ඔබව පෙනුමෙන් රැජිනක් මෙන් ලස්සන කරන දේවල් 8 ක්

ඕනම කාන්තාවක් විලාසිතා කරලා ලස්සනට ඉන්න කැමතියි. තමන්ගේ සමාජ තත්ත්වය රැකියාව ජීවිතයේ තමන්ගෙ භූමිකාව වගේ හැම සාධකයක්ම සලකලා බලලා විලාසිතා කරනවා නම් වඩාත්ම හොඳයි. ආයතනයක ප්‍රධානියෙක්, ආදර්ශවත් මවක්, ආදරණීය බිරිඳක්, රැකියාවට යන කාන්තාවක් වගේ එක එක විදිහේ චරිතවලට ගැලපෙන විදිහට ඇඳුම් අඳින්න තෝරගන්න එක කාන්තාවන්ට හරිම වැදගත් වෙනවා. වයසට නොගැලපෙන ඇඳුම් ඇන්දොත් ඔයාගෙ ලස්සන සහ ආකර්ෂණීය බවට ලොකු හානියක් වෙනවා. ඒ වගේම ගැලපෙන විදිහට විලාසිතා කරනකොට දැනගෙන ඉන්න ඕන කරුණුත් ගොඩක් තියනවා.

ඉතින් අද අපි ඔයාට කියන්න හිතුවෙ ඔයාව සුපිරි නිරූපිකාවක් ලෙස පෙනීම සඳහා අනුගමනය කරන්න ඕන සරල උපක්‍රම 8 ක් ගැනයි.

01. සාමාන්‍ය ටී ෂර්ට්

ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව කළු, සුදු, අළු සහ ලා රෝස ටී ෂර්ට් අඳින්න පුලුවන්. කුඩා රවුම් කරක් සහිත සාමාන්‍ය ටී ෂර්ට්වලින් වලින් ඈත් වෙන්න. ඇඳුමකට ඔයාගෙ උරහිස් විවෘත වෙනකොට, ඒවාට ඕනෑවටත් වඩා අවධානයක් යොමු වෙනවා. ඒ නිසා තුනී පටියක් සහිත ටොප් වලින් ඈත්වෙන්න. නැත්නම්, අත් සහිත ටී-ෂර්ට් තෝරා ගන්න. ඇඟේ හැඩය ඉස්මතු කරගන්න නම්, ටී-ෂර්ට් එක ඔයාගෙ කලිසමට හෝ සායට යට කරන්න.

02. ගොඩක් ලොකු කළු පාට ස්වෙටර්

ස්වෙටර් එකක් තෝරගන්නකොට ඕනෑවට වඩා ලොකු සයිස්වලට යන්න එපා. කලු පාට ස්වෙටර් වලින් ලස්සන පෙනුමක් ලැබෙනවා. විශේෂ අවස්ථාවක් සඳහා නම් විලාසිතාවක් විදිහට කලු ස්වෙටර් එකට තද සායක් සය බෑහ් එකක් පළඳින්න.

03. හොඳ ජීන්ස්

අද කාලෙ හැම ගැහැණු ළමයෙක්ගෙම ඇඳුම් අල්මාරිය ඇතුළෙ අනිවාරෙන්ම තියන ඇඳුමක් තමයි ජීන්ස් කියන්නෙ. ඒවා තියෙන්නෙ තරුණ අයට විතරක් නෙවෙයි. ජීන්ස් කලිසම් තෝරගන්නකොට අලුත්ම ට්‍රෙන්ඩ් වලට අලුව ජීන්ස් තෝරගන්නවට වඩා හොඳම දේ තමයි ඔයාගෙ ඇඟේ හැඩය සහ ඔයාගෙ වයසට ගැලපෙන විදිහට තෝරගැනීම. ලස්සන කකුල් තියන අයට දිගු ජීන්ස් විශිෂ්ට හොඳින් ගැලපෙනවා.

