ඔබව අන් අයගෙන් විශේෂිත කෙනෙක් කරන ශරීර ලක්ෂණ 10 ක්

අපි හැමෝම එකිනෙකාට වෙනස්.ඒත් සමහර පුද්ගලයන් ඒ අතරිනුත් සුවිශේෂී වෙනවා. ජානමය ලක්ෂණ මගින් එයාලට අද්විතීය භෞතික ලක්ෂණ ලබා දීලා තියනවා. සමහරු ඒවා එයාලගේ පෙනුම වැඩි දියුණු කර ගන්න පවා භාවිතා කරනවා.

අද අපි විවිධ පුද්ගලයන්ගේ සුවිශේෂතා විශ්ලේෂණය කරන අසාමාන්‍ය ශරීර ලක්ෂණ 10ක් සොයා ගත්තා.

01. Widow’s Peak

Widow’s peak කියන්නෙ බොහෝදෙනෙක්ට උරුම V ආකාරයේ ලාක්ෂණික රෝම රේඛාවයි. අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙන්නෙ මේ ලක්ෂණය අසාමාන්‍යයි කියලයි. නිරීක්ෂණය කළ ජනගහනයෙන් 67%කම මේ ලක්ෂණය නොතිබුණු අතර ජාන, වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය මේ ලක්‍ෂණයට බලපාන බව එයින් පෙන්නුම් කරනවා.

02. X අකුර

මේක පුද්ගලයන් කිහිප දෙනෙකුට පමණක් හිමි විශේෂ ලකුණක්. වාර්තාවන්ට අනුව, ලෝක ජනගහනයෙන් 3% අතේ ‘X’ අක්ෂරය තියනවා. ඒක ඔයාගෙ අත්ලෙ වක්‍ර තිරස් රේඛා 2 අතර ස්ථානගත වෙලා තියනවා.

03. Photic sneeze reflex

කිවිසුම් යාමේ පොදු හේතු අතර රෝග සහ අසාත්මිකතා ඇතුළත් වෙනවා. කොහොම වුණත්, සමහර අය “Photic sneeze reflex” ලෙස හැඳින්වෙන රෝග ලක්ෂණය අත්විඳිනවා. ඒක ආලෝකය, විශේෂයෙන් හිරු එළිය නිසා ඇතිවන කිවිසුම් යාමක්.

එය ජනගහනයෙන් 18%- 35% කට පමණ ඇති වෙනවා.

04. Simple Anisocoria

නිවැරදි ආලෝක ප්‍රමාණය ඇසට ඇතුළු විය හැකි පරිදි ඇසේ ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ නිසා, අඳුර ඇති වෙලාවට, ඒවා විශාල වන අතර, බොහෝ අවස්ථා වලදී, එක් එක් ඇස එකවරම හැකිලීම සහ ප්‍රසාරණය වෙනවා. කොහොම වුණත්, හැම වෙලාවෙම එහෙම වෙන්නෙ නැති නිසා එක් එක් ඇසේ කාච ප්‍රමාණයෙන් වෙනස් බව පේනවා. කාච ප්‍රමාණයේ මෙම වෙනස Anisocoria ලෙස හැඳින්වෙනවා.

05. Dextrocardia

මේක නම් සුලබ හෘද ආබාධයක්. හෘදය පපුවේ දකුණ පැත්තට වමෙන් යොමු කරනවා. ඒක උපතේ ඉඳලා තියන තත්වයක්. කොහොම වුණත්, ජනගහනයෙන් සියයට එකකට වඩා අඩු ප්‍රමාණයක් මෙම තත්ත්වයෙන් පෙළෙන නමුත්, ඒ අයට ශල්‍යකර්ම විකල්පත් තියනවා.

06. විවිධ ආකාරයේ ඇඟිලි සලකුණු

Loops, whorls, arches කියන්නෙ ඇඟිලි සලකුණු වල ප්‍රධාන ආකාර 3 යි. සියලුම ඇඟිලි සලකුණු වලින් දළ වශයෙන් 65%ක් loop වන අතර, ඒවා වඩාත් ප්‍රසිද්ධයි. සියලුම ඇඟිලි සලකුණු වලින් 30%ක් පමණ whorls වන අතර, arches 5%ක් පමණ දැක ගන්න පුලුවන්.

07. අක්ෂි කාච වල කොලොබෝමා

කොලොබෝමා කියන්නෙ ඔයාගෙ ඇසේ පටකයක් නොමැති පැල්ලමක්. පුද්ගලයෙකු ඉපදෙන විට දෘෂ්ටි විතානයක් පිහිටනවා. ඒවා එක් ඇසකට හෝ දෙකටම බලපාන්න පුලුවන්. ඒවායින් බොහොමයක් හඳුනාගන්න ලේසි වෙන්නෙ කාදයේ යතුරු සිදුරක් වගේ පෙනෙන නිසා. ඒත් එහෙම පිටතින් දැකිය නොහැකි බොහොමයක් තියනවා.

08. පිටතට නෙරා ආ නාභිය

මේක සමෙන් නෙරා ඇති ගැටයක් වගේ පේනවා. ඒක සාමාන්‍යයෙන් වෙන්නෙ පෙකණි වැල කැපීමෙන් පස්සෙ ඉතිරි වන වැඩි සම් කොටස වියළීමෙන්. සමහර වෙලාවට, පෙකණි හර්නියා කියලා හැඳින්වෙන තත්වයක් ඒකට හේතු වෙන්න පුලුවන්. ඒත් වැඩිහිටියන්ගෙන් 10% කට පමණයි මේ තත්වය තියෙන්නෙ.

සමහර පුද්ගලයන්ට මෙය පිහිටන්නෙ නැහැ. ඒ එයාලට ශල්‍යකර්මයක් කල නිසා හෝ එයාලගෙ නාභිය අමුතු ලෙස සෑදී තිබීම නිසා වෙන්න පූලුවන්. Bladder exstrophy කියන්නෙ මේකට හේතු වෙන එක් දුර්ලභ තත්ත්වයක්. ඒ කියන්නෙ පුද්ගලයෙකුගේ මුත්‍රාශය එයාගෙ බඩෙ ඇලී තිබීමයි. මේක ළදරුවෙකුට අපහසු නිසා ශල්‍යකර්මයකින් හදා ගන්න පුලුවන්.

09. Single palmar crease

ඒ කියන්නෙ අත්ල හරහා යන තනි රේඛාවක්. බොහෝ මිනිසුන්ගේ අත්ලෙහි නැමීම් 3ක් තියනවා. කොහොම වුණත්, ජනගහණයෙන් 1.5% ක පමණක් එක් රේඛාවක් තියනවා. මේ ලක්‍ෂණය කාන්තාවන්ට වඩා පුරුෂයන් තුළ දෙගුණයක් සිදුවීමට ඉඩ තියනවා.

10. පැළුණු නිකට

ඔයා ඉපදෙන්නේ නිකට පැලීමකින්ද නැද්ද කියලා ඔයාගෙ ජාන මගින් තීරණය කරනවා. පවුලෙ සාමාජිකයින්ට මේක තියනවා නම්, ඔයාටත් ඒක වෙන්න ඉඩකඩ වැඩියි. මේක ඇති වෙන්නේ දරුවා ගර්භාෂයේ ඉන්න විට යටි හකු 2 සම්පූර්ණයෙන්ම එකට එකතු නොවුණමයි.