්

කාන්තාවන්ගෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයකට එයාලගෙ ජීවිත කාලය තුළ කැපී පෙනෙන හිසකෙස් හැලීමක් දකින්න ලැබෙනවා. මේක විශේෂයෙන්ම ළදරුවන් ඉන්න හෝ ආර්තවහරණය ආරම්භ කර ඇති වයස අවුරුදු 40ට වැඩි කාන්තාවන්ට තමයි වැඩිපුරම අත්විඳින්න සිදුවෙන්නෙ. මේකට තාවකාලික විසඳුමක් විදිහට කොණ්ඩය කොට කරන්න පුලුවන් තමයි, ඒත් ඒකෙන් කොණ්ඩෙ යන එක නම් නවතින්නෙ නෑ.

අපේ ශරීරයේ හැම කොටසක්ම නිරෝගීව තියාගන්න එක ගොඩක් වැදගත්. ඉතින් අද අපි බලමු, කොණ්ඩය අලුත්වැඩියා කරන්න අපිට අත්හදා බලන්න පුලුවන් ක්‍රම මොනවද කියලා.

01. හිස්කබලට පමණක් තෙල් ස්වල්පයක් යොදන්න.

හිසකෙස් වර්ධනයට තෙල් උපකාරී වුණත්, කොණ්ඩෙට ඕනෑම දෙයක් යොදන්න කලින්, එය සම්පූර්ණ දිග සඳහා කර ගැනීමට සහතික කර ගන්න. උදාහරණයක් විදිහට, හිසකෙස් වැඩි දියුණු කිරීම සඳහා හිස්කබල පමණක් පොහොසත් කිරීමට එඬරු තෙල් යොදාගන්න.

02. ඕනෑම වෛද්‍යමය දෙයක් තෝරා ගැනීමට පෙර මෘදු ෂැම්පු එකක් උත්සාහ කරන්න.

හිස්හොරි තියන කෙනෙක් නම්, විශේෂ ෂැම්පු එකක් මිලදී ගැනීමට ෆාමසියට දුවන්න කලින්, හිස්කබලේ තෙල් ගතිය අඩු කිරීමට මෘදු ෂැම්පු එකක් උත්සාහ කරන්න. ඒකෙන් ප්‍රතිඵලයක් නැත්නම් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන හිසකෙස් ෂැම්පු භාවිත කිරීමට පටන් ගන්න.

වියළි හිස්කබල සහ හිසකෙස් සම්බන්ධ ගැටළු අසාත්මිකතා හෝ හෝමෝන වෙනස්කම් වල ප්‍රතිඵලයක් විය හැකි බව අමතක කරන්න එපා. කොණ්ඩෙට රසායනික නිෂ්පාදනයක් උත්සාහ කරන්න කලින්, ඔයාට ආසාත්මිකතාවයක් ඇති වෙනවද නැත්ද කියලා පරීක්ෂා කරලා බලන්න.

03. කුරුඳු මාස්ක් එකක් භාවිතා කරන්න.

කුරුඳු හිසකෙස් සහ හිස්කබලට හොඳ බලපෑමක් ඇති කරනවා. කුරුඳුවල ක්ෂුද්‍ර ජීවී ගුණ ඇති අතර රුධිර සංසරණය උත්තේජනය කරන්නත් උදව් වෙනවා. මාස්ක් එකක් සෑදීමට, කුරුඳු සහ පොල්තෙල් සමාන කොටස් මිශ්‍ර කරන්න. ඉන්පසු එය හිස්කබලේ සහ හිසකෙස් මුල්වලට යොදන්න. විනාඩි 45ක් තබා සෝදා හරින්න.

04. මෘදු ෂැම්පු එකකින් හිසකෙස් සෝදන්න.

ඔයාටත් හිසකෙස් සම්බන්ධ ගැටළු තියනවා නම්, දිනපතා හිසකෙස් සෝදන්න එපා. ඒ වෙනුවට සතියකට 2-3 වතාවක් සැර රසායනික ද්‍රව්‍යවලින් තොර ෂැම්පූ වලින් හිසකෙස් සෝදා හරින්න. ඔයාට මේකට ශාකසාර ෂැම්පූ එකක් භාවිතා කරන්නත් පුලුවන්. විශේෂයෙන් චමමයිල්, කෝමාරිකා, බයෝටින්, සිස්ටීන්, ප්‍රෝටීන් සහ විටමින් E අඩංගු නිෂ්පාදනයක් තෝරගන්න.

05. හැමදාම කන්ඩිෂනර් භාවිතා කරන්න. 2-3 කට වරක් ෂැම්පු කරන්න.

සාමාන්‍යයෙන් දවස් 2-3 කට වරක් හිසකෙස් සෝදා ගැනීම වඩා හොඳයි. ඒත් හිසකෙස් වලට තෙතමනයක් දිනපතා අවශ්‍ය නිසා හිසකෙස් මද උණුසුම් ජලයෙන් සෝදා ෂැම්පූ එකකින් නොසෝදා කන්ඩිෂනර් යොදන්න. නිසි තෙතමනයක් ඇතිව හැදෙන හිසකෙස් ශක්තිමත්, ඝනකම් වන අතර කැඩීමට ඇති ඉඩකඩ අඩුයි.

06. හිසකෙස් අලුත්වැඩියා කිරීමට උදවු කිරීමට දිනපතා සින්ක් 11 mg වත් ලබා ගන්න.

සින්ක් ඌණතාවය නිසා හිසකෙස් ගැලවී යාමට සහ වෙනත් ගැටලුවලට හේතු වෙනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව දිනකට සින්ක් 8 mg සිට 11 mg දක්වා ප්‍රමාණයක් ලබාගන්න. ඒත් හිසකෙස් ගැලවී යාමේ තත්වවලදි විශේෂඥයින් සින්ක් මිලිග්‍රෑම් 25 ක ප්‍රමාණයක් ලබාගන්න කියලා නිර්දේශ කරනවා. ඒත් ඒක සති දෙකකට වඩා වැඩි කාලයක් ගන්න හොඳ නෑ. ඒ නිසා බාහිරින් පෝෂක ශරීරයට ලබාගන්නකොට වෛද්‍ය උපදෙස් ලබාගන්න එක ගොඩක් වැදගත්.

07. හිස්කබලට කෝපි මාස්ක් භාවිතා කරන්න.

කැෆේන් කියන්නෙ හිසකෙස් වර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කරන ද්‍රව්‍යයක්. එය හිසකෙස් ගැලවී යාම වළක්වන අතර හිස්කබලට යොදා කෙලින්ම සම්බාහනය කරනකොට රුධිර සංසරණය වැඩි වෙනවා. එමගින් හිසකෙස් ගැලවී යාමට හේතුවෙන කැෆේන් ඩයිහයිඩ්‍රොටෙස්ටොස්ටෙරෝන් (DHT) කියලා හඳුන්වන හෝමෝනය අවහිර කරනවා. මීට අමතරව, කෝපි වල ෆ්ලේවනොයිඩ් අඩංගු වන අතර ඒවා ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කර, ප්‍රතිජනනය සඳහා උදව් වෙනවා.

Leave a Reply

Your email address will not be published.