ඔබේ නිවසේ කුස්සියේදීම ඔබට සාදා ගත හැකි රූපලාවන්‍ය නිශ්පාදන 10 ක්

ලස්සනට ඉන්න කවුරුත් ආසයි. ඉතින් අපි නිතරම අපේ පෙනුම ගැන සැලකිලිමත් වෙනවා. හැබැයි ඉතින් රූපලාවණ්‍ය නිෂ්පාදන මිලදී ගන්න නම් අධික මුදලක් වියදම් කරන්න වෙනවා. ඒ වෙනුවට ගෙදරදි ස්වභාවික දේවල්වලින්ම හදාගන්න පුලුවන් රූපලාවණ්‍ය නිෂ්පාදන තියනවා නම් කොච්චර හොඳයිද නේද?

අපි වෙළඳපොළෙන් අධික මුදලක් වියදම් කරලා ගන්න ප්‍රසිද්ධ රූපලාවණ්‍ය නිෂ්පාදනවල සමහර රසායනික ද්‍රව්‍ය අපේ සමට හොඳත් නෑ. ගෙදරදි ලේසියෙන් හොයාගන්න පුලුවන් දේවලින් ස්වභාවිකව ලස්සන වෙන්න උත්සාහ කළොත්, ඒක ඔයාගෙ සමටත් හොඳයි, පර්ස් එකටත් හොඳයි.

01. ස්වභාවිකව දත් සුදු කිරීම

දත් සුදු කරගන්න කොයි තරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිඵලයක් ලැබුණෙ නැත්නම්, ගෙදරදි පහසුවෙන් කරන මේ බේකිං සෝඩා සත්කාරය කරලා බලන්න.

අවශ්‍ය වෙන්නේ:

  • බේකිං සෝඩා මේස හැඳි 1
  • වතුර ස්වල්පයක්

පේස්ට් එකක් ලැබෙන තෙක් බේකින් සෝඩා සහ ජලය මිශ්‍ර කරන්න. ඉන්පසු මිශ්‍රණය ඔයාගෙ දත් මත යොදන්න. විනාඩි 1-2ක් තබා සෝදා ඉවත් කරන්න. හොඳ ප්‍රතිඵලයක් ලැබෙන තුරු නිතිපතා මේ සත්කාරය කරන්න.

02. බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීම

මැරුණු සම ​​සහ බැක්ටීරියා ඉවත් කිරීමට සහ කළු ලප ඉවත් කිරීමට බේකිං සෝඩා උපකාරී වෙනවා.

අවශ්‍ය වෙන්නේ:

  • බේකිං සෝඩා මේස හැඳි 1
  • වතුර ස්වල්පයක්

අමුද්‍රව්‍ය මිශ්‍ර කර පේස්ට් එකක් හදාගන්න. එය ඔයාගෙ නාසය මත ආලේප කර සම්පූර්ණයෙන්ම වියළීමට ඉඩ දෙන්න. විනාඩි 10-15ක් තබා සෝදා හරින්න.

03. ගෙදර හැදූ සීනි වැක්ස්

සීනි වැක්ස් එකෙන් සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න පුලුවන්.

අවශ්‍ය වෙන්නේ:

  • කුඩු කළ සීනි කෝප්ප 2 1/2 ක්
  • ලෙමන් යුෂ කෝප්ප 1/2 ක්
  • වතුර කෝප්ප 2ක්

සියලුම අමුද්‍රව්‍ය මිශ්‍ර කරලා මිශ්‍රණය රන්වන් පාට වන තෙක් විනාඩි 8-10 ක් රත් කරන්න. දැන් එය සිසිල් වීමට ඉඩ දෙන්න. මිශ්‍රණය සිසිල් වුණාම ඉටි වගේ ඇලෙන සුළු වෙනවා. සිසිල් වුණු මිශ්‍රණය ශීතකරණයේ  තබන්න. එය භාවිතා කිරීමේදී ඇඟිලි තුඩු මගින් වැක්ස් එක හිසකෙස් වැවෙන පැත්තටම ආලේප කර, ඒ පැත්තටම මෘදු ලෙස අදින්න.

04. ගෙදර හැදූ ලිප් බාම්

ගෙදරදිම තොල් ආලේපනයක් හදාගන්න උත්සාහ කරන්න. ස්වභාවික නිෂ්පාදනයක් නිසා තොල්වලට හානියකුත් නෑ.

අවශ්‍ය වෙන්නේ:

  • රාස්ප්බෙරි ජෙලටින් මිශ්‍රණය තේ හැඳි 2ක්
  • පොල් තෙල් තේ හැඳි 2 ක්
  • ලෙමන් අත්‍යවශ්‍ය තෙල් බිංදු 3-4 ක්

පොල්තෙල් තත්පර 20ක් මයික්‍රෝවේව් එකේ රත් කරන්න. ඉන්පසු රාස්ප්බෙරි ජෙලටින් මිශ්‍රණය එකතු කර ඒවා එකට මිශ්‍ර කරන්න. ජෙලටින් දියවන තෙක් මිශ්‍රණය නැවත මයික්‍රෝවේව් කරන්න. ඉන්පසු ලෙමන් අත්‍යවශ්‍ය තෙල් එකතු කර ආයෙත් මිශ්‍ර කරන්න. දැන් මිශ්‍රණය ලිප් බාම් කූරකට වත් කර එය ඝන වන තෙක් ශීතකරණයේ තබන්න.

