ඔබේ කොණ්ඩය සිනිදු මෘදු ලෙස රැක බලාගැනීමේ රහස

වෙළඳ දැන්වීම්වල පෙන්වන ආකාරයට බැබලෙන මෘදු හිසකෙස් ලබාගන්න පුලුවන්ද? දිනපතා සිදුකරන හිසකෙස් සත්කාරයට සරල දේවල් කීපයක් එකතු කිරීමෙන් නිසැකවම මෙම අරමුණ සපුරාගත හැකියි.

ඔයා සිහින මවන සෘජු, ශක්තිමත් සහ බැබලෙන කෙස් කළඹ ලබාගැනීමට භාවිතා කල හැකි වඩාත්ම ඵලදායී ක්‍රම මෙහි දැක්වෙනවා.

01. තුවාය ප්‍රතික්ෂේප කරන්න.

සේදූ වහාම හිසකෙස් පීරීම නොකළ යුතු බව ඉහලින්ම නිර්දේශ වන්නේ එමඟින් හිසකෙස්වල සිවියට හානි වී කැඩී යාම සහ වියළුණු පසු අවුල් ස්වාභ්වයක් ගන්නා නිසයි. 

ටෙරී රෙදි තුවායකින් පිස දැමූ විටද සිදු වන්නේ මෙයමයි. මේ නිසා හිසකෙස් පිස දැමීමට සුදුසු වන්නේ තෙතමනය උරාගන්නා මෘදු ආකෘතියක් සහිත රෙදි වර්ගයකි. මේ සඳහා හොඳම පිලියමක් වන්නේ සාමාන්‍ය කපු ටී ෂර්ට් එකකි.

02. නිවැරදි හිසකෙස් නිෂ්පාදන භාවිතයට ගැනීම.

හෙයා බාම් යනු හිසකෙස් කූප සඳහා භාවිතා කල හැකි හොඳම අවරණයයි, එමඟින් හිසකෙස් පෝෂණය කරවනවා. නිෂ්පාදනයේ සංයුතිය පිළිබඳ ව වැඩි සැලකිල්ලක් දක්වනවා නම් වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි. 

හිසකෙස් මෘදු කරගැනීමට පහත තෙල් වර්ග භාවිතා කරන්න.

ජෝජෝබා තෙල් (හානි වූ හිසකෙස් ආකෘතිය නැවත යථා තත්වයට පත් කරවයි)

පොල්තෙල් (තෙතමනය රඳවයි, දිලිසීමක් ලබාදෙයි)

ylang-ylang තෙල් (මෘදු කරවීමේ හැකියාව)

රෝස්මෙරි තෙල් (තෙතමනය රඳවයි, හිසකෙස් වර්ධනය ඉහළ නංවයි)

බ්‍රොකලි තෙල් (ස්වභාවික සිලිකොන්)

ආගන් තෙල් (දිලිසීමක් ලබාදෙයි)

shea තෙල් (දිලිසීමක් ලබාදෙයි, පාරජම්බුල විකිරණවලින් ආරක්ෂා කරයි)

බර්ඩොක් තෙල් (හානි වූ හිසකෙස් ආකෘතිය නැවත යථා තත්වයට පත් කරවයි, හිසකෙස් වැවීම වේගවත් කරයි, හිස්කබල වියලීම වලක්වයි)

තෙල් භාවිතා කිරීමට පෙර ඒවා සඳහා ආසාත්මිකතා ඇති නොවන බවට ප්‍රත්‍යක්ෂ කරගන්න. (වැලමිටේ නැමුම් ප්‍රදේශයේ ආලේප කර පරික්ෂා කර බලන්න) එමඟින් හිසේ සමට හානි නොවන බව තහවුරු කරගත හැකියි.

අමතර ප්‍රයෝජනවත් නිෂ්පාදනයක් ලෙස තෙත් හිසකෙස්වල මෘදු කරවන සෙරම් එකක් ආලේප කරන්න. 

