ඔබට වයස්ගත පෙනුමක් ලබාදෙන අත්හැරිය යුතු විලාසිතා 12 ක්

ප්‍රසිද්ධ විලාසිතා නිරූපකයන් කියන විදිහට, කොයිතරම් මිල අධික විලාසිතාවක් වුණත් තමන්ට ගැලපෙනවා නම් විතරක් කරන්න කියලා. ගොඩක් අය එයාලගෙ වයසට නොගැලපෙන විදිහට විලාසිතා කරනවා. ඒත් ඒකෙන් වෙන්නෙ ඇත්ත වයසටත් වඩා වයස්ගත පෙනුමක් ලැබෙන එකයි.

ඒ නිසා අද අපි ඔයාට කියලා දෙන්න හිතුවෙ වයසට ගැලපෙන විදිහට විලාසිතා කරනකොට ඔයා දැනගෙන ඉන්න ඕන විශේෂම දේවල් 12 ක් ගැනයි.

01. ඉතා තද පාට හිසකෙස් හෝ කහ පාට හිසකෙස්

ගොඩක් තද පාට හිසකෙස් මගින් ඔයාට වයස්ගත පෙනුමක් ලබා දෙනවා. කහ පාට වර්ණ සඳහාත් එහෙමයි. කහ පාට හිසකෙස් පිළිස්සුණු සහ අපිරිසිදු පෙනුමක් ඇති කරනවා. ඔයා හිසකෙස්වලට විවිධ වර්ණ අත්හදා බලන්න කැමති කෙනෙක් නම්, ඔයාගෙ හිසකෙස්වල ස්වාභාවික වර්ණයට වඩා ශේඩ්ස් 2ක් ලා පාට වර්ණයක් භාවිතා කරන්න.

02. හැම දෙයක්ම ඉතා පරිපූර්ණ ලෙස පෙනෙන රූපයක්

අපි හැඩකාර වීමට සහ විලාසිතාවෙන් බැබලීමට උත්සාහ කරනකොට, අපි කරන හැම විලාසිතාවක්ම එකිනෙකට ගලපගන්න අපි උත්සාහ කරනවා. මේකෙන් අපේ පෙනුමට වයස්ගත බවක් එකතු වෙනවා. අද වෙනකොට ඒ තරම් දේවල් ගලපන්නෙ නැතුවයි විලාසිතා කරන්නෙ.

03. ලෙදර් සපත්තු සහ ආභරණ

ආලෝකය පරාවර්තක දේවලින් හැදුණු ආභරණ මගින් අපට පැරණි පෙනුමක් ලබාදෙනවා. ඔහියෝ හි, එවැනි සපත්තු නීත්‍යානුකූලව තහනම් කර තිබෙනවා. අද සපත්තු සහ බෑග් දෙකටම වැඩියෙන්ම භාවිත කරන්නෙ පදම් කල සම් ය.

04. පරිපූර්ණ කොණ්ඩා මෝස්තර

හෙයාර් ස්ප්‍රේ ඉහලා ගොඩාක් පිළිවෙලට හදපු කොණ්ඩ මෝස්තරවලින් අපට ලැබෙන්නෙ අසූව අනූව දශකයේ පෙනුමක්. අද, කාන්තාවන් හිසකෙස් සම්බන්ධයෙන් ඊටත් වඩා හොඳ ක්‍රම භාවිතා කරනවා. උදාහරණයක් විදිහට, හිසකෙස් වඩාත් විශාල පෙනුමක් ඇති කිරීමට විශේෂ තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා. ඒවාට වෙනම ඩ්‍රයි ෂැම්පු, හිසකෙස් ලැමිනේෂන් සහ රූට් ස්ප්‍රේ තියනවා. කොණ්ඩෙ කර්ල් කරලා තියාගන්න ඕන නම්, ඒකටත් වෙන්වූ උපකරණ තියනවා.

05. ලාභ ආභරණ

ප්ලාස්ටික් කරාබු, මුදු, මාල, බ්‍රේස්ලට්, සහ පාට පාට ආභරණ කෑලි මගින් පාසල් යන වයසේ ගැහැණු ළමයින්ට සහ තරුණියන්ට හොඳ පෙනුමක් ලබා දුන්නත් වැඩිහිටි කාන්තාවන්ට ඒවා ගැලපෙන්නෙ නෑ. ඒ වගේ ආභරණ පලඳින වැඩිහිටි කාන්තාවන්ව පේන්නෙ තරුණ වෙන්න හදන අය වගේ. ඒ නිසා ලෝහයෙන් සෑදූ එක් විශාල ආභරණයක් තෝරා ගැනීම වඩා හොඳයි.