05. ගෙදර හැදූ නැවුම් ස්ක්‍රබ්

පිපිඤ්ඤා කියන්නෙ ප්‍රතිඔක්සිකාරක වලින් පිරුණු, සමට හොඳ සහනදායී බලපෑමක් ඇති කරන දෙයක්. පෙපර්මින්ට්වල නැවුම් සුවඳත් එකතු වුණාම ගෙදරදිම හොඳ බොඩි ස්ක්‍රබ් එකක් හදාගන්න පුලුවන්.

අවශ්‍ය වෙන්නේ:
  • පොතු ඇර නොගත් පිපිඤ්ඤා ගෙඩි 1/4 ක්
  • සුදු සීනි කෝප්ප 3/4 ක්
  • පොල් තෙල් මේස හැඳි 2 ක්
  • පෙපර්මින්ට් අත්‍යවශ්‍ය තෙල් බිංදු 8-10 ක්

පිපිඤ්ඤා පිරිසිදු කරන්න. සීනි සහ පොල් තෙල් එකතු කර ඒවා එකට මිශ්‍ර කරන්න. එයටම පෙපර්මින්ට් තෙල් එකතු කරන්න. මිශ්‍රණය බඳුනක ගබඩා කරලා ශීතකරණයේ තබන්න.

06. තෙල් සහිත හිසකෙස් සඳහා ස්වභාවික වියළි ෂැම්පු එකක්

ඔයාගෙ තෙල් සහිත හිසකෙස් ෂැම්පූ වලින් නිතර සේදීම වෙනුවට, මේ ස්වභාවික ක්‍රමය උත්සාහ කරන්න.

අවශ්‍ය වෙන්නේ:

  • ඉරිඟු පිටි මේස හැඳි දෙකහමාරක්
  • අත්‍යවශ්‍ය තෙල් බිංදු 3-4 (ලැවෙන්ඩර් හෝ රෝස)

අමුද්‍රව්‍ය මිශ්‍ර කර මෘදු ලෙස එය ඔයාගෙ කොණ්ඩය මත ඉහින්න. විනාඩි 5ක් තබා පසුව වැඩිපුර කුඩු බුරුසුවකින් ඉවත් කරන්න. ඉරිඟු පිටි මගින් හිස් කබලේ තෙල් සහ කුණු උරාගෙන ඔයාගෙ හිසකෙස් පිරිසිදුව හා නැවුම්ව තබනවා.

07. ස්වභාවික සමේ ටෝනර් එකක්

කෝමාරිකා එහි විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා ගොඩක් ප්‍රසිද්ධයි. ඒවායින් සමහරක් සම රැකවරණය සඳහා භාවිත කරන්නත් පුලුවන්. කෝමාරිකා ජෙල් වලින් විශිෂ්ට ස්කින් ටෝනර් එකක් හදාගන්න. ජෙල් ඔයාගෙ සම මත සම්බාහනය කර විනාඩි 15ක් තබන්න. පසුව උණුසුම් ජලයෙන් සෝදා හරින්න. එය සම සජලනය, පැහැදිලි සහ ජවසම්පන්න කරන්න උදව් වෙනවා.

08. මේකප් ඉවත් කිරීමට

ඇත්තටම මේකප් ඉවත් කරන්න ඕන වෙන එකම දේ පොල් තෙල් විතරයි. පොල්තෙල් ටිකක් මුහුණට මෘදු ලෙස යොදන්න. සේදීමට පෙර මිනිත්තු 10ක් මුහුණේ තියෙන්න හරින්න. එමගින් ඔයාගෙ සම පිරිසිදු කරලා මොයිස්චරයිසින් කරනවා. කඩෙන් ගත්ත මේකප් රිමූවර් වගේ සම වියළි කරන්නෙ නෑ.

09. ගෙදරම හැදූ ස්වභාවික සුවඳ විලවුන්

විනාඩි කිහිපයක් විතරක් වැය කරලා මේ වගේ ස්වභාවික සුවඳ විලවුන් එකක් ගෙදරදිම හදාගන්න.

අවශ්‍ය වෙන්නේ:

  • අත්‍යවශ්‍ය තෙල් බිංදු 10-12 (රෝස, ලැවෙන්ඩර්)
  • වාහක තෙල් (ජොජෝබා, ආමන්ඩ්)
  • රෝල් ඔන් බෝතල්

සියලුම අමුද්‍රව්‍ය මිශ්‍ර කර මිශ්‍රණය ඉසින බෝතලයකට දමන්න. දිගු කල් පවතින සුවඳක් අවශ්‍ය වෙලාවට එය භාවිත කරන්න.

10. ස්වභාවිකවම ඇහිපිල්ලම් සහ ඇහි බැම වර්ධනය කිරීම

බොරු ඇහිබැමි සහ මස්කාරා වෙනුවට ස්වාභාවික නිෂ්පාදනයක් මගින් ඇහි පිල්ලම් වර්ධනය කරගන්න. එඬරු තෙල් කියන්නෙ හිසකෙස් වර්ධනයට බලපාන මැජික් සංඝටකයක්. ඇහිබැමි සහ පිල්ලම් මත නිතිපතා එඬරු තෙල් යෙදීමෙන් ඉක්මනින් ඒවා දිගු කරවන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.