භාවිතා කරන නිෂ්පාදනවලට හිසකෙස් පුරුදු වීමට ඉඩ නොතැබීම ඉතාම වැදගත්, නැතිනම් එහි බලපෑම සැලකිය යුතු ලෙස අවම වෙනවා. මෙය සෑම අනෙක් දවසකම භාවිතා කල විට සති දෙකක් ඇතුලත සිදු වේ. මේ සඳහා කල හැක්කේ එකිනෙකට වෙනස් නිෂ්පාදන දෙකක් මිලට ගෙන මාරුවෙන් මාරුවට භාවිතයට ගැනීමයි.

03. ඇඳට යාමට පෙර අත්‍යවශ්‍ය තෙල් භාවිතා කර හිසකෙස් පීරන්න.

මෙම සරල සහ ප්‍රසන්න ක්‍රියාවලිය නිතිපතා සිදු කල විට, හිසකෙස්වල පෙනුම වර්ධනය වෙනවා. තෙල් ස්වල්පයක් ආලේප කර, දැති අතර පරතරය අවම පනාවක් භාවිතා කර මිනිත්තු කීපයක් ගෙන හිසකෙස් පීරන්න.  

හිසකෙස් වර්ගය කෙරෙහි අවධානය යොමු කරන්න. තෙල් සහිත හිසකෙස්වලට තෙල් බින්දුවක්ද, වියලි හිසකෙස්වලට තෙල් බින්දු 3ක්ද භාවිතා කරන්න. 

ලෙමන්, bergamot, verbena, juniper සහ තේ ශාකයේ තෙල් වඩාත්ම සුදුසු වන්නේ තෙල් සහිත හිසකෙස්වලටයි.

ලැවෙන්ඩර්, ylang-ylang, දොඩම් සහ vervain තෙල් සුදුසු වන්නේ සාමාන්‍ය සහ වියලි හිසකෙස්වලටයි. 

04. හිසකෙස් වියලනය භාවිතා කරන විට සරල නීති කීපයක් අනුගමනය කරන්න. 

මෙම නීති අනුගමනය කිරීමෙන් හිසකෙස් වල නිරෝගී බව සහ සුන්දරත්වය පවත්වා ගත හැකියි.

අධික තෙතමනයෙන් යුත් හිසකෙස් සඳහා වියලනය භාවිතා කරන්න එපා. (හිසකෙස්වල වතුර බින්දු තිබෙනවා නම්, මේ අතරතුර ඒවා රත් වීමට ලක්වන නිසා හිසකෙස් ආකෘතියට හානි විය හැකියි)

හිසකෙස් කොටස් කීපයකට වෙන් කර එක කොටසකට පසු අනෙක් කොටස වියලන්න.

වායු ධාරාව සෘජුවම ඉහල සිට පහළට යොදන්න, එමඟින් හිසකෙස්වල සිවිය මෘදු වන අතර කර්ල්ස් ද මෘදු වනවා.

05. නිවැරදි පනාව භාවිතය.

මෘදු හිසකෙස් ලබාගැනීමට අවශ්‍ය නම්, හොඳම විසඳුම වන්නේ ලී පනාවයි. එමඟින් විද්‍යුතනය නොවී හිසකෙස් ආකෘතියට හානියක් නොවන ආකාරයට පහසුවෙන්ම හිසකෙස් පීරා ගත හැකියි. මෑතකදී අනාවරණය කරගත් පරිදි සිලිකෝන් පනා වලින්ද මෙයට සමාන බලපෑමක් ඇතිවෙනවා.

දැති අතර පරතරය අවම ලී සහ සිලිකෝන් පනා භාවිතා කිරීමෙන් හිසකෙස් මාස්ක් සහ තෙල් මනාව පතුරවා ගත හැකියි. විලාසිතා ගැන්වීමට සහ හිසකෙස් පැටලවීම වළක්වා ගැනීමට බ්‍රෂ් භාවිතා කරන්න. 

