ඔබේ දෙතොල් ලස්සන කර ගැනීමට සරල ක්‍රම 10 ක්

‌තොල් කියල කියන්නේ කාන්තාවන්ගේ සුන්දරත්ව‍ය ඔප්නන්වන තවත් ඉන්ද්‍රියක්. මේ නිසාම කාන්තාවන් තමන්ගේ තොල් සුන්දර කර ගන්න බොහෝ දේ කරනවා. අපි ලස්සන ආකර්ශනීය තොල් දෙකක් ලබාගන්න අරමුණෙන් ලිප්ස්ටික් ගොඩක් මිලට ගන්නවා, රූපලාවණ්‍ය පිළිබඳව බ්ලොග් කරන අයගේ නිබන්ධන බලනවා, එහෙම නැත්නම් අලුත්ම  රූපලාවණ්‍ය නිෂ්පාදන උත්සාහ කරලා බලනවා.

තොල් වලට ආකර්ශනීය මේකප් එකක් දාගන්න උදවු වෙන වඩා ඵලදායී ටිප්ස් ටිකක් මෙහි දැක්වෙනවා.

01. තොල්වල සම වියළී ගිය කොටස් ඉවත් කිරීමට 

අමුද්‍රව්‍ය :

අලිගැට පේර තෙල්, ඔලිව් ඔයිල් හෝ ස්වීට් ආමන්ඩ් ඔයිල් තේ හැන්දක් 

සීනි මේස හැන්දක් 

මී පැණි මේස හැන්දක්

පොල්තෙල් තේ හැන්දක්, ෂියා බටර් හෝ වැස්ලීන් 

පොඩි භාජනයක් අරගෙන තෙල් වත් කරන්න. සීනි එකතු කරන්න. අමු මී පැණි ටිකක් පොඩි භාජනයකට හෝ කෝප්පයකට දමන්න. පොල්තෙල්, ෂියා බටර් හෝ වැස්ලීන් එකතු කරන්න. සියල්ලම හොඳින් මිශ්‍ර කර ඝන ආලේපයක් සකස් කරගන්න. සාදාගත් ස්ක්‍රබ් එක තොල්වල ආලේප කර විනාඩි 2-3ක් මෘදු ලෙස අතුල්ලන්න. ස්ක්‍රබ් එක සෝදාහැර ඉතිරිය ගබඩා කරන්න. වඩා හොඳ ප්‍රතිඵල ලබාගැනීමට නම් සතියකට වරක් හෝ දෙවරක් මේ ආකාරයට ස්ක්‍රබ් කරන්න.

02. තොල් මෘදු කිරීමට

විශේෂ ස්ක්‍රබ් එකක් හෝ මෘදු දත් බුරුසුවක් භාවිතා කර තොල් පිරිසිදු කර ගත හැකිය.   ලිප්ස්ටික් ආලේප කළවිට තොල් ඒකාකාරව හා සුමටව ආවරණය කිරීමට මේ සම්බාහන ක්‍රමය තුළින් හැකිය.

03. කොන්ටුවර් එකක් කරගැනීමට  

තොල්වල සමෝච්ඡය නිවැරදි කරගැනීමට කන්සීලර් එක පාවිච්චි කරන්න. ඔයාගේ තොල්වල ස්වාභාවික සමෝච්ඡය සඟවා, ලයිනර් එකක් පාවිච්චි කරලා අලුත් එකක් ඇඳගන්න.

04. පාට මිශ්‍ර කිරීමට

සැහැල්ලු දිවා කාලයේ මේකප් එකකට කොන්ටුවර් එක මිශ්‍ර කිරීම වඩා හොඳයි.

05. තොල්වල මායිම් රේඛාව පෙන්වීමට 

තොල්වල මායිම් රේඛාව අවධාරණය කර පූර්ණ පෙනුමක් ලබා ගැනීමට කන්සීලර් එකක් හෝ හයිලයිටර් එකක් පාවිච්චි කරන්න.

06. මහත තොල් දෙකක් ලබාගැනීමට 

තොල්වල කොන් පැන්සලකින් ඇඳ,මැද කන්සීලර් ටිකක් ආලේප කිරීමෙන් තොල් පිරිපුන්ව පෙනෙනවා.

07. ආකර්ශනීය ලිප්ස්ටික් පැහැයක් 

ඔයාගේ සමේ තානයට ගැලපෙන පැහැයක් සොයා ගන්න. සමහර වැදගත් දේවල් අමතක කරන්න එපා: මුතු පැහැති ලිප්ස්ටික් එකෙන් සමේ තියෙන අඩුපාඩු සියල්ලම ඉස්මතු කර පෙන්වනවා. මැට් ලිප්ස්ටික් වලින් තොල්වල පළල අඩු වෙනවා වගේම දිලිසෙන ලිප්ස්ටික් සමහර අවස්ථාවන්ට සුදුසු නැහැ.

08. ලිප්ස්ටික් පිළිවෙලට ආලේප කර ගැනීමට 

උඩු තොලෙහි මැද පිහිටා ඇති මල්සරාගේ දුන්න පහළ කතිරයක් සාදාගැනීමෙන් ඔයාට කොන්ටුවර් එක ලෙහෙසියෙන්ම ඇඳගන්න පුළුවන් වේවි. ඊට පසු තොල්වල කොන් අවුට්ලයින් කරගෙන රේඛා සම්බන්ධ කරගන්න.

09. මැද අවධාරණය කිරීමට 

මුලින්ම තොල් වල කන්සීලර් ටිකක් ආලේප කරගන්න, ඉන්පසු තද පාට ලිප්ස්ටික් එක ආලේප කර පරිස්සමින් මිශ්‍ර කරන්න. මේ මේකප් එක මඟින් සියුමැලි හා මෘදු පෙනුමක් ලැබෙනවා.

10. තොල් මෘදු හා සිනිඳු කිරීමට

ඔබ පලමුව කල යුත්තේ බීට්රූට් එකක් ගැනීමයි පසුව පොත්ත ඉවත් කරන්න. එය කුඩා පෙති වලට කපා, ග්‍රේට් කරගත් බීට්රූට් වලින් යුෂ හොඳින් මිරිකා ගන්න. පසුව යුෂ වලට පොල්තෙල්, පැණි හෝ මී ඉටි තේ හැන්දක් පමණ එකතු කර හොඳින් මිශ්‍ර කර ඔයාගේ ලිප් ටින්ට් එක විදියට පුළුවන් හැම වෙලාවකම ආලේප කරන්න. සතියකට පමණ පසු මෘදු රෝස පාට තොල් දෙකක් ලැබේවි.

Leave a Reply

Your email address will not be published.