ඔබට ඇතිවන ආශාවන් 7 කින් ඔබේ ශරීරයට ඇත්තටම අවශ්‍ය දේවල්

සමහර වෙලාවට අපිට එක එක වර්ගයේ කෑම කන්න ආසාවල් ඇතිවෙනවා. චොකලට්, සැර කෑමක්, පීසා, බීම වර්ග වගේ කෑම බීම ගැන වෙලාවකට අපිට ඇතිවෙන ආසාවටත් හේතුවක් තියනවා කියලා අපි මෙතෙක් කල් දැනගෙන හිටියෙ නෑනේ. ඇත්තටම පර්යේෂකයන් හොයාගෙන තියන විදිහට, අපිට මේ විදිහට විවිධ කෑම බීම ගැන ලොකු ආසාවක් ඇති වෙන්නෙ සමහර පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයේ හිඟ වෙනකොටයි.

ඉතින් අද අපි ඔයාට කියන්න යන්නෙ අපට ඇතිවෙන්න පුලුවන් විවිධ කෑම බීම ආසාවලට හේතු වෙන පෝෂක ඌණතා මොනවද කියලයි.

01. සැර ආහාර

ගොඩක් ආහාර සැර වෙන්නෙ මිරිස් වර්ග නිසයි. සැර කෑම කෑවම අපේ ශරීරයේ පරිවෘත්තීය වේගවත් වෙනවා. ඒ වගේම කැප්සයිසින් කියන සංඝටකය සන්ධිවල හා මාංශ පේශිවල වේදනාව පාලනය කර ඉරුවාරදය නැති කරන්නත් උදව් වෙනවා. නොදැනුවත්වම හරි සැර කෑමක් කෑවම අපට වඩා හොඳ හැඟීමක් ඇතිවෙන්නෙ ඒ නිසයි.

02. ඩාර්ක් චොකලට්

සමහර ඩාර්ක් චොකලට් වල කෝලා කෑන් එකකට වඩා වැඩි කැෆේන් (මිලි ග්රෑම් 30ක් පමණ) ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේ සංරචකය මධ්‍යම ස්නායු පද්ධතිය උත්තේජනය කරන නිසා ශරීරයේ ප්‍රබෝධමත් බව සහ ශක්තිය වැඩි කරනවා. ඔයාට වෙහෙස සහ නිදිමත දැනෙන හැම වෙලාවකම, චොකලට් කෑල්ලක් කන්න හිතෙන්නෙ ඒකයි.

ඔයා ඩාර්ක් චොකලට් වලට එච්චර කැමති ඇයි කියන එකට තවත් හේතුවක් තමයි, ඔයාගෙ ශරීරයට මැග්නීසියම් අවශ්‍ය වීම. තාමත් පර්යේෂකයන්ට මේ බව පර්යේෂණාත්මකව තහවුරු කරගෙන නෑ. මොකද, මැග්නීසියම් අඩංගු, ඇට වර්ග වගේ වෙනත් නිෂ්පාදනත් තියන නිසා.

03. පීනට් බටර්

සාමාන්‍යයෙන්, පීනට් බටර් කියන්නෙ ගොඩාක් පෝෂ්‍යදායි ආහාරයක්. කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සඳහා ඖෂධ සෑදීමට භාවිතා කරන සංරචකයක් පීනට් බටර්වල අඩංගු වෙනවා.

ඔයා පෝෂණ ඌනතාවයක් නිසා පීනට් බටර් වලට ආස කරනවා වෙන්න පුලුවන්. මේ නිෂ්පාදනය ප්‍රෝටීන්, ප්‍රතිඔක්සිකාරක, මේදය, යකඩ, මැග්නීසියම් සහ කැල්සියම් බහුල ප්‍රභවයක්.