06. තෙල් හිසකෙස් ආවරණ සකස් කරගන්න.
© Depositphotos

උණුසුම් සහ සිසිල් හිසකෙස් ආවරණ යනු සැලෝන් වල ඉතා ජනප්‍රිය ක්‍රියාවලි වුණත් නිවසේදී ද සිදු කරගත හැකියි. 

උණුසුම් මාස්ක් වඩාත් ඵලදායි ලෙස සැලකෙනවා. පහත ආකාරයට නිවසේදී සිදු කරන්න. උණුසුම් තෙල් මිශ්‍රණය හිසකෙස් වල ආලේප කර, උණුසුම් තුවායකින් හිසකෙස් ආවරණය කරන්න, එයට පිටතින් පොලිතීන් තොප්පියක් දමන්න. මිනිත්තු 30-60ක් තියෙන්නට හැර ෂැම්පු වලින් සෝදා හරින්න. 

වඩාත්ම ඵලදායී මාස්ක්:

තෙල් සහිත හිසකෙස් සඳහා පොල් සහ ආමන්ඩ් තෙල් 

වියලි හිසකෙස් සඳහා අලිගැට පේර, තල සහ බර්ඩොක් තෙල් 

සාමාන්‍ය  හිසකෙස් සඳහා ඔලිව් සහ හණ ඇට තෙල් 

මේ සඳහා අමතර අමුද්‍රව්‍යක් ලෙස අත්‍යවශ්‍ය තෙල් එකතු කල හැකියි. 

සියුම් වෙනස්කම් මතකයේ තබාගන්න – නිරන්තර භාවිතයෙන්, තෙල් වලට හිසකෙස් වර්ණක විවර්ණ වීම ඉක්මන් කරවිය හැකියි, ඒ වගේම බර්ඩොක් තෙල් වලට පැහැපත් හිසකෙස් අඳුරු කරවීමේ හැකියාව පවතිනවා.

07. වසන්ත සහ ශීත සෘතුවලදී හිසකෙස් ආරක්ෂා කරගන්න.

සිසිල් සහ උණුසුම් කාලගුණය හිසකෙස් ආකෘතිය සඳහා අහිතකරයි, මේ නිසා වසන්ත කාලයේදී පාරජම්බුල කිරණ වලින්ද, ශීත කාලයේදී තුහින මඟින්ද ආරක්ෂා කරගත යුතුයි.

එසේ නැත්නම් හිසකෙස් අවපැහැ වී කැඩීමට ලක්වෙයි. මේ සඳහා වසන්ත කාලයේදී බේස්බෝල් හෝ වසන්ත සෘතු තොප්පි වෙනුවට තාප ආරක්ෂණ සහිත විශේෂ නිෂ්පාදන භාවිත කල හැකියි.  

08. හිසකෙස් ආවරණයක් සකස් කරගැනීමට උත්සාහ කරන්න.

රූපලාවන්‍ය බලපෑමක් පමණක් ඇති කරවන අනෙකුත් ක්‍රියාවලි සමඟ සසඳන විට, මෙමඟින් හිසකෙස් නිරෝගී කරවනවා. මෙයට හේතුව අවර්ණ පෝෂ්‍යදායි සංයුතිය මඟින් ගැඹුරෙන් තෙතමනය රඳවා හිසකෙස් පෝෂණය කිරීමයි. මෙමඟින් ඇති වන බලපෑම සාමාන්‍යයෙන් මාසයක් පමණ පවතිනවා. 
සැලෝන් එකකදී ආවරණයක් සකස් කරගැනීම පහසු වුවත්, නිවසේ ඇති පහසුකම් යටතේද හිසකෙස් වියලිමෙන් අනතුරුව එය හොඳින් කරගත හැකියි.

Leave a Reply

Your email address will not be published.