ඔබේ එක් පාදයක් පමණක් කොට වීමට බලපාන අප කරනා හේතු 7 ක්

මේක දුර්ලභ දෙයක් වුණත්, සමහර පුද්ගලයන්ගේ කකුල් දෙකේ දිග වෙනස් වෙන්න පුලුවන්. ඒ කියන්නෙ එක කකුලක් අනෙකට වඩා කොට වෙන්න පුලුවන්. සමහර අයට ඒක උපතින්ම එන තත්වයක්. ඒත් ඒක එයාලා වැඩිහිටියන් වෙන තෙක්ම හඳුනගන්න ටිකක් අපහසුයි. ගොඩදෙනෙක්ට මේ ගැටලුව එන්නෙ එයාලගෙ පාදය අඩපණ කළ හෝ එය අසමාන ලෙස වර්ධනය වීමට හේතු වූ සමහර සිදුවීම් නිසයි.

ඉතින් අද අපි ඔයාව දැනුවත් කරන්නෙ එක කකුලක් අනෙකට වඩා කෙටි වෙන්න හේතු වෙන කරුණු 7 ක් ගැනයි.

01. අස්ථි තුවාල

කකුල කැඩුණම ඒක දිශාව වෙනස් වෙලා වැඩෙන්න පුලුවන්. විශේෂයෙන්ම කකුල කැබලි කිහිපයකට කැඩිලා ගියොත් ගෝ මාංශපේශී පටකවලට හානියක් සිදුවුණොත්. ඒ වගේම අස්ථියක් කැඩුණම, සුව කිරීමේ ක්‍රියාවලියේදී අස්ථිය අසාමාන්‍ය ලෙස විශාල වෙන අවස්ථාත් තියනවා.

02. ක්‍රීඩා සම්බන්ධ තුවාල

දරුවන් වැඩිහිටිභාවයට පත් වූ පසු ඝන අස්ථි බවට පත්වන වර්ධන ප්ලේට්ස් තියන නිසා දරුවන් ක්‍රීඩා කරනකොට එයාලගෙ අත් පා වල වර්ධනය අඩාල වීමේ අවදානමක් තියනවා. පාපන්දු, සොකර්, ස්කේට්බෝඩිං සහ ස්කීං වගේ ක්‍රීඩා, විශේෂයෙන් අවදානම් සහිතයි.

03. අත් පා අධික ලෙස භාවිතා කිරීම

ක්‍රීඩා කරනකොට, ඔයාගෙ අත් සහ පාද අධික ලෙස භාවිතා කිරීමෙන් අත් පා මත නිදන්ගත ආතතියක් ඇති වෙන්න පුලුවන්. මතක තියා ගන්න. ක්‍රීඩා කිරීම නරක දෙයක් නෙවෙයි. ඒත් අවුරුද්ද පුරාම එකම ක්‍රීඩාව කිරීමෙන් වළකින්න.

04. වැටීම

වැටීමක් හෝ ගැටීමක් වගේ සාමාන්‍ය අනතුරු මගිනුත් අස්ථිවලට විවිධ ආකාරවලින් බලපෑම් ඇති කරනවා. කම්පනය නිසා දරුවන්ගේ අස්ථි වර්ධන ප්ලේට්ස්වලට විශේෂයෙන් හානි සිදුවෙන්න පුලුවන්. ඒ වගේම හදිසි අනතුරුවලින් පුද්ගල සුෂුම්නාවට තුවාල කරන අතර එයින් දරුණු අස්ථි ගැටළුවලට හේතුවෙන්නත් ඉඩ තියනවා.

05. අවදානම් ක්‍රියාකාරකම්

ගොඩක් පොදු ළමා ක්‍රියාකාරකම් අතර තියන සමහර ක්‍රීඩා අපි හිතනවට වඩා අවදානම් සහගතයි. ට්‍රැම්පොලයින් ක්‍රීඩා මගින් වැටීම්, අස්ථි බිඳීම් සහ කොඳු ඇට පෙළේ බරපතල තුවාල පවා ඇති වෙන්න පුලුවන්. හැම විටම ඔයාගෙ දරුවන් කරන ක්‍රියාකාරකම්වල ආරක්ෂිත බව සහ ඒවා හොඳින් නිරීක්ෂණය කිරීමට වග බලා ගන්න.

06. අසමාන ඉරියව්

නරක ඉරියව් නිසාත් පාද අසමාන වෙන්න පුලුවන්. ඇත්තටම, අසමාන ඉරියව් නිසා ඇතිවෙන්නෙ ඉරියව් ස්කෝලියෝසිස් පමණයි. ඒකෙන් පුද්ගලයෙකුගේ අස්ථි වලට හානියක් හෝ විකෘතියක් සිදුවෙන්නෙ නෑ.

07. රෝග

අස්ථි ප්ලේට්ස් මත වර්ධනය විය හැකි ගෙඩි හෝ අස්ථි මත කාටිලේජ වර්ධනය වගේ කකුල්වල අස්ථි වලට රෝග ඇතිවෙන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.