04. අයිස්

ගොඩක් වෙලාවට අයිස් හපන්න ආසාවක් ඇතිවෙන්නෙ යකඩ ඌනතාවක් තියන අයටයි. අයිස් හපන්න හිතෙන්නහේතුව තාමත් හරියටම පැහැදිලි වෙලා නෑ. ඒත් ඔයාට රක්තහීනතාවය සමඟ යකඩ ඌනතාවයක් ඇත්නම් අයිස් හපන ආසාවක් එන් බවයි පර්යේෂකයන් පවසන්නෙ.

අයිස් හැපීමේ ආසාව ඇතිවීමට තවත් හේතුවක් තමයි, ආතතිය සහ චිත්තවේගීය ගැටලු කියන්නෙ.

05. පේස්ට්‍රි

පේස්ට්‍රි වල කාබෝහයිඩ්‍රේට් බහුලයි. කේක් කෑල්ලක් කෑවම ලැබෙන කැලරි ප්‍රමාණයෙන් ඔයාට විශාල ශක්තියක්, වේගයෙන් ලබා ගත හැකි නිසා මේ වගේ ආසාවක් ඇතිවෙන්න් පුලුවන්. “විශ්ව කාබෝහයිඩ්රේට් ආශාව” ඇති වෙන වෙලාව සවස 3:30 සිට 5.30 දක්වා බව පර්යේෂණ මගින් හොයාගෙන තියනවා. ඒ නිසා ඔයා ඩයට් කරන කෙනෙක් නම් මේ වෙලාව තුළ පරිස්සම් වෙන එක හොඳයි.

ඒ වගේම ඔයාට පාන්, කේක්, හෝ පැස්ටා බඩගින්නක් දැනෙනකොට, ඒකෙන් කියන්නෙ ඔයාට ක්‍රෝමියම් හෝ නයිට්‍රජන් හිඟතාවයක් ඇති බවයි. සමහර පර්යේෂකයන් කියන්නෙ පහළ මනෝභාවයන් සහ ආතතිය නිසා කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගැනීමට ආසාව ඇති වෙනවා කියලයි. කේක් ආහාරයට ගැනීමෙන් සෙරොටොනින් කියන සතුටේ හෝමෝනය නිකුත් වෙනවා.

06. මස් සහ හැම්බර්ගර්

ඔයා හදිසියේම හැම්බර්ගර් වලට ආස කරන්න පටන් අරගෙන නම්, ඔයා හරියටම කැමති මොනවටද කියලා හිතලා බලන්න. ඒක ගොඩක් වෙලාවට රතු මස් වෙන්න පුලුවන්. මස් වල ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඔයාගෙ ශරීරයට ප්‍රෝටීන් හිඟ නිසා ඔයා මස්වලට කැමති වෙන්න ඉඩ තියනවා. ඒ වගේම, රතු මස්වල යකඩ, සින්ක් සහ විටමින් බී අඩංගු වෙනවා.

අධ්‍යයනයකින් හෙළි වුණේ තරබාරුකම වළක්වගැනීමට ප්‍රෝටීන් බහුල ආහාරයක් ගැනීම වැදගත් විය හැකි බවයි.

07. සෝඩා බීම

ඔයාට පිපාසයක් දැනෙනකොට, සාමාන්‍ය වතුර වෙනුවට කාබනීකෘත බීම වර්ගයක් බොන්න හිතෙනවාද? සෝඩා වල පොස්පරික් අම්ලය අඩංගු වන අතර එය ඔයාගෙ අස්ථි වල තියන කැල්සියම් සහ මැග්නීසියම් වලට බාධා කරනවා. ඔයා දැනටමත් දිනපතා ම සෝඩා බෝතල් පානය කරනවා නම්, මේ පෝෂ්‍ය පදාර්ථ 2 ප්‍රමාණවත් ලෙස ලබා ගැනීමට ඔයාට සිදුවෙනවා.

ඊටත් වඩා සෝඩා ජලය වෙත ළඟා වීමෙන්, ඔයාට ආසාවක් ඇතිවෙන්න තියන ඉඩ තවත් වැඩි කරනවා.

Leave a Reply

Your email address will not be published.