ඔබේ ජීවිතය විනාශ කරන නරක සහකරුවන් වර්ග 7 ක්

සාමාන්‍යයෙන් අපි ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නකොට හිතන්නෙ අපිට ලැබුණු සහකරු හැම අතින්ම හොඳ, අපට ගැලපෙනම කෙනා කියලයි. හැබැයි ඉතින් ඒ සම්බන්ධය ඉවර වුණාම තමයි අපට එයාගෙ ඇත්තම ස්වරූපය තේරෙන්නෙ. සම්බන්ධතාවයක් පවත්වගෙන යනකොට අපේ සහකරු හෝ සහකාරියගෙ හැසිරීම් වලින් එයා ඇත්තටම අපට ආදරය කරනවද නැද්ද කියලා හොයාගන්න පුලුවන් ක්‍රම තියනවා.

ඉතින් අද අපි ඔයාට කියලා දෙන්නෙ රැවටිලිකාර සහ නොගැලපෙන පෙම්වතෙක් හඳුනගන්නෙ කොහොමද කියලයි. මේක ඔයාගෙ ජීවිතයට ගොඩාක් වැදගත් වේවි කියලා අපි හිතනවා. ඔයා දැනටමත් ඉන්නෙ හරි කෙනා එක්කද, නැත්නම් වැරදි කෙනෙක් එක්කද කියලා තේරුම් ගන්න නම්, ලිපිය ඉවර වෙනකන්ම කියවන්න.

07. ඇබ්බැහි වූවන්

ඇබ්බැහි වීමෙන් පෙළෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පව්ට්ත්වන එක හරිම අමාරු වැඩක්. ඇබ්බැහිවිම් තියන පුද්ගලයන් තමන්ගෙ විතරක් නෙවෙයි තමන්ගෙ නෑදෑයන්ගෙ ජීවිත පවා විනාශ කරනවා. ඇබ්බැහි වීම කියන්නෙ මත්ද්‍රව්‍ය, මත්පැන් සහ සූදුව විතරක්ම නෙවෙයි. මිනිසුන් ආහාර, වැඩ, සාප්පු සවාරි, ක්‍රීඩා, සහ ආදරය වගේ ඕනම දේකට ඇබ්බැහි වෙන්න පුලුවන්.

හඳුනාගන්නෙ කොහොමද?

ඇබ්බැහි වුණු කෙනෙක් සාමාන්‍යයෙන් තමන්ට තියන ගැටලුව ගැන දන්නෙ නෑ. එයා නිතරම ඒක ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරනවා. ඒත් ඔයාට පුලුවන් ඔයාගෙ සහකරුට ඒ වගේ ඇබ්බැහියක් තියනවද කියලා දැනගන්න. සහකරුගේ ක්‍රියා සහ කතාබහ වෙත හොඳින් අවධානය යොමු කරන්න. එයා වැඩිපුරම කතා කරන්නේ මොකක් ගැනද? එයාට දුකක් දැනෙන්නේ මොන වගේ දේවල් නිසාද? එයාගෙ ආත්ම අභිමානය රඳා පවතින්නේ මොකක් මතද? මේ වගේ දේවල් හිතලා බලනකොට, ඔයාගෙ සහකරු මොනවහරි දේකට ඇබ්බැහි වුණු කෙනෙක්ද කියලා ඔයාට තේරුම් ගන්න පුලුවන්.

06. අපයෝජකයින්

සැබෑ ජීවිතයේදී, කායික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන පුද්ගලයන් ගොඩක් වෙලාවට ආචාරශීලී, ලස්සන සහ අවදානමට ලක්විය හැකි අයයි. ඒත් ඒ වගේ පුද්ගලයන්ට අනිත් අය කෙරෙහි බලය ඇති බව හැඟුණු විගසම එයාලා තමන්ගෙ විනාශකාරී ස්වභාවය පෙන්වන්න පටන් ගන්නවා. එහෙම වුණොත් කරන්න තියෙන්නෙ එකම දෙයයි. ඒ කෙනාගෙන් පුලුවන් තරම් ඉක්මනින් ඈත් වෙන්න.

