ඔබේ දුර්වල නියපොතු නැවත සැකසීමට හැකි ස්වාභාවික ක්‍රම 10 ක්

ඔයා නිය ආලේපන භාවිතා කලත් නැතත්, ශක්තිමත් හා දිලිසෙන නියපොතු මගින් හැම විටම ඔයාට හොඳ පෙනුමක් ලබා දෙනවා. නියපොතුවල දිග වැඩි හෝ අඩු වුණත් නියපොතු නිරෝගීව තියාගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. සෞඛ්‍ය සම්පන්න නියපොතු මගින් ඔයාගෙ ශරීර සෞඛ්‍යයත් නිරෝගී බව පෙන්නුම් කරනවා. ඒ නිසා නියපොතු වල තත්වය වැඩි දියුණු කරගන්න එක හරිම වැදගත්.

ශක්තිමත් හා සෞඛ්‍ය සම්පන්න නියපොතු ලබා ගැනීමට ඔයාට උපකාරී වෙන ස්වාභාවික සත්කාර කිහිපයක් ගැන අද යුවතිය අපි ඔයාට කියලා දෙන්න හිතුවා.

01. විටමින් ඊ

ප්‍රයෝජන: විටමින් ඊ තෙල් නියපොතුවලට ගොඩක් ප්‍රයෝජන ලබාදෙනවා. හානියට පත් හා කැඩෙන සුළු නියපොතු අළුත්වැඩියා කිරීම හා කෙළින් කිරීම වගේම කැපුම් සුව කිරීම සඳහාත් එය ප්‍රසිද්ධයි. ඒ වගේම විටමින් ඊ මගින් රුධිර සංසරණය හා නියපොතු වර්ධනය වැඩි දියුණු කරනවා.

මොකක්ද කරන්න ඕන: විටමින් ඊ තෙල් ඔයාගෙ නියපොතු හා නියමල මත කෙලින්ම ආලේප කරන්න.

02. පොල්තෙල්

ප්‍රයෝජන: පොල්තෙල් කියන්නෙ හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. එමඟින් නියපොතු නිදහස් රැඩිකලුන්ගේ බලපෑමෙන් ආරක්ෂා කරනවා. පොල්තෙල්වල ඉතා හොඳ ප්‍රතිබැක්ටීරීය හා ප්‍රති-දිලීර ගුණත් තියනවා.

මොකක්ද කරන්න ඕන: නියපොතු සහ අවට සම මත උණුසුම් පොල්තෙල් ආලේප කරලා එය උරාගන්න තෙක් මසාජ් කරන්න.

03. ඇපල් සයිඩර් විනාකිරි

ප්‍රයෝජන: ඇපල් සයිඩර් විනාකිරි මගින් නියපොතු කෙළින් කිරීම, කැපුම් සුව කිරීම වගේම නියපොතු වේගයෙන් වර්ධනය වීමටත් උදව් වෙනවා.

මොකක්ද කරන්න ඕන: උණුසුම් වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක් එකතු කරලා නියපොතු එහි පොඟවගන්න. හොඳම ප්‍රතිඵල ලැබෙන තුරු දිනපතා මේ සත්කාරය කරන්න.

04. තේ ගස් වලින් ලබාගන්න තෙල්

ප්‍රයෝජන: තේ ගස් තෙල් කියන්නෙ ගොඩක් ශක්තිමත් විෂබීජ නාශක ඛා ප්‍රති-දිලීර ද්‍රව්‍යයක්. පිරිසිදු තේ ගස් තෙල් එකවරම නියපොතුවලට යොදන්න එපා. වෙනත් තෙල් වර්ගයක් එක්ක මිශ්‍ර කරලා ගාන්න.

මොකක්ද කරන්න ඕන: තේ ගස් තෙල් බින්දු 2 ක්, ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල් හෝ පොල්තෙල් මේස හැඳි 1/2 ක් සමඟ මිශ්‍ර කරන්න. නියපොතු හා නියපොතු වටේ සමට ආලේප කරලා විනාඩි කිහිපයක් මසාජ් කරන්න.

