ඔබට ආහාර ගැනීම නැවැත්විය නොහැකි හේතු 10 ක්

ඔබ සැමවිටම ආහාර ගැනීමට කැමති කෙනෙක්ද? ඔබට සැම විටම ආහාර ගැනීමට සිතෙනවා ද ? නමුත් ඔබ මේ ආහාර ගන්න සියලුම අවස්ථාවල ඔබට කුසගින්න තිබෙනවා ද ? හොදින් සිතා බලන්න. ඇත්තෙන්ම අපි ඇතැම් අවස්ථාවල කිසිම කුසගින්නක් නැතුවත් ආහාර ලබා ගැනීම සිදු කරනවා. අපි බොහෝ දෙනා මෙය සිදු කරනවා. ඇතැම් අවස්ථාවල ඔබට සැබෑ කුසගින්න කුමක්ද යන්න පිළිබද ව හැගීමක් නැතුව ඇති. අපි කෙසේද අපිට තිබෙන්නේ කුසගින්නක්ද නැද්ද යන්න පිළිබද හදුනාගන්නේ. අද අපි ඔබට මේ පිළිබද කරුණු ටිකක් අරගෙන ආවා. කන එක නවත්තගන්න බැරුව ඉන්න කෙනෙක් නම් ඔබ ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ. 

01. පිපාසය

ඔබ හොඳින් ආහාර ගෙන ටික වේලාවකින් නැවතත් කුසගින්නෙන් පෙළෙනවා නම් ඔබ කල යුතු දෙයක් තිබෙනවා. ඒ ඔබ අවසන් වරට ජලය පානය කල වේලාව සිහිපත් කිරීම. මේ ඔබට තිබෙන්නේ පිපාසය විය හැකී.මේ අවස්ථා වලදී ජලය එක් වීදුරුවක් බීමට ගන්න, මෙසේ ටික වේලාවක් ඉන්න. කුසගින්න පිළිබඳ හැඟීම කෙමෙන් පහව යන බව ඔබට තේරුම් යාවි,ඔබේ කුසගින්න නැත්තටම නැති වී යාවි. 

රීතිය: මීට හොඳම විකල්පයක් තමා සෑම ආහාර වේලකටම  පැය භාගයකට පෙර ජලය විශාල ප්‍රමාණයක් පරිභෝජනය කිරීමට ඔබේ ශරීරය පුහුණු කිරීම.

02. හිස් කැලරි

ඔබට ඇතැම් අවස්ථාවල රසවත් ආහාර ලබා ගැනීමට සිතෙනවා ඇති. මෙම අවස්ථා වලදී තමා ඔබේ ශරීරයට හිස් කැලරි පැමිණීම සිදු වෙන්නේ. පැණිරස කෑම වැනි දෑ ඔබ කුඩා ප්‍රමාණවලින් ලබා ගත්තත් මෙය ඔබේ ආහාර රුචිය උද්දීපනය කිරීම සිදු කරනවා. මෙය කිසිදු පෝෂ්‍ය පදාර්ථයකින් ඔබේ ශරීරය සංතෘප්ත කිරීම කරන් නෑ.

රීතිය: වේගවත්ව ඔබේ ශරීරයට ලැබෙන කාබෝහයිඩ්රේට් ප්රමාණය අවම කිරීම සිදු කරන්න, සෞඛ්ය සම්පන්න ආහාර අනුභව කිරීමට සැමවිටම උත්සාහ කරන්න.

03. නින්ද නොමැතිකම

ඔබත් රාත්‍රියට කුසගිනි වී ඇහැරෙන කෙනෙක්ද ? එසේනම් ඔබ සිතා බලන්න ඔබ සාමාන්‍යයෙන් කොපමණ වේලාවක් නිදා ගන්නවාද ? සාමාන්‍යයෙන් පැය 7ක 8ක පමණ නින්දක් ලබා ගන්නා විට ඔබට කිසිදු කුසගින්නක් රාත්‍රියේදී ඇති වන්නේ නම් නෑ . රාත්‍රියේදී අපගේ ශරීරය මෙලාටොනින් හෝමෝනය නිපදවනවා. එය අපගේ අවයව නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට විතරක් නෙමේ අපගේ පෙනුමටත් වගකිව යුතුයි.

රීතිය: නැවුම් හා ලස්සන පෙනුමක් ලබා ගැනීමට මධ්‍යම රාත්‍රියට පෙර නින්දට යාම සිදු කරන්න. 

04. ආතතිය යටතේ හැසිරීම

ආතතිය යටතේ අප සියල්ලන්ම කාණ්ඩ 2 කට බෙදා දක්වන්න පුළුවන්. ඇතැම් පුද්ගලයින් ආතතිය ඇති අවස්ථා වල ආහාර දෙස බැලීමට පවා අකමැති අයයි සහ ඇතැම් පුද්ගලයින්ට රසවත් කේක් කැබැල්ලකින් ඕනෑම භයානක තත්ත්වයක් සහනය කර ගත හැකිය. ඔබ දෙවන කණ්ඩායමට අයත් කෙනෙක් නම්, මෙම කරුණ ඔබ වෙනුවෙන් තමා.

ප්‍රධාන වශයෙන්ම ඔබ මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමා ඔබ ආතතියෙන් පෙළෙන අවස්ථා වල රසකැවිලි ගැනීම මීට විසදුම නොවන බව. මෙය ඔබ බොහෝ ලෙඩ රෝග වලට අත වැනීමක් වගේ. ඔබට හැකී ඒ වෙනුවට ඔබේ ආදරණියන් අමතා, ප්‍රසන්න දේවල් ගැන කතාබස් කරන්න, උද්‍යානයේ ඇවිදින්න යන්න, ව්‍යායාමයක් සඳහා යන්න, සිත්ගන්නාසුලු පොතක් කියවන්න, හෝ රසවත් රූපවාහිනී වැඩසටහනක් නරඹන්න. අයිස්ක්‍රීම් බාල්දියක්  ආහාරයට ගැනීම වෙනුවට ඔබ ප්‍රයෝජනවත් දෙයක් කිරීමට සැමවිටම උත්සහ කරන්න.