හඳුනාගන්නෙ කොහොමද?

ඔයාගෙ සහකරුගේ අතීත සබඳතා ගැන විමසන්න. එයා එයාට හිටපු සහකරුවන් ගැන හොඳක් කියන්නෙම නැත්නම්, ගොඩක් වෙලාවට ඔයා මේ සබඳතාවය පවත්වන්නෙ අපයෝජකයෙක් එක්කයි. ඒ වගේ අය ඕනෑවට වඩා ඊර්ෂ්‍යා කරනවා. හැමවිටම තම සහකරුව පාලනය කරන්න උත්සාහ කරනවා. කවදාවත් තමන්ගෙ වැරදි පිළිගන්නෙත් නෑ.

05. කෙඳිරිගාන අය

අපි හැම කෙනෙක්ටම අපේ ජීවිතවල දුක හිතෙන අවස්ථා, අඬන්න හිතෙන අවස්ථා තියනවා. ඒත් සමහර අය ඉන්නවා තමන්ගෙ දුක පුරුද්දක් කරගෙන කොයි වෙලාවෙත් දුක කියමින් කෙඳිරි ගගා ඉන්නවා. එයාලට කවදාවත් සතුටින් ඉන්න බෑ. ඉතින් එයාලට ඕන තමන්ගෙ දුක අහගෙන ඉන්න “ගොදුරක්”. ඔයා මේ වගේ හැම වෙලාවෙම කෙඳිරිගාන කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පටන් ගත්තොත්, කාලයක් යද්දි ඔයාටම ඒක තේරෙනවා.

හඳුනාගන්නෙ කොහොමද?

පැමිණිලි කිරීම නැවැත්වීමට සහ වඩාත් ප්‍රසන්න මාතෘකා වෙත මාරු වීමට උත්සාහ කිරීමට ආචාරශීලී ආකාරයකින් ඔයාගෙ සහකරුගෙන් අහන්න. කතාබහ කරන්න ඒ වගේ මාතෘකා නැත්නම්, මැසිවිලි නඟන්නෙක් කරන්නෙ තමන්ගෙ “විනෝදාංශය” වෙත ආපහු යන එකයි. නැත්නම් ඔයාගෙ ජීවිතයෙන්ම අතුරුදහන් වෙලා යයි.

04. ළමා වැඩිහිටියන්

අපි හැම කෙනෙක්ගෙම ඇතුළෙ පොසි ළමයෙක් ඉන්නවා. ඒක හොඳ දෙයක්. ඒත් සමහර පුද්ගලයන් තුළ ඉන්න, “අභ්‍යන්තර දරුවන්” ඒ පුද්ගලයන්ගෙ වැඩිහිටි පෞරුෂය වර්ධනය වෙන්න ඉඩ දෙන්නෙ නෑ. එයාලා වයසින් වැඩි වුණාට හරිම බොළඳ විදිහටයි හැසිරෙන්නෙ. එතකොට ඒ වගේ කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වන සහකරුට වෙන්නෙ ඒ කෙනාට දෙමව්පියෙක් වෙන්නයි.

හඳුනාගන්නෙ කොහොමද?

බොළඳ වැඩිහිටියන් රැකියාව, සබඳතා, වගකීම් සහ විලාසිතා වග්‍රෙ “වැඩිහිටි” සහ “බැරෑරුම්” දේවල් වලට බයයි. (ගොඩක් වෙලාවට එයාලා තරුණයන් වගේ හැසිරෙනවා). එයාලා තමන්ගෙ මාපියන් එක්ක තියන සම්බන්ධයත් සංකීර්ණයි. වැඩිහිටි දරුවන්ට එක්කෝ තම දෙමාපියන් නොමැතිව ජීවත් වෙන්න බෑ. නැත්නම් හැම විටම දෙමව්පියන් එක්ක වාද කරනවා.

