ඔබේ ජීවිතයේ ආයුකාලය වැඩි කරගත හැකි සරල පුරුදු 10 ක්

ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඟයින් අධ්‍යයන වලින් වයස 95 ක් වෙනකම් ජීවත් වෙන්න අපට උපකාර කරන රහස් කිහිපයක් හොයාගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම අපි දැනටමත් දන්න, අපේ ආයු කාලය වැඩි කරන සමහර ක්‍රම තියනවා.

අපේ ජීවිතය සැබවින්ම දිගු කළ හැකි පුදුමාකාර දේවල් 10ක් ගැනයි අද අපි ඔයාට කියන්නෙ. මේවා ඇත්තටම හරිම ලේසියෙන් කරන්න පුලුවන් සරල දේවල් කියලා ලිපිය කියෙව්වම ඔයාට පැහැදිලි වේවි.

10. එකම වෛද්‍යවරයා හමුවන්න.

එක්සෙටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ඔප්පු කරලා තියනවා, වසර ගණනාවක් එකම වෛද්‍යවරයා හමුවීමට ගියොත්, ඔයාට ඇත්තටම ඔයාගෙ ජීවිතය දීර්ඝ කරගන්න පුලුවන් කියලා.

මේ නියමය සාමාන්‍ය වෛද්‍යවරයකුට විතරක් නෙවෙයි, ශල්‍යවෛද්‍යවරයකුට, මනෝ වෛද්‍යවරයකුට වගේම වෙනත් වෛද්‍යවරුන්ටත් අදාළයි. වෛද්‍යවරුන්ට එයාලගෙ රෝගීන්ගේ විශේෂාංග මතක තබා ගත හැකි අතර මොකක් හරි වෙනසක් තියනවද කියලත් දැනගන්න පුලුවන්. ඔයා අලුත් වෛද්‍යවරයෙක් තෝරගන්නවා නම්, එයාට මුල ඉඳන්ම ඔයාගෙ ගැටළු අනාවරණය කරගන්න වෙනවා.

09. අයවැය සැලසුම් කර අනාගතය සඳහා යම් මුදලක් ඉතිරි කරන්න.

මූල්‍ය විශේෂඥයන් මූල්‍ය සහ ශාරීරික සෞඛ්‍යය අතර සම්බන්ධතාවයක් ඇතිබව පෙන්වා දෙනවා. ඇමරිකානු පර්යේෂකයන් කියන්නෙ වයස 50 ට වඩා පැරණි පුද්ගලයින් සෘණාත්මක කම්පනයක් අත්විඳින බවයි.

ආතතිය යහපත් සෞඛ්‍යයකට අහිතකර ලෙස බලපානවා. ඒ වගේම මිනිසුන්ට මුදල් නැති වුණාම එයාලගෙ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමට සහ හොඳ වෛද්‍යවරුන් හමුවීමට ඇති අවස්ථාවත් එයාලට අහිමි වෙනවා. ඒ නිසා ප්‍රවීණයන් නිර්දේශ කරන්නේ ඔයා ඔයාගෙ රැකියාවෙන් ඉවත් වෙන්න වසර 10කට කලින්, විශ්‍රාමකාලය ගත කරන්න සූදානම් වෙන්න පටන් ගන්න කියලයි. විශ්‍රාම ජීවිතය හොඳින් ගතකරන්න ඕන වෙන මුදල් රැකියාවෙන් ඉවත් වෙන්න කලින් ඉඳලම එකතු කරගන්න උත්සාහ කරන්න.

08. වැඩිපුර මේදය අනුභව කරන්න.

ඇමරිකානු හෘද සංගමයේ වසංගත රෝග විද්‍යාව හා වැළැක්වීමේ පර්යේෂණවලට අනුව, ඔලිව්, අලිගැට පේර, නට්ස් වට්ග සහ වෙනත් තෙල් වර්ග මගින් හෘදයාබාධ ගැටළු වර්ධනය වීමේ අවදානම 16% කින් අඩු කරනවා.

ආහාර වේලට කිරි නිෂ්පාදන, බිත්තර, කුකුල් මස්, රතු මස් සහ මාළු වගේ සත්ව මේද කිහිපයක් එකතු කරගන්නවා නම්, මරණ අවදානම 25% කින් පමණ අඩු වෙන බවත් පර්යේෂකයන් කියනවා.

07. බඩවැල්වල සෞඛ්‍යයට ගැන සැලකිලිමත් වෙන්න.

MCGILL විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් කරපු අධ්‍යනයන්ට අනුව, දීර්ඝායුෂ ලැබීමේ රහස තියෙන්නෙ අපේ බඩවැල්වලයි. බඩවැලේ ජීවත්වන ප්‍රයෝජනවත් බැක්ටීරියා අපේ ජීවිතය දිගු කරන්න උදව් වෙනවා.

අප අනුභව කරන නිෂ්පාදන අවශෝෂණයට ප්‍රෝබියොටික් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේන ආහාරවල වඩාත් ප්‍රයෝජනවත් ද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීමටත් උපකාරී වෙනවා. අපේ බඩවැල අපගේ මොළය සමඟ සම්බන්ධ වී ඇති බවත් විද්‍යාඥයන් දැනටමත් ඔප්පු කරලා තියනවා.

06. සුවපහසු සපත්තු සහ ඇඳුම් අඳින්න.