05. නුසුදුසු කෑම

මත්පැන් ආහාර රුචිය උත්තේජනය කිරීම සිදු කරනවා. එමනිසා, මිතුරන් සමඟ සාදයකට පෙර, ඔබේ මෙනුව කල්තියාම බලා ගෙන තිබීම හොදා. 

රීතිය: සැහැල්ලු සෞඛ්‍ය සම්පන්න කෑම වර්ග සැමවිටම ආහාරයට ගන්න. එක් එක් බීම සඳහා ආවේණික වූ සියුම් කරුණු තිබේ. රතු වයින් වල රසය ලබා ගැනීම සදහා ඔබට රතු වයින්ම බීමට අවශ්‍ය නෑ. ඇතැම් එළවළු වර්ග අඹරාත් ඔබට මෙම රසය ලබා ගන්න පුළුවන්. වඩි දු‍ර විස්තර ඔබට සොයාගත හැකී අන්තර්ජාලය හරහා. 

06. ප්‍රෝටීන් නොමැතිකම

ඔබේ ආහාර වේලට ප්‍රෝටීන් ඇතුළත් කිරීමට අමතක කරන්න එපා, මීට හේතුව එය ඔබට ජවසම්පන්න බව, ශක්තිය සහ තෘප්තිමත් හැඟීමක් ඇති කිරීමයි.

රීතිය: එළවළු සහ පලතුරු ඇත්තෙන්ම හොද ආහාරයක්, නමුත් ප්‍රෝටීන් ආහාරයේ පදනම ලෙස අපට සලකන්න පුළුවන්.  ග්‍රීක යෝගට්,  කුකුල් මස්, බිත්තර සහ තවත් බොහෝ නිෂ්පාදන වලින් ඔබට ප්‍රෝටීන් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. 

07. නිවැරදි මේද නොමැතිකම

විවිධ වර්ගයේ මේද දක්නට ලැබෙනවා.ක්ෂනික, බැදපු, මේද, දුම් සහ පිටි සහිත ආහාර විශේෂ අවස්ථා වලදී පමණක් ලබා ගන්න. ප්‍රයෝජනවත් මේද ඔබගේ සතිපතා සාප්පු ලැයිස්තුවට ඇතුළත් කරන්න. ඔලිව් තෙල්, රතු මාළු, ඇට වර්ග, අලිගැට පේර සහ බීජ වැනි දෑ තමා මීට ඇතුළත් වෙන්නේ. 

රීතිය: ට්‍රාන්ස් මේද සැමවිටම බැහැර කරන්න. 

08. දුර්වල ආහාර රටා.

උදේ ආහාරය, දිවා ආහාරය, රාත්‍රී ආහාරය සහ සැහැල්ලු කෑම 2 ක් වශයෙන් ඔබට සාමාන්‍යයෙන් දිනකට ආහාර වේල් 5 ක් වත් තිබිය යුතුය. ඔබ ඒවා මඟ නොහැර ලබා ගැනීම සිදු කල යුතුයි.

රීතිය: සමාන පරතර වලින් මෙම ආහාර සියල්ලම ලබා ගැනීම සිදු කරන්න. 

09. ඉන්ස්ටග්රෑම්.

ඔබත් ඔබ ලබා ගන්නා ආහාර ඔබේ සමාජ ජාලා තුළ පළ කරන කෙනෙක්ද ? එසේනම් ඔබත් නිතරම ආහාර ගැන සිතනවා.  ඔබ නිතරම ආහාර ගැන සිතන විට ඔබට නිරන්තරයෙන් කුසගිනි දැනීම සිදු වෙනවා. 

රීතිය: ඔබ දිනපතා ආහාර ඡායාරූප ගැනීම අවම කිරීම ඔබට කල හැකී. 

10. ගමනේදී ලබා ගන්නා සුලු කෑම.

ඔබට කුඩා කල පටන්ම මෙය ඔබේ දෙමව්පියන් විසින් උගන්වා ඇති දෙයක්. ඔබට සැමවිටම කෑමේ මේසයේ සිට ආහාර අනුභව කරන ලෙස ඔබේ දෙමව්පියන් පැවසුවේ ඔවුන්ගේ කැමැත්තටම පමණක් නොවේ. ආහාර පරිභෝජනයේ ඉතා වැදගත් මූලධර්මයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. ඔබ යන එන අතරතුරේදී ආහාර ලබා ගන්නා විට ඔබේ ශරීරයට ඔබ ආහාර ලබා ගන්නවා කියා හදුනාගැනීමට කාලයක් නෑ. මේ නිසා ඔබේ ශරීරය නැවත නැවත ආහාර ඉල්ලීම සිදු කරනවා.

ප්‍රධාන රීතිය වන්නේ ඔබේ ආහාර පරිභෝජනය ප්‍රසන්න චාරිත්‍රයක් ලෙස සලකා එය සිදු කරන්න. 

ඔබේ ශරීරය රැවටීම සඳහා තවත් උපක්‍රමයක් තමා ඔබේ ආහාරය තරමක කාලයක් සැපීම සිදු කරන්න. 

ඔබේ පුරුදු වෙනස් කිරීම එසේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නොවේ. මේ නිසා ටික ටික ඔබේ පුරුදු වෙනස් කර ගැනීම සිදු කරන්න.

Leave a Reply

Your email address will not be published.