04. ජැකට්

සැහැල්ලු කෝට් එකක් වෙනුවට අඳින්න පුලුවන් හොඳ ආදේශක ඇඳුමක් තමයි, ජැකට් කියන්නෙ. විවිධ මෝස්තරවල ජැකට් තියනවා. විවෘත බොත්තමක් සහිත, අත් හෝ කරපටි සැරසිලි සහිත වගේ වෙනස් විදිහේ ජැකට් වර්ග දකින්න පුලුවන්. හැබැයි මේවා තෝරගනිද්දි ටිකක් තද පාටවල්වල ජැකට් ගන්න එක හොඳයි. සාමාන්‍ය සුදු ටී ෂර්ට් එකක් සහ ඕනම පාටක ලස්සන ජීන්ස් එකකට නම් තද නිල් පාට ජැකට් එක නියමයි.

05. ආභරණ

සැහැල්ලු, බර අඩු ආභරණ මගින් ඔයාගෙ ලස්සන ඉස්මතු කරනවා වගේම ඔයාගෙ පෙනුමට හානියක් කරන්නෙත් නෑ. ආභරණ තෝරගන්නකොට හොඳට හිතලා බලලා තෝරගන්නවා නම්, ඔයාට තරුණ පෙනුමක් ලබාගන්නත්, ඔයාගෙ පෙනුමට හානියක් කරගන්නෙ නැතුව විලාසිතා කරන්නත් හැකියාව ලැබෙනවා.

06. වළලුකර දක්වා උස සපත්තු

ලස්සන සපත්තු පැළඳගෙන ඉන්න කාන්තාවන්ව අනික් අය අතරින් වැඩිපුර ආකර්ෂණයට ලක් වෙනවා. වළලුකරට උස සපත්තු මීට වසර කිහිපයකට කලින් ගොඩාක් ජනප්‍රිය වුණු භොඳ ට්‍රෙන්ඩ් එකක් වුණා. ස්වාභාවික වළලුකර වක්‍රය ඉස්මතු කරන, කකුල්වල කෙණ්ඩා ප්‍රදේශය ආවරණය නොකරන වළලුකර සපත්තු ඇත්තටම ලස්සන විලාසිතාවක්.

07. තියුණු සහ සිහින් හීල් එකක් සහිත සපත්තු

ලස්සන සපත්තු වර්ග අතරින් මේ හීල්ස් වර්ගය හරිම වැදගත් පෙනුමක් ඔයාට ලබාදෙනවා. තියුණු තුඩක් සහ සිහින් හීල් එකක් සහිත සපත්තු තරම් කාන්තාවකගේ කකුල් ආකර්ෂණීය කරන තවත් සපත්තු වර්ගයක් නෑ. ඒ සඳහා ඔයා තද පාට සහ දිලිසෙන්නෙ නැති සපත්තු තෝරගන්න ඕන. ඒවා ජීන්ස් වලටත් වඩාත් අලංකාර පෙනුමක් ලබා දෙනවා.

08. මැහුම් රහිත යට ඇඳුම්

ඔයා කොයිතරම් ලස්සනට ඇඳුම් ඇන්දත් වැඩක් නෑ ඔයාගෙ ඇදුමට යටින් යට ඇඳුම් දාර පේනවා නම්. ඇඟට ගොඩාක් හිර යට ඇඳුම් වගේම වැඩිපුර මැහුම් පාරවල් සහිත යට ඇඳුම් මගින් ඔයාගෙ ඇඟේ සමහර කොටස් අනවශ්‍ය විදිහට ඉස්මතු කරනවා. ඒ වගේම ඇඳුමට යටින් ඇඳපු ඇඳුමේ පාට ඇඳුම උඩින් පේනවා නම්, ඒකත් හරිම අප්‍රසන්නයි. ඒ නිසා යට ඇඳුම් පිටතට නොපෙනෙන අයුරින් අඳින්න වගබලා ගන්න.

Leave a Reply

Your email address will not be published.