03. හැඟීම් නැති අය

සමහර අය ස්වභාවික හැඟීම් දුර්වලකමේ සලකුණක් විදිහට සලකනවා. එයාලට ආදරය කරන්න ඕන වුණත්, සහකරුට ආදරය ලබා දෙන්න තේරෙන්නෙ නෑ. එහෙමත් නැත්නම් එයාලට ආදරය කරන්න තේරෙන්නෙ නෑ. හැඟීම් නොපැවතීම එක්කෝ පෞද්ගලික විශේෂාංගයක ලකුණක් හෝ උදාසීනකමේ ලකුණක් වෙන්න පුලුවන්. ඒකෙන් ඔයාගෙ සහකරුට මේ සම්බන්ධය ගැන පෙළඹීමක් නැති බව ඇඟවෙනවා. එතකොට ඔයා බලාපොරොත්තු වුණු ආදරය එයාගෙන් ලැබෙන්නෙ නැති වෙනවා.

හඳුනාගන්නෙ කොහොමද?

මෙයාලා විරුද්ධ ලිංගයේ අය එක්ක තියන සබඳතා ගැන හිතන්නෙ ඒවා හරිම “සංකීර්ණයි” කියලයි. සම්බන්ධතාවය වැඩි දියුණු කරගන්න එයාලා කිසිදෙයක් කරන්නෙ නෑ. මේ වගේ අයව හමුවෙන්න අමාරුයි. අඩුම තරමේ ෆෝන් එක හරහා එයාලව සම්බන්ධ කරගන්නත් අපහසුයි.

02. අහංකාරකම

මේ වගේ පුද්ගලයින්ට එයාලගෙ සහකරුවන් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගන්න බෑ. අපි අපට ගෞරව කරන්න ඕන. අපි අපට ආදරය කරන්න ඕන. ඒත් සොබාදහම සහ අහංකාරය නිසා මේ හැමදේම විනාශ වෙන අවස්ථා තියනවා.

හඳුනාගන්නෙ කොහොමද?

මෙයාලව හඳුනගන්න හරිම ලේසියි. ඔයාට ගණන් කරන්න තියෙන්නෙ එයා “මම…” කියලා කියපු වාර ගණන විතරයි. යම් පුද්ගලයෙක් තමන් හැර වෙන දෙයක් ගැන උනන්දුවක් දක්වන්නෙ නැත්නම්, ඒ වගේ අය එක්ක සම්බන්ධතාවයක් පවත්වගෙන යන්න අපහසුයි.

01. පරිපූර්ණවාදීන්

ගොඩක් අය පරිපුර්ණත්වය වාසියක් විදිහට සලකනවා. වඩා හොඳ වීමට අපගේ උනන්දුව රැකියාව, ක්‍රීඩා සහ ජීවිතයේ වෙනත් ක්ෂේත්‍රවල ප්‍රතිඵල අත්කර ගැනීමට අපට උපකාර කරනදා. ඒත් සම්බන්ධතාවයකදී, ඇත්තටම පරිපූර්ණත්වයන් හොයන්න බෑ.

හඳුනාගන්නෙ කොහොමද?

පරිපූර්ණවාදීන් ගොඩක් වෙලාවට තමන්ගෙ සහකරුව විවේචනය කරලා එයාව වෙනස් කරන්න හදනවා. එයාලා හැම තිස්සෙම කියන දේ තමයි, “හැම දෙයක්ම හොඳයි, හැබැයි…”, “මෙතන හොඳයි, ඒත් ඊළඟ වතාවේ ‍රෙස්ටුරන්ට් එකකට යමු”, “ඔයා ජිම් එකට යන්න ඕන” හෝ “හෝ” මේ ටී -ශර්ට් එක හොඳයි, හැබැයි ඔයා බ්ලේසර් එකක් ඇන්දානම් ඊටත් වඩා හොඳයි”. පරිපූර්ණවාදීන්ට පුලුවන් වෙන්නෙ එයාලා විසින් නිර්මාණය කරන පරිපූර්ණ රූපයට ආදරය කරන එක විතරයි.

Leave a Reply

Your email address will not be published.