ඔබේ ජීවිතයට ඇත්තටම අවශ්‍ය මිතුරන් ගණන මෙන්න

අපේ ජීවිතයට විවිධ කාලවලදී විවිධ වර්ගයේ යාලුවන් මුණගැහෙනවා. සමහරු හැමදාම අපිත් එක්ක ඉන්නවා. තවත් අය අඔඉව මගහැරලා යනවා. ඉතින් අපිත් එක්ක හැමදාටම ඉන්න යාලුවන්ට තමයි සැබෑ මිතුරන් කියලා කියන්නෙ. ඔයාගෙ සෙට් එකේ යාලුවො කොච්චර හිටියත්, සෞඛ්‍ය සම්පන්න හා සාර්ථක ජීවන රටාවක් පවත්වා ගැනීම සඳහා ඔයාට ඕන වෙන්නෙ යාලුවො හතරදෙනෙක් විතරයි. ජීවතයේ එන විවිධ අවස්ථාවලට සාර්ථකව මුහුණ දෙන්න අපිට යාලුවන් ඉන්න එක ගොඩක් වටිනවා.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ඔයාට ඉන්නම ඕන යාලුවන් හතරදෙනා ගැනයි. බලන්නකෝ ඔයාට දැනටමත් මේ වගේ යාලුවො ඉන්නවද කියලා.

01. තේරුම් ගැනීම සඳහා මිතුරෙක්

හැම කෙනෙක්ටම තමන් කරන රැකියාවේ හෝ පවුලේ ප්‍රශ්න තියනවා. ඒ නිසා අපට අපිව තේරුම් ගන්න පුලුවන් යාලුවෙක් ඉන්න එක වටිනවා. ඒකෙන් අපට ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනවා.

අපිත් එක්ක ඉන්න සමහර අය අපේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්නෙ, අපට උපදෙස් දෙන්නෙ හදවතින්ම අපි ගැන තියන අනුකම්පාව නිසා නෙවෙයි. ඒ වෙනුවට ඔයාට අනුකම්පාව පෙන්වන, ඔයා ගැන සැලකිල්ලක් දක්වන එක් යාලුවෙක් ඉන්න එක වඩාත් හොඳයි.

02. පිස්සු වැඩ කරන්න පුලුවන් මිතුරෙක්

අපි හැමෝම කැමතියි සමහර වෙලාවට අපේ මෝඩකමට ඉඩ දෙන්න. අනිත් අය අපි ගැන මොනවා හිතුවත්, සැහැල්ලුවෙන් සතුටින් ඉන්නයි අපි කැමති. ඉතින් මේ වගේ එකට එකතු වෙලා පිස්සු නටන්න පුලුවන් යාලුවෙක් ඉන්න එක කොයිතරම් වටිනවද?

අපි හැමෝම අපේ ජීවිතයේ හැම දවසකම විවිධ අභියෝගවලට මුහුණදීලා හෙම්බත් වෙලයි ඉන්නෙ. මේ වගේ වෙලාවක අපව දිරිමත් කිරීමට සහ සිනාසීමට යාලුවෙක් ඉන්නවා නම්, අපේ හිතේ තියන කරදරවලින් ගොඩක් අඩු වෙනවා. පිස්සු වැඩ කරලා හිනා වෙලා මනස නිදහස් කරගන්න යාලුවෙක් නැත්නම්, ගොඩක් වෙලාවට අපි අපිටම හෝ අපේ අවට ඉන්න අයට ගොඩක් දරුණු වෙන්න පුලුවන්.

03. අපේ මනස පැහැදිලි කරගන්න උදවු කරන මිතුරෙක්

අපේ මනස නිරවුල් කර ගැනීමට අපට උදවු කරන මිතුරෙකු හෝ වෙනත් වචන වලින් කිව්වොත් “උපදෙස් දෙන මිතුරා” කියන්නෙ අපේ ගැටළු විසඳීමට අපව පොළඹවන සහ තීරණ ගැනීමේදී අපට යම් මඟ පෙන්වීමක් ලබා දෙන කෙනෙක්ටයි. මේ වර්ගයේ යාලුවන් සාමාන්‍යයෙන් තරමක් පරණයි. නිදැල්ලේ ජීවත් වෙන්න කැමතියි. දැනුම බෙදා ගන්නත් එයාලා කැමතියි. තමන්ගෙ ජීවිත කාලය පුරාම ඉගෙන ගත්ත දේවල් වල ප්‍රතිඵලයක් විදිහට නිවැරදි දේට සවන් දීමට සහ පැවසීමට එයාලා හොඳින් දන්නවා.

04. අපේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපට උපකාර කරන මිතුරෙක්

වැඩ කරන්න උදව් වෙන යාලුවෙක් ඇත්තටම අපිව වඩාත් ඵලදායී කෙනෙක් බවට පත් කරනවා. අපිට තියන අරමුණු සහ බලාපොරොත්තු ඉටු කරගන්න උදව් කරන යාලුවෙක් අපි හැමෝටම ඉන්නම ඕන.

වැඩ කරන තැනදි මහන්සිය නිසා ආතතියට පත් වෙලා ඉන්න වෙලාවක, යාලුවෙක් ඉන්න එකෙන් ආතතිය වගේම අපි තුළ තියන පීඩනයත් අඩු වෙලා යනවා. ඒ වගේ යාලුවන් අපට වටපිටාව සමඟ කටයුතු කිරීමට උපකාර කරනවා.

බෝනස්: හොඳම මිතුරෙක්

හොඳම යාලුවෙක් කියන්නෙ, අමතර පවුලේ සාමාජිකයෙක් වගේම, ඔයාගෙ අත්දැකීම් සහ රහස් බෙදාගන්න, මොන දේ වුණත් හැම වෙලාවෙම ඔයා වෙනුවෙන් ඉන්න කෙනෙක්ටයි.

මේ වර්ගයේ යාලුකමක් හැමෝටම අත්‍යවශ්‍යයි. ඔයාගෙ හොඳම යාලුවා කවදාවත් ඔයාට බොරු කියන්නෙ නෑ. ඔයාව හරි මගට ගන්න එයා ගොඩක් මහන්සි වෙනවා. ඔයාට උපදෙස් ලබා දෙනවා. අවශ්‍ය වෙලාවට ඔයාට ඇහුම්කන් දෙනවා.

Leave a Reply

Your email address will not be published.