ඔබේ ඔසප් කාලයේදී ආහාරයට ගත යුතු හා නොගතයුතු කෑම වර්ග

කාන්තාවකගේ ශරීරයේ විශාල ක්‍රියාවන් ප්‍රමාණයක් පාලනය කරන වැදගත් ක්‍රියාවලියක් තමා මේ ඔසප් චක්‍රය කියල කියන්නේ. මෙම කාලයේදී කාන්තාවන්ගේ මානසික තත්ත්වයත් වෙනස් වෙනවා. අපේ සමාජයේ මේ කාලයේ කාන්තාවන් කල යුතු හා නොකල යුතු බොහෝ දේ ගැන බොහෝ මත තිබෙනවා.  විශේෂයෙන් නාන්න එපා, කිරි හොදි සමඟ විතරක් බත් කන්න වගේ පැරණි මතයන් බොහෝමයක් තිබෙනවා.  නූතන විද්‍යාව අනුව නම් හැබැයි මේ මත නම් බොරු .

මේ කාලයේදී කාන්තාවන්ගේ ශරීරයේන් සැලකිය යුතු ලේ ප්‍රමාණයක් ඉවත් වෙන නිසා ශක්තිය ලබා ගැනීම අත්‍යවශයය දෙයක්.  ඔසප් වේදනාව වැඩි කීරීමට සමහර ආහාර වල ඇති සංඝටක වලට හැකියාවක් තිබෙනවා. විද්‍යාතමකව ඔබට ඒ කාලය තුල ආහාරයට ගැනීමට සුදුසු සහ නුසුදුසු ලෙස යෝජනා කරන ආහාර වර්ග කිහිපයක් තමා අද අපි ඔබට රැගෙන එන්නේ. කාන්තවක් වන ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි.

ආහාරයට ගැනීමට සුදුසු ආහාර වර්ග
01. බ්‍රොකොලි

ඔසප් කාලය තුළ ඔබගේ ශරීරයෙන් බොහෝ යකඩ පිටවෙනවා ඔබගේ රුධිරය සමග. යකඩ විශාල ප්‍රතිශතයක් අඩංගු ආහාරයක් තමා බ්‍රොකොලි කියල කියන්නේ. ඒ වගේම තන්තු, මැග්නීසියම්, පොටෑසියම් ආදියත් අඩංගු වෙනවා බ්‍රොකොලි වල. මේ නිසා මෙම ආහාරය ආහාරයට ගැනීම තුළින් ඔබට උදරයේ වාතය පිරීම සමනය කිරීම, මාංශපේෂි වල ආතතිය අඩු කිරීම සහ ආහාර ජීර්ණය පහසු කිරීම ආදී දෑ වලින් නිදහස් වෙන්න පුළුවන්.

02. කෙසෙල් ගෙඩි

‌සමහර කාන්තාවන්ට නම් මෙය හොද අදහසක් නෙමේ වෙන්න පුළුවන්. ඔසප් කාලය තුළ කෙසෙල් ආහාරයට ගැනීමට ඔබ නම් කැමති නැතුව ඇති බොහෝ දුරට. නමුත් මේ කෙසෙල් වල පොටෑසියම් බහුල ලෙස අන්තර්ගත වෙන නිසා ඔසප් කාලය ඇතුලත ඇතිවන අසාමාන්‍ය මළපහ රටාවන් සහ බඩේ අජීර්ණ තත්වයන් සමනය කිරීමට මෙය සමත් වෙනවා. ඒ වගේම ඔබ කෙසෙල් ආහාරයට ගත්තොත් ඔබගේ ශරීරයට අහිතකර ස්නැක් ආහාරයට නොගෙන ඉදීමටත් ඔබට හැකියාව තිබෙනවා.

03. ඩාක් චොකලට්

මැග්නීසියම්, පොටෑසියම්, යකඩ. ප්‍රතිඔක්සිකාරක සහ ෆ්ලැවනොල් විශාල ප්‍රමාණයක් අඩංගු ආහාර වර්ගයක් තමා මේ ඩාක් චොක්ලට් කියල කියන්නේ. රුධිරය ගලායාම පහසු කරවමින් රුධිර නාළ ඉහිල් කිරීමට මේ නිසා මීට හැකියාව තිබෙනවා. මෙන්න ඔබට චොකලට් ආහාරයට ගැනීමට හොද එක්ස්කියුස් එකක්.