අපට සතුට සහ සැනසීම ගෙන දෙන දේවල් අපේ ජීවිත දිගු කරන්න උදව් වෙනවා. අවුරුදු 65 ක් වයස ආචාර්යවරයෙකු වන ඩේවිඩ් රොසෙන්බෝම් කියන්නේ තමාට මෙතරම් කාලයක් ජීවත් වීමට හැකි වීමට එක් හේතුවක් වන්නේ සුවපහසු සපත්තු පැළඳ සිටීම බවයි.

අපේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට සපත්තු අපට උදවු කරනවා. සුවපහසු පාවහන් පැළඳ, අපි දිනකට පියවර 10,000ක් පමණ ඇවිදිනවා. ඒක අපේ සෞඛ්‍යයට ගොඩාක් වැදගත් වෙනවා.

05. ඇඳ මත වැතිරිලාම ඉන්න එපා.

කාර්යාලයේ වාඩි වී හෝ රූපවාහිනිය ඉදිරිපිට හෝ ඇඳ මත වැතිර සිටින කාලය අඩු කළොත් ඔයාට ඔයාගෙ ජීවිතය දිගු කරගන්න පුලුවන්. දවසට පැය 2 කට වඩා වැඩි කාලයක් රූපවාහිනිය ඉදිරිපිට ගත කරන්න එපා කියලා වෛද්‍යවරු කියනවා.

මේ නීති අනුගමනය කලොත්, ඔයාට ඔයාගෙ ජීවිතය ආසන්න වශයෙන් අවුරුදු 3කින් විතර දීර්ඝ කරගන්න පුලුවන් වෙනවා.

04. සති අන්තයේ වැඩි කාලයක් නිදාගන්න.

දැන් ඔයාට සති අන්තයේ නිදා ගන්න එක ගැන කරදර වෙන්න ඕන නෑ. ස්වීඩනයේ විද්‍යාඥයෙකු වන ටෝර්බර්ග්රන් ගුර්ෂ්ගේ අධ්‍යයනයකින් හෙළිවුණේ සති අන්තයේ වැඩි වෙලාවක් නිදාගැනීමෙන් සෞඛ්‍ය ගැටලුවලින් අපව බේරා ගත හැකි බවයි.

03. නිතරම නිවස පිරිසිදු කරන්න.

දවසකට මිනිත්තු 30ක ශාරීරික ක්‍රියාකාරකම් සතියකට 5 වතාවක් කිරීමෙන්, හෘද වාහිනී රෝග නිසා මියයාමේ අවදානම අඩු වෙනවා.

මේ බව ඔප්පු කලේ ස්කොට් ලියර් සහ මැක්මාස්ටර් විශ්ව විද්‍යාලයේ ඔහුගේ සගයන් විසිනුයි. මීට අමතරව, ජිම් එකට නොගිහින්, ගෙදර බිම සේදීම හෝ වැකූම් කිරීම වගේ ගෙදර දොරේ වැඩ කිරීමෙනුත්, හොඳින් ඇවිදීමෙනුත් හෘද රෝග අඩු කරගන්න පුලුවන්.

02. ගොඩක් වැඩ කරන්න.

හාවඩ් විද්‍යාඥයින් කියන්නෙ ඉලක්ක තබාගෙන හැමදේම කරමින් තම අරමුණු සාක්ෂාත් කර ගන්න උත්සාහ කරන අයට හොඳ ජීවිතයක් ලබාගත හැකි බවයි.

මේ අනුව, තම තාරුණ්‍යය නාස්ති කරන සහ තම වෘත්තීය ජීවිතය ගොඩනඟා ගැනීමට උත්සාහ නොකරන අය තම සාර්ථක මිතුරන්ට වඩා කලින් මිය යාමට ඉඩ තියනවා. ජීවිතය හැමවිටම වෙනස් වන අතර ඔයා වයස අවුරුදු 20 දී කරන්න හීන දැකපු දේවල් වයස අවුරුදු 30 – 40 වෙනකොට එපා වෙන්නත් පුලුවන්.

ඒ නිසා කම්මැලි නොවී සිටීම ගොඩක් වැදගත්. ඉලක්ක ඔයාට විතරක් වැදගත් වුණත් ඒවා ලඟා කරගන්න උත්සාහ කරන්න. මේ අරමුණු ඉටු කරගෙන අලුත් ඉලක්ක තබාගන්න.

01. ඔයාව තේරුම් ගන්න පුද්ගලයින් එක්ක වැඩිපුර කතා කරන්න.

උපකාරක සහ විශ්වාසවන්ත මිතුරන් සහ ඥාතීන් ඉන්න පුද්ගලයින් දිගු කාලයක් ජීවත් වෙනවා.

ගොඩක් යාලුවො හිටියත් ඔයාව තේරුම් ගන්න එක යාලුවෙක්වත් නැත්නම් වැඩක් වෙන්නෙ නෑ. වැදගත් වෙන්නෙ ඔයාට ඉන්න යාලුවො ගණන නෙවෙයි, ඒ අතරින් ඔයාව තේරුම් ගන්න පුලුවන් අය කී දෙනෙක් ඉන්නවද කියන එකයි.

ඔයාට ගොඩක් හොඳ රස්සාවක් හොයාගන්න පුලුවන්. ඒ වගේම ලොකු මුදල් ප්‍රමාණයක් උපයගන්නත් පුලුවන්. හැබැයි ඔයාට ඕන වෙලාවට ඔයා ලඟ කවුරුත් නැත්නම්, ඔයාට සතුටින් ඉන්න බෑ. සතුටින් ඉන්නකොට ඔයාගෙ ජීවිත කාලයත් ඉබේම දිගු වෙනවා.