ඔබේ අවධානය යොමු කලයුතු ශරීර වෙනස්කම් 10 ක්

හේතුවක් නැති සැකය මඟින් ඕනෑම කෙනෙකුගේ ජීවිතය විනාශ කල හැකියි. නමුත් හානිකර නොවන රෝග ලක්ෂණ සමඟ සමහර බරපතල රෝගාබාධ  නොතකා සිටියහොත් කුමක් වේවිද? මේ නිසා ශරීරයේ වෙනස්කම් දැන සිටීමෙන් ඒවා නිරීක්ෂණය කිරීමෙන් නිසි වෙලාවට වෛද්‍යවරයෙකු මුණගැසිය හැකියි.වැඩි අවධානයක් යොමු කලයුතු ශරීරයෙන් ලබාදෙන සංඥා මෙහි දැක්වෙනවා.

01. තොල් වියළීම හෝ පැලීම. 

තොල්වල වියලි සම ගැලවී යාම ආසාත්මිකතාවයක සංඥාවක් විය හැකියි. මෙවැනි අවස්ථාවකදී ඔයා පාවිච්චි කරන රූපලාවන්‍ය නිෂ්පාදන සහ මුඛ සනීපාරක්ෂක නිෂ්පාදන, ලබාගන්නා ආහාර සහ ලබාගන්නා බෙහෙත් වර්ග පිළිබඳව අවධානය යොමු කරන්න. මුඛය කෙලවර පැලීම මඟින් පෙන්නුම් කරන්නේ විටමින් BA, සහ E ඌණතාවයයි. ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටළු සමඟ වියලි ඇස්, වියලි මුඛය යන තත්ත්ව පවතිනවා නම් එය ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් වන Sjögren සින්ඩ්‍රෝමයේ විශේෂිත රෝග ලක්ෂණවල සංයෝජනයක් විය හැකි නිසා වෛද්‍යවරයෙකු මුණ ගැසීම වඩා හොඳයි.     

02. ඇහිබැමි ගැලවී යාම.

ඝනකම් ඇහිබැමි වර්තමාන ප්‍රවණතාවය වගේම එය නිරෝගී බව පෙන්නුම් කරන දර්ශකයකි. විටින්විට ඇහිබැමිවල කෙස් ගැලවී යාම සාමාන්‍ය දෙයක් වුණත් අනවශ්‍ය පරිදි වැඩියෙන් ගැලවී තැනින් තැන හිස්තැන් පෙනෙනවා නම් හෝ සම්පූර්ණයෙන්ම නැති වී ගොස් තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. මෙයට හේතුව තයිරොයිඩ් ක්‍රියාකාරීත්වය අධික හෝ අවම වීම විය හැකියි. 

03. නියපොතුවල සදොස් පෝෂණය

නියපොතුවලට කොතරම් නිරෝගී පෙනුමක් ලබාගත හැකිද කියා අපි හැමෝම දන්නවා. වර්ණයේ හෝ ආකෘතියේ ඕනෑම වෙනස්වීමක් අනතුරු හැඟවීමේ සංඥාවක් විය හැකියි. සිහින් සහ සුදුමැලි නියපොතු මඟින් අනිද්‍රාව සහ ශරීරයේ යකඩ ඌණතාවයක් සහ කහ වීමෙන් ආමාශයික කාර්ෂයේ ආබාධයක් හෝ දිලීර ආසාදනයක් පෙන්නුම කල හැකියි. සුදු තිත් සහ තීරු මඟින් සින්ක්, තඹ සහ අයඩින් ඌණතාවය වන අතර ඉක්මනින් කැඩී යාමට හේතුව විටමින්, කැල්සියම්, යකඩ සහ බීටා-කැරොටින් ඌණතාවයයි.  