04. සැල්මන්

සැල්මන් කියල කියන්නේ ඕනෑම පෝෂදායි ආහාර වේලක අන්තර්ගත වෙන්න ඕන දෙයක්. සැල්මන් වල අධික ලෙස ඔමේගා 3 මේද අම්ලයත්, ප්‍රෝටීනුත් අඩංගු වීම තමා මීට හේතුව. ඔබට ඔසප් කාලයේදී දැනෙන වේදනාවන් සහ අපහසුතාවයත් අඩු කර ගැනීමට මෙය ඔබට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඉවත් කර ගැනීමටත් මෙය ඔබට සහාය වෙනවා.

05. ඉඟුරු

 ඔබේ ඔසප් වේදනාව අඩු කිරීමට සමත් ඉගුරු , දැවිල්ල අඩු කිරීමට සුදුසු ආහාර වර්ගයක්. ඔබේ උදරයේ අපහසුතා අඩු කර ගැනීම සදහා ඉගුරු දැමූ තේ කෝප්පයක් පානය කරන්න.

06. ලෙමන් සහ දොඩම්

විටමින් සී අඩංගු පළතුරු වර්ග ආහාරයට ගැනීම තුළින් ඔසප් කාලය තුළ පැණි රස ආහාර ගැනීමට ඇතිවෙන ආශාව අඩු කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. තවද මේවායේ තන්තු සහ ජලය විශාල වශයෙන් අන්තර්ගත වෙනවා. ආහාර ජීර්ණය පහසු කරන්න වගේම ඔබේ ශරීරයේ ජල මට්ටම හොඳින් පවත්වාගැනීම සදහාත් ඔබට මේ ලෙමන් සහ දොඩම් ආහාරයට ගැනීමට පුළුවන්. ඔසප් කාලය තුල ඇතිවන වමනය ගතිය සහ ක්ලාන්ත ගතිය අඩු කිරීමටත් මෙය ඔබට උපකාරී වෙනවා.

ඔසප් කාලය තුල ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර
07. කිරි

කිරි වල අඩංගු ලැක්ටෝස් නම් සීනි වර්ගය ජීර්ණය ඒ තරම් පහසු නැහැ මේ නිසා ඔබ ඔසප් කාලයේදී කිරි ආහාර මග හරින එක වඩා හොදයි. විශේෂයෙන්ම ඔබට ඔසප් වේදනාවා වැඩියෙන් තියෙනවා නම්. බඩේ වාතය පිරීම, වමනය ගතිය සහ උදරයේ වේදනාව ඇති කිරීමත් මේ ලැක්ටෝස් වලින් සිදු කරනවා.

08. පැණිරස කෑම සහ ස්නැක් වර්ග

උදරයේ වාතය පිරීම, ගෑස්ට්‍රික් ගතිය වගේම ක්ලාන්ත ගතියක්ද ඇති කරන්න පුළුවන් ඔබ කැමතිම ස්නැක් වර්ගයක් හෝ පැණි රස ආහර වර්ග ආහාරයට ගැනීම තුළින්. මෙසේ වීමට හේතුව තමා පැණි රස ආහාර වල අඩංගු පිරිපහදු කරන ලද සීනි. මේ කාලයේදී ඔබේ ශරීරයෙන් ඛණිජ ලවණ සහ රුධිරය විශාල ප්‍රමාණයක් ශරීර‍යෙන් ඉවත් වෙන නිසා ඔබ පළතුරු වල අඩංගු ආකාරයේ ස්වාභාවික සීනි වර්ග හැර වෙනත් කෘතිම සීනි වර්ග ලබා නොගැනීමෙන් ඔබට යහපතක් වේවි.

09. කැෆේන්

 කැෆේන් වලින් ඔබේ ඔසප් කාලය වඩාත් දීර්ඝ කිරීමට හෝ එය නැති කර දැමීමට හැකියාව තියෙනවා කියල තමා ‌පර්‍යෙෂකයන් පවසන්නේ. කැෆේන් අඩංගු පානයන් ලබා ගැනීම සුදුසු නෑ පූර්ව-ඔසප් සින්ඩ්‍රෝමයෙන් පෙලෙන පුද්ගලයින්ට.  ඔසප් කාලය තුල හෝ එක ආරම්භ වීමට පෙර සහ නිමා වූ පසු ආසන්න දින වලදී මේවා ලබා ගැනීම සිදු කරන්න එපා.

10. සැර ආහාර වර්ග

උදරයේ දැවිල්ල ඇති වෙන්න පුලුවන් ඔබ තද සැර වර්ගයේ ආහාර සහ කුළුබඩු ආහාරයට ගත් විට. නැවුම් අමු මිරිස් සහ සැෆ්‍රන් ආදී සමහර කුළුබඩු වේදනාවන් සමනය කිරීම සදහා බොහෝ සුදුසුයි.මේවා භාවිතා කිරීමේදී දැනුවත්ව ආහාරයට ගන්න.

Leave a Reply

Your email address will not be published.