06. තද රතු හෝ තද පාට නිය ආලේපන

අපි දීප්තිමත් රතු නියපොතු දකින්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් අවාසනාවකට රතු පාට මගින් අපේ සමේ දෝෂ වඩාත් පැහැදිලිව පෙන්නුම් කරනවා. තද වර්ණ සඳහාත් එහෙමයි. ඒත් ඔයාට රතු හෝ තද පාට නිය ආලේපන පාවිච්චි කරන්නම ඕන නම්, ඒ පාටවලින් ජ්‍යාමිතික රටාවක් ‍යෙදූ, මූලික වර්ණය ලෙස සුදු හෝ ලා දුඹුරු පැහැය ඇති නේල් ආර්ට් එකක් තෝරා ගන්න.

07. වැකි සහිත ටී-ෂර්ට්

ඇඳුම් කියන්නෙ ස්වයං-ප්‍රකාශනය සඳහා තිබෙන විශිෂ්ට මෙවලමක්. හැබැයි ඉතින් ඔයාට නොගැලපෙන වචන ප්‍රින්ට් කරපු ටී ෂර්ට් තෝරගැනීමෙන් වළකින්න වෙනවා. මොකද වයසට නොගැලපෙන වචන හෝ වැකි අඩංගු ටී ෂර්ට් මගින් ඔයාගෙ පෙනුමට ලොකු හානියක් සිදුවෙනවා.

08. ඉතා ගතානුගතික විලාසිතා

ගතානුගතික වීම සමහර වෙලාවට හොඳ දෙයක් වුණත්, එදිනෙදා ජීවිතයේදී, ලේස් පැන්සල් සායක් සහිත ස්වේට් ෂර්ට් එකක් හෝ සපත්තු සහිත කලිසම් අඳින්න බය වෙන්න ඕන නෑ. මොකද, හැම කෙනෙක්ම විලාසිතා වල ප්‍රමිතීන් අනුගමනය කරන්න ඕනෙ කියලා දෙයක් නෑ.

09. බොත්තම් සහිත තුනී ලොකු බ්ලවුස්

මේවාගෙන් කිසිම කෙනෙක්ට ලස්සන පෙනුමක් ලබාදෙන්නෙ නෑ. ඒවා ශරීරයේ තියන කුඩාම අඩුපාඩු පවා දෘශ්‍යමාන සහ පැහැදිලි ව පෙන්නුම් කරනවා.

10. වර්ණ සංයෝජන අධික ලෙස භාවිතා කිරීම

කළු සහ සුදු, රතු සහ කළු, සහ අනෙකුත් සම්මත වර්ණ සංයෝජන දැන් පරණ වෙමින් පවතිනවා. “සම්භාව්‍ය” කියන්නෙ විලාසිතා වල එක පැත්තක් විතරයි. නවීන ට්‍රෙන්ඩ් සැලකිල්ලට ගනිමින්, කොළ සහ ලිලැක් වගේ සංයෝජන අත්හදා බැලීමට පටන් ගැනීම සහ වෙනත් අසාමාන්‍ය වර්ණ තෝරා ගැනීම වඩාත් හොඳයි.

11. ලා පාට මේස්

මේවා අස්වාභාවික ලෙස පෙනෙන අතර ලස්සනම කකුල් පවා නරක ලෙස පෙනෙන්න සලස්වනවා. මීට අමතරව, ඒවායේ වර්ණ ස්වභාවික සමේ වර්ණයට වඩා වෙනස්.

12. ඉතා කෙටි කෙස්

කෙටි හිසකෙස් මගින් කාන්තාවන්ට තරුණ පෙනුමක් ලබා දෙන බව විශ්වාස කරනවා. හැබැයි, කොණ්ඩෙ ඕනෑවට වඩා කොට කිරීමෙන් වෙන්නෙ ඒකෙ අනික් පැත්තයි. අසමමිතික ලෙස කොණ්ඩය කැපීම තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙන්නෙ.

Leave a Reply

Your email address will not be published.