05. ලෙමන් යුෂ

ප්‍රයෝජන: ලෙමන්වල විටමින් සී වල බහුලයි. එමගින් කොලජන් නිෂ්පාදනය වේගවත් කරලා නියපොතු ශක්තිමත් කරනවා. ලෙමන් යුෂ වල ඇල්ෆා-හයිඩ්‍රොක්සි අම්ලයත් අඩංගු වෙනවා. මෙය නියපොතු සැහැල්ලු කරන අතර නියපොතු වල ඇති වෙන කුඩා ඉරිතැලීම් සුව කරනවා.

මොකක්ද කරන්න ඕන: ලෙමන් ගෙඩියකින් අඩක් මිරිකා, උණුසුම් ජලය කෝප්ප 1 ක් සමඟ මිශ්‍ර කරන්න. විනාඩි 5-10 ක් විතර නියපොතු එහි පොඟවා ගන්න.

06. ඔලිව් තෙල්

ප්‍රයෝජන: නියපොතුවල තෙතමනය ආරක්ෂා කිරීමට හා නියපොතු පෝෂණය කිරීමට ඔලිව් තෙල් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. නියපොතු වලට වන හානිය අඩු කරලා කර ඒවායේ වර්ධනය වැඩි කරන විටමින් ඊ, ඔලිව් තෙල්වල බහුලව තියනවා.

මොකක්ද කරන්න ඕන: නියපොතු වලට උණුසුම් ඔලිව් තෙල් යොදන්න. විනාඩි 5-10 ක් මසාජ් කරන්න.

07. බිත්තර කහ මදය සහ මී පැණි

ප්‍රයෝජන: බිත්තර කහ මදයෙහි විටමින් ඒ හා මේද අම්ල විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. එමඟින් දුර්වල, සිහින් හා අස්ථාවර නියපොතු ශක්තිමත් කරනවා. ඒ විතරක් නෙවෙයි, කැපුම් සුමට කරලා නියපොතුවල තෙතමනයත් ආරක්ෂා කරනවා. බිත්තර කහමදයේ ප්‍රයෝජන දෙගුණ කරගන්න නම්, එයටම දිලීර නාශක ගුණ තියන මී පැණි ටිකකුත් එකතු කරන්න.

මොකක්ද කරන්න ඕන: උණුසුම් මී පැණි මේස හැඳි 1/2 ක් සමග බිත්තර කහ මදයක් මිශ්‍ර කරන්න. නියපොතු හා නියපොතු අවට සමට මේ මිශ්‍රණය යොදා විනාඩි 15 ක් තබන්න.

08. හණ ඇටවලින් හදන තෙල්

ප්‍රයෝජන: හණ ඇට තෙල් වල මේද අම්ල, ඛනිජ හා ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු නිසා නියපොතු වර්ධනයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා.

මොකක්ද කරන්න ඕන: නියපොතු මත හණ ඇට තෙල් ආලේප කරලා විනාඩි කිහිපයක් මසාජ් කරන්න.

09. ආමන්ඩ් තෙල්

ප්‍රයෝජන: ආමන්ඩ් තෙල්වල විටමින් ඒ, බී සහ ඊ බහුලව තියනවා. එමගින් නියපොතු අළුත්වැඩියා කිරීම, නියපොතුවලට තෙතමනය ලබා දීම වගේම නියපොතු පෝෂණය කරලා කැපුම් මෘදු කරන්නත් උදව් වෙනවා.

මොකක්ද කරන්න ඕන: නියපොතු නා ඒ අවට සමට උණුසුම් ආමන්ඩ් තෙල් ආලේප කරන්න. විනාඩි 2-3 ක් මසාජ් කරන්න.

10. ජොජෝබා තෙල්

ප්‍රයෝජන: ජොජෝබා තෙල් වල මේද අම්ල, ප්‍රතිඔක්සිකාරක, විටමින් හා ඛනිජ වර්ග කිහිපයක් අඩංගු වෙනවා. එමඟින් නියපොතු ශක්තිමත් හා ඝනකම් කරනවා.

මොකක්ද කරන්න ඕන: ඔයාගෙ නියපොතු හා ඒ අවට සම මත උණුසුම් ජොජෝබා තෙල් ආලේප කරන්න. විනාඩි 2-3 ක් මසාජ් කරන්න.

Leave a Reply

Your email address will not be published.