ඔබට නොදැනීම ඔබ සෑම විටම ආතතියෙන් සිටින බවට සංඥා 6 ක්

ආතතිය කියන්නෙ වයස් භේදයක් හෝ ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව ඕනම කෙනෙක්ට ඇතිවෙන්න පුලුවන් කරදරකාරී තත්වයක්. දිගු කාලයක් එකදිගට මොකක් හරි ප්‍රශ්නයකින් පීඩා විඳීමෙන් ආතතිය ඇතිවෙනවා. ඔයා ඔයාගෙ ජීවිතයේ හැමදේම පරිපූර්ණයි කියලා හිතුවට ඔයා නොදැනුවත්වම වුණත් ඔයාට ආතතිය තියෙන්න පුලුවන්.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ඔයාට ආතතිය තියනවද කියලා ඔයාගෙ ශරීරයෙන් පෙන්නුම් කරන ලක්ෂණ හයක් ගැනයි.

01. ඔයා දත්මිටි කනවා නම්

දත්මිටි කෑමට ප්‍රධානම හේතුව ආතතියයි. ඔයා දවල් කාලෙදි හෝ රෑට නිදාගෙන ඉන්නකොට යටි සිතින් දත්මිටි කනවා නම්, ඒක දැනගන්න තියන ලක්ෂණය තමයි, උදේට නැගිටිනකොට ඔයාගෙ හකු තුවාල වී තිබීම. එතකොට ඔයාගෙ දත් වෙනදාට වඩා කෙටි බවක් ඔයාට පෙනෙන්න පටන් ගනීවි. ඒ නිසා දත් ආරක්‍ෂා කර ගැනීමට, ප්‍රතිකාරවලට යොමු වෙන එක ගොඩක් වැදගත්.

02. ඔයාට නිතරම අධික ලෙස දහඩිය දමනවා නම්

ගොඩක් හේතු නිසා දහඩිය දැමීම සිදු වෙනවා. ව්‍යායාම, අධික උෂ්ණත්වය වගේ හේතු ඊට බලපානවා. ඔයාට නිතරම දහඩිය දමනවා නම්, ඒක ඔයා ඕනෑවට වඩා කනස්සල්ලෙන් ඉන්න බවට ලකුණක් වෙන්න පුලුවන්. අපේ ශරීරයට ශරීරයේ තියන සියලු ජලය සම හරහා පිට කරන්න අවශ්‍යයි. ඊලඟට තමයි වකුගඩු හරහා ඉවත් කරන්නෙ. මෙහි ප්‍රතිඵලයක් විදිහට ඔයාට අධික ලෙස දහඩිය දමන්න ඉඩ තියනවා.

03. වෙනදාට වඩා ඔයාගෙ කොණ්ඩෙ යනවා නම්

නානකාමරයේ හෝ කොණ්ඩෙ පීරන පනාවේ වෙනදට වඩා කෙස්ගස් ප්‍රමාණයක් දකින්න ලැබෙනවා නම්, ඒක ආතතියේ සලකුණක් වෙන්න පුලුවන්. සිතුවිලිවල වෙනස්වීම මගින් හිසකෙස් චක්‍රයේ වර්ධනය කඩාකප්පල් කරනවා. මෑතදී භයානක දෙයක් සිදු වුණේ නැතත්, කොණ්ඩෙ යන්න පුලුවන්. ඒකට හේතුව තමයි, ආතති සහගත සිදුවීමකින් සති 6-12 කට පසුවත් හිසකෙස් ගැලවී යාමට පටන් ගන්නවා.

04. රතු ලප හෝ පැල්ලම් ඇත්නම්

ඔයා අසාත්මිකතාවන්ගෙන් පෙළෙන කෙනෙක් නොවුණත්, ඔයාගෙ ඇඟේ කොතනක හරි රතු පාට ලප හෝ පැල්ලම් ඇතිවීමත් ආතතියේ සලකුණක්. ආතතිය නිසා ඔයාගෙ කටේ පවා රතු ලප ඇතිවෙන්න පුලුවන්. මේකට හේතුවෙන්නෙ, සිතුවිලිවල හදිසි වෙනස් වීම නිසා ඔයාගෙ ශරීරය එහි අනෙකුත් ක්‍රියාකාරකම්වලට ශරීරයේ ප්‍රතිචාරය වෙනස් කරන රසායනික කිහිපයක් නිකුත් කරන්න පටන් ගැනීමයි.

05. නිතරම ඇස ඇඹරෙනවා නම්

ආතතිය මගින් ඔයාගෙ මොළයට සහ මුහුණේ මාංශ පේශිවලට අසාමාන්‍ය සංඥා ලබා දෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට, ඔයාගෙ ඇස පාලනය කළ නොහැකි ලෙස ඇඹරෙන්න පුලුවන්. පහළ ඇසිපිය හෝ, කලාතුරකින් ඉහළ ඇසිපිය පවා ඉබේම චලනය වෙන්න ඉඩ තියනවා. සමහර අවස්ථාවලදී මේ ඇඹරීම සති හෝ මාස ගණනක් පවතිනවා.

06. හැමවිටම කට වියළෙනවා නම්

වැඩිපුර ලුණු සහිත කෑමක් කන්නෙවත් නැතුව, ඔයාගෙ කට නිතරම වියළෙනවා නම් සහ ඔයාට නිතරම තිබහක් දැනෙනවා නම්, ඔයාගෙ සිතුවිලි ගැන අවධානය යොමු කරන්න. දිගු කාලීන ආතතිය නිසා කටේ කෙල ග්‍රන්ථි අවහිර වන අතර, එමගින් කට වියළීමට පටන් ගන්නවා. ගොඩක් විජලනය වුණාම ගිලීමේ අපහසුතා පවා ඇතිවෙනවා.

Leave a Reply

Your email address will not be published.