ඔබට නියම පෙනුමක් ලබාදෙන ලස්සන වීමේ රහස් 8 ක්

මේකප් කියන්නේ ඕනෑම තරුණියකට ලස්සන වෙන්න පාවිච්චි කරන්න පුළුවන් මායාවක්. තමන්ගේ සමේ තියෙන අඩුපාඩු සඟවා පරිපූර්ණ පෙනුමක් ලබා ගැනීමටත්, ආත්ම විශ්වාසය වර්ධනය කරගන්නත් මහා පිටිවහලක් වෙනවා. අද අපි ඔබට අරගෙන ආවේ මේ මේකප් පිළිබද කරුණු කිහිපයක් මෙය ඔබට බොහෝ වැදගත් වෙනවා නම් නොඅනුමානයි. කියවලම බලන්නකෝ.

මේකප් පිළිබද සාර්ථක සහ විශිෂ්ට අදහස් 7ක් මෙහි සඳහන් වෙනවා.

01. කළු පාට අයිලයිනර් සහ රතු පාට ලිප්ස්ටික්

මේකප් කිරීමේදී කළු පාට අයිලයිනර් සහ තද රතු පාට ලිප්ස්ටික් භාවිතා කිරීමෙන් ලැබෙන සංයෝජනය මොන තරම් සාර්ථකද කියා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැනේ. මේ “හොලිවුඩ් මේකප්” එක ඕනෑම කාන්තාවකට හොඳට ගැළපෙනවා. මෙතැනදී ඔයා කරන්න ඕනි එකම දේ සමේ තානය ගැළපෙන ලිප්ස්ටික් එක තෝරාගෙන කොපුල් අස්ථිවලට සුළු උද්දීපනයක් ලබා දීමයි. 

02. ලා පැහැති තොල් හා ඇස් වටා අඳුරු කිරීම  

මේකප් කලාවේ “ස්වර්ණමය සංයෝජනයක්” ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මෙය වඩාත්ම සුදුසු තේරීමක් වෙන්නේ සන්ධ්‍යා කාලයටයි. මෙහිදී වැදගත් වන්නේ සමේ තානයට ගැලපෙන පරිදි ලිප් ග්ලොස් එකක් හෝ ලිප්ස්ටික් එකක් තෝරා ගැනීමයි.

03. තද පැහැති ලිප්ස්ටික් හා පෝසිලේන් පැහැති සම

මේ මේකප් එකේ සම්පූර්ණ අවධානය ලබා දෙන්නේ තොල්වලට සහ මෘදු පරිපූර්ණ පෝසිලේන් පැහැති සමටයි. වර්තමානයේ ජනප්‍රිය වයින් පැහැය, ප්‍රංශයේ බර්ගන්ඩි වයින්වල රතු පැහැය, දුඹුරු නැත්නම් තද දම් වගේ පැහැයන් ලිප්ස්ටික් ශේඩ් එක විදියට පාවිච්චි කරන්න. ඇස්වල ගොඩක් මේකප් ආලේප කරන්න අවශ්‍ය නැහැ, අළු පාට අයි ෂැඩෝ එකෙන් ටිකක් ආලේප කරගැනීම ප්‍රමාණවත්.

04. පීච් පැහැති තොල් හා දුඹුරු පැහැති අයි ෂැඩෝ  

මේ මේකප් එක සාදයකට වගේම වැඩට යන විට භාවිතා කිරීමටත් සුදුසුයි. දුඹුරු පාට අයි ෂැඩෝ එක ආලේප කරන විට එය වෙහෙසට පත් කරවන නිසා එය සංයමයෙන් කිරීම වැදගත්ම. පීච් පැහැති ලිප්ස්ටික් එකෙන් දුඹුරු පාට අයි ෂැඩෝවල බර ගතිය උදාසීන කරගන්න වගේම ප්‍රතිරූපය නැවුම් කරගන්නත් ඔයාට පුළුවන් .

05. ලෝකඩ පැහැති අයි ෂැඩෝ සහ වයින් ලිප්ස්ටික් 

මේක ඇත්තටම රාජකීය සංයෝජනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද ඒකෙන් ඔයාට සුඛෝපභෝගී පෙනුමක් ලැබෙනවා. වැදගත්ම දේ තමයි ලිප්ස්ටික් එක ආලේප කරනවිට සමෝච්ඡය අනුගමනය කිරීම. අයි ෂැඩෝ එකත් එක්ක ඒ හැමදේම සරලයි.ඔයාට කරන්න තියෙන්නේ රත්තරන් පාට අයි ෂැඩෝ එක ඔයාගේ ඇඟිලි වල මෘදු චලන මගින් ආලේප කරගැනීමයි.

06. රෝස පැහැති ලිප්ස්ටික් සහ නිල් හෝ දම් පැහැති අයි ෂැඩෝ 

නිල් පාට අයි ෂැඩෝ සමඟ රෝස පාට ලිප්ස්ටික් ආලේප කළ විට පොඩි අසභ්‍ය පෙනුමක් ලැබෙනවා කියා සමහර අය සිතනවා. ඒත් මැටේ එකක් නැතුව ඒ වෙනුවට දිලිසෙන අයි ෂැඩෝ එකක් තෝරා ගත්තොත් එයට හාත්පසින්ම වෙනස් අහිංසක වගේම නැවුම් පෙනුමක් ලැබේවි.

07. ෂැම්පේන් අයි ෂැඩෝ සහ කොරල් පැහැති ලිප්ස්ටික් 

වයින් හෝ රතු පාට ලිප්ස්ටික් ආලේප කරන්න බැහැ කියා සිතෙනවා නම් මේ සංයෝජනය උත්සහ කරලා බලන්න. කොරල් නැත්නම් බේජ්(ලා දුඹුරු) පාට ලිප්ස්ටික් ෂේඩ්ස් හෝ ග්ලොස් මඟින් ඔයාගේ සම්පූර්ණ ප්‍රතිරූපයම නැවුම් කර ප්‍රභාවත් කරනු නොඅනුමානයි. ඊළඟට දිලිසෙන ෂැම්පේන් අයි ෂැඩෝ එක ආලේප කළ පසු රතු කාපට් එකේ ඇවිදගෙන යන්න ඔයා සූදානම්.

බෝනස් : නාසය මත තිබෙන බ්ලැක් හෙඩ්ස් අයින් කරගන්නේ කොහොමද?

ස්වාභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා බ්ලැක් හෙඩ්ස් අයින් කරගෙන සෞඛ්‍ය සම්පන්න සහ සුන්දර සමක් ලබාගන්න මෙය  උත්සහ කරලා බලන්න.

අමුද්‍රව්‍ය:

මුහුදු ලුණු තේ හැන්දක්

මිරිකාගත් ලෙමන් තේ හැඳි 1/2ක්

වතුර මේස හැන්දක්

ඉහත අමුද්‍රව්‍ය සියල්ලම භාජනයකට දමා මිශ්‍ර කර කළු ලප තියෙන තැන්වල විනාඩි 2-3 ක් වෘත්තාකාරව චලනය කරමින් ආලේප කරගන්න. විනාඩි 10-15ක් තබා උණු වතුරෙන් මුහුණ සෝදන්න. සිසිල් ජලයෙන් සෝදා සමේ සිදුරු වසාගන්න.

Leave a Reply

Your email address will not be published.