04. සුදුමැලි තොල් සහ තද පැහැති බාහිර හැඩය

නොයෙකුත් රෝග සඳහා නොයෙකුත් පැහැදිලි කිරීම් තියෙනවා. පහල තොලේ රතු පැහැති මායිම ඉදිමී ඇත්නම් හෝ ඒ මත කුඩා බුබුළු මතු වී තිබේ නම්, පාරජම්බුල කිරණට අධි සංවේදී කෙනෙකු විය හැකියි.මෙවැනි තත්වයකදී කල හැක්කේ සංස්ක්‍රීන් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කර හිරුඑළියට නිරාවරණය වීම අවම කිරීමයි. තොලේ මැද ප්‍රදේශයේත් මේ ලක්ෂණම පෙන්නුම් කරනවාද? මෙය වර්ධක ස්නායු රෝගයකි. ප්‍රති- ඉදිමුම් ලේප සමඟ  වේදනානාශක ලබාගැනීම බෙහෙත් කිරීමේ වැදගත්ම කොටසයි. බරපතල ලෙස ඉදිමීම සහ රතු වීම මඟින් පෙන්නුම් කරන්නේ ආසාත්මිකතාවයක් වන බැවින් ඔයා භාවිතා කරන රූපලාවන්‍ය නිෂ්පාදන සහ දත්බෙහෙත් පිළිබඳව අවධානය යොමු කරන්න, අසාත්මිකතා වෛද්‍යවරයකු හමුවන්න. 

05. රතු පැහැ මුහුණ 

උෂ්ණත්ව වෙනස්කම්, සම්බාහනය, හෝ මධ්‍යසාර පරිභෝජනය වැනි ස්වභාවික මානසික වෙනස්කම් අත්හැර දැමූ පසු මුහුණ රතු වීමට බලපාන පුළුල් හේතු කාරණා 3ක් තිබෙනවා. අවුරුදු 40න් පසු කාන්තාවන්ගේ හෝමෝන මට්ටම් අවම වීම හේතුවෙන් ආර්තවාභාවයේ ආරම්භය පෙන්නුම් කිරීම විය හැකියි. මුහුණ රතු වීමෙන් ඩිමොඩිකෝසිස් ඇතිවීමට හේතුවන ආසාදන පවතින බව පෙන්නුම් කල හැකියි. හදිසියේ ඇතිවන කරකැවිල්ල සමඟ අර්ධ වශයෙන් මුහුණ රතු වීම මඟින් විශේෂ ඖෂධ වලින් සාමාන්‍ය අතට පත්කළ හැකි පීඩන උච්චාවචනයන් පිළිබඳව සංඥා කරනවා විය හැකියි.

06. වියලි යටිපතුල් 

විටමින් A සහ E ඌණතා නිසා දෙපාවල සම වියලි තත්වයට පත්වෙනවා. අපිචර්මයේ සම්පූර්ණ තත්වයට බලපෑම් එල්ල කල හැකි දිලීර ආසාත්මිකතා පැවතීමද මෙයට හේතු විය හැකියි. අවසාන තත්වය සාමාන්‍යයෙන් ඇතිවන්නේ පැලීම් විශාල ප්‍රමාණයක් සමඟ නියපොතු කහ පැහැති වීමෙන්. සුදුසු සත්කාර කිරීමෙන් සහ ප්‍රමාණවත් පරිදි විටමින් ලබා ගැනීමෙන් පසුවද වියලි බව සහ තද බව ඉවත් වන්නේ නැතිනම් අන්තරාසර්ග බාධාවක් පෙන්නුම් කරනවා විය හැකියි.   

07. වියලි දෑත් සහ ශරීරයේ වියලි සම 

ශීතල සෘතුවලදී වියලි සම සම්මතය වුවද මොයිස්චරයිසින් ක්‍රීම් පාවිච්චි කිරීම, අවශ්‍ය ප්‍රමාණයට වතුර බීම සහ විටමින් ලබා ගැනීමෙන් ඒ සඳහා විශාල සහයක් ලැබෙනවා. මෙම පිළියම්වලින් ප්‍රගතියක් නැතිනම්, මෙය දියවැඩියාව සහ මන්දතයිරොයිඩතාව යන රෝගවල පොදු ලක්ෂණයක් බැවින් සමේ රෝග පිලිබඳ වෛද්‍යවරයෙකු හමුවන්න. සම වියලි සහ පොතු යනවාට අමතරව තද සහ පැලීම් වලින් පිරී පවතී  නම්, එයට හේතුව ස්වභාවික ප්‍රතික්‍රියාවක් හෝ රසායනික නිරාවරණය වීමකින් ඇති වූ චර්ම දාහයක් විය හැකියි.  .

