ඔබට තරුවක් වගේ පෙනුමක් ලබා ගතහැකි රූපලාවන්‍ය ඉගි 12 ක්

කාන්තාවන් කියන්නේ කොහොමත් උපතින්ම සුන්දර වෙන්න බොහෝ ආසාවක් තිබෙන පිරිසක් නෙ. ඉතින් ඔවුන් මේ සදහා විවිධ දේ කරනවා. ඒ අතරින් වැදගත් ස්ථානයක් ගන්න දෙයක් තමා මේකප් කියල කියන්නේ. මේකප් දැම්මා කියලම ඔබේ පෙනුම තීව්‍ර වී පෙනෙන්නේ නෑ. මේකප් එක නිවැරදිව දමන්නත් දැනගෙන ඉන්න ඕන. නැත්තන් වෙන්නේ ඔබේ පෙනුම තවත් නරක් වෙලා පෙනෙන එක. මෙහි දැක්වෙන්නේ උපරිම පෙනුමක් සහ හැඟීමක් අත් විඳීමට සහය වන මේකප් සහ සුන්දර වීමේ උපක්‍රම 12 ක් ගැන. මේකත් ඔබට බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ.

01. දර්ශනීය ඊතල

ඇස් මත විශාල සහ දිගු ඊතල නිතරම ඇඳීම හොඳ අදහසක් නෙවෙයි. නමුත් ඇස් නිර්වචනය වී පෙනෙන ආකාරයට පැහැදිලි දර්ශනීය ඊතලයක් ඉහල ඇස්පිල්ලමේ ඇඳගත් විට පෙනුමේ විශාල වෙනසක් ඇතිවෙනවා. සත්‍ය වශයෙන්ම, කළු පැහැය මේ සඳහා නිතරම යොදා ගත්තත්, වෙනත් පාට වර්ග අත්හදා බැලීමට බය වෙන්න එපා.

02. මෘදු බැබලෙන සම

සෑම කාන්තාවකගේම අවශ්‍යතා ලයිස්තුවේ ඉහලින්ම තියෙන්නේ නිරෝගී බැබලෙන සමක උරුමකාරියක් වීමයි. ඇත්තටම මෙය, ඕනෑම මේකප් යෙදූ පෙනුමකට වැදගත් දෙයක්. ඔයාගේ නිවාඩු දවස් ගත වී අවසන් නම්, හයිලයිටර් එකක් හෝ දිලිසුමක් ඇතිකළ හැකි වෙනත් රූපලාවන්‍ය නිෂ්පාදනයක් භාවිතා කර, තාපදීප්ත දිලිසුමක් සැමට ලබා දෙන්න.

03. සියුම් බ්ලෂ් එකක්

නිසි පරිදි ආලේප කල බ්ලෂ් එකක් මඟින් නිරෝගී දිලිසුමක් පමණක් නොව, කෙනෙකුගේ ලක්ෂණද මනාව කැපී පෙනෙනවා. එයින් ගොඩක් ආලේප නොකිරීමට වග බලාගන්න. කණ්නාඩිය ඉදිරියට ගොස් සිනාසී කොපුල් ඇට සොයාගන්න. මේ ප්‍රදේශයේ බ්ලෂ් ස්වල්පයක් ආලේප කරන්න, දැන් මුළු ලොවම ආකර්ෂණය කර ගැනීමට ඔයාට පුළුවන්.

04. රතු ලිප්ස්ටික්

මනෝ විද්‍යාඥයින් පවසන පරිදි බොහෝ දෙනා රතු පැහැය භාවිතා කරන්නේ සිතෙහි අප්‍රකටව පවත්නා තරුණ බව සහ ලිංගික ආකර්ෂණය සඳහායි. පුදුම විය යුතු නැහැ, රතු පැහැ ලිප්ස්ටික් ආලේප කළ කාන්තාවන් කෙරෙහි පිරිමින්ගේ බැල්ම දිගු වෙලාවක් ලැබෙනවා. මතක තබා ගන්න: ලිප්ස්ටික් එකේ පැහැය සම්පූර්ණ පෙනුමට බලපාන නිසා සුදුසු පැහැයක් තෝරාගන්න.

05. ළා පාට දිලිසෙන අයි ෂැඩෝ

මේ කාලයේ තද පැහැ අයි ෂැඩෝ ප්‍රසිද්ධ භාවයේ හිනිපෙත්තටම ගොස් තිබෙනවා. මෙය විලාසිතා දැක්මකට හෝ රතු කළාලයට එනම් රෙඩ් කාපට් එකට සුදුසු වුවත් නිසැකවම දිනපතා භාවිතයට සුදුසු වන්නේ නැහැ. දිනපතා මේකප් ක්‍රියාවලිය සඳහා හොඳම තේරීම් වන්නේ දුඹුරු, පීච්, සහ අළු පැහැති ෂේඩ්ස් වර්ගයි.

