ඔබට අවශ්‍ය දේ ලබා ගැනීමට ප්‍රබල මනෝවිද්‍යා උපක්‍රම 10 ක්

සමහර විට අපි කරන දේවල් ඇත්තටම අපිට කරන්න ඕන වුණු ඒවා නෙවෙයි. එක්කෝ අපිව කවුරුහරි කෙනෙක් පාලනය කරලා එයාට ඕන දේවල් අපි ලවා කරගන්නවා වෙන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවලදි සාර්ථකව කටයුතු කරන්නෙ කොහොමද කියලා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.

කෙනෙක් ඔයාට හැසිරවීමට හෝ රැවටීමට උත්සාහ කරන අවස්ථා හඳුනා ගැනීමට උපකාරී වන මානසික බලපෑමේ උපක්‍රම මොනවද කියලා ඔයාට අද අපි කියලා දෙනවා. මේ ලිපියෙන් ඔයාට ලේසියෙන්ම හරි තීරණ ගන්න හොඳ දැනුමක් ලබාගන්න පුලුවන්.

10. සංවේදීතාව සහ හදිසිය

හෝටල් බුක් කරගන්නකොට එයාලා පාරිභෝගිකයාගේ හදිස්සිය පරීක්ෂා කරනවා. ගොඩක් වෙලාවට, “තව එක කාමරයයි තියෙන්නෙ”, එහෙමත් නැත්නම් “අන්තිම කාමරයත් දැන් ටිකකට කලින් බුක් කලා” කියලා පාරිහෝගිකයාව හදිස්සි කරවනවා. 90%ක්ම අවස්ථාවලදි එයාලා මේක පාවිච්චි කරන්නෙ උපක්‍රමයක් විදිහට විතරයි.

09. මායාවක් මැවීම

ඔයාට කියලා වැඩක් කරවගන්න උත්සාහ කරන කෙනෙක් මුලින්ම කරන්නෙ ඔයාව මායාවක් තියන පරිසරයකට ඇද දැමීමයි. එතකොට එයා ඔයාව පාලනය කරනවා කියලා ඔයාට තේරෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට, ඔයාට කියලා කාටහරි කෙනෙක්ට වෙඩි තියවන්න ඕන නම්, ඔයාව පාලනය කරන කෙනා මුලින්ම කරන්න වෙඩි තියන්න ඕන කෙනා නරක කෙනෙක් කියලා ඔයාට ඔප්පු කරන එක. ඒ නිසා මේ වගේ මායාවන් වල අහු වෙන්න එපා. බුද්ධිමත්ව හිතලා වැඩ කරන්න.

08. ඒකාකෘති සක්‍රීය කිරීම

ලියෝ ටෝල්ස්ටෝයි කියලා තියනවා, “සතුටින් ඉන්න හැන පවුලක්ම එක සමානයි, හැම අවාසනාවන්ත පවුලක්ම දුකින් ඉන්නෙ” කියලා. අපි වෙන කාවහරි අනුගමනය කරන කොට, අපි නොදැනුවත්වම ඒවා අපේ ජීවිතයට ගලපගන්නවා. මේකට හේතු වෙන්නෙ අනිත් අය එක්ක සමගිය ඇති කර ගැනීමේ අවශ්‍යතාවයයි. ඊළඟ වතාවේ ඔයාට වෙනත් කෙනෙකු වගේ වෙන්න ඕනෙ කියලා හිතුණම, ඇයි එහෙම හිතුණෙ කියලා මුලින්ම කල්පනා කරලා බලන්න.

07. හිතන්න එපා. විශ්වාස කරන්න!

ඔයාව පාලනය කරන කෙනෙක්ගෙ විදිහ තමයි, ඔයා කිසි දෙයක් වන්නෙ නැති බව ඔයාට ඔප්පු කිරීම. ඒ වගේම හිතන්නෙ බලන්නෙ නැතුව ඔයා එයාව විශ්වාස කරන තත්වයට පත් කිරීම. මේ නිසා ඔයාගෙ තියන තර්කානුකූල ප්‍රශ්න කිරීමේ හැකියාව අහිමි වෙනවා. ඔයා හිතන්නෙ ඔයා ඔයාගෙම තීරණ ගන්නවා කියලා වුණත්, ඇත්තටම ඒක මායාවක් විතරයි. ඔයාව පාලනය කරන කෙනාට ඔයාගෙ මනසට ඕනම දෙයක් සාර්ථකව ඇතුළ් කරන්න පුලුවන්.

මෙයින් මිදෙන්න නම් ඔයාට කරන්න තියෙන්නෙ එක දෙයයි. ඔයා ඔයාගෙ අරමුණු ගැන විතරක් අවධානය යොමු කරන්න ඕන. වෙන කෙනෙක් ඔයාව පාවිච්චි කරනවා කියලා ඔයා තේරුම් ගන්නම වෙනවා.