08. පාද විකලාංගතාව                   

කකුලක් ඇතුලත දෙසට අවුල් සහගත ආකාරයට නැවී තිබීම සහ දේශාංශික හෝ තීර්යක් වශයෙන් කකුලේ හැඩය වක්‍ර වී ඇති අවස්ථා පැතලි දෙපා ලෙස දක්වනවා. සංඛ්‍යාලේඛනවල සඳහන් වී ඇති අන්දමට, දේශාංශික පැතලි දෙපාවලට වඩා වෙනත් විරූපණ සමඟ තීර්යක් පැතලි පාද එකතු වීමෙන් ඇතිවන විරූපණයන් බහුල වනවා වගේම මෙහි වැඩි අවදානමක් තියෙන්නේ ස්ත්‍රී පාර්ශ්වයට යි. මෙයට හේතුව කාන්තාවන් අඩි උස සපත්තු පැළඳීම හේතුවෙන් ශරීරය පුරා බර බෙදී යන්නේ අසමානව වන හෙයින් තීර්යක් ආකාරයට වක්‍ර වී තිබෙන පෙදෙස් මතට ලොකු භාරයක් පැටවෙනවා. මෙම වක්රවලට ඒ තරම් භාරයක් දැරීමට අසීරු නම් විකලාංගතාවයක් ආරාම්භ වන අප්‍රසන්න, වේදනාකාරී, ඇදීමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා.

09. දත් මත සුදු පැල්ලම් 

දන්ත ප්ලෝරෝසියාව කියන්නේ කිරි දත් ගැලවී යාමට හෝ ඉවත් කිරීමට පෙර හෝ පසු වර්ධනය වන නිදන්ගත රෝගී තත්වයක් ( ජලය විශාල ප්‍රමාණයක් හෝ ෆ්ලුවොරින් ඉහල අන්තර්ගතයක් ඇති නිෂ්පාදන පරිභෝජනය මඟින්). ගැටළු සහිත, ඉතා මෘදු, මෘදු, මධ්‍යස්ථ සහ බරපතල වශයෙන් ප්ලෝරෝසියා රෝගයේ වර්ග 5ක් තිබෙනවා. පැල්ලම් මඟින් මුල් වෙනස්කම් තුන පෙනෙන අතර අන්තිම වර්ග දෙක දත් දිරීමට සහ බිඳ වැටීමට හේතු වෙනවා.

10. හිසකෙස් ගැලවී යාම.

හිසකෙස් කූප නිශ්චිත වර්ධක අවධි කීපයකට මුහුණ දෙන බැවින් ඒවා අවුරුදු 2-8ක් දක්වා පවතින අතර සාමාන්‍යයෙන් මිනිසෙකුට දිනකට හිසකෙස් 100ක් පමණ අහිමි වෙනවා. වර්ධනය වන අවධිය අවසන් වූ පසු, හිසකෙස් වැටෙන අතර මාස 2ක් විවේක ගත්පසු අලුත් ඒවා වර්ධනය වෙනවා. මෙහි තේරුම වන්නේ එක්තරා වේලාවකදී පුද්ගලයෙකුගේ හිසකෙස් වලින් 80%-90%ක් වර්ධනය වන අතර ඉතිරිය ගැලවී ගොස් විවේක ගැනීමේ අවධියට එළඹෙනවා. කෙසේ වෙතත්, සැලකිය යුතු පරිදි හිසකෙස් ගැලවී යනවා නම්, එයට හේතු වන ලෙඩ රෝග බොහොමයක් තිබෙන බැවින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩා හොඳයි. සමේ ආසාදන, තයිරොයිඩ් ආබාධ, ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධ ඇතුළු රෝග බොහොමයක් මෙයට හේතු විය හැකියි.  

පෙනුමේ සහ යහපැවැත්මේ ඇතිවන අමතර වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කිරීම බොහෝ වැදගත් වෙනවා. ප්‍රධානම දෙය වන්නේ ඔයාගේ ගැටළුවලට පිළිතුරු ලබා දීමට සහ ප්‍රමාණවත් සත්කාර සැලැස්මක් ලබා දීමට හැකියාව පවතින්නේ විශේෂඥයෙකුට පමණක් වන බැවින් මඟ හරින්නේ නැතිව විශේෂඥයෙකුව හමුවෙන්න. 

Leave a Reply

Your email address will not be published.