06. ලස්සන, නිර්වචනය කළ ඇහි බැම

වර්තමානයේ ඝන ඇහිබැමි විශාල ප්‍රවනතාවයක් බවට පත් වී තිබෙන බව අපි හැමෝම දන්නවා. කොහොම වුණත්, රූපලාවන්‍ය බ්ලොගර්වරුන් සහ රූපලාවන්‍ය සඟරා නැවත නැවතත් පවසන්නේ විශාල, බර, අධික තද පැහැයකින් යුත් ඇහිබැමි මඟින් අස්වාභාවික වගේම පුරුෂරූපී ස්වභාවයක් මුහුණට ලැබෙන බවයි. තව දුරටත් ඇහිබැමි හැඩ කර ඝනකම් පෙනුමක් ලබා දීමට ඔයාට පුළුවන්, නමුත් ඉහළින් පමණක් යාමෙන් රැවුල් කට්ටලයක් මෙන් සකස් කරගන්න එපා.

07. ස්වභාවික සමේ පැහැය

අපි නිතරම සිතන්නේ ෆවුන්ඩේෂන් ස්ථරයක් හෝ ස්ථර කීපයක් ආලේප කිරීමෙන් අපගේ අඩුපාඩු මනාව වසාගත හැකි බවයි. අවාසනාවකට මෙන්, මෙමඟින් සම මත කේක් තට්ටුවක් වැනි ස්වභාවයක් ලබා දෙනවා. ෆවුන්ඩේෂන් තෝරාගන්නා විට තුනී දියවන ස්වභාවයකින් යුක්ත, BB හෝ CCක්‍රීම් තෝරාගන්න. මෙම නිෂ්පාදන මඟින් සමේ පැහැයට අමතරව නැවුම් පෙනුමක්ද ලබා දෙනවා. ඔයාගේ මුහුණේ සියුම් අඩුපාඩු වසා ගත යුතු නම්, කන්සීලර් එකක් හෝ කරෙක්ටර් එකක් පාවිච්චි කරන්න.

08. දිලිසෙන දුමාර ඇස් (smoky eyes)

ඇස්වලට දුම් ස්වභාවයක් ලබා දීම අපහසු විය හැකියි. ප්‍රවේශම් නොවීමේ ප්‍රතිඵලය ලෙස, පැන්ඩා කෙනෙකුගේ පෙනුම ඉක්මනින්ම ලැබේවි. නමුත් මෙම ශිල්පීය ක්‍රමය ප්‍රගුණ කල පසු, සවස් කාලය සඳහා හොඳින්ම ගැලපෙන පිස්සු හැදෙන ආකාරයේ සුන්දරත්වයක් ඔයාට ලැබේවි.

09. කැන්ඩි රෝස ලිප්ස්ටික්

ඔයාගේ පෙනුම නැවත ජීවිතයට ගෙන ඒමට මෙන්ම වර්තමාන ට්‍රෙන්ඩ් එක අනුගමනය කිරීමටද කැන්ඩි රෝස ලිප්ස්ටික් භාවිතා කිරීමෙන් හැකියාව ලැබෙනවා. තවත් වැදගත් සිතිවිල්ලක්: ඔයා දිනයක් ගත කිරීමට යනවා නම්, ලිප් ග්ලොස් හෝ අධිකව දිලිසෙන ලිප්ස්ටික් ආලේප කරන්න එපා, මන්ද බොහොමයක් පිරිමින් ඇලෙන සුළු ස්වභාවයට කැමති නැහැ. කැන්ඩි රෝස පාටවල සියුම් ක්‍රීම් වැනි ලිප්ස්ටික් එකක් හෝ ලිප් බාම් එකක් තෝරාගන්න, සෙනඟ අතරින් කැපී පෙනෙන්න.

10. ස්වභාවික සහ ප්‍රශංසාවට ලක්වන මේකප්

ස්වාභවික පෙනුමේ මේකප් එකක් නිතරම විලාසිතාවේ අන්තරගත වෙනවා. එමඟින් ගෞරවය මනාව විදහා දක්වන අතර අඩුපාඩු සඟවනවා. මේ නිසා මේකප් ආලේප කරන අතරතුර, මුහුණ මත අනවශ්‍ය ලෙස වැඩිපුර රූපලාවන්‍ය නිෂ්පාදන ආලේප කරන්න එපා. අවසාන වශයෙන්, වඩාත්ම පරිපූර්ණ මේකප් එකට පවා අවංක සිනහව සමඟ සන්සන්ධනය කල නොහැකියි.

11. හොලිවුඩ් සිනහව

දත්බෙහෙත් ස්වල්පයකට බේකින් සෝඩා ස්වල්පයක් මිශ්‍ර කර, ඇලුමිනියම් ලෝපතක් මත ලෝභ නැතිව ස්ථරයක් ආලේප කරන්න. දැන්, දත්වලට තදව පවතින පරිදි දත් වටා ඔතන්න. පැයකට පසු, ලෝපත ඉවත් කර කට හොඳින් සෝදා ගන්න. අතිශය දීප්තිමත් අලුත් සිනහවට ආයුබෝවන් කියා පිළිගන්න.

12. සීනි ෂේවින්

ෂේවින් ක්‍රීම් සහ රේසර් එක හෝ වැක්ස් එක වෙනුවට, සීනි භාවිතා කර බලන්න. මෙය ශරීරයේ කෙස් ගැලවීම සඳහා විශේෂයෙන්ම නිෂ්පාදනය කල කැරමල් එකකි. එම ක්‍රමය වේදනාව අවම සහ සංවේදී සම සඳහා සුදුසු වන නිසා තනිවම හෝ වැක්ස් කරන තීරු සමඟ ද භාවිතා කල හැකියි.

Leave a Reply

Your email address will not be published.