06. මුහුණට මුහුණලා කතා කිරීම

ඔයාට ඕන දේ ලබා ගැනීමට තවත් කෙනෙක්ගෙ උදව් ඕන වෙන්න පුලුවන්. ඔයා මුලින්ම ඉල්ලපු ලොකුම ඉල්ලීමට සාපේක්ෂව එයාලා ඔයාගෙ දෙවන ඉල්ලීමට එකඟ වෙනවා.

මේ වෙලාවට කෙනෙක් ඔයාට උදව් කරනවා නම් එයාට ස්තූති කලාම ඇති කියලා ඔයා තේරුම් ගන්න ඕන. ඔයා වෙනුවෙන් කරපු හැම හොඳ දේකටම ඔයා එයාලට ගෙවන්න ඕන කියලා හිතන්න එපා.

05. අවිධිමත් වචන මාලාව

සමහර විට අපි හිතාමතාම අපේ විරුද්ධවාදියාගේ බුද්ධිම පහත් කරලා සලකනවා. එතකොට එයාගෙ නොහැකියාව නිසා ප්‍රතිවාදියාට දැඩි අපහසුතාවයක් දැනෙනවා. එයාගෙ විශ්වාසය මුළුමනින්ම බිඳ දැමීමට, ප්‍රසිද්ධ පුද්ගලයින් උපුටා දැක්වීමට උත්සාහ කරන්න. දැන් ඔයාට ඕනම දිශාවකට සංවාදය මෙහෙයවන්න පුලුවන්.

04. අනුකම්පාව දිනාගැනීම

මෙතනදි වෙන්නෙ ඔයා ඔයාගෙ ජීවිතය ගැන කරුණු කිහිපයක් සඟවලා වෙනත් දේවල් හිතාමතාම ප්‍රදර්ශනය කිරීම. ඒ කියන්නෙ ඔයාගෙ ජීවිතයේ තියන ධනාත්මක දේවල් පෙන්නුම් කරන්නෙ නැතුව, සිදුවුණු අඩුපාඩු සහ අවාසනාවන්ත සිදුවීම් ඉස්මතු කරන එක.

මෙමගින් ඔයාගෙ විරුද්ධවාදියාට ඔයා ගැන අනුකම්පාවක් ඇති කරවන්න පුලුවන්.

03. කලින්ම එකඟවීම

සමහර විට අපිට වාසි අවාසි ඔක්කොම හරියටම තෝරා බේරාගන්න වෙලාවක් නැති වෙනවා. එතකොට මේ වගේ වාක්‍යයක් පාවිච්චි කරලා විරුද්ධවාදියාට පසු බස්සනවා. “මචං, ඔයා පොරොන්දු වුනා මට උදව් කරනවා කියලා!” හෝ “මම හිතුවා මට ඔයාව විශ්වාස කරන්න පුළුවන් කියලා!”…. මේ වෙලාවට එපා කියන්න ලැජ්ජා වෙන්න එපා. ඒ ගැන වරදකාරි හැඟීමක් ඇති කරගන්න එපා.

02. ගොබෙල්ස් ක්‍රමය

ඕනම දැන්වීමක් මේකට හොඳ උදාහරණයක් විදිහට පෙන්වන්න පුලුවන්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රඟපාන කෙනාට මේ තරුණියව කලින් හම්බෙලා නැතිවෙන්න පුලුවන්. ඔයාව හසුරවන්න කාටවත් ඉඩ දෙන්න එපා. ඔයාගෙ තේරීම් ගැන කල්පනාකාරී වෙන්න.

01. තේරුනක් නැති තර්ක

පර්යේෂණවලට අනුව, ඔයා “ඇයි” කියන වචනය භාවිතා කරනවා නම් ප්‍රතිඵලයේ ධනාත්මක බව 60%කින් වැඩි වෙනවා. අපි ගොඩක් වෙලාවට විරුද්ධවාදීන් සමඟ එකඟ වීමට නැඹුරු වන්නේ ඒ නිසයි.

ඒ නිසා තර්කවලට හොඳින් සවන් දීමට උත්සාහ කරන්න.

බෝනස්: ඔයාට ඇත්තටම ඕන දේ ලබාගන්නේ කොහොමද?

මානසික උපක්‍රම සහ උගුල් සහ ඒවා වළක්වා ගන්නේ කොහොමද කියලා ඔයා දැන් දන්නවා. ඔයාගෙ අනාගත ඉලක්කය මොකක් වුණත්, ඔයාට මේ ක්‍රම දෙකෙන් එකක් තෝරගන්න පුලුවන්. එක්කෝ උපක්‍රම භාවිතා කරන්න. නැත්නම් ඔයා විසින්ම ඔයාගෙ අරමුණුවලට යන්න.

ඔයා හොඳට හිතලා බැලුවොත් ඔයාට තේරෙයි, උපක්‍රම භාවිතා කරමින් මිනිසුන්ගේ හැඟීම් අවුල් කරන එක එච්චර හොඳ නෑ කියලා. විකල්ප ක්‍රම තෝරගන්න ඉක්මන් වෙන්න එපා. සාධාරණ විදිහට ඔයාගෙ අරමුණු ජයගන්න උත්සාහ කරන්න.

Leave a Reply

Your email address will not be published.